CHAPTER 20

194 42 2
                                    

" වේ යින්.... මාගේ පණ... මට කමා කරන්න මැණික. ඔබ අසරණ කොට ඔබෙන් වෙන් ව යෑම ගැන කමා කරන්න ඔබේ අඥානයා හට....

ඔබ හට ත්‍රිත්ව ලෝකයෙන් ම මෙතරම් විරෝධයක් එල්ල වද්දී ත්... මාගේ සෙනෙහස වෙනුවෙන් ම දිවි ගෙවූ මාගේ ප්‍රේමය... මට කමා කරන්න...

මගේ කලබලකාරී බව නොවන්නට, ඔබ හට නැහැ සිදු වනුයේ මාගේ අඥාන කම් වලට දණ්ඩන විඳින්නට. අප පුතු ව බොහෝ දයාබර දරුවෙක් ලෙස උස් මහත් කළා ඔබ...

මා නොමැතිව ම.... "

ලන් චන් යක්ෂයා ඉදිරියේ දණ නැවූයේ තමා නිසා වේදනාවට පත් සිය ආදරණීය වේ යින්.. තමා ගේ රැකවරණය ආරක්ෂාව නේමැතිව හැදී වැඩුණු ජන්කුක් කෙරේ තිබූ සැබෑ ප්‍රේමය නිසාවෙන්.

" එපා.. එසේ පවසනු එපා මාගේ ලන් චන්. මා සේ ම ඔබ ද අසරණ වූවා ඒ මොහොතේ.

චෙන් මා ගැන සත්‍යය පියාණන් හට පැවසූවා. ඔහු හෙළි කොට සිටියා මාගේ පියාණන් හට මා ඔබ සිපගන්නා අයුරු දෙනෙතින් ම ඔවුන් දැක ඇති බව..

එතැන් පටන් වෙනස්කම් සිදු වුණා මා හට. බොහෝ තාඩන පීඩන සිදු වූවා.. මරණය පවා දෑස් මානය ට ආවා මාගේ. එනමුත්.... මාගේ කුසෙහි සිටි අපගේ මේ පුන්‍යවන්ත පුතු නිසාවෙන්, මා හට නැහැ කිසිඳු කරදරයක් වූයේ.

ගර්භයේ වෙසෙන කාලයේ පවා මා හට කරදර කරන්නට උත්සාහ කරන්නන් හට ඔහු දණ්ඩන දුන්නා... ඔහු මා රක්ෂා කළේ මා ඔහුගේ මව මා නොව, ඔහුගේ දරුවා මා වගේ... "

වේ යින් තමා ඉදිරියේ දණ නැවූ ලන් චන් නැගිටුවා ගත් මොහොතේ කියා සිටියේ ඉතා ස්නේහයෙන් යුතුව අවුල් වී ගොස් ඇති ලන් චන් ගේ හිස කේ පිළිවෙළකට සකසන අතර තුර.

" හ්ම්... ඔහු තමා මා හට ද ඔබ කෙතරම් දුක් වින්දේ ද යන්න පවසා සිටියේ.

මාගේ දෑසින් ම මා දුටුවා මාගේ ආදරණීය වේ යින් කෙතරම් දුක් කන්දක් තනිව ම වින්දේ දැයි.

මා හට කමා කරන්න.. කී වරක් පැවසුවේ වුවද මා හට නැහැ ප්‍රමාණවත් බවක් දැනෙනුයේ. සැබෑ පුරුෂයෙකු ලෙස ඔබ මගේ බව පවසා සිටීම ට දිරියක් මා සිත වූවා නම්..... "

වේ යින් ගේ සිහින් ඉන වටා තම දෑත් පටලවා ගත් ලන් චන් සිය හිස වේ යින් ගේ උරහිසේ සඟවා ගෙන හැඬීම ට වූයේ.... ඔහුගේ සෑම කඳුලක් ම මුතු බවට හැරෙද්දී...






REUNION OF HELL AND HEVEAN ( Sinhala) ✔️ Tahanan ng mga kuwento. Tumuklas ngayon