CHAPTER 24

174 37 9
                                    

" මේ තමයි අඳුරු වනයේ පළමු අදියර. අඳුරු වනය තරණය කොට වනයේ ඇති ක්ෂේම භූමිය කරා ලඟා වීමට පළමුව තරණය කළ යුතු වන්නේ මෙතැන සිට ගව් දහයක් දුර මේ කොටස..."

වෙන් නින් පවසන්න ට වූයේ අඳුරු වනාන්තරය ඉදිරියේ සිටගෙන. ඔහු සමග සිටි දේවදූතයන් දෙදෙනා සහ ජන්කුක් ගේ ආත්මීය සහකරුවන් සයදෙනා ඔහු පවසන වදන් අසා සිටියේ බොහොම ඉවසීමෙන් යුතුව.

" කුමක්ද මෙතැන සිට පවතින ගව් දහය ක ප්‍රදේශයේ ඇති විශේෂත්වය කුමක්ද..? "

ටේහ්‍යුන්ග් විමසූයේ වනගත කොටස පසුකර යෑමට නම් කුමන අයුරේ බාධක ඇති විය හැකි දැයි අනුමාන කරලීමට උත්සාහ දරමින්.

" ඇල්ෆා රජුනි, මෙම ගව් දහයක ප්‍රදේශය අඳුරු වනයේ මායා ප්‍රදේශය ලෙසයි හඳුන්වනුයේ. මන්ද යත් මෙම ප්‍රදේශයේ දී මංමුලා වීමේ හැකියාව අධිකයි.

එසේම අප හට අප බලාපොරොත්තු වන දේ මිරිඟුවක් සේ දිස් වන නිසාවෙන් කිසි සේත් ම මේ කොටසේ ජන්කුක් උතුමාණන් සිටින බව විශ්වාස කළ නොහැකියි.

එනමුත් අපට ජන්කුක් උතුමාණන් ගේ රුව මෙහි දක්නට ලැබුණ හොත් එය, මිරිඟුවක් පමණක් බව වටහා ගන්නට සිදුවෙනවා ඔබට."

වෙන් නින් කීවේ සිය අක්කණ්ඩිය ගේ මාරාන්තික ව අසනීප ව සිටි අවස්ථාවක අතිශය දුර්ලභ ඔසුවක් සොයා ඔහු හට මෙම වනය තරනය කරන්නට වූ අවස්ථාවේ මුහුණ දීමට සිදු වූ අපහසුතා පිළිබඳ සිතා බලමින්.

ඔහු පැවසූ බස් ඇසුනු මොහොතේ ජින් යී ශ්‍යු යී ගේ හස්තයේ වැලමිට තදින් අල්ලා ගත්තේ දැනුණු බිය නිසාමයි. ඔහු තමා හට මිරිඟුවක් දර්ශනය වෙතැයි සිටියේ බියෙන්.

" මා දන්නවා මා හට බැහැ මිරිඟුව ඇති වීම වලක්වන්න. එනමුත් මා හට හැකියි ඔබ සැම ට ඒවා වලට හසු වීමට වලක්වා ගැනීම පිණිස සහය වන්නට.

මා මායාවන් හට රජ වූ කාරණයෙනුදු ප්‍රයෝජනයක් ගත යුතුයි. කලු මායාවන් මා හොඳින් හඳුනනවා. මේ දෙය හොඳින් මතක තබා ගන්න. මා හට බවසන්න ඔබ ජන්කුක් ව දුටුවහොත්.

යම් මායාවන් තිබෙනවා එය ප්‍රතිබිම්බයක් ලෙස ක්‍රියා කරනවා. අර්ථය.... හැකියි ඊට ඔබේ මනසේ ඇති දේ සත්‍ය සේ ඔබට පෙනෙන්න ට සලස්වන්න.

REUNION OF HELL AND HEVEAN ( Sinhala) ✔️ Wo Geschichten leben. Entdecke jetzt