තනුව

Kevinprabhashwara tarafından

36.5K 5.7K 593

නුඹ හා ගතකල සුන්දර මොහොතක රසය විඳින්නට ඉඩදෙනු දැන්..... Daha Fazla

....තනුව..... පළමු වෙළුම
....තනුව.... දෙවන වෙළුම....
තනුව... තුන්වන වෙළුම
....තනුව.... සිව්වන වෙළුම...
...තනුව... පස්වන වෙළුම...
......තනුව..... හයවන වෙළුම...
...තනුව... හත්වන වෙළුම....
...තනුව.... අටවන වෙළුම....
....තනුව.... නමවන වෙළුම...
....තනුව.... දසවන වෙළුම....
.....තනුව.... එකොලොස්වන වෙළුම....
...තනුව.... දොලොස්වන වෙළුම....
....තනුව.... දහතුන්වන වෙළුම.....
....තනුව.... දහහතරවන වෙළුම ....
.....තනුව..... පහළොස්වැනි වෙළුම....
.....තනුව..... දාසයවැනි වෙළුම......
....🎶තනුව🎶.... දහහත්වැනි වෙළුම...
...🎶තනුව🎶..... දහඅටවන වෙළුම.....
....තනුව.... දහනමවන වෙළුම.....
....🎶තනුව🎶..... විසිවන වෙළුම....
.....🎶තනුව🎶...... විසි එක්වන වෙළුම....
....🎶තනුව🎶.... විසි දෙවන වෙළුම....
....🎶තනුව🎶.... විසි තුන්වන වෙළුම.....
....🎶තනුව🎶..... විසිහතරවන වෙළුම...
....🎶තනුව🎶.... විසිපස්වන වෙළුම....
....🎶තනුව🎶..... විසි හයවන වෙළුම....
....🎶තනුව🎶..... විසිහත්වන වෙළුම...
....🎶තනුව🎶..... විසි අටවන වෙළුම....
...🎶තනුව🎶..... විසිනමවන වෙළුම...
තනුව තිහ හා තිස් එක්වන වෙළුම්
....🎶තනුව🎶.... තිස් දෙවන වෙළුම...
.....🎶තනුව🎶..... තිස් තුන්වන වෙළුම...
....🎶තනුව🎶.... තිස් හතරවන වෙළුම...
.....🎶තනුව🎶..... තනුව තිස් පස්වන වෙළුම..
....🎶තනුව🎶.... තිස් හයවන වෙළුම...
....🎶තනුව...🎶.... තිස් හත්වන වෙළුම...
....🎶තනුව...🎶.... තිස් අටවන වෙළුම...
....🎶තනුව...🎶.... තිස් නමවන වෙළුම...
....🎶තනුව...🎶.... හතලිස්වන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් එක්වන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් දෙවන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් තුන්වන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් හතරවන වෙළුම...
තනුව හතලිස් පහ හා හතලිස් හයවනවෙලුම්
....🎶තනුව🎶.... හතලිස් හත්වන වෙළුම...
තනුව හතලිස් අට හා හතලිස් නමවන වෙළුම්
.....🎶තනුව🎶.... පනස්වන වෙළුම....
....🎶තනුව..🎶.... පනස් එක්වන වෙළුම...
....🎶තනුව🎶.... පනස් දෙවන වෙළුම....
....🎶තනුව🎶... පනස් තුන්වන වෙළුම...
....🎶තනුව🎶..... පනස් හතරවන වෙළුම...
....🎶තනුව🎶.... පනස් පස්වන වෙළුම...
....🎶තනුව🎶..... පනස් හයවන වෙළුම
....🎶තනුව🎶.... පනස් හත්වන වෙළුම...
....🎶තනුව🎶.... පනස් අටවන වෙළුම...
තනුව පනස් නමවන හා හැටවන වෙලුම්
.....🎶තනුව🎶..... හැට එක්වන වෙළුම....
....🎶තනුව🎶..... හැට දෙවන වෙළුම...

....තනුව.... හැට තුන්වන වෙළුම

1.3K 101 79
Kevinprabhashwara tarafından

                   
                  ( අවසන් වෙළුම)

ඩොක්ටර් ආව විදිහට අපි ටිකක් කලබල වුනා.

"ඔයාලට කියන්ම දෙයක් තියනවා.අර ගෙනාව කෙනාට සිහිය ආවා."

"ටකේශට සිහිය ආවද?" රශ්මින අයියා ඇහුවා.

"ඔව්"

"මොකඩ්ජ එයාගෙ තත්වෙ?"

"එයාර් බෑග් එක පිම්බුන නිසා ලොකු හානියක් වෙලා නෑ. පොඩි තුවාල කීපයක් විතරයි තියෙන්නෙ"

"එහෙනම් ගොඩක් හොඳයි." ආපහු ආව ඉන්ස්පෙක්ටර් කිව්වා.දැන් හුඟක් රෑ වෙලා ඔයා ගෙදර යන්න.මෙතන ඉඳන් වැඩ මන් බලාගන්නම්."

"ඕනෙ නෑ සර්.මට ටකේශා අක්කාව බලන්න ඕනෙ.මාත් එක්ක තිබ්බ තරහට ඇක්සිඩන්ට් කලාට තනුිර අයියට තමයි ලොකුම ප්‍රශ්නෙ වුනේ.එයාට කරපු දේට නම් මන් එයාට දෙකක් කියන්නම  ඕනෙ." මම කිව්වෙ තරහෙන්.

