.
නර්ස් කතා කලේ සංසුන් විදිහට. මම එයාට කතා කලේ.
"ඇයි මිස් මට කතා කලේ?"
"ඔයාගෙ අම්මට සිහිය ආවා." නර්ස්ගෙ කටින් ඒ වචන පිටවෙන පමාවට මන් අම්මා හිටපු රූම් එකට දිව්වා.එයා හිටියෙ ඇඳේ හාන්සි වෙලා. මම අම්මා එක්ක කතා කරන්න යන්න කලින් එතන හිටඖ ඩොක්ට මට කතා කලේ අම්මට නෑහෙන තරම් හෙමින්.
"පුතා දෙයක් කියන්න ඕනෙ"
"කියන්න ඩොක්ට." මම කිව්වෙ අම්මා ලඟට යන්න කලබලෙන්.
"අපි ඉස්සෙල්ලා කියපු විදිහටම ඔයාගෙ අම්මගෙ බෙල්ලෙන් පහල වැඩ කරන්නෙ නෑ.ඒක එයාට දැනගන්න තියන්න එපා."ඔයා සාමාන්‍යය විදිහට හැසිරෙන්න." ඩොක්ට කිව්වම මට දැනුනෙ ලොකු වේදනාවක්.
"හරි ඩොක්ට මන් එහෙම කරන්නම්" මම කිව්වා. මම හෙමින් හෙමින් අම්මා ලඟට ඇව්දගෙන ගියා.මම ඇඳ ගාව තිබුන පුටුවෙන් වාඩි වුනා.
"කොහොමද අම්මෙ?" මම ඇහුවා.
"ඔයා හොඳින් නේද පුතේ.කරදරයක් නෑ නේද? තනුරට කොහොමද ?" අම්මා ආපහු මගෙන් ඇහුවා. එයා කතා කරන්නෙ අමාරුවෙන් බව මට තේරුනා.එහෙම අමාරුවෙන් ඉඳගෙනත් තමන්ගෙ දරුවා ගැනම හිතන හැටි හරි පුදුමයක් මගෙ හිතට එකතු කලා
මම අම්මගෙ අත අල්ලන්න හැදුවා.ඒත් ඩොක්ට කියපු කතාව මතක් වුනාම මන් ඒක නතර කලා.මම අම්මගෙ ඔළුව අතගෑවා
"අපි දෙන්නම හොඳින් අම්මෙ.තනුර අයියට තාම බෙහෙත් කරනවා." මම් කිව්වෙ බොරුවක්.ඒත් තනුර අයියා ගැන ඇත්ත කියලා එයාව කලබල කරන්න මට ඕන වුනේ නෑ.
"ඔයා මට හංගන්න ඕනෙ නෑ පුතේ.මම දන්නව මට මොකද්ද වෙලා තියෙන්නෙ කියලා.ඒ වගේම තනුරට මොකද වෙන්න ඇත්තෙ කියලා මට හිතාගන්න පුළුවන්."
"මන් ඔයාට මොකුත් හංගන්නෙ නෑ අම්මෙ"
"මම සදහටම එක්තැන් වුනා කියලා මන් දන්නවා.නර්ස්ලා දෙන්නෙක් කතා වෙනවා මට ඇහුනා.ඒ වගේම ඇක්සිඩන්ට් එක වෙන වෙලාවෙ තනුරත් එක්ක මාත් කාර් එකේ හිටියා.එයාට හොඳටම් තුවාල වෙලා ඇති." අම්මා ඒ දේවල් හරියටම කිව්වෙ කොහොමද කියලා මන් අදටත් දන්නෙ නෑ.ඒත් එව එයාගෙ අහගන්න තිබ්බනම් හොඳයි කියලා මට හිතුනා.
"ඔයා ආපහු පරණ විදිහටම ඉඳී අම්මෙ.තනුර අයියත් එහෙම ඉඳීවි.ඒකට ටික කාලයක් යයි."මම කිව්වෙ අම්මා දිහා නොබලා.
