CHAPTER 35

170 40 6
                                    

ජන්කුක් සිය දෙනෙත් විවර කර සිටියේ අඳුරු ලොවෙහි ඔහු අපේක්ෂා නොකළ ආලෝකයක් ඔහුගේ මුහුණ මතට වැටුණු බව දැනුනෙන්.

ඔහු වෙනුවෙන් පහන් දල්වන ලදුව, ඉටි වල සුගන්ධයද, පිසලූ ආහාර බඳුනක් අතැතිව සිටින කායි ඔහුගේ අවධානය ලැබේ දැයි බලාපොරොත්තු සහගතව පසෙක අසුන්ගෙන සිටින අයුරු ද දුටු ජන්කුක් ගේ මුවගට නැගුණේ සිනහවක්.

" කායි...."

ජන්කුක් සිය හඬ අවදි කළ මොහොතේ දී කායි ජන්කුක් දෙස බැලූයේ ඔහු දෙනෙත් විවර කළේ දැයි කිසිඳු විශ්වාසයක් හෝ නොමැතිව.

" උ.. උතුමාණනි... ඔබතුමා... අවදි වුණාද ඔබතුමා ගේ ධ්‍යානයෙන්.."

කායි විමසූ මොහොතේ ජන්කුක් සෙමෙන් හිස සැලූයේ එක දිගට දින පහකට අධික කාලයක් භාවනාවේ යෙදුනු කලුවර ගස අසලින් නැගී සිටිමින්.

" කායි කුමක්ද මෙතැන සිදු කරනුයේ..? ඔබ පළමු අදියරේ නොවෙද සිටියේ..? එය තරණය කරන්නට කිසිවකුට අවසර නොදෙමින්..? "

ජන්කුක් විමසූ මොහොතේ කායි හිස බිමට නැවූයේ 'එහෙමයි' කියා කියමින්.

" එහෙමයි උතුමාණනි. ඔබතුමාගේ ආත්මීය සහකරුවන් සය දෙනා ප්‍රමුඛ කොටගත් නව දෙනෙකුගෙන් යුත් පිරිසක් පැමිණියා ඔබතුමා සොයාගෙන. මා සිතන්නේ ඔවුන් තවමත් පසු කරනුයේ රාශි අදියර... "


ජන්කුක් දෙනෙත් විසල් කොටගෙන කායි දෙස බැලූයේ ඔහු සත්‍යය පවසන්නේ දැයි දැනගැනීමට.

" සත්‍යයක් ද නුඹ ඔය පවසනුයේ..? "

" එහෙමයි. එතුමන්ලා පැමිණියා. එනමුත් මා හට නැහැ ඔබතුමාගේ අවසරයකින් තොරව එතුමන්ලා හට මෙම අදියරයන් තරණය කරන්නට ඉඩ නොදී සෘජුව ම වනය තුල ඔබතුමා ගෙ වාසස්ථානය ට කැඳවාගන්න.

මා සියවස් ගණනාවක සිට ඔබතුමා දුන් උපදෙස් පරිදි සිදු කළ සේවය එසේම සිදු කරමින්, එම අදියරයන් ගමන් කරන්නට ඔවුනට ඉඩ සලසා දෙමින් මෙහි ආවේ ඔබතුමා ගෙන් එතුමන්ලා හට තවත් පරීක්ෂණ නොදෙමින් පැමිණෙන්නට අවසර දෙන්නට කැමති දැයි දැන ගැනීමට.

එනමුත් ඔබතුමා බොහෝ දිනක් දැහැනට පිවිස සිටියෙන්, මා හට නැහැ වූයේ දිරියක් ඊට බාධා කරන්නට. එනිසාම මා බලා සිටියේ කුමන මොහොතක ඔබතුමා අවදි වේ දැයි කියා.. "

REUNION OF HELL AND HEVEAN ( Sinhala) ✔️ Where stories live. Discover now