"දැන් ඒකට වෙලාව නෙවෙයි.ඊට කලින් අපිට විසඳගන්න ප්‍රශ්න කීපයක්ම තියන්වා." ඉන්ස්පෙක්ටර් කිව්වෙ මන් දිහා බලමින්. "අපි එයාගෙන් ප්‍රශ්න කරන්න ඕනෙ. අනික අපි දයාරත්න අල්ලගන්නත් ඕනෙ.ඒවා ඉවරවුනාට පස්සෙ අපිට පුළුවන් ඕන දෙයක් කරන්න."

අකමැත්තෙන් වුනත් මම ඒකට එකඟ වුනා.මම ගෙදර ගියෙ තනුර අයියව බලන්න විනාඩි කීපයකට නතර වෙලා.එ එක්කම ඩොක්ට මට කිව්වෙ තනුර අයියට ඉක්මනින්ම සිහිය එයි කියලා.ඒ සතුටත් අරගෙන රශ්මින අයියත් එක්කම මන් ගෙදර ගියෙ දයාරත්න අන්කල් අල්ලගන්න පුළුවන් වෙයිද නැද්ද කියලා කල්පනා කරමින්.

තනුර අයියගෙ තාත්තා රශ්මින අයියව පිලිගත්තෙ ලොකු කැමැත්තකින්.කලින් එයා නිසා මොනව සිද්දවුනත් අන්තිමට තනුර අයිය්ව බේරගන්න රශ්මින අයියා ඉදිරිපත් වුන එක ගැන එයා සතුටුවුනා.

මම ඇඳට බරවුනේ ලොකු සැහැල්ලුවකින්.හිතේ තිබුන එක බරක් නිදහස් වුන එක මට මාර සහනයක් වුනා.දයාරත්න අන්කල්වත් අල්ලගත්තට පස්සෙ අපෙ ජීවිතේ හැමදේම හරියාවි කියලා මට හිතුනා.තනුර අයියත් මේ වෙලාවෙ හිටියනම් මොනවගේ දෙයක් වෙයිද කියලත් මට හිතුනා.ඒත් අම්මගෙ මරණයත් තමන් විශ්වාස කරපු හොඳම යාළුවගෙ ද්‍රෝහිකමත් එයාට ලොකුවට බලපෑම් කරන්න ඉඩ තිබුනා.මං මේ කල්පනා ලෝකෙ ගිලිලා ඉන්නකොට රශ්මින අයියා මගෙ කල්පනාවට බාධා කලා.

"මොකද ඔය කරන්නෙ?"  මම ඇහුවෙ කොට්ටෙයි ශීට් එකයි අරන් බිම බලාගෙන හැරුන රශ්මින අයියගෙන්.

"බිම නිදාගන්න හදන්නෙ"

"ඒ මොකටද මේ ඇඳේ ඉඩ තියෙන්නෙ"

"මට ඒකට හිත දෙන් නෑ මල්ලි." රශ්මින අයියා කිව්වෙ අහිංසක හිනාවක් දාමින්.

"විකාර. මාත් එක්ක නිදාගෙන නෑ වගේනෙ.මේන් මෙහෙට්ට එනවා." මන් රශ්මින අයියට කිව්වා.

"ඒ කාලෙ වෙනස් දැන් වෙනස් මල්ලි."

"ඒත් අපි වෙනස් වෙලා නෑනෙ අයියා. මෙතනින් හාන්සි වෙන්න. " මාඅ කිව්වම රශ්මින අයියා ඇවිත් ඇඳෙන් හාන්සි වුනා.

"සෑහෙන කාලෙකින් මෙහෙම කතා කරන්න ලැබුනෙ" මම කිව්වෙ සිවිලිම දිහා බලමින්.

"ඔව්. සෑහෙන කාලෙකින්. හොඳට හිටපු අපිට මොනවද මේ වුනේ මල්ලි?"

"දැන් ඒවා වෙලා ඉවරයි අයියෙ.ජීවිතේ ඉස්සරහ ගැන තමයි හිතන්න ඕනෙ.කාලෙ ගතවුනේ පුදුමාකාර වේගෙකින්.අවුරුද්දක් ඇතුලත අපේ ජීවිත පුදුමාකාර විදිහට වෙනස් වුනා." මම කිව්වා.

"ඔව් හැමදේම අවුල් වුනා.මටනම් පිස්සු හැදුනද මන්දා. හොඳට හිටපු උඹවත් අමතක කරලා කොහෙන්ද ආව එකෙක්ව ලොකු කර ගත්තා.උඹට දුන්න දුකට මට සමාවෙයන් මල්ලි." රශ්මින අයියා කියාගෙන ගියා.

"මං ඒ හැමදේම අමතක කලේ තනුර අයියව හම්බුන දවසෙමයි. දවසක එයාටත් මාව එපා වුනොත් මම එයාගෙනුත් ඈත් වෙනවා අයියෙ. ඊට පස්සෙ මගෙ ජීවිතේ තවත් ආදරයක් තියන එකක් නෑ." මම කිව්වා.

"එහෙම වෙන්නෙ නෑ මල්ලි. උඹෙ ආදරේ අවංකයි අනික තනුරත් උඹට පන ඇරලා ඉන්නෙ.උඹලා දෙන්න හැමදාම එකට සතුටින් ඉඳීවි."

"හ්ම්ම්."මම කිව්වා." දැන් ඔයා මොකද්ද කරන්න ඉන්නෙ?"

"මන් අතින් ගොඩක් වැරදි වුනා මල්ලි.අනික මන් නිරාශ්ට ආදරේ කලේ බොරුවට නෙවෙයි.එයාව අමතක කරලා දාන්න හිතුවත් ඒක මට කරගන්න බැරිවෙයි.එයා මට ආපහු කැමති වෙන එක්කුත් නෑ."

"එතකොට ඔයා මොකද්ද කරන්න හදන්නෙ?" මම ඇහුවා.

