CHAPTER 50

159 27 4
                                    

කුරුලු නාද හැමතැන ම පැතිරෙද්දි සොක්ජින් අවදි වුණා. ඒ වෙද්දිත් ජන්කුක් ගේ කාමරයේ ඇඳ මත නිදා සිටි නිසා ඔහුට නැගිට්ට හැටියේ ම දැක ගන්න පුළුවන් වුණා ජන්කුක් සැමදෙනා හා සාකච්ඡා කරන්නට යොදා ගන්නා ස්ථානයේ ජන්කුක් සමග ඉතිරි පස් දෙනා ද රැඳී සිටින බව.





ජන්කුක් බොහොම අවධානයෙන් හෝසොක් පැහැදිලි කරන යම් කරුණක් අසාගෙන සිටින අයුරු බොඳ වුණ දෑස් වලින් දුටු සොක්ජින් ඇස් හොඳින් පිසදමා සයනයෙන් බිමට බැස්සේ පිරිස අසලට යන්නට.


" එදින තරම් සුබ දිනයක් වෙන නම් ඇත්තේ නැහැ..."

හෝසොක් කියලා හිස එසෙව්වේ එතනට ආව පුද්ගලයා සැබෑවටම කවුරුද කියා දැක ගන්න. ඔහුට දැකගන්න හම්බුනේ ඔවුන් සත් දෙනා අතරින් මෙතැනට මදිපාඩුව සිටි පුද්ගලයා.

සොක්ජින් ව දුටු සැනින් හෝසොක් ඔහුගේ හිරු පරදන සිනහව පාලා සොක්ජින් ව ඔවුන් අතරට පිළිගනිද්දි නම්ජුන් තමා අසලින් වාඩි වෙන්නට සොක්ජින් ට ආරාධනා කළා.

" එන්න අයියණ්ඩි... ඔබ පමණයි මදි ව සිටියේ මෙතැනට... ඔබ ඉතින් නින්දෙ නේ සිටියේ... පැමිණ අසුන් ගන්න"

සොක්ජින් නම්ජුන් අසලින් අසුන් ගෙන අසන්නට වුණේ මෙතැන සිදු වූයේ කුමක්ද කියා. ඔහු මෙතැනට පැමිණෙද්දී සාකච්ඡාවේ බොහෝ දුරක් අවසන් කොට ඇති බව නම් ඔහුට තේරුම් ගියා.

වැල්මී කැබැල්ලක් දත් අතර තබාගෙන සපමින් සිටි ජිමින් සොක්ජින් දෙස බලා ඉතා මනමාල අයුරේ සිනහවක් පෑවත් එය කිසිවෙකුගේ අවධානයට ලක් නොවුණේ හෝසොක් සොක්ජින් හට පිළිතුරු දීමට නැවතත් ඔහු පැවසූ කරුණු කියන්නට පටන් ගත් නිසාවෙන් හැමදෙන ඊට අවධානය යොමු කළ නිසා.

" ඉතා කෙටි කාළයකට පසුව සිදුවෙනවා මංගල යෝගයන් ට බලපැවැත්විය හැකි කාලයක් උදා වීම. වසර දහස් ගණනකට වරක් එළඹෙන මේ දිනයට කියන්නේ පූර්ණිමාව කියා.

මතු එළඹෙන පූර්ණිමාව දින විවාහ දිවියට පා තබන අයගේ මංගල්‍යය පැවැත්වීමට එදින බොහෝ සුබයි. එදිනට අපටද අපගේ විවාහය පැවැත්වීමට හැකිද යන්න තමයි අප ඔහුගෙන් විමසා සිටියේ. "



REUNION OF HELL AND HEVEAN ( Sinhala) ✔️ Where stories live. Discover now