තනුව

De Kevinprabhashwara

32.5K 5.5K 592

නුඹ හා ගතකල සුන්දර මොහොතක රසය විඳින්නට ඉඩදෙනු දැන්..... Mai multe

....තනුව..... පළමු වෙළුම
....තනුව.... දෙවන වෙළුම....
තනුව... තුන්වන වෙළුම
....තනුව.... සිව්වන වෙළුම...
...තනුව... පස්වන වෙළුම...
......තනුව..... හයවන වෙළුම...
...තනුව... හත්වන වෙළුම....
...තනුව.... අටවන වෙළුම....
....තනුව.... නමවන වෙළුම...
....තනුව.... දසවන වෙළුම....
.....තනුව.... එකොලොස්වන වෙළුම....
...තනුව.... දොලොස්වන වෙළුම....
....තනුව.... දහතුන්වන වෙළුම.....
....තනුව.... දහහතරවන වෙළුම ....
.....තනුව..... පහළොස්වැනි වෙළුම....
.....තනුව..... දාසයවැනි වෙළුම......
....🎶තනුව🎶.... දහහත්වැනි වෙළුම...
...🎶තනුව🎶..... දහඅටවන වෙළුම.....
....තනුව.... දහනමවන වෙළුම.....
....🎶තනුව🎶..... විසිවන වෙළුම....
.....🎶තනුව🎶...... විසි එක්වන වෙළුම....
....🎶තනුව🎶.... විසි දෙවන වෙළුම....
....🎶තනුව🎶.... විසි තුන්වන වෙළුම.....
....🎶තනුව🎶..... විසිහතරවන වෙළුම...
....🎶තනුව🎶.... විසිපස්වන වෙළුම....
....🎶තනුව🎶..... විසි හයවන වෙළුම....
....🎶තනුව🎶..... විසිහත්වන වෙළුම...
....🎶තනුව🎶..... විසි අටවන වෙළුම....
...🎶තනුව🎶..... විසිනමවන වෙළුම...
තනුව තිහ හා තිස් එක්වන වෙළුම්
....🎶තනුව🎶.... තිස් දෙවන වෙළුම...
.....🎶තනුව🎶..... තිස් තුන්වන වෙළුම...
....🎶තනුව🎶.... තිස් හතරවන වෙළුම...
.....🎶තනුව🎶..... තනුව තිස් පස්වන වෙළුම..
....🎶තනුව🎶.... තිස් හයවන වෙළුම...
....🎶තනුව...🎶.... තිස් හත්වන වෙළුම...
....🎶තනුව...🎶.... තිස් අටවන වෙළුම...
....🎶තනුව...🎶.... තිස් නමවන වෙළුම...
....🎶තනුව...🎶.... හතලිස්වන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් එක්වන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් දෙවන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් තුන්වන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් හතරවන වෙළුම...
තනුව හතලිස් පහ හා හතලිස් හයවනවෙලුම්
....🎶තනුව🎶.... හතලිස් හත්වන වෙළුම...
තනුව හතලිස් අට හා හතලිස් නමවන වෙළුම්
.....🎶තනුව🎶.... පනස්වන වෙළුම....
....🎶තනුව..🎶.... පනස් එක්වන වෙළුම...
....🎶තනුව🎶.... පනස් දෙවන වෙළුම....
....🎶තනුව🎶... පනස් තුන්වන වෙළුම...
....🎶තනුව🎶..... පනස් හතරවන වෙළුම...
....🎶තනුව🎶.... පනස් පස්වන වෙළුම...
....🎶තනුව🎶..... පනස් හයවන වෙළුම
....🎶තනුව🎶.... පනස් හත්වන වෙළුම...
....🎶තනුව🎶.... පනස් අටවන වෙළුම...
තනුව පනස් නමවන හා හැටවන වෙලුම්
....🎶තනුව🎶..... හැට දෙවන වෙළුම...
....තනුව.... හැට තුන්වන වෙළුම

.....🎶තනුව🎶..... හැට එක්වන වෙළුම....

313 52 2
De Kevinprabhashwara

                 .
            ( අවසන් තුන්වන වෙළුම)

තනුරගෙ කාමරේට ආව ඒ කෙනා තමන් අතේ තිබුන විශ පිරුණු සිරිංජය කෙලින්ම සේලයින් බෝතලයට එල්ල කලා.තනුරගෙ ජීවිතේට තිබුන ප්‍රශ්න වැඩිකරන්න එයාට තව තිබුනෙ පියවර කීපයක් විතරයි.