"මන් හිතන් ඉන්නෙ මහණ වෙන්න.මගෙ ජීවිතේ හැම වරදක්ම මට හදාගන්න ඕනෙ.ඒකට තියන හොඳම මාර්ගය ඒක තමයි මල්ලි."

"ඔයාට ඒක කරන්න පුළුවන් වෙන්න කියලා මන් ප්‍රාර්ථනය කරනවා අයියෙ." මම කිව්වා.

එදා රෑ අපි නින්දට ගියෙ සෑහෙන වෙලාවක් කතා කරකර ඉඳලා.කාලෙකට පස්සෙ මට හොඳට නින්ද ගියෙ හිතේ තිබුන ලොකු බරක් නිදහස් වෙලා තිබුන නිසා මං හොඳට නිදාගත්තා.
................................................................
පහුවදා මන් උදේ ඇහැරියෙත් ෆෝන් එක තුන්වෙනි පාරටත් මරහඬ දෙද්දි.

"හෙලෝ" මම නිදිමතේම කෙඳිරි ගෑවා

" පුතා ඔයාට කියන්න සුභ ආරංචියක් තියනවා.පුළුවන් තරම් ඉක්මනින් පොලීසියට එන්න." ඉන්ස්පෙක්ටර්ගෙ කටහඬ ඇහෙනකොට මගෙ නිදිමත හේදිලා ගියා.මම රශ්මින අයියවත් ඇහැරගවගෙන පොලීසියට දිව්වා.

"මොකද්ද සර් වුනේ? මොකද්ද කියන්න තියෙන්නෙ?" මම ඇහුවා.

"දයාරත්න පොලීසියට බාර වෙලා."

"ඒ කොහොමද?" මම ඇහුවෙ පුදුමයෙනුත් පුදුමයට පත්වෙමින්.

"ටකේශගෙ ඇක්සිඩන්ට් එක වුනා කියලා නිව්ස් වල ගියානෙ ඒකෙන් පස්සෙ මිනිහා බයවෙන්න ඇති.ඔයාලට හම්බෙන්න ඕනෙද?"

"ඔව්" මම කිව්වෙ කලබල වෙමින්.

"එන්න." ඉන්ස්පෙක්ටර් මාව එක්කගෙන ගියා.මට කියන්න තිබුනෙ වාක්‍ය තුනක් විතරයි.මම ඒක කියලා එලියට ආවා.මගෙ හිතේ තිබුන හැම හැඟිමක්ම මන් පිටකලා.මගෙ කතාව දයාරත්න අන්කල්ගෙ හිතේ ලොකු පසුතැවීමක් ඇතිකරන්න සමත් වෙන්න ඇති. තවත් සතියක් ගතවුනා.තනුර අයියට තාමත් සිහිය ඇවිත් නෑ. ටකේශා අක්කත් ලොකු කාලයකට හිරේට නියම වුනා.අපෙ පොරොන්දුව විදිහට අපි නිරාශ් අයියගෙ දඬුවම අඩු කරගන්න සමත් වුනා.ජගත් අන්කල් හිරෙන් නිදහස් වුනා.මම එක්ක තියන හැම සම්භන්ධයක්ම අතාරින්න එයාලා එකඟ වුනේ අකමැත්තෙන්. ඒත් මගෙ දැඩි පෙරැත්ත කිරීම මත එයාලා මගෙ ජීවිතයෙම් ඈත් වෙන්න තීරණය කලා.කොහොම වුනත් මම එයාලා ගැන දුරින් ඉඳන් බලනවා කියලා හිතාගත්තා.අපෙ ජීවිත වල තිබුන ලොකු ප්‍රශ්න ගොඩක් ඒ විදිහට ඉවර වෙලා ගියා.තනුර අයියට සිහිය ආවනම් මගෙ හැම ප්‍රශ්නයක්ම විසඳෙනවා.මේ කාලෙ ඇතුලත රශ්මින අයියගෙත් මගෙත් යාළුකම ගොඩක් වර්ධනය වුනා.එයාගෙ මහණ වීමේ අදහස දිගටම තිබුනා.ඒක හොඳ දෙයක් නිසා මන් එයාට බාධා කලේ නෑ.

ටකේශා අක්කා හිරේ ගියාට පස්සෙ සතියකින් මම හොස්පිට්ල් එකට ගියා.තනුර අයියා එක්ක මම සෑහෙන වෙලාවක් කතා කලා. මගෙ එකම පැතුම වුනේ තනිර අයියට සිහිය එන්න කියන එක.මම එතනින් එලියට එන්න හදනකොටම තනුර අයියා කෙඳිරි ගාන සද්දෙ මට ඇහුනෙ හීනෙන් වගේ.

"අභී..." තනුර අයියගෙ කටහඬ මට ඇහුනා.

මම තනුර අයියා ගාවට දිව්වෙ ලොකු හදිසියකින්.

"අයියෙ.. ඔයාට සිහිය ආවද මගෙ පණ." මම කිව්වා නෙවෙයි කෑගැහුවා.

"අභී.." තනුර අයියට කියවෙන්නෙ එකම වචනය.ඒ කටහඬ මන් මුලින් අහපු එයාගෙ කටහඬට වඩා ගොඩක් වෙනස් බව මට දැනුනා.

"මම ඉන්නවා අයියේ. ඔයාට දැන් හොඳයි නේද? ඔයා ආපහු නැගිටලා." මම කිව්වෙ දරාගන්න බැරි තරම් සතුටකින්.

මම ඉක්මනට ඩොක්ටව එක්කගෙම ආවා.

" තනුරට දැන් හොඳයි. මේ තරම් කාලයක් ගිහින් හරි සිහිය ආව එක ගැන අපි සතුටු වෙන්න ඕනෙ." ඩොක්ට කිවා.

