CHAPTER 5

344 61 12
                                    

ඔබ පමණක් නොවේ ඔවුන් පස් දෙනාද මගේ ආත්මීය සහකරුවන්. ඔබට නොහැකි එලෙස සිදු කරන්න මායා රජුනි. මා ඔබට පමණක් අයත් අයෙක් නොවෙයි. ඔවුන්ට ද මා හට සම අයිතියක් තිබේ.

මායා රජුගෙන් මෑත් වෙමින් තමන්ගේ අනෙකුත් ආත්මීය සහකරුවන් වෙත තම පියවර තැබූ ජන්කුක් කීවේය.

ඇසුනා නොවෙද ඔබට මායා රජුනි. මොහු ම පවසා සිටියා ඔහු අප සැමගේ ම බව. ඔබට බැහැ ඔහුගේ කැමැත්තට පිටින් යන්නට. මන්ද අප සැම මෙන්ම ඔහුද මේ කාරණයේදී අඇත්තටම පුදුමයට පත් වූවා. නමුත්....

නවත්වනු කිම් නම්ජුන්... නුඹ මායා රජු හටයි මෙලෙස හඬ උස්කර අමතනුයේ. එය කෙසේවත් ම උචිත වන්නේ නැහැ.

ජන්කුක් මේ දෙස බලා සිටියේ අහිංසක තරුණයෙක් ලෙස ය. තමා දෙස බලා සිටින තරුණ ඇල්ෆා ඔහුගේ නෙත ගැටුණු මොහොතේ, ඔහු තරුණ ඇල්ෆාගේ හදවතට කන් දුන්නේ ය.

මේ තරුණයා මන්ද මෙතරම් සුන්දර? මා අපේක්ෂා කළේ නැහැ මෙවන් සුන්දර තරුණයෙක් මාගේ ආත්මීය සහකරු වේවි යැයි කියා.. එනමුත් මට කුමක් හෝ අමුත්තන් දැනේ.. වටහා ගත නොහැකියිඒ කුමක්දැයි කියා. මෙහි සිටින මේ තරුණයා සතුව කුමක් හෝ අභිරහසක් පවතී.

සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙකුට සිටින්නේ එක් ආත්මීය සහකරුවෙක් පමණයි. නමුත් ඔහුට සය දෙනෙක්...? වටහාගත නොහැකි කුමක් වෙන්නට යනවාදැයි ඉදිරියට... නමුත් ඒ සුන්දර දෙනෙතේ ඉතා විශාල ගැඹුරක් පවතී මා හට කියවා ගත නොහැකි... ඔහුගේ හදවත පවා වැටහෙන්නේ නැහැ කිසිවක්.. අපිට වඩා ඔහු බලවතෙක් දැයි නැහැ දන්නේ...

තේරුම් ගන්නට හැකියාවක් නැහැ දැන් මායා රජු කුමක් කරාවි දැයි කියා.. ඔහු කුමක් කළත් නොකළත් මා සටන් වදිනවා මේ සුන්දර තරුණයාගේ අයිතිය වෙනුවෙන්. ඔහු මා හටම ලබාගැනීම වෙනුවෙන්...

තරුණයන් සය දෙනා එකිනෙකා හා වාද කර ගනිද්දී සුකුමාල තරුණයෙකුගේ වෙස් ගෙන සිටි ඔහු සය දෙනාව ඇමතීය.

අසන්න මහා ඔබ සැම දෙනාටම කැමතියි ඉදින් එහි වාද කිරීමට කුමක්ද ඇත්තේ..? ඔබ සයදෙනා මාගේ ආත්මීය සහකරුවන්. එනිසා මා හට අනවශ්‍යයි ඔබ සැම අතර ගැටුම්. ඔබසැම දෙනා  සමගියෙන් සිටිය යුතුයි නොවේද..? එයයි මාගේ ආශාව. මන්ද ඇහුම්කන් නොදෙනුයේ මා හට...

REUNION OF HELL AND HEVEAN ( Sinhala) ✔️ Donde viven las historias. Descúbrelo ahora