"ඔයා කවුද?"තනුරගෙ වාසනාවට වගේ ඒ කාමරේට ආව නර්ස් ඇහුවා.
අමුත්තගෙන් පිලිතුරක් නෑ. නිහඬවම තමන්ගෙ අතේ තිබුන විෂ සේලයින් බෝතලයට වේගෙන් එකතු කලේ හිනාවක් එක්කමයි

"මොනවද ඔය කරන්නෙ අහකට වෙන්න." නර්ස් එතන හිටපු කෙනාව  එහාට තල්ලු කලා.නර්ස් අතේ තිබුන බෙහෙත් තිබුන තැටිය ඇදලා ගත්ත අමුත්තා වේගෙන් නර්ස්ට පහර දීලා කාමරෙන් පැනගත්තා. කෑ ගැහිල්ලක් එක්ක බිම ඇද වැටුනත් තනුරට දීලා තිබුන සේලයින් එකේ බටය ඉක්මනින් ගලවන්න නර්ස්ට හැකියාව ලැබුනා.හොස්පිට්ල් එකේ කාර්‍යමණ්ඩලයට ඉක්මනින්ම දැනුවත් වුනත් ආව කෙනා ඒ වෙනකොටත් අතුරුදන්.
................................................................
(අභිමාන්)
හොස්පිට්ල් එකේ වුන දේ අපිට ආරංචි වෙන්න ඒ තරම් වෙලාවක් ගත වුනේ නෑ.තනුර අයියගෙ තාත්‍තත් මාත් පොලිසියෙනුත් එතනට ගියේ ඉක්මනින්.

"මොකද්ද මෙතන වුනේ?" පොලිසියෙන් ඇහුවෙ  එතන හිටපු නර්ස්ගෙන්.

"මන් කාමරේට ආවෙ තනුරට දෙන්න තිබුනු ඉන්ජෙක්ෂන් එක දෙන්න.ඒ වෙලාවෙ කවුරු හරි කෙනෙක් ඇතුලෙ හිටියා."

"කොයි වෙලාවෙද?"

"ලෙඩ්ඩු බලන්න එන වෙලාවෙ තමයි"

"එයා මොනවද කලේ."

නර්ස් ඒ වෙලාවෙ සිද්ද වුන හැමදේම කිව්වා.මං දැක්කෙ ඒ නර්ස් ගොඩක් බයවෙලා හිටපු බව.

"ඒ කියන්නෙ මොනව හරි සේලයින් එකට එකතු කරන්න හැදුවා කියලද? ඔයා වෙන මොනවහරි දැක්කද එයාව අඳුරගන්න පුළුවන් දෙයක්.?" ආයෙත් පොලිසියෙන් ඇහුවා.

"ඔව් මම එහෙම දෙයක් දැක්කා."

"ඒ මොකද්ද?"

"එයා කොරගහන ගතියක් තිබුනා.එක කකුලක් අනිත් එකට වඩා බරට තියනවා මන් දැක්කා.ඒත් ඒක මන් දැක්ක විදිහද කියලා මන් දන්නෙ නෑ. මොකද ඒ වෙලාවෙ එයා මට ගහපු පාරට මම ඇදගෙන වැටුනා." නර්ස් කිව්වෙ ඒ වෙලාව මතක් කරන්න අකමැත්තෙන් වගේ.

"තනුරට තියන ආරක්ශාව වැඩි කරන්න වෙයි වගේ අභිමාන්ගෙ සැකයත් ඔප්පු වේගෙන එන්නෙ." පොලිස් නිලධාරියා හැරුනෙ මාත් තනුර අයියගෙ තාත්තගෙත් පැත්තට. ඒ එක්කම වගේ තනුර අයියට ප්‍රතිකාර කරපු ඩොක්ට එතනට ආවා.

"මට ඔයාලට දෙයක් කියන්න තියනවා.ආව කෙනා කවුරු වුනත් තනුරව මරන්න තමයි උත්සාහ කරලා තියෙන්නෙ" එයා කිව්වෙ බැරෑරුම් පෙනුමක් මූණට ආරූඪ කරගෙන.

"මොකද්ද ඩොක්ට ඒ කිව්වෙ?"

"අපි ඒ එකතු කරපු දේ චෙක් කරලා බැලුවා.ටිකක් බරපතල විසක්.අපේ නර්ස් ඉක්මනින්ම බටේ ගලවපු නිසා තනුර බේරුනා.නැත්තම් මේ වෙනකොට වෙලා තියන දේ ඔයාලා දන්නවනෙ."

