තනුව

By Kevinprabhashwara

32.3K 5.5K 592

නුඹ හා ගතකල සුන්දර මොහොතක රසය විඳින්නට ඉඩදෙනු දැන්..... More

....තනුව..... පළමු වෙළුම
....තනුව.... දෙවන වෙළුම....
තනුව... තුන්වන වෙළුම
....තනුව.... සිව්වන වෙළුම...
...තනුව... පස්වන වෙළුම...
......තනුව..... හයවන වෙළුම...
...තනුව... හත්වන වෙළුම....
...තනුව.... අටවන වෙළුම....
....තනුව.... නමවන වෙළුම...
....තනුව.... දසවන වෙළුම....
.....තනුව.... එකොලොස්වන වෙළුම....
...තනුව.... දොලොස්වන වෙළුම....
....තනුව.... දහතුන්වන වෙළුම.....
....තනුව.... දහහතරවන වෙළුම ....
.....තනුව..... පහළොස්වැනි වෙළුම....
.....තනුව..... දාසයවැනි වෙළුම......
....🎶තනුව🎶.... දහහත්වැනි වෙළුම...
...🎶තනුව🎶..... දහඅටවන වෙළුම.....
....තනුව.... දහනමවන වෙළුම.....
....🎶තනුව🎶..... විසිවන වෙළුම....
.....🎶තනුව🎶...... විසි එක්වන වෙළුම....
....🎶තනුව🎶.... විසි දෙවන වෙළුම....
....🎶තනුව🎶.... විසි තුන්වන වෙළුම.....
....🎶තනුව🎶..... විසිහතරවන වෙළුම...
....🎶තනුව🎶.... විසිපස්වන වෙළුම....
....🎶තනුව🎶..... විසි හයවන වෙළුම....
....🎶තනුව🎶..... විසිහත්වන වෙළුම...
....🎶තනුව🎶..... විසි අටවන වෙළුම....
...🎶තනුව🎶..... විසිනමවන වෙළුම...
තනුව තිහ හා තිස් එක්වන වෙළුම්
....🎶තනුව🎶.... තිස් දෙවන වෙළුම...
.....🎶තනුව🎶..... තිස් තුන්වන වෙළුම...
....🎶තනුව🎶.... තිස් හතරවන වෙළුම...
.....🎶තනුව🎶..... තනුව තිස් පස්වන වෙළුම..
....🎶තනුව🎶.... තිස් හයවන වෙළුම...
....🎶තනුව...🎶.... තිස් හත්වන වෙළුම...
....🎶තනුව...🎶.... තිස් අටවන වෙළුම...
....🎶තනුව...🎶.... තිස් නමවන වෙළුම...
....🎶තනුව...🎶.... හතලිස්වන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් එක්වන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් දෙවන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් තුන්වන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් හතරවන වෙළුම...
තනුව හතලිස් පහ හා හතලිස් හයවනවෙලුම්
....🎶තනුව🎶.... හතලිස් හත්වන වෙළුම...
තනුව හතලිස් අට හා හතලිස් නමවන වෙළුම්
.....🎶තනුව🎶.... පනස්වන වෙළුම....
....🎶තනුව..🎶.... පනස් එක්වන වෙළුම...
....🎶තනුව🎶.... පනස් දෙවන වෙළුම....
....🎶තනුව🎶... පනස් තුන්වන වෙළුම...
....🎶තනුව🎶..... පනස් හතරවන වෙළුම...
....🎶තනුව🎶.... පනස් පස්වන වෙළුම...
....🎶තනුව🎶..... පනස් හයවන වෙළුම
....🎶තනුව🎶.... පනස් හත්වන වෙළුම...
....🎶තනුව🎶.... පනස් අටවන වෙළුම...
.....🎶තනුව🎶..... හැට එක්වන වෙළුම....
....🎶තනුව🎶..... හැට දෙවන වෙළුම...
....තනුව.... හැට තුන්වන වෙළුම

තනුව පනස් නමවන හා හැටවන වෙලුම්

321 47 7
By Kevinprabhashwara


                      .....🎶තනුව🎶....
                   පනස් නමවන වෙළුම..

විශ්ව අයියා ගැන මම හොඳටම දැනගෙන හිටියෙ රශ්මින අයියා එක්ක මම  යාළු වෙලා හිටපු කාලෙ ඉඳලමයි.එයාට ඒ දවස්වලත් කම්පියුටර් එකෙන් තොර ලෝකයක් නෑ. රශ්මින අයියගෙත් එයාගෙත් යාළුකම ටිකක් පරන එකක් වුනත් එයත් මගෙ හොඳ යාළුවෙක් වෙන්න ඒ කාලෙ ලොකු කාලයක් ගතවුනේ නෑ.

"ඔයා මොකද්ද කරන්න හදන්නෙ මල්ලි?" රශ්මින අයියා මගෙන් ඇහුවා.

"එයා මොනව වුනත් එක දේකට එපා කියන්නෙ නැ.දන්නවනෙ ඔයා එයා ගැන." මම ඇහුවා.

"ඔයා කියන්නෙ කෙල්ලො ගැනද?" රශ්මින අයියා ඇහුවෙ හිනාවක් මූණට එකතු කරන ගමන්.

"ඒකත් එකක් තමයි.ඒත් එහෙම කෙනෙක් අපිට හොයාගන්න බෑනෙ.අපිට පුළුවන් එයාගෙ අනිත් දුර්වලකම පාවිච්චි කරන්න."

