55. Shield

1.4K 308 27
                                    

පැය බාගයක් ගත වුනා. අයිරින්ට අන්තිමේදී එයාලව ගෙනියන්න යන හොරුන් බටහිර මායිමේ දැනටමත් රැඳී ඉන්නවා කියලා පණිවඩයක් ලැබුනා. ජෝයි ඉක්මනින් ආයිත් ජන්ග්කුක්ගේ ස්වරූපයට මාරු වෙලා සිහිය නැතුව ඉන්න ඔමේගව එයාගෙ අත් දෙකෙන් ඔසව ගත්තා.

"එයාව bridal style එකට වඩා ගන්න තරම්ම ඔයා ශක්තිමත්ද, ජෝයි?" ජන්ග්කුක්ගේ පෙනුමෙන් ඉන්න ජෝයි හිනා වුනා.

"එයා බර නෑ. මං හිතන්නෙ සේරම ඔමේගලා හැදිලා තියෙන්නේ මේ වගේ සියුමැලි විදිහට." ජෝයි ප්‍රතිචාර දැක්වුවා.

හොරුන් එයාලා එනකන් බලාගෙන ඉන්න රෝහලේ පිටුපස කැලෑවට දෙන්නම ඇවිදගෙන ගියා. හොරුන් දැනටමත් ඇවිල්ලා ඉන්නවා දැකපු දෙන්නම ජයග්‍රාහීව හිනා වුනා.

ඒ දෙන්නා සීමාව පහු කරන්න ආසන්නව හිටියා. එතකොටම...

"ආහ්හ්!! ඒක තුවාල කරනවා!" ජෝයි කිව්වේ සීමාව පහු කරන්න උත්සාහ කරමින්.

"මොන විකා- ආව් ආහ්හ්!!" අයිරිනුත් සීමාව පහු කරන්න උත්සාහ කලත් එයාට ඒක කරන්න බැරි වුනේ ඒක පහු කරන්න උත්සාහ කරනකොට එයාගෙ සම හරහා අධි වෝල්ටීයතාවයක් යනවා තේරුන නිසා.

"මොන විකාරයක්ද මේ වෙන්නේ?!" ජෝයි ඇහුවා.

"මොන $*%&* මං දන්නෑ! Damn!" පිළිතුරු දුන්න අයිරින් නැවතත් උත්සාහ කලත් දරාගත නොහැකි විදුලි සැරක් එයාලව පැක් එකේ සීමාව පහු කරන එක දිගටම අවහිර කලා.

"ඕයි තමුසේ. මෙහෙ එනවා!" අයිරින් එක හොරෙක්ට කෑගැහුවා. අසරණ හොරා ඊටපස්සෙ ඒ දෙන්නා ගාවට ළං වෙන්න හැදුවත් ඒ විදුලි සැරම එයාට සීමාව පහුකරන්න තහනම් කරන බව දැනුන නිසා වේදනාවෙන් කෑගැහුවා.

"මොන මඟුල්ක්ද මේ වෙන්නෙ?!" ජෝයි අයිරින්ගෙන් ඇහුවා.

"මං දන්නෙ නෑ!!" අයිරින් කියන කොට ඒ දෙන්නට ඇහුනා ජින් වගේම නම්ජුන් ටේහ්‍යුන්ගේ නම කියලා කෑගහන සද්දේ.

"ඈතට යන්න!" අයිරින් හොරුන්ට කිව්වා.

"එතකොට ඔයා, ආපහු ඔයාගෙ පෙනුමට හැරෙන්න! එන්න අපි ආපහු එයාව හොස්පිට්ල් එකට ගෙනියමු." අයිරින් කිව්වා.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Where stories live. Discover now