CHAPTER 41

144 34 16
                                    

" අර අර..... අපූරු පහන් කූඩුවක්.... එහි සාවෙක් සිටිනවා... බලන්න..."

වේ යින් තම අත දිගු කළේ පහන් කූඩු අලෙවි කරන ස්ථානයක තිබූ අලංකාර පහන් කූඩුවක් වෙතට අත දිගු කොට.

සුදු පැහැති පහන් කූඩුවෙහි කලු පැහැයෙන් සා රුවක් සිතුවම් කර තිබුණේ එය අලංකාර කරමින්.

" ඔබ ඊට ප්‍රිය කරනවද...? "

ලන් චන් විමසද්දී වේ යින් හිස සැලුවේ සතුටින්.








මොහොතක් ගත වන විට වේ යින් මග දෙපස සුන්දර කම නරඹමින් තවත් ඉදිරියට පියවර මැනීමට වුණේ සෙමෙන්. එහෙත් තමා ගේ සිත් සොරා ගත් පහන් කූඩුව තමාට ඉදිරියෙන් දිස් වද්දී වේ යින් පුදුමයෙන් බැලුවේ එය අල්ලාගෙන සිටින ලන් චන් දෙස.


" ඔබ ඒක මිලදී ගත්තාද..?"

වේ යින් විමසද්දී ලන් චන් සිනා සුනා. ලන්චන් සිනාවෙනු දකින්නට ලැබෙන්නේ කලාතුරකින් වුණා. ඔවුන් දෙදෙනා දුරස් ව සිටි කාලයේ ලන් චන් ගේ සිනහව සැබැවින් ම ඔහු වෙතින් දුරස් ව ගොස් තිබුණත්, මෙන්න එය නැවතත් පැමිණිලා...

" ඔබ එයට ආශා කරද්දී, මා එය ඔබට ගෙනවිත් නොදී සිටීමට තරම් සාහසික වේවිද..?"

ලන් චන් කියා සිටියේ සිනහවක් සමග වූයෙන් ඔහු අවංකවම තමා හට කතා කරන බව පමණයි වේ යින් දැන සිටියේ.

" ස්තූතියි... නමුත් මා දැන් යා යුතුයි. අපට බොහෝ වේලාවක් මෙසේ සිටිය නොහැකියි.

කුමක් හෝ ගැටලුවක් පැන නැගීමට පළමුව අප නික්මිය යුතුයි. "

වේ යින් සිහිපත් කළ මොහොතේ දී ලන් චන් ද එයට එකඟව හිස සැලුවා.

" ප්‍රවේසමෙන්..."

වේ යින් ව වරක් තම පපුවට තුරුලු කර ගනිමින් ලන් චන් පවසද්දී වේ යින් ට බොහෝ ආරක්ෂාකාරි බවක් දැනෙන්නට වුණේ කලකට පසු සිය ප්‍රේමීයා ගේ උණුහුම ට ගුලි වීමේ වරම් ඔහුට ලැබුණෙන්.

" ඔබත්..."

ඔවුන් දෙදෙනා දෙපසට ඇවිද ගියේ ප්‍රේමණීය බැල්මක් එකිනෙකා හා හුවමාරු කර ගැනීමෙන් අනතුරුව.







REUNION OF HELL AND HEVEAN ( Sinhala) ✔️ حيث تعيش القصص. اكتشف الآن