"බොන එක නේද?"

"හරියටම හරි. බොන්න ගත්තම සිහියක් නැති වෙනකම් එයා බොනවනෙ.අපිට පුළුවන් ඒකෙන් මේක දැනගන්න."

"ඔව් ඒකනම් හොඳ ප්ලෑනක්.ඒත් ඒකෙ අවුලක් තියනවා.අපි ඔය කියන දේ උසාවියට ඉදිරිපත් කරන්න ඕනෙ මිනීමරුවට දඬුවමක් දෙන්නනම්" පොලීසියෙන් කිව්වම අපි එයා පැත්තට හැරුනා.

"ඒ කිව්වෙ? මේක ඉදිරිපත් කරන්න බැරිද අපි හොරෙන් ඒක රෙකෝඩ් කරමු." මම කිව්වා.

"බීලා ඉන්නකොට කියපු දේවල් සාක්ශි විදිහට ප්‍රබල වෙන්නෙ නෑ." එහෙම කිව්වම මගෙ බලාපොරොත්තු කඩාවැටුනා.කරන්න හොඳ මොනවද කියලා කල්ප්නා කරනකොට මගෙ හිතට ආවෙ එක විසඳුමයි.

"තව එක ක්‍රමයක් තියනවා" මම කිව්වාම දෙන්නම මගෙ පැත්තට හැරුනා.

"ඒ මොකද්ද?"

"ඔයාට පුළුවන් එයාගෙන් ඇත්ත එලියට ගන්න" මම කිව්වෙ රශ්මින අයියට.

"මොකක් එ කොහොමද?"

"ඔයා හිරේ ගිය හේතුව එයා දන්නවද?"

"ඔව්. චාරුගෙ අම්මගෙ කේස් එකටයි ඔයාට කරදර කරලා සිද්දවුන දේවල් වලටයි කියලා දන්නවා "

"එහෙනම් වැඩේ ලේසී" මම කිව්වා.

"මොකද්ද මම කරන්න ඕනෙ?" රශ්මින අයියා ඇහුවෙ උනන්දුවෙන්.

"ඔයා එයාව හම්බෙන්න යන්න.වෙනදා විදිහටම.ගිහින් කතා කරන්න."

"ඊට පස්සෙ?"

මම වෙන්න ඕනෙ හැමදේම  රශ්මින අයියට පැහැදිලි කලා.

"ඒත් ඒක හරියයි කියලා හිතනවද?" රශ්මින අයියා ඇහුවා.

"ගොඩක් විට හරියයි" පොලිස් නිලධාරියා කිව්වම මටත් හිතට සහනයක් දැනුනා.

"කවද්ද මේක කරන්නෙ ?" රශ්මින අයියා ඇහුවෙ පොලීසියෙන්

"පුලුවන් තරම් ඉක්මනට.හෙටම වුනත් කමක් නෑ.අභිමන්ගෙ වගේම තනුරගෙ ජීවිත වලට තියන බලපෑම වැඩී. එයාල තාම ජීවත් වෙනව කියන එක මේක කරපු කෙනා දන්නවා ඒ නිසා ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන්."

"හරි මම මේ වැඩේ හෙටම පටන්ගන්නම්." රශ්මින අයියා කිව්වා.

මම ආපහු ගෙදර ආවා.කවදාවත් නොතිබුන අමුතු පාළු බවක් මුළු ගෙදරම මට දැනුනා.වෙනදා කොහෙ ගිහින් ආවත් මාව ඉස්සෙල්ලාම පිලිගන්න ගේ ඉස්සරහට එන අම්ම දැන් නැති එක මගෙ හිතට ලොකු දුකක් එකතු කලා.ඊට පස්සෙ ජීවත් වෙලා හිටපු අයගෙන් මම වැඩියෙන්ම ආදරේ කරපු මගෙ තනුර අයියත් නෑ.දැන් මම සම්පූර්ණයෙන්ම තනිවෙලා.තනුර අයියගෙ අම්මා මන් දිහා බැලුවෙත් තරහෙන්.මට තිබුන එකම සැනසීම තනුර අයියගෙ තාත්තා විතරයි.ඒත් එයා එක්ක කතා කරන්න තරම් මගෙ හිතේ කැමැත්තක් තිබුනෙ නෑ.

"මම නිහඬවම කාමරය පැත්තට ඇදුනා.ෆෝන් එකෙ තිබුන තනුර අයියත් මාත් අම්මත් එකට ඉඳන් ගත්ත එකම ෆොටෝ එකත් ඕපන් කරගෙන මන් ඇඳේ වාඩි වුනේ සිතුවිලි ගොඩක් මැද හිරවෙලා.ඒ එක්කම ටකේශා අක්කා කාමරේට ආවා.

"මල්ලි?" එයා කතා කලේ පසුතැවෙන කටහඬකින්.

"ඇයි අක්කෙ? " මම ඇහුව ඒ එක්කම මට මතක් වුනේ හොස්පිට්ල් එකේදි එයාට කෑ ගහපු විදිහ.

"ඔයා මාත් එක්ක තාම තරහෙන්ද ඉන්නෙ?"

"නෑ අක්කෙ. මට සමාවෙන්න කෑ ගහපු එකට.මට ගොඩක් තරහා ගියා."

