74. Seduce

1.7K 325 120
                                    

ඊළඟ දවසේ, ටේහ්‍යුන් ගොඩක් උද්‍යෝගයෙන් ඇහැරුනේ එයාගෙ හියුනුයි නූනයි ජිමිනුයි රියුජිනුයි එක්ක ශොපින් යන්න ඉන්න නිසා. අනිවාර්යයෙන්ම ජන්ග්කුක් මුලින් කොහොමටවත් ඒකට එකඟ වුනේ නෑ. ඒත් ඊටපස්සෙ ටේහ්‍යුන් කියන්නෙ දැනට ඉන්න ශක්තිමත්ම වෘකයා, ඉතින් ඇල්ෆා ගොඩක් ඒ ගැන වද වුනේ නෑ. අනිත් එක ඔමේගා බබාගෙ ආරක්ෂකයො එයත් එක්ක ඉන්නවා.

ටේහ්‍යුන් පරිස්සමින් නැගිටලා ඉක්මනින් නාගෙන එන්න බාත්රූම් එකට ගියා, විනාඩී කීපයකට පස්සෙ රතු පාට bathrobe එකකුත් ඇඳන් එයා එළියට ආවා.

මේ අතරේ ජන්ග්කුක් ඔමේගා ලෑස්ති වෙන අතරේ දිගටම එයා කරන්න ඕනෙ දේවල් වගේම නොකල යුතු දේවල් ගැනත් ටේහ්‍යුන්ට මතක් කලා.

"Love, ගොඩක් පරිස්සම් වෙන්න හරිද? තව සති ටිකකින් ඔයාට පැටව් හම්බවෙනවා. " ජන්ග්කුක් එයාට මතක් කලා.

"හරි කුකී. ඔච්චර වද වෙන්න එපා." කිව්ව ටේහ්‍යුන් ඇඳුම් අඳින්න පටන් ගත්තා.

"අනික පහට ගෙදර ඉන්න බලන්න." ටේහ්‍යුන්ගේ හැම ඉරියව්වක්ම චලනයක්ම ඇඳේ වාඩි වෙලා බලන අතරේ ජන්ග්කුක් කිව්වා. ප්‍රතිචාරයක් විදිහට ටේහ්‍යුන් හිස වැනුවා.

"එයාලත් එක්කම ඉන්න, තනියම කොහෙවත් යන්න එපා." ජන්ග්කුක් ආයිත් කිව්වම ඔමේගා එයාගෙ මේට් එයාට 18 වෙනි උපන්දිනේට දීපු මුද්ද දාගත්තා. එයාලගෙ මුලු පැක් එකත් අනිත් පැක් සේරමත් එයා බලවත්ම ඔමේගා කියලා දැනගත්ත නිසා තවදුරටත් එයාගෙ සුවඳ හංගන්නෙ නැතුව ඉන්න එයා තීරණය කලා. ආරංචිය ඉක්මනින් හැමතැනම පැතිරිලා තිබුනා.

"තව මොනවද..." කිව්ව ජන්ග්කුක් එයාගෙ මේට් නොකර ඉන්න ඕනෙ මොනවද කියලා ආයිත් හිතන්න පටන් ගත්තා.

එයාගෙ මේට් දිහා බලලා හිනා වුනු ටේහ්‍යුන් එයා ඉස්සරහින් වාඩි වුනා.

"කුකී, රිලැක්ස් වෙන්න. මං පොරොන්දු වෙනවා මං හොඳින්. පොරොන්දු වෙනවා මං ගෙදර එනවා කියලා, ඔයා ගාවට." කිව්ව ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ තොල් සිප ගත්තා.

ටේහ්‍යුන් ඈත් වෙන්න හැදුවත් ජන්ග්කුක් එයාව නවත්තලා ඔමේගගෙ ඔලුව පිටිපස්සට අත යවලා හිමින් එයාට ළං කරගෙන සිප ගැනීම ගැඹුරටම ගෙන ගියා.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Where stories live. Discover now