EPILOGUE

360 37 11
                                    

" එතකොට ඔම්මා ... උතුමාණන් ඇත්තට ම මිය ගියා...? එතුමාගේ හැම  මායා හැකියාවනක්  ම වගේ නැත්තට ම නැති වෙලා ගියාද...?

එතුමා කියපු විදියට විශ්වය ට අඳුරු යුගයක් ඇති වුණාද...?"

තමාගෙන් ප්‍රශ්න කරන දුව ගේ ප්‍රශ්නයට නම් ඔම්මා ට සිනහ ආවා.

" දුවේ... එතුමා බොහෝ බලවත්... එසේ එතුමා ව එක් කඩු පහරකින් මරා දැමිය හැකිද...? දැන් ඒ සිද්ධිය වෙලා අවුරුදු   ලක්ෂයකට ත් වැඩි කාලයක් ගෙවිලා .. "

තම දුව ගේ ප්‍රශ්නය හමුවේ ඔම්මා ගේ මුහුණට සිනහවක් ආවා.

" ඔම්මා ... අනේ..

කියන්නකො කුමක්ද වුණේ....?"

ඇය තමන්ගේ ඔම්මා ට ඇවිටිලි කරන්නට වුණත් ඔම්මා  සිනහ වුණාට වඩා වැඩි දෙයක් කළේ නැහැ.

" හරි හරි කියන්නම්...

එදින ඇත්තට ම උතුමාණන් ගේ මරණය සිදු වුණා. මම ඔයාට කියලා ඇති එතුමා බොහොම බලවත් සහ ශක්තිමත් බව...

විශ්වයේ පැවතුන මායා ශක්තීන් ඔක්කොම එතුමාගේ නිමැවුමක් වුණ නිසා එතුමා ත් සමගම ඒ සියල්ල ම විනාශ වුණා . නමුත් එතුමා එකම එක වරයක් ඉතිරි කොට තිබුණා ලෝකයට. "

ඔම්මා කියාගෙන යන කොට දුව උවමනාවෙන් අසා සිටියා..

" ඔබ දන්නවාද ශෝ යේ...? ඒ කුමක්ද කියලා..? "

ඔම්මා ප්‍රශ්න කරද්දී දුව හිස සැලුවා..  තමා ඒ ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ කියලා කියන්න.

ශෝ යේගු ශියැන් ගේ නැවත උපතවයස අවුරුදු 18 සාමාන්‍ය පවුලක දුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශෝ යේ
ගු ශියැන් ගේ නැවත උපත
වයස අවුරුදු 18
සාමාන්‍ය පවුලක දුව

" ඈ කොහොම නම් ඒක දැන ගන්නද ගොන් ජන්..? ඔයා එයාට සම්පූර්ණ කතාව කියන්නෙ නැතිනම්...? "

You've reached the end of published parts.

⏰ Last updated: Jun 01, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

REUNION OF HELL AND HEVEAN ( Sinhala) ✔️ Where stories live. Discover now