CHAPTER 21

179 45 7
                                    

මායා රජු සිය ආදරණීයයා ගේ ඉල්ලීම මත මේ වන විට යක්ෂ සහ දිව්‍ය ලෝකයන් හි තොරතුරු සොයා ගැනීම පිණිස වෙහෙස ව සිටියා.

එහෙයින් ඔහු මාලිගයෙන් පිටත උද්‍යානය ට පය තැබුවේ යම් සහනයක් සිය මනස ට දෙනු පිණිස. එනමුත් මායා මාලිගයේ දොරටුව අභියස සිටින පුද්ගලයා ඇතුලට යන්දෝ නොයම් දෝ යි සැකයකින් පසු වුණා.

" කවුරුන්ද නුඹ? මගෙන් යම්කිසි උපකාරයක් අවැසි ද..?"

යුන්ගී විමසූ මොහොතේ ඔහු කහිස ඔසවා යුන්ගී දෙස බැලූයෙන් වටහා ගත්තා ඒ අන් කවරකු හෝ නොව මායා රජු බව.

" මායා රජුනි... මා හට යක්ෂයා හමු විය යුතුයි... මා යක්ෂ සෙනෙවි වෙන් නින්."

හදිසියේ ම ඇසූ කරුණත් සමග යුන්ගී පුදුමය ට පත් වූයේ වුවද යක්ෂයා මොහොතකින් නැවත පැමිණිය හැකි බව දන්නා නිසාවෙන් ඔහු ට තම මාලිගයේ මොහොතක් රැඳීම ට ඉඩ දීමට ඔහු තීරණය කළා.

" ඔබට පැමිණිය හැකියි මාගේ මාලිගය ට. යක්ෂයා ඔහුගේ පුතු සමග යම් ගමනක් ගියා. සුලු මොහොතකින් ඔහු පැමිණේවි. එතෙක් ඔබට රැඳිය හැකියි මෙහි.

නමුත් මතක තබා ගන්න මේ මාලිගයේ කිසිවකු නැහැ දන්නේ යක්ෂයා මෙහි සිටින බව. එනිසා එපා කිසිවකු සමග පවසන්න ඔබ මෙහි යක්ෂයා සොයා ආ බව. "

යුන්ගී කී බස් හිස නවා ආචාර දක්වමින් පිළිගත් වෙන් නින් මායා රජු සමග ම ඔහුගේ මාලිගය තුලට පියවර මැනීම ට වුණා.

__________________________________

ජන්කුක් ඉතා සන්තෝශයෙන් සිය මව හා පියා සමග මායා මාලිගය වෙත පියවර මනිද්දී ද්වාර පාලකයන් ඔහු හට හිස නවා ආචාර කරමින් ඇතුලට ගමන් කිරීමට ඉඩ දුන්නේ දැන් ඔවුන් ඔහු ව හොඳින් ම හඳුනන නියායෙන්.

ලන් චන් ද මායා මාලිගයේ තිබෙන සුන්දරත්වය සිය දිව්‍ය මාලිගයේ හෝ නොමැති බව සිතූයේ මායා රජු සිය මාලිගය ඉතාමත් සුන්දර වූ පුෂ්පයන් ගෙන් යුතු ශාක සිටුවා අලංකාර කොට රැක බලාගෙන ඇති හෙයින්.

එසේම රන් පැහැයෙන් දිදුලන මායා මාලිගයේ වහලය මෙන්ම ශ්වේත වර්ණ බිත්ති පවා මායා මාලිගය මිහි මත ඇති සොඳුරුත ම මාලිගය බව කියා පෑවේ සූර්යය කිරණ නිසාවෙන් මායා මාලිගය දිදුලන අයුරු ඇතට දිස් වද්දී.

REUNION OF HELL AND HEVEAN ( Sinhala) ✔️ जहाँ कहानियाँ रहती हैं। अभी खोजें