CHAPTER 49 ( M )

292 39 5
                                    

ජියොන්ගුක් සිටියේ ජින් ලින් සඳුන් ගෙනවිත් දෙන තෙක් තමාගේ කුටියේ වූ තටාකය ට දමා තිබූ මල්පෙති සෙමෙන් පිරිමදිමින්.

සොක්ජින් කුටිය තුලට පැමිණියෙන් ජියොන්ගුක් තම අවධානය වෙනස් නොකරමින් ම කතා කළේ තමා පිටුපස සිටින්නේ ජින් ලින් යැයි සිතා.

" සඳුන් තබා ඔබ පිටව යන්න දරුවෝ.. උදෑසන ආහාර වත් තවම ඔබ අරගෙන නැහැනේ..."

සොක්ජින් ට ජියොන්ගුක් ට තමාව හඳුනා ගත නොහැකි වීම නිසා මද සතුටක් දැනුණත් සඳුන් තබා පිටව යනු වෙනුවට ඔහු කළේ සඳුන් බඳුන තටාකය අසල තිබූ කුඩා බංකුව මත තබා ජියොන්ගුක් ගේ උරහිස මත අත තැබීම.

" ඔහ්... මේ ඔබද සොක්ජිනී..... "

ජියොන්ගුක් සොක්ජින් වෙත බැල්මක් හෙලමින් සිනහවක් සමග විමසද්දී සොක්ජින් සෙමින් හිස සැලුවා.

" ඔබද සඳුන් රැගෙන ආවේ...?"

සොක්ජින් ගෙන් ජන්කුක් එසේ විමසද්දී සොක්ජින් ජියොන්ගුක් දෙහ නොබලා ම කතා කරන්නට වූයේ තටාකයේ පා වෙන රෝස මල් පෙති දෙස බලාගෙන.

" ඔබතුමා හට... ඔබතුමා ගේ සැබෑ ස්වරූපයට ආ හැකියි ස්වාමීනි. මා ද්වාරය අගුලු දමලයි පැමිණියේ."








සොක්ජින් කී මොහොතේ දී ජියොන්ගුක්, තම සැබෑ ස්වරුපය වූ ජන්කුක් බවට හැරෙන්නට ගත වූයේ මොහොතක් පමණයි.

" කුමක් හෝ ගැටලුවක් ද සොක්ජිනී...? මා හට පවසන්න... "




ජන්කුක් අසද්දී සොක්ජින් හිස දෙපසට සැලුවේ පිටව යන්නට නැගී සිටිමින්.

" අවසරයි.. මම පිටත් වෙන්නම්."













සොක්ජින් එසේ කියා පිටව යන්නට තැනුවේ වුවද, වේගවත් වූ ජන්කුක් සොක්ජින් ගේ අතින් ඇද ඔහුව තම උකුළේ ඉන්දවා ගනිද්දී සොක්ජින් ගේ දෙනෙත් බොහෝ විසල් වී ගියා.


"මගේ සොඳුර.. ඔබට යම් පැනයක් වේ නම් මගෙන් විමසිය යුතු... සඟවන්න එපා ඒ බව.. මා හා කතිකා කරන්න හැකිනෙ ඔබට..

මා කෙදිනක වත් ඔබ කියන දේ ගැන කෝප ගන්නේ වත්, ඔබට රිදවන්නේ වත් නැහැ. ඉදින් පවසන්න මා හට."




REUNION OF HELL AND HEVEAN ( Sinhala) ✔️ Where stories live. Discover now