19. Inside out

1.9K 386 57
                                    

විනාඩි කීපයකට පස්සේ අන්තිමේදි වෘකයෝ ටික මන්දිරයට ආවා. Blood moon එකේ ලූනා එයාලව පිළිගත්තා.

"හේයි ළමයිනේ, අද දවස කොහොමද?" ජන්ග්කුක්ගේ කම්මුලට තට්ටුවක් දාන ගමන් hye kyo ඇහුවා.

"ටිකක් කම්මැලි උනත් හොඳයි. අවුලක් නෑ." සේහුන් කිව්වම hye kyo එයාට රැව්වා.

"දැන් හැමෝම කාමර වලට යන්න. ගිහින් ඇඳුම් මාරු කරන් ටිකක් රෙස්ට් කරලා ගාඩ්න් එකට එන්න. මට ඔයාලා වෙනුවෙන් surprise එකක් තියෙනවා." බනියෙක් වගේ හා දත් ටිකත් දාන් එයත් එක්ක හිනා වෙන එයාගෙ පුතාට ඇහැක් ගහන ගමන් hye kyo කිව්වා.

"Thank you ලූනා." ටේහ්‍යුන් කිව්වම Hye kyo එයාගේ කම්මුලට මෘදු හාදුවක් දුන්නා.

"හැමෝම එනකන් මං 7 වෙනකම් බලන් ඉන්නම්. හරිද?" ලුනා කිව්වම හැමෝම හිස වනලා තම තමන්ගේ කාමරවලට ගියා.

වෘකයෝ ටික එයාලගේ කාමර වලට ගිහින් සුව පහසු විදිහට මාරු වුනා. පැයක් විතර රෙස්ට් කරපු කට්ටියම ගාඩ්න් එකට පිටත් වුනා. ගාඩ්න් එක සරසලා තිබුනු විදිහ දැකලා කට්ටියට පුදුම හිතුනා. එතන කොට්ට වලින් හදපු කුටි පහක්, බ්ලැන්කට්ස් ඒ වගේම හැමෝටම පාවිච්චි කරන්න පොඩි මේසයකුත් තිබුනා. තව තිබුනා screen projector එකක්, ලස්සන ලයිට්ස් වගේම සැරසිලි කිහිපයකුත්. ඒ වගේම කට්ටියටම ස්නැක් බාර් එකක් සූදානම් කරන්නත් ලූනා hye kyo අමතක කරලා නෑ.

 ඒ වගේම කට්ටියටම ස්නැක් බාර් එකක් සූදානම් කරන්නත් ලූනා hye kyo අමතක කරලා නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"වාව් ලූනා. ඒක ගොඩක් ලස්සනයි." සරසලා තිබුනු වත්ත පුරාම ඇස් යවන ගමන් ජීසු කිව්වා. ඒගොල්ලන්ගේ ගෙවත්ත ලස්සන තියටර් එකකට වෙනස් වෙලා තියෙන විදිහ දැකලා කට්ටියම ගොඩක් පුදුම වුනා.

"So perfect" ටේහ්‍යුනුත් ගෙවත්ත පුරා ඇස් යවන ගමන් කිව්වා. මේ අතරේ ජන්ග්කුක් ගෙවත්තේ ආලෝකයෙන් ටේහ්‍යුන්ව කොච්චර ලස්සනට පේනවද ඒ වගේම අහිංසකද කියලා හිතන ගමන් එයා දිහා බලන් හිටියා.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Where stories live. Discover now