"ඔයා කිව්වෙ බොරුවක් කියලා ඔයාම දන්නවනෙ පුතේ.ඒකනෙ මන් දිහා බලන්නෙ නැත්තෙ" අම්මා කිව්වා.
මන් ඒකට උත්තරයක් දුන්නෙ නෑ.
"ඔයාට දෙයක් කියන්න තියනවා පුතේ.මං මැරුනොත් මම මේක නොකිව්ව කියලා දැනගෙන ඔයා මට වෛර කරයි."
"ඔයාට මොකුත් වෙන්නෙ නෑ අම්මෙ." මම කිව්වෙ තරහින් අම්මා වුනත් මට දුක හිතෙන විදිහට කතා කරනවට මන් කැමති වුනෙ නෑ.
"අහගන්න මම කියන එක.ඒත් කලබල වෙන්න එපා." අම්මා කිව්වා.
"මන් නැතිවුනත් ඔයා මේ ලෝකෙ තනිවෙලා නෑ පුතේ.ඔයාගෙ ඇත්ත දෙමව්පියො ජීවත් වෙනවා." අම්මා කිව්වම මට දැනුනෙ මාව වැටෙන්න යනවා වගේ
"මොකද්ද?" මම ඇහුවා.
"ඒක ඇත්ත. ඔයාගෙ දෙමව්පියො ජීවත් වෙනවා.එයාලා මාත් එක්ක කතා කලා.එයාලා ආපහු ඔයාව එයාලා ලඟට ගන්න ලෑස්තියි.ඒත් මම ඒකට කැමති වුනේ නෑ.ඒත් දැන් මම කැමතියි."
"මට එයාලව ඕන් නෑ අම්මෙ.මට ඕනෙ ඔයාව.අවුරුදු 21 ම මාව ඕන වුන් නැති එයාලට දැන් මාව මොකටද?" මම ඇහුවා
"එහෙම කියන්න එපා.ඔයාට එයාලා ගැන දැනගන්ම ඕනෙ නැද්ද?"
"මට ඕනෙ නෑ.එයාලව වැඩක් නෑ මට." මම කිව්වෙ තරහින්.
"එත් මම කියන එක විතරක් අහන්නකො.කියන නිසාවත්" අම්මා කිව්වා.
"කියන්න."
"ඔයාගෙ අම්මයි තාත්තයි ඔයාට හම්බෙලත් තියනවා කතා කරලත් තියනවා." ඒ කතාව මට කුතුහලයක් ඇති කලා.
"ඒ කවුද?" මම ඇහුවා.
" ඔයාගෙ ජීවිතේ බේරපු ජගතුයි චමිලයි." අම්මා කිව්වෙ මගෙ ඇස් දිහා බලමින්.
"මොකද්ද ඒ කිව්වෙ?" මම ඇහුවෙ කලබලෙන්.කොහොමද එහෙම වෙන්නෙ ජගත් අන්කල් මගෙ තාත්තා.එතකොට අවුරුදු 21 කලින් පාර අයිනෙ දාලා ගියෙ එයාලද? එහෙම කරන්න හේතුව මොකද්ද?" මම කල්පනා කලා.
"මේක බොරුවක් නේද අම්මෙ.කිටන්නකො බොරුවක් කියලා." මම කිව්වෙ අම්මගෙ අත අල්ලමින් මට ඩොක්ට කියපු හැමදේම අමතක වුනා.
"ඒක තමයි ඇත්ත පුතේ.ඒත් ඔයා ඒක දන්නව කියලා අඟවන්න එපා.එයාලගෙන් පරිස්සම් වෙන්න "
"ඇයි අම්මෙ එහෙම කියන්නෙ? ඇයි එයාලගෙන් පරිස්සම් වෙන්න කියන්නෙ?"