"ඒකට කමක් නෑ.කොහොම වුනත් මමයි වැරදි.ඔයාලා සතුටින් ඉන්න්කොට මමයි මැද්දට ආවෙ"

"ඔයා වරදක් කලේ නෑ අක්කෙ. මම තමයි ලොකුම වරද කලේ"

"එ කොහොමද ආදරෙන් හිටපු ඔයාලා දෙන්නා මැද්දට ආවෙ මම." ටකේශා අක්කා කිව්වා.

"ඔයා අකමැති නැද්ද මේ වගේ දේකට අක්කෙ. ඔයාට අප්‍රසන්න බවක් දැනෙන්නෙ නැද්ද කොල්ලෙක් තවත් කොල්ලෙක්ට ආදරේ කරනව කිව්වම"

"මට එහෙම දැනුනා.මම එහෙම අයව දැඩිවම ප්‍රතික්ශේප කලා මල්ලි.ඇත්තම කිව්වොත් ඒ අයට පො&$$ කියන වචනෙ මාත් පාවිච්චි කලා."

"ඒක කියන්නෙ ඔයා විතරක් නෙවෙයිනෙ.ගොඩක් අය එහෙම තමයි."

"මන් දන්නවා මල්ලි.ඔය වගේ අයව ගොඩක් අය සමාජෙන් ඈත් කරන්න බලන් ඉන්නෙ"

"මන් දන්නවා අක්කෙ.ඒත් අපිට ඒක  වෙනස් කරගන්න විදිහක් නෑ.මොකද කෙනෙක්ගෙ ලිංගික ආකර්ශනය කියන එක අපි හිතාමතා ඇතිකරගන්න එකක් නෙවෙයිනෙ."

"මම වැරදියි කියලා තේරුනේ දැනුයි.ඔයාල දෙන්නගෙ ආදරේ දැක්කම මට තේරුනා ආදරේ අනිවාර්යයෙන්ම කොල්ලෙකුයි කෙල්ලෙකුයි අතර  ඇතිවෙන්න ඕනෙ නෑ කියලා."

"හ්ම්ම් අක්කා මොකටද ආවෙ මාව හම්බෙන්න" මම ඇහුවා.

"මම ආවෙ ඔයාට දෙයක් කියන්න."

"මොකද්ද අක්කෙ?"

"මන් දන්නවා ඔයා තනුරට ගොඩක් කැමති කියලා. ඒවගේම මාත් කැමතී.ඒත් මට එයාව අමතක කරන්න බෑ. "

"ඔයා මොකද්ද කියන්න හදන්නෙ?"

"ප්ලීස් මල්ලි මට මගෙ තනුරව දෙන්න. මට එයා නැතුව ජීවත් වෙන්න බෑ." ටකේශා අක්කා කිව්වෙ අත් දෙක එකට එකතු කරමින්.

මම නැගිට්ටෙ තරහින්.තනුර අයියව මගෙන් ඈත් කරන්න හැමෝටම වුවමනා වුනා.ඒත් එදා රැයින් පස්සෙ හැමෝම ඒක අමතක කලා කියලයි මම හිතුවෙ.ටකේශා අක්කා ආපහු අපි දෙන්නව ඈත් කරන්න හදනවා.

"මොකද්ද අක්කෙ මේ කියන්නෙ?"

"ඔයා තනුරගෙන් ඈත් වෙන්න මල්ලි.මම ආදරේ කරන්නෙ තනුරට විතරයි.එයා හැරෙන්න වෙන කෙනෙක් මගෙ ජීවිතේ නෑ.අනික එයාට හැමදේම දැන් නැතිවෙලා තියෙන්නෙ.එයාගෙ සින්දු කීමේ හැකියාව.එයාගෙ සල්ලි.අඩුම තරමින් එයාගෙ කකුල් දෙකත් වැඩ කරන්නෙ නැ." ටකේශා අක්කා කිව්වෙ ඇඳෙන් වාඩි වෙන ගමන්.

"සමාවෙන්න අක්කෙ.අනික මන් එයාගෙ සල්ලිවලටවත් එයාගෙ පෙනුමටවත් ආදරේ කලේ නෑනෙ "
තනුර අයියා එදා මාව එයාගෙ පවුලෙ අය වෙනුවෙන්වත් අතෑරියෙ නෑ.දැන් මම එයාගෙන් ඈත් වුනොත්  එක එයාට කරන ලොකු අසාධාරණයක"

"ඒ කියන්නෙ ඔයා එයාගෙන් ඈට් වෙන්න කැමතියි?අනික ඒකෙන් ඔයාට වෙන්නෙ වාසියක්.අබ්බගාතයෙක් බලාගන්න එක ඔයාට කරන්න වෙන්නෙ නෑ." ටකේශා අක්කා ඇහුවා.

"නෑ තනුර අයියා අබ්බගාතයෙක් නෙවෙයි.දොස්තරලා මොනවා කිව්වත් මම එයාව හොඳ කරගන්නවා.එයා මගෙ අයියා වගේ. මම එයාව කවදාකවත් අතාරින්නෙ නෑ. ඉස්සර එයා මට මගෙ ආදරේ විතරයි.ඒත් දැන් එයා මට මගෙ ආදරේ.මගෙ අයියා. මගෙ තාත්තා වගේම මගෙ අම්මත් වෙලා ඉවරයි. ඔයා ඕනෙම දෙයක් ඉල්ලන්න තනුර අයියව නම් එපා."මම කිව්වෙ හැඟීම්බරව.

"තනුරට හැමදාම ඔහොම ඉන්න බෑ. එයාට පවුලක් ඕනෙ.අනික උඹ ගාව මොනවද තියෙන්නෙ.සල්ලි තියනවද? අඩුම හොඳ රස්සාවක්?"ටකේශා අක්කා තරහෙන් කිව්වා.

