CHAPTER 43

161 37 26
                                    

උදෑසන ආහාරය ජන්කුක් ගේ දිව්‍යමය මන්දිරයේ සිට ගෙන, දිවා ආහාරය යක්ෂ ලොවේ දී ගන්නට වේවි යැයි කිසිවකු සිතුවෙ නැතත් වේ යින් සය දෙනා ට තම පුතු වූ ජන්කුක් ද සමග දිවා ආහාරය ගැනීමට රැඳෙන්නට කියා පැවසුවේ එවන් අවස්ථාවක් නැවතත් වරක් උදා නොවිය හැකි නිසාවෙන්.

" ම්ම්හ්...  බොහෝ රසවත් මේ නෙලුම් අල වලින් සාදා ඇති කැවිලි වර්ග..."

ජිමින් කීවේ දෙවැනි වරටත් කෑම මේසයෙන් නෙලුම් අල පිටි මිශ්‍රණයක දවටා ගැඹුරු තෙලේ බැද ජින් සාදා තිබූ කැවිලි වර්ගයේ රස බලමින්.













" ඔබට ජින් අයියණ්ඩි සාදා දුන්නොත් බත් සමග වැලි මිශ්‍ර කර... ඔබ එයත් රස කර කන බශ මට හොඳටම විශ්වාසයි අයියණ්ඩි.... "

යුන්ගී කීවේ සිනා වෙවී වුවත් ජිමින් එවර නෙලුම් අල පෙති දෙකක්  ම ගත්තේ යුන්ගී තමන්ට සිනහ වුණ නිසාමයි.

" ඔබලා මොකද ඔය ලෙස බලන්නේ...? මම විහිලුවක් පමණයි කළේ.. "





යුන්ගී එසේ කියමින් තමා දෙසට තද බැල්මක් හෙලමින් සිටි අන් අයගේ බැල්ම මගහැර ටේහ්‍යුන්ග් ගේ පසුපස මුහුණ සඟවා ගත්තේ ඔහුට ඒ බැල්ම දරා ගත නොහැකි බව පවසමින්.


" එය නොවේ කාරණය...."

ජන්කුක් මෙතෙක් වෙලා සිය කටහඬ අවදි නොකර සිටියේ වුවත් එක්වර ම යමක් සිහිපත් වී කතා කළේ ඉතාමත් සංවර අයුරින් තමා අත වූ හැන්ද සුප් සහිත තම පිඟාන තුලට දැමීමෙන් අනතුරුව.

සැමදෙනා ඔහු දෙස බලද්දී ඔහු කතා කළේ වේ යින් සමග අල්ලාප සල්ලාපයේ යෙදී සිටි වෙන් සමගින්.

" ශියැන් නැගණිය ගේ විවාහයත් සිදු කර දෙන්න වේවි නේද වෙන් මාමණ්ඩි..? මා දුටුවා ඇය බොහෝ සුරතල් වන සැටි, ඈ මෙන්ම සුරතල් තරුණයකු හා..."



















ජන්කුක් පැවසූ ශියැන් නැගණිය කවුරුන්දැයි නොදන්නා නිසාවෙන් අන් සය දෙනා ද හිස ඔසවා බැලුවත් නැහැ ජිමින් ගේ ආහාර අතැර සවන් දීමට සූදානමක්.

ඔහු තවත් නෙලුම් අල පෙත්තක් ආහාරයට ගත්තේ ජන්කුක් ට සවන් දෙන අතරමයි.










REUNION OF HELL AND HEVEAN ( Sinhala) ✔️ Where stories live. Discover now