"මන් හිතන්නෙ අපිට වුන හැම ප්‍රශ්නයකටම මුල ඔයාට මේ ඇත්ත කියනවට මන් චමිලට විරුද්ධ වුන එක කියලා. එයා මට කිව්වා හොඳින් හරි නරකින් හරි ඔයාව එයාලා ලඟට ගන්නවා කියලා.ඒ නිසා එයා මේ දේවල් කරනවා කියලයි මට හිතෙන්නෙ" අම්මා කිව්වෙ විශ්වාසයෙන්.ඒත් මට ඒක පිලිගන්න බෑ .
"එයාට මාව ඕනෙනම් ඇයි මරන්න හදන්නෙ?" මම ඇහුවා.
"ඒක මන් දන්නෙ නෑ. ඒත් පරිස්සමින් ඉන්න පුතේ මම හිටියත් නැතත්" අම්මා කිව්වා.
ඒ එක්කම ඩොක්ට ඇවිත් මට ටිකක් එලියට යන්න කිව්වා.මොකද ඒ වෙනකොටත් මම පැයක් විතර අම්මා එක්ක කතා කරලා තිබුනා. අවු 21ටම දැනුනෙ නැති මහ අමුතු හැඟීමක් මගෙ හිතට දැනුනා. ඒ වගේම මගෙ ඇත්ත දෙමව්පියො හම්බුනා කියලා සතුටු වෙන්නද එහෙම නැත්තම්
මාව අසරණ කරලා පාර අයිනෙ දාලා ගිය එයාලට වෛර කරන්නද කියලා මට හිතාගන්න බැරිවුනා.ඒ වගෙම දැන් තනුර අයියටත් අම්මටත් වෙලා තියන දේට වගකියන්න ඕනෙ ජගත් අන්කල් වගේම චමිලද කියලා මට හිතාගන්න බැරුව ගියා. කොරිඩෝ එක දිගේ ඇවිදගෙන ගිය මාව නැවැත්තුවෙ තනුර අයියගෙ තාත්තා.
"මොකද පුතේ මෙ අම්මට සිහිය ආවට සතුටු නැද්ද?" එයා ඇහුවා
"එහෙම එකක් නෙවෙයි අන්කල්."
"ඔයාගෙ ටිකට් කපන්න පුළුවන් කිව්වා. අපි ගෙදර යමු." එයා කිව්වෙ සතුටින් වගේ.
"සමාවෙන්න අන්කල්.මම තනුර අයියට පොරොන්දු වුනා.ආයෙමත් ඒ ගෙදරට අඩිය තියන්නෙ නෑ කියලා." මම කිව්වෙ තනුර අයිය හිටපු කාමරේ දොර ගාවින් එයා දිහා බලන ගමන්.
"ඒත් පුතේ ඔයා කොහෙටද යන්නෙ? තිබුන එකම ගෙදරත් ගිනි අරගත්තා නේද?"
"මට යන්න තැනක් නෑ.ඒත් ඒ ගෙදරට මන් යන්නෙ නෑ."
"හරි ඔයාලා යන්න හිටියෙ කොහෙටද?" තනුර අයියගෙ තාත්තා ඇහුවා.
"නුවර ගෙදරට.තනුර අයියා හදපු ගෙදරට." මම කිව්වෙ තනුර අයියගෙන් ඇස් අහකට නොගෙන.
"හරි එහෙනම් එහෙට යමු.ඔයා හැමදාම මෙහෙ ඉන්නයෑ.ඔයා එහෙ ඉන්න ඕනෙ නෑ ඇඳුමක් මාරු කරගෙන ටිකක් ඉඳලා ඔයාට ඕනෙනම් ආපහු එන්න." තනුර අයියගෙ තාත්තා කිව්වම අකමැත්තෙන් වුනත් මම කැමති වුනා.
