CHAPTER 25

160 36 8
                                    

පස්වන ගව්ව ආරම්භ කොට ගමන් කළත්, එහිදී පෙර මෙන් නොසිතූ විරූ දේවල් සිදු වෙතැයි කියා විශ්වාසයක් තිබුණා.

ජින් යී ශ්‍යු යී ගේ හස්තයෙන් තදින් අල්ලාගෙන සිටියේ එක මොහොතක් හෝ ඔහුගෙන් ඉවතට නොයන්නට අවැසි වූයෙන්.

ඊට ඉදිරියෙන් ඇල්ෆා ටේහ්‍යුන්ග් ගේ හස්තය ට ගුලි වී ගිය දිව්‍ය පාලක ජිමින් සිටියේ ඇල්ෆා ටේහ්‍යුන්ග් හට ඔහු පණ්ඩිත බස් පැවසූ බව මතකයේ හෝ නොමැතිව.

ඒ අතර නිමැවුම්කරු නම්ජුන් සමග, රාශි චක්‍රයේ පාලක ජන් හෝසොක් ගමන් කළේ ජින් යී ට හා ශ්‍යු යී ට පසුපසින්.

සුවපත් කරන්නා ජින් වෙන් නින් සමග ඉදිරියෙන් ම යද්දී මායා රජු මින් යුන්ගී සිය දෙනෙත් වල ඇති තීක්ෂණ බව ප්‍රයෝජනයට ගනිමින් සතර වටේ ම නිරීක්ෂණය කරමින් ගමන් කරන්න ට වූයේ කිසිවෙක් හට හෝ අනතුරක් වීමට ඉඩ නොතබමින්.

" ඔබේ ස්වාමියා සොයනවාද...? මෙදෙසට පැමිණෙන්න.... ඔබව අප ගෙන යන්නම් ඔහු සමීපයට."

නම්ජුන් හට සිය කන ලඟ සිට පවසනු ඇසුනා. ඔහුගේ දෙපා මොහොතක ට ගල් ගැසී ගියත් නම්ජුන් තීරණය කළා ඒ හඬ සමග වාද කරන්නට.

" මගේ ස්වාමියා ගැන මා හට බලා ගත හැකියි. නිහඬව සිටිනු..."

නම්ජුන් පිළිවදන් බැන්දේ වුවද ඔහුගේ කන අසල දෝංකාර නංවන හඬ සිනහ සැලුවා මිස කිසිවක් නැහැ කරලූයේ.

" මන්ද සිනහ වෙනුයේ...? මා නැහැ නුඹට රැවටෙනුයේ..."

නම්ජුන් කීවේ වුවත් එම කටහඬ ඉතා ලඟින් ම ඇසීමට වුණේ ඔහු උපකාර පිණිස හෝසොක් දෙස බලද්දී. නමුත් හෝසොක් ගේ මුහුණ දුටු සැනින් නම්ජුන් හට කෑ ගැස්සුනේ ඔහු විරූපි ව ගොස් තමා අසල සිටගෙන සිටින නිසාවෙන්.

" හෝසොක්... හෝසොක්.... කුමක් සිදුවී ද නුඹට..? "

නම්ජුන් විමසූ මොහොතේ හෝසොක් ගේ මුවේ නැගුණු සිනහව වෙනදා මෙන් පියකරු බව නොම ඉසිලුයෙන් ඔහු දිස් වූයේ නම්ජුන් ව දඩයම් කරගෙන යෑමට මාන බලන නපුරු ආත්මයක් ලෙස.

" යුන්ගී... යුන්ගී....."

නම්ජුන් මොර ගැසූයේ ඒ මොහොතේ ඔහු හට යුන්ගී හැර අන් කිසිවකු ගේ පිහිටක් නොවූ නිසාවෙන්.

REUNION OF HELL AND HEVEAN ( Sinhala) ✔️ Where stories live. Discover now