CHAPTER 22

181 42 3
                                    

ජන්කුක් ගේ දෙනෙතෙහි ඔවුන් කෙරේ වංචාවක් සිදුකළ බවක් නැහැ දක්නට ලැබුණේ. එසේම ඔහුගේ දෙනෙත තවමත් ප්‍රේමයෙන් පිරී පැවතුනා.

" නවත්වන්න යුන්ගී..."

ජන්කුක් කීවේ කෝපයෙන් ජිමින් ගේ කම්මුල ට පහර දුන් යුන්ගී හට අණ කරන අයුරින්. එසේම එතෙක් ඔහුගේ මියුරු කටහඬ නැහැ කිසිවකු හට අසන්නට ලැබුණේ.

ගැඹුරු ගාම්භීර කටහඬ සවනත වැකෙද්දී ම යුන්ගී ජන්කුක් දෙසට නෙත් හෙලීමට වුණා.

"නමුත්..."

" මා කීවේ නවත්වන්න. අසුන් ගන්න."

ජන්කුක් කීවේ දැඩි හඬකින් වූ අතර තම ආසනය ට ජන්කුක් ගේ හස්තය දිගු වද්දී යුන්ගී නිහඬව අසුන් ගත්තේ තවදුරටත් ඔහු හට කෝප ගැනීමට ඉඩ නොතබමින්.

" කිමද ඒ ජන්කුක්...? කිමද සිතූයේ අප ඔබට පෙම් බැන්දේ ඔබේ රුවට හෝ ඔබේ ස්වභාවය ට බවද..? "

ජින් විමසූයේ යුන්ගී අසුන් ගත් පසුව. ජින් ගේ දෙනෙත් ඒ වන විටත් තිබුණේ කඳුලැල් නිසාවෙන් රත් පැහැ ගැන්වී.

" අප දැන් වුවත් පවසන්නම්... මා ඔබට පෙම් බැන්දේ ඔබ කවුරුන්දැයි යන්නට නොවේ... ඔබ අපව එක සේ විශ්වාස කරතැයි සිතූවා අප...

මේ දැනුත් ඔබට ප්‍රේම කරනවා මා. මේ දැනුත් ඔබට පෙම් බඳිනවා. කරුණාකර දැන් වත් පවසන්න සත්‍යය..."

හෝසොක් කීවේ කුමන දෙයක් සිදු වූයේ වුවද ජන්කුක් හට තමා බැඳි ප්‍රේමය හැර යාමට නොහැකි නිසාවෙන්.

" සැබෑව.. ඔබ අපට අයිති වන්නේද, අප ඔබට අයිති වන්නේද යන්න නොවෙයි ගැටලුව.

මන්ද අප හට ඔබේ සත්‍යය නොපැවසූයේ. ඔබේ මෑණියන් යැයි අපට පෙන්වූයේ... ඒ සැබැවින්ම යක්ෂයා බව.

ඔබ සිතුවාද යක්ෂයා අපගේ සහකරුගේ මව වූ සැනින් අප ඔබට වයිර කරනු ඇතැයි කියා...?"

ජිමින් කම්මුල් පහර නිසාවෙන් රත් පැහැ ගැන්වුණු සිය කම්මුල මත අත තබා ගනිමින් පවසා සිටියේ ජන්කුක් හට ආරම්භයේ දී ම ඔවුන් හට සත්‍යය පවසාලන්න ට ඉඩ තිබුණු බව.

ඔවුන් තිදෙනාගෙන් එකිනෙකා දෙස සිය හිස හැරවූ ජන්කුක් බොහෝ ශෝකයෙන් යුතුව සිනහ වුණා.

REUNION OF HELL AND HEVEAN ( Sinhala) ✔️ Where stories live. Discover now