CHAPTER 18

247 42 9
                                    

ජන්කුක් ගේ පපුතුරේ හිස සඟවා නින්දේ පසුවූ නම්ජුන් අවදි වූයේ නව දිනයක් උදා වී ඇති බව සූර්යයා තම කිරණ ඔහුගේ මුව මත පතිත කොට දැන්වූ මොහොතේ.

නම්ජුන් සිය දෙනෙත් කෙමෙන් ගෙන ගියේ පෙර දින රැයේ ඔහුගේ ම වූ ආදරණීයයා ගේ මුහුණ බැලීම ට.

තම බඳ වටා ආරක්ෂිත ව ඔතන ලද ඔහුගේ හස්තය නිසාවෙන් නම්ජුන් සිටියේ ජන්කුක් ගේ පපුවට හිස තබාගෙන.

" ස්වාමීනි... උදෑසන එළබඹිලා.."

නම්ජුන් කීවේ සිහින් කටහඬකින් වුවත් නම්ජුන් ගේ බස් සවන වැකුණු ජන්කුක් සෙමෙන් දෙනෙත් විවර කළා.

" සුබ උදෑසනක් ඔබට..."

නම්ජුන් ගේ හිස කෙස් සෙමෙන් පිරිමදිමින් ජන්කුක් කීවේ ආදරයෙන්.

" එසේම වේවා ඔබතුමා හට ත්..."

නම්ජුන් සිහින් කටහඬින් පවසා සිටියදී ජන්කුක් සිනාවුණේ නම්ජුන් හට නැගී සිටීමට සහය වෙමින්.

" පුදුමයි.... නෑ කිසි වේදනාවක්. සිතූයේ මා හට සයනයෙන් බැස යෑමට හැකියාවක් නොවනු ඇතැයි කියා..."

නම්ජුන් තමාටම මුමුණා ගත්තේ පෙර දින රැයේ සිදුවීම සත්‍යය ම දැයි සිතමින්.

" මා හට ද සුවපත් කිරීමේ හැකියාව පවතිනවා සොඳුර... ඔබට කිසිම වේදනාවක් නැහැ නොවේද දැන්....? "

නම්ජුන් ව තමා හට තුරුලු කොට ගනිමින් ජන්කුක් විමසූයේ සයනයේ ඇන්ද ට සිය හිස හේත්තු කොට ගනිමින්.

" නොවේ ස්වාමීනි. මා සුවෙන්....."

නම්ජුන් ජන්කුක් සමීපයේ ඉතා ආදරණීය වූවා. ඔහු අන් සැම ට පිටතින් පෙනෙනුයේ දරදඬු අයුරින් වුවත්, ජන්කුක් ගේ ඉදිරියේ නම් ඔහුගේ එවන් දරදඬු බවක් නැහැ තිබුණේ...

" ඔබ කෙසේද මාගේ සත්‍යය දැන ගත්තේ සොඳුර..?"

ජන්කුක් නම්ජුන් ගේ හිසකේ අතර සිය හස්තය ගෙන යමින් මෘදු ව විමසා සිටියදී නම්ජුන් බිම බලාගෙන ම වදන් මිමිණීම ට වුණා.

" මට ඇසුනා.... මා හට ඇසුනා මායා රජු, ඇල්ෆා ටේහ්‍යුන්ග් සමග පවසනවා..."

නම්ජුන් කීමට වුණේ ජන්කුක් ඊට කෝප ගනිතැයි සිතමින්.

" ඉදින් ඒ සත්‍යය දැන දැන ත්.. ඔබ මා හට ප්‍රේම කරනවා...?"

REUNION OF HELL AND HEVEAN ( Sinhala) ✔️ Opowieści tętniące życiem. Odkryj je teraz