"ඩොක්ටර් එක ප්‍රශ්නයක් තියනවා.එයාට තියන ප්‍රශ්න දැන්ම කියන්න ඕනෙ නෑ නේද?" මම ඇහුවා.

"ඔයා කියන්නෙ එයාගෙ කකුල් වැඩ කරන්නෙ ඇති එකයි. කටහඬයි ගැනද?"

"ඔව් ඩොක්ටර්"

"ඒ දේවල් කොහොමත් කියන්න වෙනවනෙ.අපි හෙමින් හෙමින් එයාට ඒදේවල් කියමු."ඩොක්ටර් කිව්වෙ මගෙ උරහිසට තට්ටු කරමින්.

"තනුරට ඒවා පැහැදිලි කරන්න හොඳම කෙනා ඔයා තමයි පුතෙ." මට එහෙම කිව්වෙ මගෙ පිටිපස්සෙන් හිටපු තනුර අයියගෙ තාත්තා.

"මන් හිතන් නෑ මට ඒක කරන්න පුළුවන් වෙයි කියලා." මම කිව්වා.

"නෑ ඔයාට පුළුවන්.දැන්ම නොවුනත් පස්සෙ හරි."
මම එකට එඟ වුනේ වෙනකරන්න දෙයක් නැති නිසා.

මන් කාමරේට ගියා.තනුර අයියට මේ වෙනකොට සම්පූර්ණයෙන්ම සිහිය ඇවිත් එයා මන් දිහා බලලා හිනාවුනේ හරිම ආදරණීය විදිහට.

"අයියේ..." මම කතා කලේ වෙව්ලන කටහඬින්.

"මල්ලි. ඔයා හොඳින් නේද? හැමෝම හොඳින් නේද? ඇක්සිඩන්ට් එකෙන් ඔයාට තුවාල වුනේ නැද්ද?" තනුර අයියා එකදිගටම ඇහුවා.

"කලබල වෙන්න එපා අයියෙ. මගෙ තුවාල දැන් හොඳයි අයියෙ." මම කිව්වා.

"එ කොහොමද? ඇක්සිඩන්ට් වුන ගමන් එහෙම හොඳ වෙනවද?" එයා එහෙම අහනකොට තමයි මට තේරුනේ තනුර අයියා හිතාගෙන ඉන්න විදිහ. එයා තාමත් හිතන් ඉන්නෙ මේ අපි ඇක්සිඩන්ට් වුන දසට පස්සෙ දවස කියලා.

"ඔයා හිතන දේ නෙවෙයි මෙට්ගන වුනේ අයියෙ " මම කිව්වා.

"එහෙනම්?"

"ඔයා දන්නවද අද කවද්ද කියලා." මම ඇහුවා.

"අපි හැප්පුනේ උපන්දිනේ දවසනෙ ඒ කියන්නෙ අද 30 වෙනිදා."

"නැ අයියෙ. අද 30 නෙවෙයි.ඇක්සිඩන්ට් එක වුනේ මාසෙකට කලින්." මම කිව්වෙ පුංචි හිනාවක් රඳවගෙන.

"ඒ කොහොමද?"

"හා හා ඒවා පස්සෙ කියන්නම් ඔයා හිටියෙ සිහිය නැතිව." මම කිව්වා.

"එතකොට මන් මාසයක් සිහිය නැතිවද හිටියෙ? අපි එදා ගෙදරින් ආවනෙ. ඔයා තනියමද හිටියෙ මල්ලි.අම්මා එහෙම කොහොමද?" තනුර අයියා ඇහුවම මන් අසරණ වුනා.

"ආ.. මේ ඔයාට කොහොමද දැන්?" මම ඇහුවෙ මේ වෙලාවෙ අම්මා ගැන කියන එක හොඳ නැති නිසා.

"දැන් හොඳයි වගේ මල්ලියා.ඔළුව තමයි ටිකක් රිදෙන්නෙ.මට කකුල් හොලවන්නවත් බෑනෙ.උගුරත් ටිකක් අවුල් වෙලා වගේ." තනුර අයියා කිව්වා.

"මන් ඔයාට බඩ්ඩක් කියන්නද අයියෙ? හැබැයි කලබල වෙන්න එපා." මම ඇහුවා.

"කියන්න මල්ලි. ඔයාට ඕන දෙයක් කියන්න."තනුර අයියා කිව්වෙ එයාගෙ අත මන් දිහාට දික් කරමින්.

මන් තනුර අයියගෙ අතින් අල්ලගත්තා.මම එයාට හැමදේම කියන්න ගත්ත.ඒ එයා ගැන විතරයි.එයා සිහිය නැතිව හිටපු කාලෙ කිසිම දෙයක් මන් එයාට කිව්වෙ නෑ.එයාට ආය ඇවිදින්න කාලයක් යන බවත් සින්දු කියන්ම බැරිවෙයි කියලත් කිව්වම තනුර අයියා හුඟක් දුක් වුනා.එයාගෙ ඇස් වලින් කඳුළු බේරෙනකොට මට ලොකු වේදනාවක් දැනුනා.

"අනේ අයියෙ අඬන්න එපා." මම කිව්වා.

"මාව අතෑරපන් මල්ලි. උඹ වෙන හොඳ කෙනෙක් හොයාගන්න ඕනෙ" තනුර අයියා කිව්වා.

"මොනවද මේ කියවන්නෙ?"

"ඔයාව බලාගන්න මන් පොරොන්දු වුනා මල්ලි.ඔයයි මායි අම්මයි තනියම ජීවිතේ ගතකරන්න ලෑස්ති වුනේ.ඒත් මට ඒ දේ දැන් කරන්න බෑ. ඒ නිසා මගෙන් ඈත් වෙයන්" තනුර අයියා කිව්වා.

