CHAPTER 7

350 74 6
                                    

ජන්කුක් උදෑසන හිරු එළිය මුහුණ මතට වැටෙද්දී දෑස් විවර කළේය. ඔහු සමීපයෙහි ගුලිවී නිදන මායා රජු දුටු ඔහුට කට කොණකට සිනහවක් නැගුණේ පෙරදින රැයෙහි ජවනිකා සිහිපත් වීම නිසාය.

ජන්කුක් අවදිව සයනයේ ඇන්ද ට හේත්තු වී තම පපුතුරේ හිස සඟවා නිදන මායා රජුගේ කෙස් අතුරින් දෑඟිලි ගෙන ගියේ සුරතල් බළල් පැටවකු මෙන් ගොරවමින් නින්දේ සිටින ඔහුගේ නිරුවත් රුව අගය කරමිනි.

සෙමින් දෑස් විවර කළ යුන් ගී, තමා හිස තබා සිටින පපුතුර දෙස බලා සිටියදී පෙරදින තමා හා ජන්කුක් අතර සිදුවූ සියලුම සිදුවීම් මතකයට නගා ගැනීමට ඔහුට හැකි විය.

ආආහ්..

යුන් ගී ගේ මුවෙන් වේදනාත්මක කෙඳිරියක් පිට වුණේ තම සිරුර සොලවන්නට පවා නොහැකි වේදනාවක් ඔහුගේ යටිකයෙන් ඔහුට දැනුණු නිසාය.

සුබ උදෑසනක් වේවා ඔබට..

ජන්කුක් සිනාවන් අතරින් කීවේ සිය ආත්මීය සහකරු ගේ හිස පිරිමදිමින් ය. ජන්කුක් ගේ කටහඬින් පමණක් රත් පැහැ ගැන්වී ගිය යුන් ගී හිස බිමට නැඹුරු කර ගත්තේය.

ඔබතුමාටත්.. සුබ උදෑසනක්..

යුන් ගී මිමිණුවේය.

මා හට කිසිවක් ඇසුණේ නැහැ. මදක් උස් හඬින් පැවසිය හැකිද?

ජන්කුක් කීවේ යුන් ගී කිසිවෙක් ඉදිරියේ මෙසේ ලැජ්ජාවෙන් හැකිලී නොසිටින බව දන්නා නිසාය.

සුබ උදෑසනක්.. ඔබතුමා ට..

යුන් ගී බිම බලාගෙන ම පැවසූවේ කලින් ට වඩා මදක් උස් කටහඬින් ය.

අන්න එය නම් අගෙයි. ඔබ බොහොම සුන්දරයි මාගේ බළල් පැටවා. ජන්කුක් නිරුවත් යුන් ගී ව තම උකුල මතට ගනිමින් කීවේය.

ඔබතුමා කීවා මා හා උදෑසන යමක් කතා කළ යුතු බව ස්වාමීනි..

යුන් ගී සිහිපත් කර සිටියේ පෙරදින රැයේ ජන්කුක් තුරුලේ නින්දට යෑමට පෙර ජන්කුක් කියූ වදන් ඔහුට සිහිපත් කරලමින් ය.

ඕහ්.. මට එය අමතකව ගියා. මා පිළිබඳ සත්‍යය ඔබට පවසන්නට ඔබට විශ්වාසද ඔබ මා කෙරෙහි පවතී යැයි කියූ ප්‍රේමය නොසිඳෙන බවට.

REUNION OF HELL AND HEVEAN ( Sinhala) ✔️ Onde histórias criam vida. Descubra agora