මම ගෙදර ගියාට පස්සෙ පිරිසිදු වෙලා ටිකක් නිදහසේ හිටියා.එතකොට හිතට මද සැහැල්ලුවක් දැනුනා. අම්මා තනුර අයියා දැන් ඉන්න තත්වෙ වගේම මගෙ ඇත්ත දෙමව්පියො ගැන දැනගත්ත එක, ඒ වගේම ඒ අය ගැන අම්මා කියපු දේවල් මගෙ ඔළුව අවුල් කරලා තිබුනෙ.ඒ එක්කම වුන දේවල් වලින් මගෙ ඔළුව තවත් අවුල් වුනා.මාව හම්බෙන්න පොලීසියෙන් ඇවිත් තිබුනා.
"පුතා දැන් කොහොමද?" පොලිස් නිලධාරියා මගෙන් ඇහුව.
"දැන්නම් ගොඩක් හොඳයි.".
"අපි තව කරුණු ටිකක් හොයාගත්තා.ඒ වගේම කෙනෙක්ව සැකකරුවෙක් විදිහට අතඩංගුවට ගත්තා." ඒක කිව්වම මම ටිකක් කලබල වුනා.
"කවුද ඒ? එයාද මේ හැමදේම කරේ?" මම ඇහුවා.
"හරියටම කියන්න බෑ.ඒත් සාක්ශි අනුව එයා කියලා සැක කරන්න පුළුවන්."
"ඒ කවුද?"
" ජගත් වික්‍රමරත්න. ඔයා දන්නවනෙ එයාව?" මම පුදුමයෙන් පුදුමයට පත් වුනා.
"කොහොමද එහෙම වෙන්නෙ? අම්මා කියපු දේ ඇත්ත වෙන්නද යන්නෙ?" මම මගෙන්ම ඇහුවා..
"මොකද්ද අම්මා කිව්වෙ?ඔයා මොනවහරි දන්නවනම් කියන්න."පොලීසියෙ අය ඇහුවෙ විමසිල්ලෙන්.
"නෑ මොකුත් නෑ සර්. මන් හිතන්නෙ ඒ ගැන තව ටිකක් හෙව්වොත් හොඳයි කියලා.සර්ලා තව මොනවද හොයාගත්තෙ."
"වැදගත් දේවල් කීපයක්ම. අපි හොයාගත්ත ඔයාලා එන බව ඒකෙනා දැනගත්තෙ කොහොමද කියලා."
"ඒ කොහොමද?"
"තනුරගෙ කාර් එකේ තිබිලයි මේක ලැබුනෙ." එහෙම කියන ගමන් පොලීසියෙ කෙනා මට අත්ඔරලෝසු මූණතක් තරම් පොඩි රවුම් උපකරණයක්.
"මේ මොකද්ද?"
"ඕක කාර් එකට හයි කරලා තිබුනෙ. ඔකෙන් ඔයාලා ඉන්න තැන අදාල කෙනාට බලාගන්න පුළුවන්.මේක කවුරු හරි කෙනෙක් කාර් එකට හයි කරලා තියනවා.ඒකෙන් තේරෙන්න මේක කරන කෙනා ඔයාලා ගැන ඇහැ ගහගෙන ඉඳලා තියනව කියන එක. මන් හිතන්නෙ නම් ගේ ගිබිතිබ්බ කෙනාමයි මේක කරන්න ඇත්තෙ.අපි ජගත්ව සැක කරන්නෙ ඔයා කියපු දේට අනුව."
"මම කියපු දේට අනුව කියන්නෙ?"මම ඇහුවා.
"අඩි සළකුණු ගැන. ඔයා කිව්වම ඒක කොර ගහන ගතියක් තියන කෙනෙක්ගෙ කියලා අපි ඒක පරික්ෂා කලා. ඒ වගේ අඩු සළකුනක් හැදෙන්නෙ එහෙම අඩිය තියන කෙනෙක්ගෙන් කියලා එ අයත් කිව්වා. ඒ වගේම වාහනේ නතර කරලා තිබුන තැන තිබිලත් ඒ විදිහට අඩි සලකුණු ලබුනා."
