CHAPTER 16

225 54 10
                                    

දිවා ආහාරයෙන් අනතුරුව එකිනෙකා තම තමාට නියමිත කාර්යයන් පිණිස නික්ම ගියද ජින්, තනිවම ආහාර ඉතුරු වී ඇති බඳුන් සහ කෑම මේසය පිළියෙල කරනු දුටුයෙන් ජන්කුක් ඔහු හට සහය වීම පිණිස එහි රැඳුනේය.

" සිටින්න මදක්. ඔබට ඔය සියල්ල ඔසවා ගත නොහැකියි නේ. මා පැමිණෙන්නම් ඔබ සමග"

ජන්කුක් එසේ පවසා ජින් අත වූ මැටි බඳුන් කිහිපය අතට ගත්තේ ජින් අත වීදුරු බඳුන් කිහිපය පමණක් ඉතිරි කරමින්.

" සිටින්න ගුකී... මා සිදු කරන්නම් එය. ඔබ ට කෙසේද බලන්න මා එය සිදු කරන්නට දෙනුයේ..? "

" කුමක්ද මා එහි සිදු කිරීමේ අපහසුව..? ඔබට හැකිනම් එය.... මන්ද මට නොහැකි.."

ජන්කුක් කීවේ නම් ජින් හා වාද කරලීමට සූදානම් අයුරින්.

" ඔබ කොතරම් නම් සියුමැලි ද...? හානි පමුණුවා ගතහොත් ඔබ...? මා හට නොහැකියි එය නම් සිදුවනු දකින්නට"

ජින් කීවේ කටහඬ මදක් බාල කරමින්
එනමුදු ජන්කුක් දැන සිටියද, ජින් තමා හට පෙම් බඳින බව.... ඔහුට අවැසි වූවා ඔහු හා මදක් වාද කරන්නට.

" මා මෙතරම් රූමත් නොවුණේ නම්, ඔබ එසේ නොපවසාවි නේද...?"

" නිසැකයෙ...... කුමක්ද...? එවැන්නක් සිදු නොවේවි කවම දාක වත්... මාගේ සිතේ ඔබේ රුව ගැන ආශාවක් නොවේ තිබෙනුයේ..."

ජින් කියද්දී ජන්කුක් සිටියේ ඇතුලාන්තයෙන් උඩ පනිමින් සතුට සමරමින්. එනමුදු ඔහු එය පිටතට නොපෙන්වීම ට වග බලා ගත්තේ ජින් හට ඔහු පැවසු බස් දිගටම පැවසීම සඳහා අපහසුවක් ඇති නොකිරීමට.

" ඔතරම් නිහතමානී අයුරින් අප සැම සමග කාලය ගත කරන්නේ ඔබ, කිසිවෙකුට හෝ වෙනසක් දැනෙන්නට නොදී... එයටයි මා ප්‍රිය කරනුයේ.....

මා... සැබැවින් ම පැතූයේ එවන් ආදරණීය අයෙක් මාගේ සහකරු ලෙස...

දැන් බලන්න.... එම ගුණාංගයන් හි පරිපූර්ණ ඔබ, මා ඉදිරියේ..."

ජින් සිනාසෙමින් කියන විටත් ජන්කුක් ඔහු අත වූ මැටි බඳුන් මුළුතැන්ගෙයින් තබා, නැවත ජින් වෙත පැමිණිලත් හමාරයි.

REUNION OF HELL AND HEVEAN ( Sinhala) ✔️ Where stories live. Discover now