CHAPTER 57

137 24 3
                                    

" එවිට මා....   උතුමාණනි මා කුමක්ද කරනුයේ...?"


වෙන් නින් ජන්කුක් ගෙන් මනසින් ප්‍රශ්න කරද්දී ඔහු සමීපයට පැමිණි අයෙක් ඔහු හා කතා කළා.

" කළබල වන්න එපා නින්.. මා සිටිනවා නේ ඔබට..."

වෙන් නින් සුපුරුදු කටහඬ අදහා ගත නොහැකි ව දෑස් විසල් කරමින් හැරී බලද්දී සිටියේ ඔහුගේ ම සොයුරිය වෙන් ක්වින්....

" අක්කණ්ඩි...."

අදහා ගත නොහැකි බැල්මෙන් වෙන් නින් බැලුවේ මෙතුවක් කලක් තම සොයුරිය කොහි නම් ජීවත් වුණේ දැයි කියා ඔහු නොදැනුවත් වූ නිසා.

" ඔබ මෙතුවක් කොහිද සිටියෙ..."

වෙන් නින් කී විට ඇය සිනහ වුණා.

" මා ඔබ සොයා අඳුරු වනය තරණය කළා... අර්ථය නම්... මම මෙතුවක් කලක් සිටියේ ජන්කුක් උතුමාණන් ගේ දිව්‍යමය මන්දිරයේ..

දැන් මෙහි එන්නට වන්නට ඇති. එතුමා මාව බොහෝ හොඳට සුවපත් කර සිටියා සහ... මෙතෙක් කලක් ගෙවී ගියා හෝ මට නොදැනුණේ මම ධ්‍යාන වඩමින් සිටි නිසා..

නමුත් ජන්කුක් උතුමාණන් ගේ අණට පිටින් යන්නට මා කවුරුද...? එතුමා අණ දුන්නා මා හට වහා මෙහි එන්න. ඔබ තනිවම බව කීවා... ඔබ හා එක්වන්න සහ අප යක්ෂයා ට එරෙහි මේ සටනේ සතුරන් පලවා හරින්න උපකාර කරන්න මට ආරාධනා කළා..

ඉදින් මා ඔබ වෙනුවෙන් මෙතැනට ආවේ... ඔබ සමග එක් ව සටන් කරන්න. "


වෙන් ක්වින් ගේ ප්‍රකාශය මත මෙතෙක් කල් වෙන් නින් ගේ සිතෙහි ජන්කුක් කෙරේ වූ පැහැදීම දෙගුණ තෙගුණ වන්නට වූයේ ජන්කුක් ගේ බුද්ධිමත් බව... නිසි තීරණ නිසි මොහොතේ දී ගැනීම ට ඇති දක්ශතාවය, නිසි මග පෙන්වීමේ හැකියාව ආදී උත්තම ගුණාංග රැසක් පවතින නිසා සහ... තම සොයුරියට කාරුණිකව මෙතුවක් කලක් ආරක්ෂාව සහ පෝෂනය සැපයීම ම වුණා.











අති භයංකර අයුරින් සටන ඇදී යද්දී සටන් බිම මැද ඉතා ආකර්ෂණීය වූ නෙලුම් පුෂ්ප පිපෙන්නට වුණා... ඒ පුෂ්ප දෙස බලා සිටියවුන් එහි ශෝභාවට මත් වන්නට වුණත්, ඒ ශෝභාවට වසඟ වූයේ දිව්‍ය සහ යක්ෂ සේනාවේ සෙබලුන් සහ ප්‍රධාන සටන්කරුවන් ද වුණා.

REUNION OF HELL AND HEVEAN ( Sinhala) ✔️ Where stories live. Discover now