තනුව

Bởi Kevinprabhashwara

32.5K 5.5K 592

නුඹ හා ගතකල සුන්දර මොහොතක රසය විඳින්නට ඉඩදෙනු දැන්..... Xem Thêm

....තනුව..... පළමු වෙළුම
....තනුව.... දෙවන වෙළුම....
තනුව... තුන්වන වෙළුම
....තනුව.... සිව්වන වෙළුම...
...තනුව... පස්වන වෙළුම...
......තනුව..... හයවන වෙළුම...
...තනුව... හත්වන වෙළුම....
...තනුව.... අටවන වෙළුම....
....තනුව.... නමවන වෙළුම...
....තනුව.... දසවන වෙළුම....
.....තනුව.... එකොලොස්වන වෙළුම....
...තනුව.... දොලොස්වන වෙළුම....
....තනුව.... දහතුන්වන වෙළුම.....
....තනුව.... දහහතරවන වෙළුම ....
.....තනුව..... පහළොස්වැනි වෙළුම....
.....තනුව..... දාසයවැනි වෙළුම......
....🎶තනුව🎶.... දහහත්වැනි වෙළුම...
...🎶තනුව🎶..... දහඅටවන වෙළුම.....
....තනුව.... දහනමවන වෙළුම.....
....🎶තනුව🎶..... විසිවන වෙළුම....
.....🎶තනුව🎶...... විසි එක්වන වෙළුම....
....🎶තනුව🎶.... විසි දෙවන වෙළුම....
....🎶තනුව🎶.... විසි තුන්වන වෙළුම.....
....🎶තනුව🎶..... විසිහතරවන වෙළුම...
....🎶තනුව🎶.... විසිපස්වන වෙළුම....
....🎶තනුව🎶..... විසි හයවන වෙළුම....
....🎶තනුව🎶..... විසිහත්වන වෙළුම...
....🎶තනුව🎶..... විසි අටවන වෙළුම....
...🎶තනුව🎶..... විසිනමවන වෙළුම...
තනුව තිහ හා තිස් එක්වන වෙළුම්
....🎶තනුව🎶.... තිස් දෙවන වෙළුම...
.....🎶තනුව🎶..... තිස් තුන්වන වෙළුම...
....🎶තනුව🎶.... තිස් හතරවන වෙළුම...
.....🎶තනුව🎶..... තනුව තිස් පස්වන වෙළුම..
....🎶තනුව🎶.... තිස් හයවන වෙළුම...
....🎶තනුව...🎶.... තිස් හත්වන වෙළුම...
....🎶තනුව...🎶.... තිස් අටවන වෙළුම...
....🎶තනුව...🎶.... තිස් නමවන වෙළුම...
....🎶තනුව...🎶.... හතලිස්වන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් එක්වන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් දෙවන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් තුන්වන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් හතරවන වෙළුම...
තනුව හතලිස් පහ හා හතලිස් හයවනවෙලුම්
....🎶තනුව🎶.... හතලිස් හත්වන වෙළුම...
තනුව හතලිස් අට හා හතලිස් නමවන වෙළුම්
.....🎶තනුව🎶.... පනස්වන වෙළුම....
....🎶තනුව..🎶.... පනස් එක්වන වෙළුම...
....🎶තනුව🎶.... පනස් දෙවන වෙළුම....
....🎶තනුව🎶... පනස් තුන්වන වෙළුම...
....🎶තනුව🎶..... පනස් හතරවන වෙළුම...
....🎶තනුව🎶..... පනස් හයවන වෙළුම
....🎶තනුව🎶.... පනස් හත්වන වෙළුම...
....🎶තනුව🎶.... පනස් අටවන වෙළුම...
තනුව පනස් නමවන හා හැටවන වෙලුම්
.....🎶තනුව🎶..... හැට එක්වන වෙළුම....
....🎶තනුව🎶..... හැට දෙවන වෙළුම...
....තනුව.... හැට තුන්වන වෙළුම

....🎶තනුව🎶.... පනස් පස්වන වෙළුම...