මම නර්ස් ගාවට ගියෙ ස්තූති කරන්න.නොසෑහෙන වාර ගානක මගෙ ස්තූතියෙන්පස්සෙ මට බාදා කලේ පොලීසියෙන්.

"අපිට කට උත්තරයක් ගන්න ඔනෙ." පොලිසියෙන් කිව්වම මන් ඒකට ඉඩ දීලා පැත්තකට වුනා.මම තනුර අයිය හිටපු කාමරයට ගියා.එයා දිහා බලගෙන මන් කල්ප්නා කලේ මේ සිද්ද වෙන දේවල් කවදා ඉවරයක් වෙයිද කියලා.ඇක්සිඩන්ට් එකෙන් පස්සෙත් අපිව මරන්න එන කෙනා මේක නතර කරලා නෑ.මම තනුර අයියගෙ ඔළුව අතගෑවෙ දාහකුත් ප්‍රශ්න හිතේ තියාගෙන.එයාට කරදරයක් නොවුන එකට මගෙ හිතේ සතුටක් තිබුනා.

"අයියෙ. මෙහෙ වෙන දේවල් ඔයා දන්නෙ නෑ.ඒත් ඔයාව ගොඩක් පරිස්සමින් බලාගන්න වෙයි කියලා මට හිතෙනවා. ඔයා බයවෙන්න එපා මං ඒක කොහොමහරි කරනවා." මම කිව්වා. ඒ එක්කම මන් දැක්කෙ

"අභිමාන් ටිකක් එන්න පුළුවන්ද?" පොලිස් නිලධාරියා කතා කලා.

"ඇයි සර්?" මමඇහුවෙ එතනට යන ගමන්.

"අපි CCTV රෙකෝඩ් ගත්තා.කාමරේ තියන කැමරාව දිහා ඒ කෙනා කෙලින්ම බලනවා.ඒත් මාස්ක් එකත් කණ්නාඩි දෙකත් නිසා ඒ කෙනාව අඳුරගන්න බෑ.ඔයා ටිකක් බලන්න අර දයාරත්න කියන මිනිහට ගැලපෙනවද කියලා."

මම ඒ දිහා බැලුවෙ අවදානයෙන්.ඒ මූණ හුරුපුරුදු බව මට දැනුනා.

"ඒ වගේමයි." මම කිව්වා.

"හොඳට බලන්න"

"මට හරියට අඳුරගන්න අමාරුයි ඒත් ඒ වගේමයි." මම කිව්වෙ අඳුරගන්න උත්සාහ කරමින්.

"හරි කමක් නෑ. අමාරුනම් අපි බලන එකේ තේරුමක් නෑ.ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනෙ" පොලිස් නිලධාරියා කිව්වා.

"කිය්න්න සර්"

"මන් හිතන්නෙ ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා. මිනීමරුව ඔයාලා පස්සෙ පන්නන එක නවත්තලා නෑ."

"ඔව් සර්.ඒක මන් දන්නවා."

"මේ වෙන දේවල් වලින් එකක් පැහැදිලියි.ඔයාලව මරන්න හදන්නෙ ජගත් නෙවෙයි කියන එක."

"එහෙනම් එයාව නිදහස් කරන්න බැරිද?" මම ඇහුවෙ ජගත් අන්කල් ගැන මගෙ හිතේ දුකක් ඇතිවුන නිසා.

"එහෙම කරන්න ටිකක් අමාරුයි. අපි ඉක්මනට හරි කෙනා අල්ලගත්තනම් එයාව නිදහස කරතෑකි." පොලිසියෙන් කිව්වා.