" ඒක මත විතරක් පදනම් වෙලා ජගත් අන්කල්ව ඇරෙස්ට් කරපු එක වැරදියි නේද?"
"නෑ අපි ඊට එහා තියන සුපර් මාර්කට් එකේ CCTV චෙක් කලා. ඒකෙන් තමයි අපේ සැකය තවත් වැඩි වුනේ."
"ඒ කොහොමද?"
"ඇක්සිඩන්ට් එක වුන සීමාවෙ ගෙවල් අඩුයි. මේ සුපර් මාකට් ර්ක තියෙන්නෙ කිලෝමීටර් කාලක් වගේ ඈතින් මීටර් 250 විතර ඇති. CCTV රෙකෝඩ් වලට අනුව වාහනේ එතනින් ඇක්සිඩන්ට් එකට පැයකට කලින් ගිහින් තියනවා. ඒ වගේම ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ ආපහු එන අයව අපි බැලුවා සැක හිතෙන විදිහට එතනට ආවෙ ජගත් විතරයි ඇක්සිඩන්ට් එකට පැය භාගයකට පස්සෙ පයින්ම ජගත් ඇවිත් තියනවා හරියටම ඒ පැත්තෙ ඉඳන් ඒ සුපර් මාකට් එකට."
"අනේ මන්දා ඒක සැකකරන්න තරම් හොඳ සාක්ශියක් කියල මට හිතෙන්නෙ නෑ. අනික එයා සුපර් මාකට් ගියා කියලා එක වරදක් නෑ.අනික අපි ඉන්න තැන අර වගේ උපකරණයකින් බලන්න තරම් ලොකු දැනුමක් එයාට තියනව කියලා මට හිතෙන්නෙත් නෑ."
"කොහොමටත් අපි ප්‍රශ්න කරගෙන යනවා. ඉක්මනින්ම මෙයා වැරදියිද නැද්ද කියලා බලාගන්න පුළුවන්."
තවත් ටික වෙලාවක් කතා කරකර හිටපු එයාලා යන්න ගියා.මුලදි මගෙ හිතෙත් මේක කලේ ජගත් අන්කල් නෙවෙයි කියල විශ්වාසයක් තිබුනත් අනතුරු දෙකම උන තැන්වල එයා හිටපු එක වගේම අම්මා කියපු කතාව මගෙ හිතට අමුත්තක් එකතු කලා.
ජගත් අන්කල්ව බලන්න යන්න මම අවසර ඉල්ලුවෙ ඒ නිසයි.ඒත් තනුර අයියගෙ තාත්තා ඒකට කැමති වුනේ නෑ.එයා කිව්වෙ මම ආපහු අමාරුවෙ වැටෙන්න යනවා කියලා. තනුර අයියගෙ තාත්තට මම ජගත් අන්කල් කියන්නෙ මගෙ තාත්තා කියලා කියලා තිබුනෙ නෑ.ඒක දැනගත්තොත් කොහොමටවත් මට යන්න දෙන එකකුත් නෑ
ජගත් අන්කල් මේක කරානම් ඒකට හේතුව මම එයාගෙ පුතා වෙලා අම්මා නිසා එයාට ලං වෙන්න බැරි එකද කියලා මට හිතුනා. තනුර අයියා දැන් ඉන්න තත්වෙට මගෙ අම්මා ඉන්න තත්වෙටවගකියන්න ඕනෙ මගෙ ඇත්තම තාත්තද කියන සැකයෙන් තවදුරටත් ඉන්න මට වුවමනා වුනෙ නෑ. හිතේ තිබුන හැම ප්‍රශ්නයක්ම මැද හිතුවක්කාර තිරණයකට ආපහු මැදි වුන මම පහුවදා පොලීසියට ගියෙ තනුර අයියග් තාත්තගෙ දැඩි අකමැත්ත මැද්දෙයි.
මතුසම්බන්ධයි