283 55 3
Bởi Kevinprabhashwara


                  

සද්ද මැද මට පෙනුනෙ එක දෙයක් විතරයි.ඒ මිනිස්සු මගෙ වටේ එකතුවෙන එක.ඇක්සිඩන්ට් වුන වාහනත් මාත් අතර දර්ශනයට ඒක බාදාවක් වුනා.ඒත් වැඩි වෙලාවක් යන්න කලින් මාව අඳුරෙ ගිලිලා යනවා මට දැනුනා. ඊට පස්සෙ වුන කිසිම දෙයක් මම දන්නෙ නෑ.ඒත් විකාර මූසල හීන ගොඩක් අතරින් එකපාරටම මට ඇහැරුනේ බොඳවුන වටපිටාවක් එක්කමයි.මම අපහසුවෙන් ඇස් ඇරියා.

"ඔයාට කොහොමද දැන්?" මගෙ මූණට එබිලා හිටපු නර්ස් ඇහුවා.
මම ඒකට උත්තර දුන්නෙ නෑ.ඩොක්ටර් ඒ එක්කම ආවා.

"ඔයාට මන් කතා කරනවා ඇහෙනවද?මාව පේනවද?" එයා ඇහුවා.මම ඔළුව වැනුවෙ ඔව් කියන්න.

"මෙයා හොඳින් වගේ.සමහර විට වාහනෙන් එලියට විසිවුන නිසා වෙන්නැති."නර්ස් කිව්වම මට මතක් වුනේ තනුර අයියවයි අම්මවයි.

"මගෙ අම්මයි අයියයි?" මම ඇහුවෙ තවමත් රිදෙන මගෙ ඔළුව අල්ලගෙන.

"එයාලා මෙහෙ තමයි ඉන්නෙ?"

"මට එයාලව බලන්න ඕනෙ" මම කිව්වා.

"දැන්ම එපා.ඔයා ටිකක් විවේක ගන්න.දවස් දෙක්කට පස්සෙ ඔයාට සිහිය ආවෙ.ඒ නිසා දැන්ම එහෙ මෙහෙ යන්න බෑ." ඩොක්ට මට එහෙම කියලා යන්න ගියා. ටික වෙලාවකින් කාමරේට ආවෙ මන් බලාපොරොත්තු නොවුන දෙන්නෙක්.තනුර අයියගෙ තාත්තයි.පොලීසියෙ කෙනෙකුයි. ඒ කෙනා නම් කලින් ගේ ගිනිගත්ත වෙලාවෙ ඒ ගැන හොයන්න ආව කෙනාමයි කියලා මට මතක් වුනා.
මම අහක බලාගත්තෙ තනුර අයියගෙ තාත්තට මූණ දෙන්න බැරිව.ඒත් ඒ එයා අපි වෙනුවෙන් කතා නොකල හින්දා නෙවෙයි. තනුර අයියත් මමත් ගත්ත මුරණ්ඩු තීරනය නිසා.

"පුතේ ඔයාට කොහොමද දැන්?" අන්කල් ඇහුවෙ මගෙ ලඟින් වාඩිවෙමින්.

"මම හොඳින් අන්කල්."

"වාසනාවට එක්කෙනෙක්ට හරි සිහිය ආවා."

"එ කිව්වෙ මොකද්ද අන්කල් අම්මටයි තනුර අයියටයි තාම සිහිය නැද්ද? එයාලට කොහොමද?" මම ඇහුවා.

"කලබල වෙන්න එපා. මම ඒ ගැන පස්සෙ කියන්නම්. ඒත් මෙයාට ඔයා එක්ක කතා කරන්න දෙයක් තියනවලු." අන්කල් කිව්වෙ පොලිස් නිලධාරියා දිහාට හැරෙමින්.

"අභිමාන් නේද ඔයා?" එයා ඇහුවෙ මන් දිහා ඔළුවෙ ඉඳන් කකුල් දෙකටම බලමින්.

"ඔව් සර්."

"එදා රෑ මොකද්ද වුනේ කියලා ඔයාට මතකද?"

"ඒ තරම් මතකයක් නෑ සර්. ඒත් ඇක්සිඩන්ට් එක මතකයි." මම කිව්වා.

"හරි කමක් නෑ.ඒත් අපි හිතන්නෙ මේක හිතාමතාම කරපු දෙයක් කියලා.ඒ නිසා ටිකක් මතක් කරන්න බලන්න.අඩුම තරමෙ ඔයාට මතක දේවල් ටික හරි කියන්නකො."