"තමුසෙට නම් පිස්සු." මම කිව්වෙ තරහෙන්.
"මන් වෙනුවෙන් තමන්ගෙ හැමදේම අතෑරලා ආව කෙනාව මෙ විදිහට අසරණ කරලා යන්න තරම් මන් නරක නෑ අයියෙ.ඔයා මොනව වුනත් මන් ආදරේ කරන කෙනාමයි." මන් කිව්වෙ එයාගෙ පපුව උඩ ඔළුව තියාගන්න ගමන්. තනුර අයියගෙ මූණට පුංචි හිනාවක් ආවා. එයා මාව අත් දෙකෙන් පපුවට තද කරගත්තා.සති ගානකට පස්සෙ හරි ඒ පපුවෙ උණුහුම ලබන්න.ඒ ආදරේ ලබන්න. එයාගෙ හදවත ගැහෙන රිද්මය අහන්න මන් වාසනාවන්ත වුනා.

( දින තුනකට පසු)

අපි තනුර අයියව එක්කගෙන ගෙදර ගියෙ දවස් තුනකට පස්සෙ.කලින් කියපු විදිහටම අපි නුවරඑළියේ ගෙදරට අඩියක්වත් තිබ්බෙ නෑ.ගෙදර යන්න කලින් මම් තනුර අයියට හැමදේම කිව්වා.ටකේශා අක්කා ගැන.අපේ නැතිවුන අම්මා ගැන.හැමදේම වගේ කිව්වා. තනුර අයියට ලොකු දුකක් දැනෙන්න ඇති එත් එයා ඒ හැමදේම දරාගත්තා.එයා මාත් එක්ක හිනාවුනේ අඬන්න බැරිකමට කියලා මන් දැනගෙන හිටියා. අපි ගියෙ මහනුවර තිබුන අපේ ගෙදරට අපි එකතු වුනේ හරිම ආදරයෙන්.තනුර අයියගෙ අම්මත් තාත්තත් ඒවෙලාවෙ ඇවිත් හිටියා.

තනුර අයියා අම්මටවත් තාත්තටවත් මූණ දුන්නෙ නෑ.

"අයියේ... " මන් කිව්වා." ඔයාගෙ තාත්තා තමයි මට හැමදේකටම උදව් කලේ. එයා එක්ක තරහා වෙන්න එපා අයියෙ." මම කිව්වා.
තනුර අයියගෙ තාත්තා තනුර අයියගෙ ඔළුව අතගෑවෙ ලොකු ආදරයකින්.රෝද පුටුවෙ හිටපු තනුර අයියා තාත්තව වැලඳගත්තෙ හරියට පොඩි ලමයෙක් වගේ.

තනුර අයියගෙ අම්මා එතනට ආවෙ හෙමින් හෙමින්.
"පුතේ... මට සමාවෙන්න." එයා එහෙම කිව්වෙ තනුර අයියා ඉස්සරහ ඉඳගෙන.එයාගෙ ඇස් වල තිබුනෙ ලොකු පසුතැවීමක්.

"පුතේ මන් කරන්න ගියෙ ලොකු වරදක්.ටකේශට ඔයාව දුන්නනම් මන් මුළු ජීවිතේ පුරාවටම පසුතැවෙයි.එදා මන් කරපු දේට අදටත් මන් පසුතැවෙනවා.ඔයා කලේ හරි දේ.මට සමාවෙන්න පුතේ ඔයාගෙ ජීවිතේට මේ තරම් බලපෑම් කරාට මට සමාවෙන්න." අම්මා එහෙම කියලා මගෙ දිහාට හැරුනා.

"මට සමාවෙන්න පුතේ.ඔයාට මන්  කරන්න ගියෙ ලොකු අසාධාරණයක්.තනුරට කවදාකවත් ඔයා තරම් හොඳට ආදරේ කරන කෙනෙක් ලැබෙන්නෙ නෑ.ඔයා තනුරට මේ දේ කරපු කෙනා හොයාගන්න කොච්චර මහන්සි වුනාද කියලා මන් දැක්කා."

"සමාව ඉල්ලන්න ඕනෙ නෑ ඇන්ටි.ඔයා කලේ හැම අම්මම කරන දේ." මම කිව්වා.

"ඇන්ටි නෙවෙයි.ඔයා මගෙ පුතා වගේ.මට අම්මා කියන්න බැරිද?"

"හරිම සතුටින් කරන්න අම්මෙ." එහෙම කියපු මම එයාව වැළඳගත්තා.

හැම බාධකයක්ම බිඳගෙන ආව අපේ අදරේට ඒ විදිහට හැමෝගෙම ආදරේ ලැබුනා.මටත් ආපහු රැකියාව ලැබුනා.තනුර අයියත් මාත් ඒ ගෙදර තනිවුනා.සතියකට සැරයක් අම්මයි තාත්තයි අපිව බලන්න ආවා.මම නැති වෙලාවට තනුර අයියව බලාගන්න රශ්මින අයියා පොරොන්දු වුනා.එයාගෙ අරමුණට යන්න ඒක බාධාවක් වෙයි කියලා හිතුන නිසා මන් ඒකට එපා කිවත් තනුර අයියා කකුල් දෙකෙන් ආපහු හිටගන්නකම් එයා ඒ දේ නොකරන බව මට කිව්ව නිසා මන් ඒකට ඉඩ දුන්නා.

