CHAPTER 15

230 55 5
                                    

හෝසොක් සිටියේ සිය කුටියෙ හි වූ සඳලු තලයෙන් පිටත බලාගෙන. ඒ අසලම වූ මහා විශාල වෘක්ෂය ක ප්‍රේමයෙන් එකිනෙකාගේ තටු පිරිමදින මාල ගිරා යුවලක් දුටුවෙන් හෝසොක් ගේ හදවතට දැනුණේ පැවසිය නොහැකි ශෝකයක්.

" ඔබ පවා සිය ප්‍රේමියා සමග ස්නේහයෙන් වෙලී සිටිනවා නොවේද ගිරවි.... සමහර විට එම භාග්‍යය අහිමි මා හට පමණක් වන්නටත් බැරි නැහැ.

ඔහු හට මා ආකර්ෂණීය මදි ද..? දන්නවා මා... ජින් අයියණ්ඩි මෙන් මා හට පුළුල් උරහිස් නොමැති බව. දනිමි මායා රජු තරම් තේජසක් ද නොමැති බව.. නම්ජුන් තරම් බුද්ධිමත් ද නොවේ මා.

කිසි ලෙසකිනුදු නැහැ ජිමින් තරම් සුරතල් ද.. එසේම ටේහ්‍යුන්ග් තරම් කඩවසම් නෑ මා කේහෙත්ම... ගිලිහී යෑම සාධාරණයි ඔහුගේ අවධානය... "

" ඔබට යමක් ගැනීමට අමතක වූවා අයියණ්ඩි... ඒ සියල්ලම ගැන්නද ඔබ නැහැ නේ ගැන්නේ ඔබගේ ඔය සූර්යයා පරයා යන කාන්තිමත් සිනහව... "

හෝසොක් තනිවම සිතීමට වුවද, ඔහු ගේ සිතිවිලි වලට බාධා කෙරුණු කටහඬ ආ දෙස හෝසොක් හැරී බැලුවේ ප්‍රශ්නාර්ථය මුසු බැල්මක් මුවගෙහි රඳවාගෙන.

ඒත්තම මනස කියවීමට උපතෙන් ම ගෙනා හැකියාවක් දරන ඇල්ෆා ටේහ්‍යුන්ග් ව දුටු මොහොතේ නම් ඔහු නෙතඟට කඳුළු වැලක් පැමිණියා.

" ඔබ...."

" ඔව්... මා... මා ආවා ඔබ බලන්න ට. ඔබ එතැනින් නික්ම ආවේ දුකෙන් නොවේද...? මා ආවේ ඔබ වෙනුවෙන්.."

ටේහ්‍යුන්ග් පවසද්දී හෝසොක් ඔහු දෙස බැලුවේ අදහාගත නොහැකි වූ බැල්මක් සමග.

" ටේහ්‍යුන්ග්... ඔබ එතැනට යන්න. ඔබව අවැසියි ඔහු හට."

" මා පමණක් නොවේ... ඔබද අවැසියි ඔහුට. එනිසා පැමිණෙන්න මා සමග.. "

ඇල්ෆා ටේහ්‍යුන්ග් හෝසොක් ගේ හස්තයෙන් අල්ලා පවසාලන මොහොතේ හෝසොක් ඔහුගේ හස්තය ඇල්ෆා වෘකයාගේ ග්‍රහණයෙන් ඉවත් කර ගැනීමට තැනුවේ කලබවයෙන්.

" නොවේ... ඔහු ඔබ සැම සමග සතුටින්... "

හෝසොක්ට නැහැ අවැසි වූයේ සිය ආත්මීය සහකරුගේ ප්‍රීතියට බාධා ගෙන ඒමට. එනිසායි ඔහු තීරණය කරලූයේ ජියොන්ගුක් ගෙන් ඈත් ව තනිව කාලය ගත කිරීමට.

REUNION OF HELL AND HEVEAN ( Sinhala) ✔️ Where stories live. Discover now