" එදා අපි කතාකරකර ආවෙ. තනුර අයියා කාර් එක එලෙව්වෙ.ඉස්සරහින් ආව කන්ටේනර් එක අපි දැක්කෙ නෑ.ඒත් ඒක දකිනකොටත් මට තේරුනේ ඒක අපෙ පැත්තටම එනවා කියලා.අම්මා හිටියෙ පිටිපස්සෙ සීට් එකේ.එයා කෑගැහුවා.ඒ එක්කම තනුර අයිය මාව තල්ලු කලා.ඊට පස්සෙ මම එලියට විසි වුනා.වහනේ හැප්පෙනවා දැක්කත් ඊට පස්සෙ වුන දෙයක් මට මතක නෑ."

"හ්ම්ම්. ඊට වඩා දෙයක් මතක නැද්ද? කවුරු හරි ලඟපාත හිටියද කියලා."

"නෑ ඒ වෙලාවෙ කීප දෙනෙක් වාහන නවත්තලා දුවගෙන ආවා. ඒ ඇරෙන්න කිසි ගානක් නෑ මට."

"ඒ වාහනේ ඩ්‍රයිවර්ට මොකද වුනේ සර්?" ඒ තනුර අයියගෙ තාත්තා.

"එයා හොයාගන්න බැරිවුනා. කිසිම කෙනෙක් වාහනේ හිටියෙ නෑ."

"එතකොට වාහනේ ආවෙ කොහොමද ?" මම ඇහුවා.

"ඒක තමයි අපි මේක ප්ලෑන් කරපු මිනීමැරුම් උත්සාහයක් විදිහට දකින්නෙ.වාහනේ ඇක්සලේටර් එකට ගලක් තියලා වාහනේ එවලා තියෙන්නෙ.සුක්කනම පවා හිර කරලා.අනික වාහනේ ඒ තරම් දුරක ඉඳන් ඇවිත් නෑ. වටපිටාවෙ මිනිස්සුන්ගෙන් අහපුවාම දැනගන්න ලැබුනෙ වාහනේ ඊට මීටර් විස්සක් විතර එහායින් නවත්තලා තිබ්බා දැක්කා කියලා.ඇවිත් තියෙන්නෙත් ඇක්සිඩන්ට් එකට විනාඩි 30 විතර කලින්.ඔයාලා එන බව දැනගෙන තමයි මේක කරලා තියෙන්නෙ."

"ඒත් අපි එනවා කියලා දන්නෙ නෑනෙ කවුරුවත්." මම කිව්වෙ පුදුමයෙන්.

"ඒක තමයි අපිටත් තියන ප්‍රශ්නෙ. තනුරගෙ තාත්තා කියපු විදිහට ඔයාල ඇවිත් තියෙන්නෙ හදිසියෙම වගේ."

"ඔව්. ඒත් මේක වෙන කාව හරි ඉලක්ක කරපු දෙයක් වෙන්න බැරිද?" තනුර අයියගෙ තාත්තා ඇහුවා.

"එහෙම හිතන්නත් පුළුවන් ඒත් අභිමාන්ගෙ ගෙදර ගිනිගත්ත වෙලාවෙ සිද්ද වුන දේවල් එක්ක අපිට එහෙම නිකන්ම මේක අතාරින්න බෑ.කවුරු හරි මෙයාලා පස්සෙ පන්නනවා.අනික අනතුරු දෙකම වුනේ අභිමාන්,තනුර, මිසිස් බණ්ඩාර තනියම ඉන්න වෙලාවට විතරයි"පොලීසියෙ කෙනා කිව්වා.ඒ එක්කම ඇතුලට ආව ඩොක්ටර් මාව පරික්ෂා කරන්න ඕනෙ කියඖ නිසා කතාව එතනින් නැවතුනා.

කවුරු හරි කෙනෙක් අපිව මරන්න හදනවා කියලා මට තේරුනා.ඒත් තනුර අයියටත් අම්මටත් මොනව වුනාද කියලා හිතනකොට මට තවත් බය හිතුනා.ඒ අයට මොනවහරි වුනොත් මම සම්පූර්ණයෙන්ම තනිවෙනවා කියලා මට හිතෙනකොට මම හරි අසරණයි කියලා හිතුනා.කීප විටක්ම එයාලව බලන්න යන්න ඉල්ලුවත් මට අවසර් ලැබුනෙ තවත් දවසකට පස්සෙ. ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ හරියටම හතරවෙනි දවසෙ අප්‍රේල් 2 වෙනිදා මට එයාලව බලන්න යන්න ලැබුනා.

