CHAPTER 19

211 45 6
                                    

" මදක් ඉන්න ටේහ්‍යුන්ග්...."

" කිමද ස්වාමීනි..?"

ටේහ්‍යුන්ග් විමසූයේ ජන්කුක් දෙසට නැවත වරක් පියවර තබන අතරතුර.

" ඔබේ උපකාර අවැසියි මා හට. ඔබ දන්නවා පෙර දින උද්‍යානයේ දී මා හට හමු වූයේ කවුරුන් දැයි."

ටේහ්‍යුන්ග් ගේ දෙනෙත එක් වරම විශාල වී ගියේ ජන්කුක් හට උද්‍යානයේ දී හමු වූ තැනැත්තා සිහිපත් වීමත් සමඟ.

" දෙවියන්...?"

" ඔබ ට මතකයි එසේ නම්.. මා හට ඔහු තමයි මුණ ගැසුනේ. මා මෑණියන් හට ඔහු ව තමයි මුණ ගැස්වීමට යනුයේ.. "

ටේහ්‍යුන්ග් ට එය අතිශය සන්තෝෂදායක ආරංචියක් වූවා. ජන්කුක් ගේ මා පියන් එක්ව දැකීම ටේහ්‍යුන්ග් ගේ අරමුණ වූවා.

සිය ස්වාමියා හට, ඔහුගේ මෙම දුෂ්කර අරමුණ සාක්ෂාත් කර ගැනීමට පිණිස ටේහ්‍යුන්ග් සහය වීමට තීරණය කළේ, ඔහු ජන්කුක් ගේ සැම තොරතුරක් ම දැනගත් දිනයේ.

" ඔබතුමා ට, ඔබේ සුරතල් ඇල්ෆා සහය වෙනවා. ඔබතුමා ගෙ අරමුණ, මාගේ ද අරමුණ.... මගින් අතහැර දමන්නේ නැහැ එය, කුමන බාධක පැමිණියද..."

ටේහ්‍යුන්ග් ගේ එවදන් ජන්කුක් හට ගෙන ආවේ දිරිමත් බවක්. තමා අසලින් රැඳී සිටිමින් තමා හට සහය දීමට මෙවන් ආදරණීයයන් සිටින විට දී ඕනෑම දෙයකට තමා ශක්තිමත් ව මුහුණ දෙන බව ජන්කුක් තීරණය කළේය.

" පැමිණෙන්න ටේ.. "

ටේහ්‍යුන්ග් වෙත සිය හස්තය පාමින් ජන්කුක් අමතද්දී, ටේහ්‍යුන්ග් ජන්කුක් වෙත ඇවිද ගියේ ඉතාමත් සන්තෝෂයෙන්.

" යමක් ගෙන ආවා නොවේද ඔබ මා වෙනුවෙන්..?"

ජන්කුක් විමසද්දී ටේහ්‍යුන්ග් තමා ගෙනා ඔසු තෙල් බඳුන ජන්කුක් වෙත පෑවා.

" ගලවන්න.."

ජන්කුක් පවසා සිටියදී ටේහ්‍යුන්ග් බිම බලා ගත්තේ නොහැකි බව දන්වන්නට.

" නොහැකියි...."

" ඒ මන්ද...? ඔබ නොවෙද මෙය මා වෙනුවෙන් ගෙන ආවේ..? මේ සුගන්ධවත් ඔසු තෙල.. "

ජන්කුක් කීවේ එම තෙල් වර්ගයේ සුවඳ විඳ ගන්නා අතරතුර.

" එහෙමයි... ලැවෙන්ඩර් පුශ්පයන් සහ රෝස පුශ්පයන් ගෙන් ලබා ගත් තෙල් වර්ගයක් මෙය..

REUNION OF HELL AND HEVEAN ( Sinhala) ✔️ Where stories live. Discover now