28. Special wolf

2.2K 390 71
                                    

ටේහ්‍යුන්ගේ උපන්දිනය වෙනුවෙන් සූදානම් කර තිබූ කාමරයට ප්‍රධාන ඇල්ෆලා දෙන්නා වගේම ලූනලා දෙන්නත් එකතු වුනාම හැමෝම බ්ලැන්කට් එක උඩ සැප පහසුව වාඩි වුනා.

ටේහ්‍යුන් වගේම ජන්ග්කුක් කියන්නේ මේට්ලා කියලා එයාලා තාමත් අවබෝධ කරගන්න ගමන් හිටියා. මේ අතරේ hye kyo නම් හිටියේ එයාගෙ සතුට හන්ගන්න බැරුව. මොකද අනිත් අය දැනගන්න කලින් ටේහ්‍යුන් වගේම ජන්ග්කුක් කියන්නේ මේට්ලා කියලා එයා ගොඩක් විශ්වාස කලා.

ටේහ්‍යුන් කියන්නේ සැබෑ ඔමේගා කෙනෙක් කියන එක, අන්තිම true blood omega කියන එක කට්ටියටම එයාලා ඉන්නෙ සිහිනෙක කියලා හිතන්න පෙළඹෙව්වා. ඇත්තම කිව්වොත් එහෙම හිතුනේ blood moon pack එකේ ඇල්ෆලා පස් දෙනාට.

ටේහ්‍යුන් හිටියේ ජන්ග්කුක්ගේ කකුල් දෙක අතරේ වාඩි වෙලා. ජන්ග්කුක්ට ඕන වුනේ නෑ ඔමේගට යන්න දෙන්න. එයා ටේහ්‍යුන්ගේ ඉන වටේ අත් දෙක තදින් ඔතාගෙන, පිටිපස්සෙන් එයාගෙ මේට්ව බදා ගෙන හිටියා. එයාගේ සුවඳට මත් වෙලා හිටපු ජන්ග්කුක් හිටියේ ඔමේගගේ බෙල්ලට එයාගෙ ඔලුව නැඹුරු කරන් මේට්ගේ සුවඳ උපරිමෙන් විඳිමින්.

"ජන්ග්කුක් පුතා, ඔය ළමයව ඔච්චර තද කරන්න එපා!" එයාගෙ පුතා ඔමේගව එයාගෙ උනුහුමේ තදින් තුරුලු කරන් ඉන්නව දැකපු hye kyo ඉක්මනින් කිව්වා.

"ඒකට කමක් නෑ ලූනා. මටත් ඒ දේම ඕනෙ." හිනාවෙලා කිව්ව ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ හිසකෙස් එහා මෙහා කරාම තවමත් ඔමේගගේ බෙල්ලට ඔලුව නැඹුරු කරන් හිටපු ජන්ග්කුක්ගේ මුහුනේ හිනාවක් ඇදුනා.

"ඔයාගෙ නිල් පාට ඇස් අපිට ආයිත් පෙන්නන්න පුලුවන්ද?" යුන්ගි කිව්වේ තවමත් එයා දැකපු දේවල් සකසා ගන්න ගමන්. තප්පරයක් ඇතුලත ටේහ්‍යුන්ගේ ඇස් එයාගෙ පරිවර්තනය වුනු අලුත් හිස කෙස් වලට ගැළපෙන පරිදි නිල් පාටට වෙනස් වුනා.

"හොඳයිද?" කිව්ව V ටේහ්‍යුන්ව භාර අරන් තිබුනා.

ජන්ග්කුක් ඉක්මනින් V දිහා බැලුවේ JK ත් එයාව භාර ගත් බව පෙන්වන රතු පාට ඇස් සමඟින්. ඔව්, JK ත් ජන්ග්කුක්ව භාර ගත්තා.

"වෝ...හ්! ඒක නියමයි." යුන්ගි කිව්වා.

"V, මේ ඔයාද?" ජින් ඇහුවා.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Where stories live. Discover now