"මන් දන්නවා.ඒත් එයාම මට ඈත් වෙන්න කිව්ව දවසට මන් එයාගෙන් ඈත් වෙන්නම්" මම කිව්වෙ එයා දිහා බලන ගමන්.

"මම ඒක එයාට ඉක්මනට කියන්න සලස්වන්නම් මල්ලි.එයාට සිහිය එනකම් පුළුවන් තරම් එයාට ආද්රෙ කරන්න"

"ඔයාට පුළුවන් දෙයක් කරන්න අක්කෙ.ඒත් තනුර අයියට මන් ආදරේකරන එක නවත්තන්නෙ නෑ.ඒ වගේම මොනදේ වුනත් එයාව අතාරින්නෙත් නෑ. ඒ වගේම එයා මාව කවදාවත් අතාරින්නෙ නෑ කියල මන් දන්නවා.එයා ඒක මට පොරොන්දු වුනා."

"උඹ දන්නෙ නෑ මල්ලි. පොරොන්දු කියලා දෙයක් මේ ලෝකෙ තියනවනම් ඒ එක දේකට විතරයි. ඒ ඒවා කඩලා දාන්න.
පොරොන්දු තියෙන්නෙ කඩකරන්න.මම ඒක ඔප්පු කරලම පෙන්නන්නම්"  ටකේශා අක්කා වේගෙන් එලියට ගියා. මම ඇඳෙන් වාඩු වුනේ බයෙන්. ආපහු සැරයක් මට මගෙ තනුර අයියව අහිමිවෙයි කියන බය මගෙ හිතට ඇතුළු වුනා.මම ඒක අමතක කරන්න උත්සාහ කලා.

රෑ වෙලා මම ඇඳට වැටුනා.මුළු රෑම මට නින්දක් තිබ්බෙ නෑ.පහුවදා රශ්මින අයිය කරන්න යන වැඩේ වගේම ටකේශා අක්කගෙ කතාව මගෙ හිතට ලොකු බයක් ඇතිකලා.

............................................................
(රශ්මින)

පහුවදා රශ්මින ගියෙ විශ්ව හම්බෙන්න. අභිමාන්ට තමන් කරදර කරපු විදිහට අනුව ඒ වරද නිවැරදි කරන්න නම් තමන් මේ වැඩේ හොඳින්ම කරන්න ඔනෙ කියලා රශ්මිනට හිතුනා.රශ්මින සාමාන්‍යය විදිහට ඉන්න හැදුවත් තමන්ගෙ  හිතේ තිබුන හොරය විශ්වගෙන් හංගන්න එයාට බැරිවෙයි කියලා රශ්මිනට හිතුනා. ඒ නිසාම බියර් එක්කුත් අරගෙන විශ්වගෙ ගෙදර ගියෙ තමන් සාමාන්‍යය විදිහට ඉන්නව කියලා විශ්වට අඟවන්න.

විශ්වගෙ ගෙදර ගිය ගමන් රශ්මිනව විශ්ව පිලිගත්තෙ ලොකු කැමැත්තකින්.

"අඩේ රශ්මිනයා. උඹ මාව බලන්න ආවද? කොහොමද බන් කවද්ද නිදහස් වුනේ?"

"දැන් දවස් තුන හතරක් බන්.උඹට කොහොමද?"

"මාත් ඉන්නව බන්."

"මේක ගෙනාවෙ උඹට. දැන් එපා හවස් වෙලා අරගනින්." රශ්මින කිව්වෙ බියර් එක විශ්වට දෙන ගමන්.

"උඹත් ආව එකේ දෙකක්ම ගේන්න එපැයි.දෙන්නට ෆන් එකක් ගන්න."

"උඹ දන්නවනෙ මන් ඕව නවත්තලා සෑහෙන කල්."

"ඔව් ඔව් දන්නවා. අර අභිමාන්ද මොකාද එකා හින්දනෙ?"

"හ්ම් ඔව්."

"උඹ තාම ඒ හු&$$ ගැන හිතනවද යකෝ. ඌ හින්දා නේද උඹ හිරෙත් ලැග්ගෙ?" විශ්ව කිව්වා. රශ්මිනටඒකෙන් තේරුනෙ තමන්ගෙ කතාව පටන්ගන්න පොටක් පෑදුන බවයි.

"ඔව් බන්. ඌ නිසා තමයි හැමදේම වුනේ.ඌ මාව කෑවා.උඹලගෙන් මාව ඈත් කරා අනික ඌට මන් සැලකුවෙ සහෝදරයෙක්ට වගේ.බලපන් අර උගෙ  කෙල්ල හින්දා අන්තිමට මට හිරේ යන්ඩත් වුනා."

"අර ඌ එක්ක හැමවෙලේම හිටියෙ උගෙ කෙල්ලද? උඹ උඩ තියාගෙනන හිටියෙ ඒ දවස් වල මගෙ මල්ලි මගෙමල්ලි කිය කිය" විශ්ව කිවෙ හිනාවෙවී.

"ඔව් බන් මගෙ කරුමෙ තමයි. මට දැන් ඔනෙ උට පාඩමක් උගන්නන්න.බලපන් ඌ නිසා මන් කොච්චර දුක් වින්ද්ද කියලා.අපරාදෙ කූඩුවෙ දුක් වින්දා මාස ගානක්." රශ්මින කිව්වෙ දුකෙන් වගේ.