"අපි ඒක ඉක්මනටම කරමු." මම කිව්වෙ වීදුරු කවුළුව අතරින් තනුර අයියා දිහා බලන ගමන්.
..............................................................
තවත් දවසක් කිසිම දෙයක්
නොවී ගතවුනා.මම හොස්පිට්ල් එකට ගියෙ තනුර අයියව බලන්න.වෙන දේවල් එක්ක බලනකොට තනුර අයියා මේ විදිහටම ඉන්න එකයි හොඳ කියලා මට හිතුනා.මම බැලුවෙ තනුර අයියගෙ අත දිහා.එදා මන් ගැටගහපු ලොකට් එක තාමත් එයාගෙ අතේ තිබුනා.ඒකෙ විශේෂ වෙනසක් මන් මුලින් දැක්කෙ නෑ.තනුර අයියයි මගෙ අයියයි දෙන්නම එකට හිටියෙ පුංචි කාලයක් විතරයි.ඒත් ඒ දෙන්නා එකිනෙකාට ගොඩක් ආදරේ කරන්න ඇති කියලා මට හිතුනා. අවුරුදු ගානකට පස්සෙ ඒ දෙන්නව මේ විදිහට හරි එකට තියන්න පුළුවන් වීම ගැන මන් ගොඩක් සතුටු වුනා.
තනුර අයියගෙ ඔළුව අතගාමින් කල්පනා ලෝකෙක ගිලුණු මාව සිහියට ආවෙ තනුර අයියා නිසා හීනි කෙඳිරියක් එක්ක තනුර අයියා එයාගෙ අතට ලොකට් එක ගුලිකරගත්තා.වැහුනු ඇසිපිය මැදින් එහාට මෙහාට යන ඇස් බෝල දෙක ගොඩක් වේගවත් බව මට පෙනුනා.මම කෑගැහුවෙ ඩොක්ට කෙනෙකුට එන්න කියන්න.තනුර අයියට සිහිය එන්නද යන්නෙ? ඩොක්ටර්ස්ලා පරක්කු වුන තත්පර ගානට දහසකුත් දේවල් මගෙ ඔළුවට ආවා.

"ඇයි පුතා මොකද?" ඩොක්ටර් ඇහුවෙ තනුර අයියා දිහාවත් නොබලා.

"ඩොක්ට.. අර බලන්න තනුර අයියා කෙඳිරි ගෑවා. අතත් හෙල්ලුවා." මම කිව්වෙ කලබලෙන්

ඩොක්ටර් ඉක්මනට තනුර අයියව චෙක් කලා. දැන්නම් තනුර අයියා ආපහු නිසලයි.

"මොකද්ද ඩොක්ටර් වුනේ?" මම ඇහුවා.

"මොකෝ මේ බයවෙලා?" එයා ඇහුවෙ සිනාමුසු මුහුනින්.

"ඇයි ඩොක්ටර් ?"

"ඔයා මොනවද කලේ? තනුරට සිහිය එන්න වගේ යන්නෙ. ඔයා මොනව කලත් ඒක දිගටම කරන එක හොඳයි."ඩොක්ටර් කිව්වම මට දැනුනෙ කියාගන්න බැරි තරම් සතුටක්. ඇක්සිඩන්ට් එකෙන් දවස් 14 ගතවෙලා ඉවරයි.මට එයා නැතුව සෑහෙන කාලයක් ගතවුනා වගෙයි දැනුනෙ.දැන් ඉක්මනින්ම එයාට සිහිය එයි කියලා බලාපොරොත්තුවක් මගෙ ජීවිතේට එකතු වුනා.

ඩොක්ට මටත් තනුර අයියටත් තනියම ඉන්න දීලා එලියට ගියා.මම තනුර අයියට ලං වුනේ ලොකු සතුටකින්. හිතේ තිබුන ප්‍රශ්න මට ඒ මොහොතට අමතක වුනා.

"අයියේ..." මම කිව්වෙ ඇස් වල කඳුළු පුරවගෙන. ඒ වෙලාවෙ මට දැනෙ කාලෙකට පස්සෙ මගෙම අයියා ළගට ගියා වගේ හැඟීමක්.

"ඔයා ඉක්මනට නැගිටිනවා නේද මගෙ අයියෙ? දැන් දවස් 14 තිස්සෙ ඔයා නිදි.මට දැන්නම් තනියම ඉඳලා එපා වෙලා තියෙන්නෙ" මම ඔහේ කියවගෙන ගියා.
"ඔහොම ඉඳලා හරි මන් ගැන හිතනවා නේද? ඒකනෙ ඔයා අද පුංචි බලාපොරොත්තුවක් හරි මට දුන්නෙ.හිතේ තිබුන ලොකු බරක් නිදහස් වුනා.ඔයා ඉක්මනට නැගිටින්න ඕනෙ.එතකොට පුළුවන් අපි හිතපු විදිහටම තනියම ජීවත් වෙන්න." මම කිව්වෙ තනුර අයියඑ අත වේගෙන් පිරිමදින ගමන්.
වෙනදට වඩා වැඩි වෙලාවක් මන් තනුර අයියා එක්ක ගත කලා.මටතවත් වෙලා එයා එක්ක ඉන්න ඕන වුනත් අපිව මේ විදිහට ඈත් කරපු කෙනා කවුද කියලා තහවුරු කරගන්න වැඩ ගොඩක් ඉතුරුවෙලා තිබුනා.මම එතනින් ආපහු ආවෙ හැමෝටම හොරෙන් තනුර අයියගෙ දෙතොල්වල පහස විඳගෙන.සෑහෙන කාලෙකට පස්සෙ දැනුන සතුටක් වගේම ඒ උණුසුම් හුස්මත් මගෙ ජීවිතේට අළුත් පණක් එකතු කලා වගේ කියලා මට දැනුනා.

