56. Guardian

1.5K 319 64
                                    

සිදු වුනු දේ ගැන අහන්න ලැබුනු ජන්ග්කුක් ඉක්මනින් එයාලගෙ පැක් එකට ආපහු ආවා. එයාගෙ කාමරේට කඩාවැදුනු ජන්ග්කුක් තවමත් සිහිය නැතුව ඉන්න එයාගෙ මේට් වටේ හැමෝම එකතුවෙලා ඉන්නවා දකිද්දි හවස හය වෙලා තිබුනා.

"මොකද්ද උනේ?!" කෝපයෙන් රතු වුනු ඇස් සමඟ ජන්ග්කුක් ඇහුවා, ඒත් වෘකයා එයාව තාම භාර අරන් තිබුනෙ නෑ, වෘකයා එහෙම කරන්නෙ කලාතුරකින්. කලාතුරකින් කියන එකෙන් අදහස් කරන්නේ වෘකයෝ සීයකින් දෙන්නෙක්ට විතරක් ඒක කරන්න පුලුවන් කියන එක.

"කොහෙද හැමෝම හිටියේ? එයත් එක්ක හොස්පිට්ල් එකට කවුරුත් ගියේ නැද්ද ආ?! ඔය හැමෝම දන්නවා එයා ඉන්නෙ අනතුරක කියලා!!" ජන්ග්කුක් කිව්වේ කෝපයෙන්, එයා එයාගෙ උපරිමෙන් එයාගෙ true blood alpha හඬ පාවිච්චි නොකර ඉන්න උත්සාහ කලා.

ටේහ්‍යුන් ඉන්නේ අනතුරක වගේම එයාට පැටව් ලැබෙන්න ඉන්නවා කියලා දැන දැනත්, ටේහ්‍යුන්ව බලාගන්න බැරි වීම ගැන වරදකාරී හැඟීමක් ඇතිව ඉඳපු කාමරේ හැමෝම තවමත් නිහඬව හිටියා.

ටේහ්‍යුන්ගේ කෙඳිරිගෑම ඇහෙන කොට කාමරේ තිබුනු දැඩි වාතාවරණය අඩු වෙලා තිබුනා.

"ආහ්හ්."

වාඩි වෙන්න උත්සාහ කරන එයාගෙ මේට්ට උදව් කරන්න ජන්ග්කුක් ඉක්මනින් දුවලා ගියා.

"මැණික, ඔයාට කොහොමද? රිදෙනවද? මොකද්ද ඔයාට උනේ?"

"මගෙ ඔලුව රිදෙනවා." පිළිතුර දුන්න ටේහ්‍යුන් ඉක්මනින් එයාගෙ මේට්ට බර වුනේ එයාගෙ සුවඳ විඳගන්න.

"දැන් නම් මට ඔයාගෙ සුවඳ දැනෙනවා. කලින් මට ඒක දැනුනෙ නෑ." ටේහ්‍යුන් කිව්ව දේට අනිත් හැමෝම එකිනෙකා දිහා බැලුවේ ව්‍යාකූලව.

"ඒ කිව්වෙ?" ජන්ග්කුක් ඇහුවා.

"කලින් ඔයා ගෙදර ආපු වෙලාවෙ, මට ඔයාගෙ සුවඳ දැනුනෙ නෑ. ඔයාගෙ ඇඟ රස්නෙත් නෑ." ටේහ්‍යුන් තොලුත් උල් කරන් කිව්වා.

"බබා, මං දැන්නෙ ගෙදර ආවේ. ඔයා මොනවා ගැනද මේ කියන්නේ?" කිව්ව ජන්ග්කුක් එයාගෙ අත මිට මොළවගත්තා.

"හහ්? ඔයා කලින් ආවා, ඔයා මාව හොස්පිට්ල් එකටත් එක්කන් ගියා. ඒත් අයිරින් මගෙ අතට මොනවහරි විද්දම මට හරියට කිසි දෙයක් පෙනුනෙ නෑ, සේරම බොඳ වුනා, එකපාරටම ඔයා අතුරුදහන් උනා, ඒ වෙනුවට එතන කෙල්ලෙක්ගෙ රූපයක් තිබුනෙ, කවුද කියලා මට හොයා ගන්න බැරි උනා. ඊටපස්සෙ මට සිහිය නැතිඋනා." ටේහ්‍යුන් කිව්වා. ජන්ග්කුක් කම්මුලේ ඇතුලු පැත්තට වේගෙන් අනින්න ගත්තා. එයාගෙ ඔම්මා දිහා බලපු ජන්ග්කුක් ටේහ්‍යුන්ව ආදරෙන් පිරිමැද්දා.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Where stories live. Discover now