"එහෙනම් උඹට සතුටු හිතෙන දෙයක් කියන්නම් මම" විශ්ව කිව්වා.

"අහ් මොකද්ද? අපි ඌව විනාස කරලා දාන්ඩ ඕනෙ බන්" රශ්මින කිව්වා.

"උඹට උදව්වක් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා යකෝ."

"කවුද බන් ඒ?" රශ්මින ඇහුවෙ තමන් මැසේජ් එකක් දානවා වගේ රඟපාමින් ෆෝන් එකේ රෙකෝඩර් එක වැඩකරනවද කියලා බලන ගමන්.

"කවුද කියලා පස්සෙ කියන්නම් ඊට කලින් මේක අහපන්කො." විශ්ව රශ්මින දිහාට හැරුනා.

"කියපන්. කවුද ඒ තරහාකාරයෙක්ද අරූගෙ.මොකද්ද උට තියන

තියන තරහා?"

"ටිකක් පරණ කෝන්තරයක්.උඹ හිරේ ගිය කාලෙම වෙච්ච එකක් බන්."

"ඒ මොකද්ද බන්?"  රශ්මින ඇහුවෙ පුදුමයෙන්.

                                        මතුසම්බන්ධයි

                       ....🎶තනුව🎶....
                      හැටවන වෙළුම....

විශ්ව කියන්න යන දේ ගැන රශ්මිනය ඇතිවුනේ කුතුහලයක්.තමන් හිරේ ගිය කාලෙම සිද්දවුනා කියන දේ මොකද්ද? එ වෙනකොට අභිමාන්ගෙ ජීවිතේට ප්‍රශ්නයක් ඇති වුනේ තමන්ගෙන් වගේම නිරාශ් හා මියුරුගෙන් කියලා එයාට මතක් වුනා.දැන් මේ කියන විදිහට අභිමාන්ගෙ ජීවිතේ ඒ කාලෙ තව ප්‍රශ්නයක් තිබිලා තියනවද කියල රශ්මිනට ඇතිවුනේ සැකයක්.ඒක දැනගන්න නම් විශ්වගෙන් මේක අහන්නම වෙනවා.

"මොකද්ද බන් වෙලා තියෙන්නෙ කවුද ඔය කියන කෙනා?" රශ්මින ඇහුවා.

"පොඩ්ඩක් හිටපන් මන් කියන්නම්.ඊට කලින් කියපන් උඹ දන්නවද අභිමාන්කාරයට මොකද වෙලා තියෙන්නෙ දැන් කියලා."

"මොකද්ද වෙලා තියෙන්නෙ?" රශ්මින ඇහුවෙ විශ්වට සැකයක් ඇට්ජි නොවෙන්න.

"ඇයි උඹ දන්නැද්ද ඌයි තව එකෙකුයි උගෙ අම්මයි කාර් එකේ යනකොට හැප්පුනා කියලා ලොකු ට්‍රක් එකක."

"අප්පටසිරි එහෙමද?"

"ඔව් නාකිගෑනි නම් මැරිලා අනික් එකා කෝම එක්කලු.අරූට මොකුත් වෙලා නෑ."

"එහෙමද?"

"ඔව් ඒත් ඉතින් උට ජීවිත කාලෙම විඳවන්න වෙයි ඉතින් උගෙ අම්මත් මැරුනනෙ.අනික ඉන්න තැනකුත් නෑනෙ දැන්."

"ඔව් ඒකනම් ඇත්ත.පව්" රශ්මිනට කියවුනා.

"පව්?" විශ්ව ඇහුවා.

"නෑ මන් කිව්වෙ ඌ පව් කියලත් හිතෙනවා ඕයි.අපි ඌව තව වට්ටන්න ඕනෙ බන්" රශ්මින කිව්වෙ තමන්ගෙ ගැන විශ්වට විශ්වාසය ඇති කරමින්.
"ඒක නෙවෙයි කවුද බන් ඌට ඔහොම දෙයක් කලේ?"

"ඔහොම හිටපන් කියනකම්" විශ්ව කිව්වෙ හිනාවෙවී.

"ආ හරි කියහන්කො.අරූගෙන් පලිගන්නකම් මට ඉවසිල්ලක් නෑ." රශ්මින කියාගෙන ගියා.

"ඌ ටිකක් වයස ඩයල් එකක්.මාව හම්බෙන්න මගෙ ගෙදරටම ආවා.හැබැයි උට තරහා තියෙන්නෙ අභිමානයා එක්ක නෙවෙයි."

"එහෙනම්?"

"අර අනිත් එකත් එක්ක.උඹ දන්නවනෙ අර සින්දු කියන එකා.තනුර සංගීත්.උඹ එක්ක හිටපු නිරාශයත් හිරේ ගියෙ ඌ නිසානෙ."

"ඔව් බන් ඉතින් විස්තරේ කියපන්කො."

"ඌට තරහා තියෙන්නෙ අර තනුර එක්ක."

"ඒක හරි අමුතුයිනෙ බන්.ඌ එක්ක තියන තරහා මොකද්ද?"

"දන්නෙ නෑ බන් මට කිව්වෙනම් ඌව මරන්න ඕනෙ කියලා.ඌඑක්ක ඉන්න අයටත් සතුටින් ඉන්න දෙනෙ නෑ කිව්වා."

"ඊට පස්සෙ?"