කාලය වේගෙන් ගලාගෙන ගියා.තවත් මාස හයක් ගෙවුනෙ අපිටවත් නොදැනී.මගෙ හිතේ දුකකට තිබුනෙ තනුර අයියට සින්දු කියන්න බැරි එක විතරයි.එයා රෝද පුටුවෙ ජීවිතේට දැන් හුරුවෙලා නිසා ඒක මට ඒ තරම් දැනුනෙ නෑ.
එක නිවාඩු දවසක මන් කාමරේට ආවෙ පරණ පොතක් හොයාගන්න. ඒ එක්කම මන් දැක්කෙ කාමරේ මුල්ල්ක මාස හයකින් පාවිච්චි නොකරප් තනුර අයියගෙ ගිටාර් එක.මන් ඒක අතට ගත්තෙ පරණ මතක සිහි කරමින්.

තනුර අයියා ඒක ගගහ සින්දු කියපු හැටි.මට ඒක පුරුදු කරපු හැටි.මට සින්දු කියන්ම බෑ කිව්වම හිනා වුන හැටි.ඒ හැමදේම මතක් වුනා.මම ඒක පිහිදලා අතට ගත්තෙ තාමත් ඒක මට වාදනය කරන්න පුලුවන්ද බලන්න.ඒක ගහගෙන යනකොට මගෙ කටින් පද පේලියක් පිටවුනේ ඉබේටම වගේ.තනුර අයියා මගෙන් ඈත් වුන කාලෙ මගෙ හිතට දැනුන දේවල් මන් සින්දුවකට පෙරළුවෙ මටවත් නොදැනී..

🎶හදවතෙ නුඹ වෙනුවෙන් තැනු ඉඩකඩ,
අන් කෙනෙකුන් වෙත දොය නොහැකී.
නුඹ නොමැතිව ගැහෙනා හදගැස්මත්,
මාගෙන් දුරස්ව යයි නොරැඳී.

නුඹ මා ළඟමයි,මා නුඹ ළඟමයි.
අප හදවත් ඇත දුරින් රැඳී.
නමුදු නුඹ ළඟින් රැඳෙන්න ඉඩ දෙනු.
සිහිනෙන් හෝ පෙර ලංවූ සේ..

ඔබ මාගේමයි.....සිතමි මං....
සිතනට ඉඩ දෙනු එලෙසින්...
ඔබ මාගේමයි ....සිතමී මං ..
ළංවෙමි ඔබ හට සිහිනෙන්...

ඔබගෙ හිතේ යම් කෙනෙකුන් වේනම්..
නොදොඩා ඉනු මැන තේරුම් ගන්නම්
ඔබගෙ හිතේ යම් කෙනෙකුන් වේනම්..
නොදොඩා ඉනු මැන තේරුම් ගන්නම්
එය ඇසු විගසින් මා මෙහි මියැදෙයි.
සිතනට ඉඩ දෙනු නුඹ මාගේ යැයි.

නුඹ මා එකතුව ගතකල මොහොතක්...
නුඹ මා එකතුව ගතකල මොහොතක, සුවඳ විඳින්නට ඉඩදෙනු දැන්

ඔබ මාගේමයි.....සිතමි මං....
සිතනට ඉඩ දෙනු එලෙසින්...

හිරුගේ පහසින් අපගේ සෙවනැලි,
පිටවන්නට නුඹ හා එක්වී දැන්
හිරුගේ පහසින් අපගේ සෙවනැලි,
පිටවන්නට නුඹ හා එක්වී දැන්
රාත්‍රී අඳුරින් පිටව නොයනු මැන
එක්වූ සෙවනැලි යලි වෙන්වී..

සියළු සතුට ඔබ වෙතටම ඇදගනු..
සියළු සතුට ඔබ වෙතටම ඇදගනු
දුක්ගිනි සියල්ල මා වෙත දී..

ඔබ මාගේමයි.....සිතමි මං....
සිතනට ඉඩ දෙනු එලෙසින්...🎶

(පද ගැලපුම:- Aarman malik ගේ Veham ගීතය ඇසුරිනි.)

මම ඒක කිව්වෙ ඇස් දෙකත් වහගෙන.මං ඇස් ඇරලා බලනකොට මගෙ ඉස්සරහ හිටියෙ තනුර අයියා.ඇස් දෙක වගේම කටත් ලොකුවට ඇරගෙන එයා මන් දිහා බලන් හිටියා.

"මොකෝ? බඩගිනිද?" මන් ඇහුවෙ ගිටාර් එක පැත්තකින් තියා ගමන්.

"ඒ සින්දුව කිව්වෙ ඔයාමද මල්ලි?"

"මොන සින්දුවද? මන් කටට ආපු එකක් කියලා දැම්මෙ"

"ඒක මන් කලින් අහලා නෑනෙ.ඔයාද ලිව්වෙ?"

"මම ලියපු එකක් නෑ අනේ. අනික මට සින්දු කියන්න බෑ කියලා ඔයා දන්නවනෙ"

රශ්මින අයියා ඒ වෙලාවෙ රෙකොඩ් එකක් ප්ලේ කලා.මාත් පුදුම වුනේ ඒ සින්දුව මගේම කටහඬින් ගැයෙනකොට.

"මල්ලි ඔයාට සින්දු කියන්න පුලුවන්" රශ්මින අයියා කිව්වෙ හිනාවෙමින්.

මමත් ගොඩක් පුදුම වුනා.කවදාවත් තාලෙට අප්පුඩියක් ගහගන්නවත් බැරිව හිටපු මම සින්දු කියන්නත් දන්නවා දැන්.මට ලොකු සතුටක් දැනුනා.අපෙ ජීවිත වලට ආපහු සතුට ගලාගෙන එන්න පටන් අරන්.මේකෙන් මටත් වඩා සතුටු වුනේ රශ්මින අයියා.එයාගෙ හීනය මන් හරහා ආපහු හැබෑකරන බව එයා මට කිව්වෙ ලොකු සතුටකින්

...............( වසර 4කට පසු).................

