66. Welcome home

1.4K 288 111
                                    

"කිම් ටේහ්‍යුන්, අන්තිම බලවත්ම ඔමේගා දැනටමත් ඉන්නෙ මගෙ මාස්ටර් ගාව."

ජන්ග්කුක්ට නාස්ති කරන්න කාලයක් තිබුනෙ නෑ එයාගෙ අප්පයි යාළුවොයි එයාව පසුපසින් අනුගමනය කරද්දි ජන්ග්කුක් වේගෙන් සිරකුටියෙන් එළියට දිව්වා. එයාලා තම තමන්ගේ වෘකයන්ට පරිවර්තනය වෙලා එයාලට පුලුවන් උපරිමෙන් දුවන්න පටන් ගත්තා. ජන්ග්කුක් දිගටම එයාගෙ මේට් ගැන හිතනකොට එයාගෙ අහිංසක ලොකු ඇස් වලින් කඳුලු කඩාගෙන වැටුනා. එයාගෙ මේට් ඇත්‍තටම අතුරුදහන් වෙලාද නැද්ද කියලා එයා තාම දන්නැති වුනත් එයාට බයක් දැනුනා, බයක් දැනුනේ එයාගෙ මේට්ගේ ජීවිතේ ගැන.

රෝහලට යන්න එයාලට ගියේ විනාඩි දෙකක් විතරයි. එයාලා ආපහු එයාලගෙ මිනිස් ස්වරූපයට පරිවර්තනය වුනා. වාසනාවකට රෝහලෙන් එළියේ බ්ලැන්කට් වගයක් එල්ලලා තිබුනු නිසා එක ගානෙ අරගෙන එයාලා තම තමන්ගේ නිරුවත් ශරීර වටේ ඒ කොළ පාට බ්ලැන්කට් ටික ඔතා ගත්තා.

ජන්ග්කුක් ඉක්මනින් ටේහ්‍යුන් සිහිය නැතුව ඉන්න කාමරේට යන්න ශාලාව දිගේ ඇවිදගෙන ගියා. මේට්ගේ ආරක්ෂාව ගැන හොඳටම කනස්සල්ලෙන් හිටපු එයාගෙ ඇස් රතු පාට වෙලා තිබුනා.

"පුතා මොකෝ උ-" hye kyo ජන්ග්කුක්ගෙන් ඇහුවත් එයා එතන නවතින්නෙ නැතුව එයාලවත් පහු කරන් ගිහින් emergency room එකේ දොර ඇරියා.

ඊටපස්සෙ ජන්ග්කුක් එයා ටේහ්‍යුන්ව කලින් දාලා ගිය කුටිය දිහාවට දිව්වා. කුටියේ තිර රෙද්ද එහාට කරපු මොහොතේ, ජන්ග්කුක් දැක්කේ හිස්ව තිබූ ඇඳ විතරයි.

"ටේහ්‍යුන්ව අරන් ගිහින්. එයාව ඇත්තටම අරන් ගිහින්." හිත යටින් වේදනාවෙන් කෑගැහුව ජන්ග්කුක් එතන තිබුනු හැමදේටම සිහිවිකල් වෙලා වගේ ගහන්න පටන් ගත්තා. රෝහල් ඇඳට, පුටුවට, හොස්පිට්ල් මැශින් වලට එක දිගටම ඒ අසරණ බඩුවලට ගහන්නත් කුඩා බඩු පොළොවෙ ගහන්නත් පටන් ගත්තා.

"ජන් ජන්ග්කුක් මොකද්ද උ-" hye kyo ට එයාගෙ වාක්‍ය ඉවරකරන්න බැරි වුනේ එයාගෙ පුතා බිම වාඩි වෙලා, ඉකිගගහා අඬමින් එයාගෙ මේට්ගේ නම මන්තරයක් වගේ දිගටම මුමුනන විදිහ දැකලා.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Where stories live. Discover now