"මට සල්ලි දුන්නා හෙන ලොකු ගානක්.උන් දෙන්නා ඉන්න තැන හොයගන්න ක්‍රමයක් හදලා දෙන්න කිව්වා.".

"උඹට කිව්වද උන්ව මරනවා කියලා."

"ඔව් බන් කිව්වා."

"ඉතින් උඹ කැමති වුනාද යකෝ."

"ඔව් ඉතින් මගෙ අතට ගානක් එනවනම් මොකද්ද යකො අවුල."

රශ්මිනගෙ අත මිට මෙලවුනේ ඉබේටමයි.සල්ලි වෙනුවෙන් තමනුත් ලොකු වරදක් කලා කියලා රශ්මිනට මතක් වුනා.ඒත් මේ තරම් ලොකු වරදක් කරන්න උදව් කරන්න තරම් මිනිස්සු පාතට වැටෙනවද කියලා හිතුනා.

"තිරිසන් වැඩ" රශ්මිනට කියවුනා.

"මොකද්ද?"

"නෑ මොකුත් නෑ බන්."

"උඹ මොනවහරි කියනව ඇහුනා මට"

"නෑ බන් මොකුත් නෑ.උඹ ඒ වගේ දේවල් වලටත් උදව් කරනවද?"

"සල්ලි එනවනම් මොනවද බන් නොකරන්නෙ? මේ වගේ වැඩද මන් කරේ.දැන් උඹටත් මම උදව් කරන්නම්.අරූට හොඳ පාඩමක් උගන්නමු."

"උඹ දන්නැද්ද ඒ උඹ උදව් කරේ කාටද කියලා.මම හොයාගන්න ඕනෙ ඒ කෙනාව."

"මන් දන්නෙ නෑ බන් එ මිනිහව.ඌට උදව් කරා විතරයි.මන් ඩිවයිස් එකක් හදලා දුන්නා.ඒක උන්ගෙ කාර් එකේ අලවන්න කියලා දුන්නෙ.ඊට පස්සෙ ඒකගෙම ෆෝන් එකෙන් තැන් බලන්න හදලා දුන්නා.ඊට පස්සෙ මට එයාව හම්බුනෙ නෑ."

"යකෝ උඹ මාර මිනිහෙක්නෙ.මොකක් හරි කේස් එකක් ගියොත් උඹ අහුවෙන්නෙ.අඩුම නමවත් අහගන්න එපැයි."

"මන් හෙමීට ඒ මනුස්සයගෙ නම්බර් එක ගත්තා.නම පස්සෙ හොයාගන්නම් කියලා.ඕන්නම් මම නම්බර් එක් දෙන්නම්."

"හරි ඒක මට දියන්.එවගේම උඹව ඌ දන්නෙ කොහොමද?"

"උඹෙ යාළුව තමයි කියලා තියෙන්නෙ බන්. නිරාශ් තමයි කියලා තියෙන්නෙ"

"ඌව කොහොමද දන්නෙ මේ කෙනා"

විශ්ව උරහිස් සැලුවෙ දන්නෙ නෑ කියන්න.නම්බර් එක ඉල්ලගත්ත රශ්මින ආපහු එන්න ලෑස්ති වුනේ රෙකෝඩ් එක සේව් කරගන්න ගමන්.

"Thank you බන්" විශ්ව් කිව්වා.

"ඒ මොකටද?"

"බියර් එකට"

"හ්ම්.." රශ්මින කිව්වෙ හිනාවෙන ගමන්.තමන් හොයාගන්න බලාපොරොත්තු වුන දේ ගැන යම් තොරතුරක් දැනගත්තත් ඒ කෙනා හරියටම කවුද කියලා දැනගන්න නොලැබීම එයාගෙ හිතට අපහසුවක් එකතු කලා.

(අභිමාන්)

රශ්මින අයියගෙ වැඩෙට කොච්චර වෙලාවක් ගතවෙයිද කියලා මම දැනගෙන හිටියෙ නෑ.එයාගෙන් කෝල් එකක් වෙනකම් මම හවස් වෙනකම් බලන් හිටියා. පැය ගානක් ගතවුනේ අවුරුදු 10ක් ගතවෙනවටත් වඩා හෙමින්.

රශ්මින අයියගෙන් කෝල් එකක් එනකොට හවස 4යි.

"හෙලෝ"

"හෙලෝ මල්ලි ඉක්මනට හම්බෙමු."

"විස්තරයක් හොයාගත්තද අයියෙ කවුද ඒකා?" මම ඇහුවෙ ඉවසිල්ලක් නැතුව.

"මන් විස්තර කීපයක්ම හොයාගත්තා.අපිට පුළුවන් වෙයි ඒකෙන් මේ මොකාද කියලා හොයාගන්න.අර එදා ආව පොලීසියෙ කෙනාවත් එක්ක එන්න මල්ලි.ඔයාලා අපෙ ගෙදර එනවද නැත්තම් මෙහෙ එනවද?"

"මන් ඔහෙට එන්නම්. තව පැය එකහමාරක් යනකොට අපි එනවා."

මම පොලිස් නිලධාරියට කතා කලා.අපි ඉක්මනින්ම රශ්මින අයියඑ ගෙදරට ගියා.

"අයියෙ මොකද්ද වුනේ? එයා මොනවද කිව්වෙ? කවුද ඒ කෙනා." මම ඇහුවෙ කලබලෙන්

"ඒ කෙනා කවුද කියලා
බැරිවුනා මල්ලි." රශ්මින අයියා කිව්වා.