අවුරුදු 4ක් ගතවුනා.ඒ අවුරුදු 4 තුල අපි ජීවත් වුනේ ගොඩක් සතුටින්.මම මගෙ උපාධියත් අවසන් කලා.අපේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න අපි සමත් වුනා.ඒ වගේම විශේෂම දේ මං දැන් ඉන්නෙ තනුර අයියා හිටපු තත්වයේ.මන් දැන් රටම දන්න ප්‍රසිද්ධ ගායකයෙක්.මේ හැමදේම පිටිපස්සෙන් හිටියෙ මගෙ තනුර අයියා.අපි ජීවත් වුනේ ලොකු සතුටකින්.අපිට කිසිම දෙයක අඩුපාඩුවක් තිබුනෙ නෑ.හැමදේම උපයාගත්තෙ අපේම මහන්සියෙන්.අවුරුදු 4කට කලින් හැමදේම අහිමි වුන අපි හැමදේම වගේ ආපහු ගොඩනගාගත්තා. අවුරුදු 29 වුන තනුර අයියට තාමත් ඇවිදින්න බෑ.ජීවිතේ අපිටනොලැබුන එකම වාසනාව ඒක විතරයි.මන් ඒකට නොකල උත්සාහයක් නෑ.නොකල දෙයක් නෑ. නොකල ප්‍රාර්ථනයක් නැති තරම්.අන්තිමට මට ඉතුරු වුනේ එයාට හොඳවෙයි කියන බලාපොරොත්තුවක් විතරයි.

එක දවසක වැඩ ඉවරවෙලා මන් ගෙදර ආවෙ ලොකු මහන්සියකින්. ගෙදර එනකොට මම දැකපු දෙයින් මගෙ මහන්සිය ගියෙ කොහෙන්ද කියලවත් මට තේරුනේ නෑ.රශ්මින අයියත් හදිසි වැඩකට ගෙදර යනවා කියපු නිසා එදා තනුර අයියා හිටියෙ තනියම. මන් කාමරේට ගියෙ තනුර අයියා බලන්න.ඒත් එයා කාමරේ හිටියෙ නෑ.රෝද පුටුවත් කාමරේ තිබුනෙ ඒ නිසා එයාට කොහෙවත් යන්න විදිහක් නෑ.

මන් මුළු ගේම තනුර අයියව හෙව්වා.ආපහු කාමරේට ආවෙ ගොඩක් බයවෙලා.අවුරුදු 4ක් ප්‍රශ්න නැතුව ගෙවුන ජිවිතේට ආපහු ප්‍රශ්නයක් ඇවිල්ලද කියලා මට හිතුනා.

"අයියේ...." මන් කතා කලේ හැඬුම් ස්වරයකින්.මං හිටියෙ ගොඩක් බයවෙලා.

"ඔයා කොහෙද ඉන්නේ? අනේ ඉන්න තැනකින් කතා කරන්නකො." මන් කෑ ගැහුවා.

"මොකද මනුස්සයො බෙරිහන් දෙන්නෙ? දත් ටිකවත් මැදගන්න දෙනවකො කෑවට පස්සෙ" තනුර අයියගෙ කටහඬ ඇහුනෙ වොශෲම් එකෙන්.

"ඔයා වොශෲම් එකේද? කොහොමද ඕකට ගියෙ රෝද පුටුව මෙහෙනෙ?"

තනුර අයියා වොශ් රූම් එකෙන් එලියට ආවෙ බ්‍රශ් එකත් කටේ ගහන් හිනාවෙවී.මම දකපු දෙයින් මගෙ හිතට දැනුනෙ ලොකු සතුටක්.තනුර අයියා හිටගෙන ඉන්නවා.ඇවිදිනවා.මට මුළු ගේම කඩන් වැටෙන තරම් හයියෙන් කෑගහන්න තරම් සතුටක් දැනුනා.

"අයියේ... මේක කොහොමද වුනේ? " මම ඇහුවෙ එයා ගාවට දුවන ගමන්.මම එයාගෙ පපුවට තුරුළු වුනා.

"මට ඇවිදින්න විතරයි බැරිවුනේ මැට්ටො.කකුල් නැතිවුනේ නෑ."

"ඔයා කොහොමද නැගිට්ටෙ?"

"මට පුටුවෙම ඉඳලා එපා වුනා.මන් ඇඳට නගින්න හදනකොට තමයි තේරුනෙ කකුල දැනෙනවා කියලා වෙනදට වඩා.ඉතින් මන් ඇවිදින්න ට්‍රයි කලා.දැන් ඇවිදින්න පුළුවන්."

"කොහොම හරි මගේ ප්‍රාර්ථනය ඉටු වුනා.ඔයා ආපහු නැගිට්ටා.මටනම් දැනෙන්නෙ මුළු ලෝකෙම මට ලැබුනා වගේ." මම කිව්වෙ තවත් එයාට තුරූළු වෙමින්.

අපෙ ජීවිත වල තිබුන අන්තිම ප්‍රශ්නයත් ඒ විදිහට විසඳුනා. මේ ආරංචිය මන් හැමෝටම කිව්වෙ ලොකු සතුටකින්. ටික දවසකට පස්සෙ රශ්මින අයියත් තමන්ගෙ අරමුණ ඉටු කරගන්න එයාගෙ මාර්ගයේ ගමන් කරන්න ගත්තා.මගෙ ජීවිතේ මට හිටපු හොඳම යාළුවා වෙච්ච චාරු ආපහු මාත් එක්ක යාළු වෙයි කියලා මන් තාමත් මග බලන් ඉන්නවා.ඒකත් කවදමහරි ඉටුවුන දවසට මගෙ ජීවිතේ අංගසම්පූර්ණයි.

