71. Powerful couple

1.6K 310 143
                                    

"අපි ආයිත් හම්බවෙනකන්... my love." ජන්ග්කුක්ට මනසින් සම්බන්ධ වෙලා කිව්ව ටේහ්‍යුන් ඇස් දෙක පියාගෙන ගිනිදැල් එයාගෙ මුලු සිරුරම දවන ආකාරය විඳගත්තා.

එයාගෙ වටපිටාවෙන් නැගෙන ඝෝශාවක් එයාට ඇහුනත් එයාව හිමින් හිමින් පිච්චෙන අතරේ එයාගෙ වටේ ඉන්න අයගේ ජයග්‍රාහී සැමරුම බලන්න එයාට ඕන වුනේ නෑ.

"ඔයා ඇත්තටම හිතුවද මාව තනියම දාලා ඔයාට මං යන්න දෙයි කියලා?"

ඒ කටහඬ ඇහෙනවත් එක්කම ඇස් දෙක ඇරිය ටේහ්‍යුන් දැක්කෙ එයාගෙ ඉස්සරහ ඉන්න එයාගෙ මේට්ව, ඒ දෙන්නා වටේම ගිනිදැල් තිබුනත් පේන විදිහට ජන්ග්කුක් ගින්දරෙන් එයාගෙ හම පිච්චෙන නිසා දැනෙන වේදනාව ගැන ගානක්වත් තිබුනෙ නෑ වගේ.

මේ අතරේ ජන්ග්කුක් තුවාලත්, දම් පාට සළකුණුත් මුලු හම පුරාම තිබුනු ටේහ්‍යුන්ව දැකලා කෝපයට පත් වුනා. ජන්ග්කුක්ට එයාගෙ කේන්තිය පිට කරගන්න ඕන වුනත් එයා දන්නවා මේ ඒකට හරි වෙලාව නෙමෙයි කියලා. එයාලා දැනටමත් සැලසුම් කරලා තිබුනු දේ විනාශ කරන්න එයාට ඕන වුනේ නෑ. එයාගෙ මේට් වෙනුවෙන් එතන ඉන්නත්, එයාලගෙ බලයන් එළියට ගන්න එකිනෙකාට උදව් කරගන්නත් එයාට ඕන වුනා.

"මොකද්ද ඔයා මෙතන කරන්නෙ?! ඔයා ට්‍ර-" ටේහ්‍යුන් තවත් මොකුත් කියන්න කලින් ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ තොල් එයාගෙ තොල් වලින් අල්ලගෙන සිප ගන්න පටන් ගත්තා. කඳුලු එයාලගෙ කම්මුල් දිගේ ගලාගෙන ගියා, කියාගන්න බැරි තරම් හැඟීම් ගොන්නකින් ඒ දෙන්නා පිරීයන අතරේ එයාලා එකිනෙකා සිපගත්තෙ හරියට ඒක ඒ දෙන්නගෙ අන්තිම සිපගැනීම වගේ.

එයාලගෙ ආදරණීය මොහොතට එකපාරටම බාදාවක් විදිහට බෝගම් එයාලට මනසින් සම්බන්ධ වුනා.

"ජන්ග්කුක් දැන්!"

"මොකද්ද සිද්ද වෙන්නෙ?" ඇස් දෙකත් ලොකු කරන් ටේහ්‍යුන් ඇහුවේ මොකද එයාට කැගහන සද්දත් අඬන සද්දත් ඇහුන නිසා. සටන් කරන සද්දයක් ඇහුන එයාගෙ නාසය ලේ වල සුවඳින් පිරුනා.

"Love, අපිට තියෙන powers අපිට දැන් එළියට ගන්න වෙනවා. අපි දෙන්නා එකතු වුනාම ගොඩක් ශක්තිමත්. ඔයාට ඒක කරන්න පුලුවන්ද මං වෙනුවෙන්?" ඇහුව ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ නළලට හාදුවක් දීලා එයාගෙ ඇල්ෆා ශක්තියෙන් ටේහ්‍යුන්ගේ අත් වලට දාලා තිබුනු යකඩ අත්වැසුම් ඉවත් කලා.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Where stories live. Discover now