"එහෙනම් එන්න කිව්වෙ?"

"විස්තර ටිකක් හොයාගත්තා." රශ්මින අයියා එහෙම කියලා අපිට  විස්තර ටික කිව්වා.

"තනුරට කවුරු හරි හතුරෙක් හිටියද?" පොලිස් නිලධාරියා ඇහුවෙ මගෙන්.

"දන්න කෙනෙක් නම් නෑ. අපිට එක පාරයි කට්ටියකගෙන් කරදර වුනේ." මම කිව්වෙ රශ්මින අයියා දිහා බලමින්.ඒත් එයා අහක බලාගෙන හිටියෙ මගෙ දිහා නොබලමින්.

"එයාලා ඔක්කොම ඒ වෙනුවෙන් දඬුවම් විඳිනවා ඒත් රශ්මින අයියා කියන විදිහට මේ වෙන දේටත් හේතුව ඒ දවස් වලම වෙච්ව දෙයක් නම් ඒ කවුද කියලා සැක කරන්නත් කෙනෙක් නෑනෙ."

"වෙන මොකුත් හොයාගන්න බැරිවුනාද රශ්මින?"පොලිස් නිලධාරියා ඇහුවෙ බලාපොරොත්තු කඩවුන ස්වරයකින්.

"හ්ම්ම් වැදගත් දෙයක් කියලා ලැබුනෙ ඒ කෙනාගෙ ෆෝන් නම්බර් එක තමයි."

"එහෙනම් ඒක ඇයි කලින් නොකිව්වෙ අපිට එක චෙක් කරලා කාටද අයිති කියලා හොයාගත්තැකි." මම කිව්වා.

"ඔව් ඒත් මෙච්චර සැලසුම් කරපු කෙනෙක් එයාගෙ නමින් තියන සිම් එකක් පාවිච්චි කරයි කියලා මන් හිතන්නෙ නෑ." රශ්මින අයිය කිව්වා.

"අපි හිතමු එහෙම කෙනෙක් නෙවෙයි කියලා.ඉස්සෙල්ලාම බලමු මෙ කාගෙ සිම් එකක්ද කියලා."

"නම්බර් එක මොකද්ද අයියෙ?"

"07.........."

"මට ඒක හොඳට හුරුයි වගේ" මම කිව්වා.

"මොකද්ද?"‍රශ්මින අයියත් පොලිස් නිලධාරියත් දෙන්නම මගෙ ඇඟට කඩා පැන්නා.

"මට ඒ නම්බර් එක හුරුයි.මම කිව්වෙ ෆෝන් එක එලියට අදින ගමන්.රශ්මින අයියගෙන් අහගෙන මම ආපහු ඒ නම්බර් එක ෆොන් එකේ ටයිප් කලා.ඉලක්කම් එකින් එක සම්පූර්ණ වෙනකොට ෆෝන් එකේ සටහන් වුන නම මාව පුදුමයෙනුත් පුදුමයට පත් කලා.

"මේක වෙන්න බෑ.කොහොමටවත්" මම කිව්වා.

"මොකද්ද වුනේ මල්ලි. ඔය නම්බර් එක කාගෙද? ඔයාගෙ ෆෝන් එකේ තියනවද?" රශ්මින අයියා ඇහුවා.

"මොකද්ද ඕකෙ තියන නම?" පොලිස් නිලධාරියා ඇහුවා.

මම ඒකට උත්තර දුන්නෙ නෑ.

"කවුද ඕකෙ ඉන්නෙ?" රශ්මින අයියා ඇහුවෙ මගෙ අතින් ෆෝන් එක උඳුරගන්න ගමන්.

"මෙක කොහොමද වුනේ මල්ලි. එයා කොහොමද ?" රශ්මින අයියා ඇහුවෙ මගෙ දිහා බලන ගමන්.

"ඔය ෆෝන් එකේ නම්බර් එක තියනවද?" පොලිස් නිලධාරියා ඇහුවා.

"දයාරත්න අන්කල්" මම කිව්වෙ තාමත් මේ වෙන දේ අදහාගන්න බැරුව.

"ඒ කවුද?" පොලිස් නිලධාරියා ඇහුවා.

"මියුරුගෙ තාත්තා." රශ්මින අයියා කිව්වා.

"මියුරු? ඒ කියන්නෙ අර හිරේ ගිය කෙනා නේද?"

"ඔව් එයා තමයි මේ එයාගෙ තාත්තා."

"ඒ කියන්නෙ එයා කියපු විදිහට හැමදේම කරලා තියනවා." මම කිව්වා.

"ඒ කිව්වෙ?"

"එයා රශ්මින අයිය හිරේ ගිය දවසෙ කිව්වා තනුර අයියව මරනවා කියලා. ඒක කිව්වෙ තනුර අයියගෙ තාත්තට.එයා කිව්වා එයාගෙ දරුවව එයාගෙන් ඈත් කරපු නිසා ඒකෙ පලිය ගන්නවා කියලා." මම කිව්වා.

"අපිට හරියටම කියන්න බෑ මේක කලේ එයාමයි කියලා.ටිකක් ඉවසන්න තීරණ ගන්න හදිසි වෙන්න එපා." පොලිස් නිලධාරියා මට කිව්වා.

"මන් හදිසි වෙන්නෙ නෑ.ඒත් මට දැනුයි මතක් වුනේ මේ වැඩේ කරන්න වෙන හොඳ හේතුවක් තියන කෙනෙක් නෑ."