රශ්මින අයියත් පොලීසියෙ ඉන්ස්පෙක්ටරුත් එක්ක මම ගියෙ බන්ධනාගාරයට. රශ්මින අයියට විශ්ව අයියා කියපු දේවල්වල හැටියට දයාරත්න අන්කල්ට හරි වෙන කෙනෙකුට හරි විශ්ව අයියා ගැන කියලා තියෙන්නෙ නිරාශ් අයියා.ඒ නිසා නිරාශ් අයියා ඇත්ත කිව්වොත් මේ ප්‍රශ්නෙ සම්පූර්ණයෙන්ම විසඳගන්න පුළුවන් කියලා අපිට තේරුම් ගියා.

අපිට නිරාශ් අයියව හම්බෙන්න ලැබුනා.එයා නම් මන් දිහා බැලුවෙත් තරහෙන්.

"නිරාශ් අපිට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනෙ" ඉන්ස්පෙක්ට කිව්වා.

"මොනවද කතා කරන්න තියෙන්නෙ?" නිරාශ් අයියා ඇහුවෙ නොරිස්සුම් හඬකින්.

"විශ්ව කියන කෙනාව දන්නවද?"
ඒක අහනකොටම නිරාශ් අයියගෙ මූණ වෙනස් වුන විදිහ මම හොඳටම දැක්කා.

"ඔව් සර් දන්නවා." එයා කිව්වෙ ටිකක් අවුල්වුන මුහුණින්.

"කොහොමද දන්නෙ?"

"රශ්මිනගෙ යාළුවෙක් ඒ නිසා දන්නවා."

"ඔයා දැන් මම අහන ප්‍රශ්නයට හොඳට හිතලා උත්තර දෙන්න නිරාශ්. මිනීමැරුමකට අදාල කෙනෙක්ව හොයාගන්න පුළුවන් සාක්ශියක් ඔයා දෙන්න යන්නෙ"

"මොකද්ද?" නිරාශ් අයියා ඇහුවා.

"ඔයා කාටද විශ්ව ගැන කිව්වෙ? කාටද එයා හොඳ හැකර් කෙනෙක් කියලා කිව්වෙ?" ඉන්ස්පෙක්ටර් අහපු පාරට නිරාශ් අයියා ගැස්සුනා කියලා මට තේරුනා.

"මට ඒක් කියන්න බෑ. මට ඒක මතක නෑ."

"ඔයා අනිවාර්යයෙන් කියන්න ඕනෙ.මෙතන බොරු කරන්න ලෑස්ති වෙන්න එපා. ජීවිත තුනක්ම අමාරුවෙ වැටිලා තියෙන්නෙ ඒ මිනිහා නිදැල්ලෙ ඉන්න නිසා."

"කවුද අමාරුවෙ වැටිලා තියෙන්නෙ?" නිරාශ් ඇහුවා.

"තනුර, අභිමාන්,ඒ වගේම රශ්මින." ඉන්ස්පෙක්ටර් කිව්වෙ බැරෑරුම් පෙනුමක් ආරූඪ කරගෙන.

"ආ එහෙමද ?" එහෙම අහපු නිරාශ් අයියා හයියෙන් හිනා වුනා.
"එහෙනම් මන් මොකටද කියන්නෙ?"

