CHAPTER 33

133 34 3
                                    

පසුදින සූර්යෝදය සමග ගමන් ඇරඹූ පිරිවර ගොඩවැදුනේ ඊලඟ ගව්වට. එය අතිශයින්ම සුන්දර වූවා. එම ගව්ව පුරාවට ම මලින් පිරී ගිය පුශ්පයන් වූවා. නිදැල්ලේ ඇවිද සිටි වන සතුන් වූවා.


එසේම එහි බොහෝ පිසින ලද රසවත් ආහාර වූවා. ඔවුන් වෙනුවෙන් ම පිළියෙල කොට ඇතුවාක් මෙන් තිබුණා වූ එම සුන්දරත්වය දුටු ඕනෑම අයෙකු තමා වෙතට ඇද ගැනීමට හැකියාවක් දරන්නට වුණා.

සිය සිරුරම නිරාවරණය වන පරිදි, සිය පියයුරු හැඳ සිටින උඩුකය වස්ත්‍රයෙන් කැපී පෙනෙන පරිදි, පුන් සිරුරේ නිකැළැල් ශරීරාංග නිරාවරණය වන සේ හැඳි දුහුල් හන්බොක් වස්ත්‍රයෙන් සැරසුන කන්‍යාවන් ද වුණා එහි.

තරුණියන් පමණක් නොවූවා.. ඒතැන තවත් සිටියා තරුණයන් පවා.. වනයක්මදැයි සිතිය නොහැකි වූ මෙම ගව්ව දෙස පිරිවරගේ දෙනෙත් පතනය වූයේ වුවත් ඔවුන් නැහැ දැනුවත් වූයේ මේ සැම තවත් එක් උගුලක් ම පමණක් වූ බව...


ඔවුන් සැම හට පියවරක් හෝ තැබීමට ඉඩ නොතබමින් හෝසොක් ඔවුන් ව වලකාලූයේ යමක් සිහිපත් කර දීමට...

" රාගයට, සෘංගාරයට මෙම මග ඔබට පෙළඹවීම් ඇති කළ හැකියි. නුසුදුසු ස්පර්ශයන්, රාගයට ප්‍රථම, රාගය ඇති කරන්නට ඔබව පොළඹවන මදිරා මෙම මග පුරාවටම ඔබට දැකිය හැකි වේවි.

අප අරඹන හැම ගව්වකදී ම මෙය පැවසිය යුතු නැති බව මා සිතනවා. මතක තබා ගන්න අප සැම ජන්කුක් ගේ බව.."




හෝසොක් කීවේ විවාහක නොවුණේ වුවත්, ඔවුන් සැම තම තමාගේ ආත්මීය සහකරු හට ප්‍රේමය, සෙනෙහස සේම දක්වන භක්තිය ද මෙම ගව්ව පුරාවට ස්මරණයෙහි රඳවා තබා ගන්නා ලෙස.

ඔවුන් සැම දැනුවත් වූවා... මෙම ගව්ව සිත එකඟ කොට තරණය කළ යුත්තක් බව. ඔවුන් දැන උන්නා එක් පියවරක දී හෝ ඔවුන්ගේ පතිභක්තිය ගිලිහී ගියේ නම් තවදුරටත් එම ගව්වෙහි ඉදිරියට පියවර මැනීමේ සුදුසුකම ඔවුන් අතින් නැතිවී යන වග. එසේම මෙම මග ඇති රාගයෙ පැටලුණු ජීවිත අතරට තමා දේ එක්වූයේ නම් කෙදිනකවත් තම ස්වාමියා වෙත ඔහු කෙරේ පවිත්‍ර ප්‍රේමය දරා සිටි අයෙකු ලෙස යාමට නොහැකි වන බව ඔවුන් දැන සිටියා.

REUNION OF HELL AND HEVEAN ( Sinhala) ✔️ Where stories live. Discover now