"අපි ටිකක් හොයමු.මේ සාක්ශිය අපි ඔප්පු කරගන්න ඕනෙ. මේ හොයාගත්ත දේවල් කාටවත් දැනගන්ම තියන්න එපා. විශේශයෙන්ම ඔය මනුස්සයටවත් ජගත්‍ටවත් විශ්ව කියන කෙනාටවත්."

"හරි අපි කිසිම දෙයක් දැනගන්න තියන්නෙ නෑ.තව එක දෙයක් තියනවා." රශ්මින අයියා කිව්වෙ මගෙ උරහිසට අත තියන ගමන්.

"ඒ මොකද්ද ?"

"විශ්ව ගැන දයාරත්න අන්කල්ට හරි වෙන කෙනෙකුට හරි කියලා තියෙන්නෙ නිරාශ්. එයාගෙන් විස්තර ඇහුවොත් අපිට හරියටම දැනගන්න පුළුවන් ඒ කවුද කියලා."

"අපි උත්සාහ කරමු. දැන් බයවෙන්න එපා.අපි මේකෙ අගටම ඇවිත් ඉන්නෙ"පොලිස් නිලධාරියගෙ වචන මගෙ හිතට සැනසීමක් එකතු කලා.රශ්මින අයියට නොසෑහෙන්න ස්තූති කරපු මම පිටවුනේ සෑහෙන වෙලාවකට පස්සෙ.ඒ සෑහෙන කාලෙකට පස්සෙ හිතට දැනුන ලොකු සැනසීමක් එක්කමයි.
.................................................................
(තනුර)

තනුර හිටියෙ තවමත් සිහිය නැතිව. දවස් 12ක්ම ඇඳක් උඩ වැතිරිලා. හීන ලෝක කීපෙකම සැරි සරන තනුර කීප විටක්ම තමන්ගෙ පුංචි කාලෙ මතක අතරට ඇදිලා ගියා අවුරුදු 4 දි තමන්ගෙ එකම සහෝදරයා එක්ක සෙල්ලම් කරපු හැටි.එයා යන්තමින් දැනගෙන හිටපු එයාගෙ තාත්තා. ඒ හැමදේම හීන වැලක් වගේ එයාට පෙනුනා.කාලය ගතවෙනවා එයාට දැනුනෙ නෑ. ඒ නිසා පියවි ලෝකෙදි සිද්ද වෙන අනතුර එයාට තෙරුනෙ නෑ.

තනුරගෙ තාත්තා හොස්පිට්ල් එකට ආවෙ උදේ.දවල් ආපහු ඇවිත් තේරුමක් නැති නිසා එයා ගෙදර ගියෙ තනුරව හොහොස්පිට්ල් එකේ තනිකරමින්. දවල් රෝගීන් බලන්න ලැබෙන වෙලාවෙ තනුරව බලන්න ආවෙ එයාට ආදරේ කරන කෙනෙක් නම් නෙවෙයි.

ආව කෙනා මූණ වැහෙන විදිහට මාස්ක් එකක් පැලඳලා හිටියා. තනුර දිහා ඒ කෙනා බැලුවෙ තරහෙන් පිරුණු ඇස් දෙකෙන්. කාමරේ ඇතුල පේන විදිහට හොස්පිට්ල් එකෙන් හයි කරලා තිබුන කැමරාව දිහා බලලා කපටි හිනාවක් පෑව ඒ කෙනා ඒ කැමරාව සත පහකටවත් ගනන් ගත්තෙ නැත්තෙ මාස්ක් එක වගේම කණ්නාඩි දෙකක් දාලා හිටපු තමන්ව අඳුරගන්න ටිකක් අමාරුවෙන බව දන්න නිසාමයි.

"උඹෙ අවසානය දැන් තමයි කොල්ලෝ.උඹ මගෙ හැමදේම

මට නැතිකලා.දැන් උඹෙ තාත්තටත් විඳවන්න වෙයි"

ඒ කෙනා තමන්ගෙ අතේ තිබුන බරපතල විශක් තිබුන සිරිංජය කෙලින්ම එල්ල කලේ තනුරට දීලා තිබුන සේලයින් බෝතලය දිහාවට.

       මතුසම්බන්ධයි

Continue Reading

You'll Also Like

23.2K 4.1K 21
ඒක පාර්ශ්වික ආදරයක්තරම් හිත්වේදනා දෙන ආදරයක් තවත් කොයින්ද? අනුක්ෂ... හැමදේම තිබිලා නැතිවුණ කෙනෙක්. සහස්... හැමදේම ලබාගන්න උත්සහකරන කෙනෙක්. අනුක්ෂගෙය...
79.3K 11.5K 54
ජීවිතේ වරදින්න එක තත්පරයක් හොදටම ඇති.........අනුන්ගෙ සතුට වෙනුවෙන් කවදාවත් වරදක් නොකරම වැරදිකාරයෙක් වුණ මාව සමාජය ආයෙ පිළිගනීද........? 🩸
18K 2.9K 23
[COMPLETED] ඔට්ටුයි මේ ලෝකෙ හොඳම යාලුවා ඉන්නෙ නිම්නට...😌 මං වැරදියි කියලා ඔයාට හිතෙනව නම්.... ඒකෙ තේරුම ඔයා ගොඩක් වාසනාවන්තයි...😌 එතකොට මේ මොකක්ද...
1.5K 170 26
වෙඩි වරුසාවක් මැදින් උපන් ආදර අන්දරය