"මොකද්ද?" ඉන්ස්පෙක්ටර් ඇහුවෙ තරහෙන්

"උන් නිසා තමයි මන් හිරේ ලැග්ගේ.උන්ව බේරගන්න කතා කරන්නද කියන්නෙ මට? ඒකනම් කීයටවත් වෙන්නෙ නෑ." නිරාශ් කෑ ගැහුවා.
මම බැලුවෙ රශ්මින අයියා දිහා.එයා බිම බලාගෙන ඉන්නවා.මන් එතනට ගියෙ එයාගෙ හැඟිම් මට තේරුම්ගන්න පුළුවන් වුන නිසා.ලොකු කාලයක් මන් එයා එක්ක හිටපු නිසා මට ඒක
තේරුම් ගන්න එක එච්චර අමාරු වුනෙ නෑ.නිරාශ් අයියගෙ කතාව එයාගෙ හිතට ලොකු දුකක් ගේන්න ඇති. මොනදේ වුනත් නිරාශ් අයියා ගැන එයාගෙ හිතේ තාමත් ආදරය තියන බව මම දැනගෙන හිටියා. එයාගෙ ඇස්වල තිබුන කඳුළු ඒකට සාක්ශි දැරුවා.මම එයාගෙ උරහිස පිරිමැද්දෙ එයාට සහනයක් වෙන බලාපොරොත්තුවෙන්.රශ්මින අයියා මගෙ දිහා බලලා අහිංසක හිනාවක් පෑවා.

"ඔයා මේ දේවල් කියන්න ඕනෙ. අපරාධකාරයෙක්ට උදව් කරලා ආපහු දඬුවම් විඳින්නද ඕනෙ?"ඉන්ස්පෙක්ටර් ඇහුවා.

"මට ආය විඳවන්න දෙයක් නෑ.නැතිවෙන්න දේකුත් නෑ.මට උලත් එකයි පිලත් එකයි දැන්.මුන් ඔක්කොගෙන්ම මම පලිගන්නවා " නිරාශ් අයියා කිව්වෙ ලොකු තරහකින්.

"අනේ අයියෙ ඔයා කියන ඕනෙම දෙයක් මන් කරන්නම්.තනුර අයියා ගොඩක් අසනීපෙන් ඉන්නෙ මේ නිසා. ඒවගේම මගෙ අම්මත් මට නැතිවුනා ඒ මනුස්සයා නිසා.කරුණාකරලා කියන්න ඒ කවුද කියලා" මම කිව්වෙ ඉවසන්නම බැරි තැන.

"උඹට මොනව වුනත් මට වැඩක් නෑ." නිරාශ් අයියා කිව්වෙ අනුකම්පා විරහිතව.

"ප්ලීස් නිරාශ්. මං කියන නිසාවත්.."රශ්මින අයියා කිව්වා.

නිරාශ් අයියගෙ මූණට ආවෙ උපහාසයට දාන හිනාවක්.
"එකට හිටපු උඹත් වෙනස් වුනා.උඹ වෙනුවෙන් මොකුත් කරන්න ඕනෙ නෑ මට" නිරාශ් අයියා කිව්වෙ අහක බලාගෙන.එයා ටික වෙලාවක් කල්ප්නා කරන බව අපි දැක්කා.

"හරි මන් කියන්නම්" එයා කිව්වා.

"කවුද ඒ?" අපි තුන්දෙනාම එකපාරටම ඇහුවා.

"ඒක කියන්නෙ එක කොන්දේසියක් උඩ" නිරාශ් කිව්වෙ හිනාවෙමින්.

                                    මතුසම්බන්ධයි

Continuă lectura

O să-ți placă și

19.5K 4.4K 23
"පොඩි එකෙක් වගේ හැසිරෙන්න එපා, ඉසුර! මනුස්සයෙක්ට හානියක් කරනතුරු උන්ගේ වැඩ කටයුතුවලට මැදිහත් වෙන්න අපිට තහනම්. යක්දෙස්සෙක් වෙච්ච පලියට දකින දකින අමනු...
18.8K 3K 24
"පුංචි මහත්තයා,මේ අහස තරු විතරක් තියෙද්දී හරි ලස්සනය්.. මටත් ඕන උනා ඒ අහසේ පුංචි තරුවක් වෙන්න." " එතකොට මන්? " " එත් පුංචි මහත්තය දන්නවද? ඒ තරු කැමති...
51.4K 9K 65
ජීවිතය මීදුමක් වගේමයි විටෙක කියාගන්න බැරි ලස්සනක් මවන ගමන් තවත් විටක අසුන්දර බව වසාගෙන මංමුලා කරනවා.. ඒ වගේම මේ රැදිලා මේ අතුරු දහන් වෙනව හරියට සමහරු...
46.6K 8.2K 45
ආදරය ඇත්තේ නොසිතන තැන් වලමය ප්‍රේමය ලැබෙන්නේ නොසිතන විටකදිමය ප්‍රවේසමින් බලාසිටින්න මරනය ලගදී වුවද විටෙක ඔබ ආදරය සොයාගන්නට ඉඩ ඇත...