මන් හිතන්නෙ මගෙ අම්මත් අයියත් අපි දිහා බලලා සතුටු වෙනවා ඇති.එයාගෙ ලොකට් එක තාමත් මගෙ බෙල්ලෙ එල්ලෙමින් තියෙනවා.ජීවිතේ හැම සතුටක්ම දුකක්ම මන් තාමත් මගෙ අයියා එක්ක බෙදාගන්නවා. ආ තව එක ඩ්ගෙයක් කියන්න අමතක වුනාඅපේ පුංචි පොඩි එකා තිමිරවත් අපි අපෙේ ගෙදරට ගෙන්නගත්තෙ තනුර අයියගෙි අම්මර්‍ගෙයි තාත්තගෙයි භාරකාරිත්වය යටතේ.පොඩි එකා ඒ තරම් සතුටු වුන දවසක් මටනම් ආය මතක නෑ

මගෙ ඇත්තම දෙමව්පියනුත් මගෙ හදාගන්න ගත්ත තාත්තත් මගෙ රැකවරණය යටතේ මන් මට පුළුවන් උපරිමයෙන් බලාගන්න උත්සාහ කලා.ඒකට තනුර අයියට් එකතු වුනේ මට ලොකු හයියක් වෙමින්.

හැමදේම ඉවර වෙලා දවස් දෙක තුනකට පස්සෙ තනුර අයියා කාමරේට ආවෙ දොඩම් යුෂ වීදුරුවකුත් අරගෙන.

"කෝ මට?" මන් ඇහුවා.

" දෙන්නටම තමයි"

"එක වීදුරුවක්?" මම කිව්වෙ මූණ ඇඹුල් කරමින්." දෙන්නෙකුට බොන්න ඕක ඇතැයි

"කවුද කිව්වෙ බොන්න ගෙනාව කියලා.

" එහෙනම් කන්නද?" මම ඇහුවෙ හිනාවෙමින්.

"ඔව් කන්න. හැබැයි මේක නෙවෙයි.අවුරුදු 4කින් කන්න බැරිවුන දෙයක්." තනුර අයියා මාව ඇඳේ පෙරලගෙන මගෙ ඇඟ උඩ වාඩි වුනා.

"අදනම් මට ඉන්න වෙන එකක් නෑ." මම කිව්වෙ අහක බලමින්.

"හිටිය කාලෙ මදැයි." තනුර අයියා කිව්වෙ හිනාවෙමින්.

තවත් ටික වෙලාවක් යනකොට මට තනුර අයියගෙ උණුසුම් හුස්ම දැනුනා.කලින් දවසක වගේම දොඩම් යුෂ එක්ක තනුර අයියගෙ සිනිදු තොල්වල
පහස මට විඳින්න ලැබුනා. අපි දෙන්නා අතර එදා වුන දේවල් මන් කියන්න යන්නෙ නෑ.හැමෝම අතර වෙන දෙයක්නේ ඒකත්.😁 හැමෝටම මට වගේ තමන් හොයන ආදරේ ලැබෙන්න ඕනෙ කියලා ප්‍රාර්ථනය කරනවා.ඒත් මගෙ ජීවිතේ තරම් එක ප්‍රශ්නයක්වත් ඔයාලට එන්න එපා.

🎶🎶🎶නුඹ මා එකතුව ගතකල මොහොතක්...
නුඹ මා එකතුව ගතකල මොහොතක, සුවඳ විඳින්නට ඉඩදෙනු දැන්🎶🎶🎶🎶

🎶ඔබ මාගේමයි සිතමී මං.........
සිතනට ඉඩ දෙනු එලෙසින්..........🎶

................~~~~නිමි~~~~.................

තනුව අදින් අවසන් වෙනවා. කතාව ලියන්න අදහස් දුන්න හැමෝටම ගොඩක් ස්තූටියි මෙතන වෙන වෙනමම නම් කියන්න ටිකක් අමාරුයි කොටස් 63 පුරාවට දිවගිය මගෙ පලවෙනි කතාව ගැන ඔයාලගෙ අදහස වචන කීපෙකින් මට කියලා යන්න. කතාව ලියන්න හිතුවට වඩා කාලයක් ගතවුනා. මෙච්චර කාලයක් මාත් එක්ක දිගටම රැඳුනට ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි. හැමෝගෙන්ම ඉල්ලනවා වචන කීපෙකින් ඔයාලගෙ අදහස තියලා යන්න.  ❤️😘

Written by Kevin Prabhashwara  ❤️
Thank you all ❤️

Okumaya devam et

Bunları da Beğeneceksin

744K 94K 59
Black-eyed Susan ဆိုတဲ့ ပန္​းရဲ႕ အဓိပၸါယ္​ကို သိလား စံု​ေထာက္​ႀကီး... Black-eyed Susan ပန္​းဟာ တရားမ်ွတမႈကို ကုိယ္​စားျပဳတယ္​တဲ့.. သူ႔ကို Flower of...
704K 106K 186
Title : Modu/Slient Reading Author: Priest MC: Luo Wenzhou × Feidu myanmar translation Chapters 180+5 extras
1.5K 239 7
"උබ පිරිමියෙක් කියලා හිතන්ටත් අමාරු නෙ බොල! තව්තිසාවෙන් බැහැපු දෙවඟනක් වගේ!" "මෙහෙ වරෙල්ලා! මේකාව පල්ලේ වාහලට එක්කගෙන පලයල්ලා..." මෙහි හොඳක් දැනෙන්න...
26.6K 4.5K 21
ඒක පාර්ශ්වික ආදරයක්තරම් හිත්වේදනා දෙන ආදරයක් තවත් කොයින්ද? අනුක්ෂ... හැමදේම තිබිලා නැතිවුණ කෙනෙක්. සහස්... හැමදේම ලබාගන්න උත්සහකරන කෙනෙක්. අනුක්ෂගෙය...