CHAPTER 31

140 37 2
                                    

ඔවුන් ඉදිරියට පියවර මනින මොහොතක් මොහොතක් පාසා ම හෝසොක් ගේ නෙත් සතරවටේ පිරික්සා බැලූයේ මෙම ගව්වෙහි දී කුමන අයුරේ බාධකයන් රැසකට ඔවුනට මුහුණ දීමට වේ දැයි.

නමුත් සුසාන භූමියකට සමාන පෙනුමක් තිබූ පුරාතන රණ බිමක අසිපත්, වියළී ගොස් ඇති රුධිර ගංගාවන්, ඇටසැකිළි බවට හැරී ඇති මෙම මගෙහි මීට වසර ගණනාවකට ප්‍රථම ගමන් ගැනීමට ගියේ වුවත් සටන් කොට ගත නොහී මිය ගියවලුන් බව හෝසොක් හට පසක් වීමට නැහැ කාලයක් වැය වූයේ..

" එසේ නම් බුධ ගේ ගව්ව ඇරඹුනා. යුද්ධයට.... ඉදිරියේදී අප හට වේවි මුහුණ දෙන්නට.."

හෝසොක් කීවේ තමා හට ම.

" අනේ.... ශ්‍යු යී.. මට බැහැ තවත් ඉදිරියට යන්නට... බලන්න... එතැන මළ මිනී පවා තිබෙනවා..."

ශ්‍යු යී ගේ පිටුපස සැඟවී ගත් ජින් යී පවසා සිටි මොහොතේ ශ්‍යු යී අපහසුවෙන් ඔහු ව තමා පසුපසින් ඉදිරියට ඇද ගත්තේ මෙවන් ළදරු මානසිකත්වයක් සමග ජින් යී දිව්‍ය සේනාවට බැඳුනේ මන්දැයි කියා සිතන අතරමයි.

" ජින් යී... මෙය ළදරුවෙක් ලෙස සුරතල් වන්නට කාලය නොවේ. නිර්භීත වන්න. මා වෙනුවෙන් ඔබට හැකියි නේද ශක්තිමත් ලෙස සටන් කරන්නට.. හ්ම්..."

ශ්‍යු යී ජින් යී ව දිරිමත් කළෙන්, ඔහු බියෙන් නමුත් තමා අත වූ ශ්වේත කොපුවක බහා තිබූ අසිපත ඉතා තදින් ග්‍රහණය කොට ගත්තේ ශ්‍යු යී පවසයි නම් ඒ හැම දේකට ම තමා එකඟ වන බව කියා පාන්නට.

" කිසිවෙකුට හෝ පැහැදිළිව පැවසිය හැකිද අප මේ සිටින්නේ කොහි දැයි කියා..? කාට අයත් ගව්වෙහි දැයි කියා..?"

හෝසොක් විමසූයේ කිසිවකු හට හෝ මේ සිදුවන දේ ගැන යම් තරමක හෝ දැනීමක් පවතින්නේ දැයි දැනගැනීම පිණිස.

" යම් භයානක යමක් සිදුවීමට යන බව හැර අන් කිසිවක් ගැන නැහැ අදහසක්.. "

ජින් යී කියා සිටියේ හෝසොක් ගේ අවධානය මුසු මුහුණ දෙස බලා. හෝසොක් ගේ අවධානය සහ කැපවීම මුසු මුහුණ දෙස බලාගෙන.

අන් සැම දෙන ද රාශි අදියරේ සිදුවන දේවල් පිළිබඳව කිසිඳු දැනීමක් නොවූයෙන් හිස දෙපසට සැලීමට වුණේ කිසිදු අදහසක් නොමැතිව.


REUNION OF HELL AND HEVEAN ( Sinhala) ✔️ Where stories live. Discover now