CHAPTER 53

129 26 3
                                    

හිස ආවරණය කර ගෙන සිටි තැනැත්තා හා යක්ෂයා අතර වාදය ඉතා තදින් නැග යද්දී ජනතාවට නිසැකවම වටහා ගත හැකි වුණා ඔවුන් ලවා මෙම අවස්ථාවේ පැවැත්වුණු විවාහ මංගල්‍යයන් හට පවා බාධා පමුණුවාලීමේ අවශ්‍යතාවය පැවතුනේ ඔහු හට බව.




" සැබැවින්ම...? නුඹ සිතනවා ද නුඹ මෙතුවක් කලක් දිවි ගෙවූයේ නිවැරදි තනතුරේ සිටිමින් බව...? නුඹ සිතනවාද නුඹ යක්ෂයා යන පදවියට උචිත බව
..?"

හිස වසා සිටි පුද්ගලයා විමසද්දී වේ යින් සිනහවකින් ඊට පිළිතුරු ළබා දෙන්නට වුණා.

" එය නුඹ විමසිය යුත්තේ ඊට මාව තෝරා ගත් තැනැත්තා ගෙන් නොවේද..? "



වේ යින් විමසද්දී සෙමෙන් සෙමෙන් තම මෑණියන් සමීපයට කිට්ටු වූ ශියැන් වෙන් ගෙන් විමසූයේ වේ යින් ව යක්ෂයා බවට පත් කළ පුද්ගලයා කවුරුන්ද කියා.


" ඇත්තටම මෑණියනි කවුරුත් ද වේ යින් මාමණ්ඩි ව යක්ෂයා යන පදවියට පත් කළේ... දැනට පවුලේ සිටින ජ්‍යෙෂ්ඨයා වේ යින් මාමණ්ඩි නේ...

ඔහුව පත් කරන්නට ඇත්තේ ෆැන් මින් මුත්තනුවන් වන්නට ඇති නේද..?"




ඇය විමසද්දී වෙන් සිය අවාන හකුලුවා දියණියගේ හිසට පහරක් ගසද්දී නම් තමා ගේ කටින් අනුචිත යමක් වැරදීමකින් හෝ කියවුණේ දැයි ශියැන් ට යම්තාක් දුරකට සැකයක් ද මතු වී ආවා.

" ඔබ දනානවද...? ෆැන් මින් මුත්තනුවන් යක්ෂයා යන පදවියට තෝරා ගත්තේ වේ යින් ව නොවෙයි. ඔහුගේ ම පුතු ජියැන් චෙන් වයි.

එනමුදු... වේ යින් ගේ කුසේ සිටි ඔබේ අයියණ්ඩිය ජන්කුක් ව මරා දමන්නට උත්සාහ කළ මොහොතේ තමයි සියල්ල ම කණපිට හැරුණේ.

මම එම සිදුවීම ඇස් දෙකෙන් ම දුටුවා. ෆැන් මින් නොවේ වේ යින් ව ඒ තනතුරට තෝරා ගත්තේ ජන්කුක්. ජියොන් ජන්කුක්... "




වෙන් සිහින් ස්වරයෙන් ශියැන් ට කියද්දී ශියැන් අසලම සිට එය අසා උන් කාඕ වෙයි නින් සිය දෙතොල් ඕ හැඩයකට හදා ගනිමින් තමන් හට අසන්නට ලැබුණු කරුණු සිතෙන් ගලපන්නට වුණා.

" කුස තුල වැඩෙන කලලයක් කෙසේද යක්ෂයා ගෙන් එම ශක්තිය උදුරා ගන්නේ. යක්ශයා කියන්නේ පළමු මට්ටමේ අයෙක් නේ..

REUNION OF HELL AND HEVEAN ( Sinhala) ✔️ Where stories live. Discover now