මම යනකොට තනුර අයියගෙ තාත්තා එලියෙ ඉඳගෙන ඉන්නව මන් දැක්කා.එත් තනුර අයියව නොබලා මම
කෙලින්ම ගියෙ අම්මා ලඟට.මම එයා ගාවට ගියත් එයා සෑහෙන අමාරුවෙන් ඉන්නව කියලයි මට හිතුනෙ.සිහිය නැතිව හිටපු අම්මගෙ අත මම මගෙ අත උඩින් තියාගත්තා. මම එයාට කතා කලා.

"අම්මේ,  නැගිටින්නකො. ඔයා ඔය විදිහට ඉන්නව බලන්න මට ඕනෙ නෑ. ඇහැරලා එක වචනයක් මාත් එක්ක කතාකරන්න"

ඒ එක්කම ඩොක්ටර් ඇතුලට ආවා.

"අම්මට මොකද ඩොක්ටර් වෙලා තියෙන්නෙ?" මම ඇහුවා.

"ඔයාට දැන්ම ඒක කියන එක හොඳ නෑ "

"කවදා කිව්වත් මටනෙ කියන්නෙ ඩොක්ටර් ඒ නිසා දැන් කියන්නකො." මම බැගෑපත් වුනා.

"හරි මන් කියන්නම්" එයා අවසානෙදි එකඟ වුනා."ඒත් මේක දරාගන්න ඔයාට ටිකක් අමාරු වෙයි."

"මොකද්ද ඒ කියන්නෙ?"

"ඔයාගෙ අම්මා ඉන්නෙ ගොඩක් අනතුරුදායක තත්වෙක.අස්ථි ගොඩක් බිඳිලා තියනවා.ඒ වගේම සුසුම්නාවට හානි වෙලා තියනවා.එයාගෙ ජීවිතේ නැතිවෙන්න පුළුවන් ඉඩකඩ ගොඩක් වැඩියි.අනික ජීවත් වුනත් වෙනදා වගේ ඉඳියි කියලා මට කියන්න බෑ."

"ඒ කියන්නෙ මගෙ අම්මව බේරගන්න බෑ කියන එකද ඩොක්ටර් අනේ මන් ඕනෙම දෙයක් දෙන්නම් එයාව බේරලා දෙන්න.මට ඉන්නෙ එයා විතරයි."

"ජීවිතේ බේරගන්න අපි පුළුවන් තරම් උත්සාහ කරනවා අභිමාන්. එත් ඔයාගෙ අම්මා ජීවත් වුනොත් එයාට ඉතුරු කාලෙම ඇඳ උඩට වෙලා ගෙවන්න වෙන්නෙ."

මට කරන්නෙ මොනවද කියලා හිතාගන්න බැරිවුනා.මම පණ පිටුන්ම මැරිලා ගියා වගේ.මගෙ ජීවිතේ කිසිම දවසක මාව අතෑරියෙ නැති අම්මට මෙහෙම වෙනවට මන් කැමති වුනේ නෑ.මගෙ හිතේ ඒ වෙලාවෙ එකම ප්‍රාර්ථනයක් විතරයි තිබුනෙ.ඒ මගෙ අම්මව සනීප කරන්න කියලා.මම හිතට දැනුන ඒ වේදනාව එක්කම කාමරෙන් පිට වුනා.

මම ඊලඟට තනුර අයියව බලන්න යන්න ගියෙ එයා හරි මීට වඩා හොඳ විදිහට ඉන්නව ඇති කියලා හිතාගෙන.මම එහෙට යනකොටත් තනුර අයියගෙ අම්මා එතනට ඇවිත්.ජගත් අන්කල්ගෙ උරහිසට ඔළුව තියාගෙන අඬන එයාව දැක්ක්ම මට දැනුනෙ ලොකු දුකක් මන් එතනට ලං වුනා.

"අම්මේ..." මන් කතා කලේ තනුර අයියගෙ අම්මට.ඒ වෙලාවෙ ඇන්ටි කියලා මට කතාකරන්න හිතුනෙ නෑ.ඒට් එයා මන් දිහාට හැරුනෙ තරහින් වගේම ලොකු ආවේගයකින්.

"උඹ උඹ තමයි මේ හැමදේම කරේ.මගෙ කොල්ලව විනාස කලා උඹ මගෙ හැමදේම නැති කලා." තනුර අයියගෙ අම්මා කිව්වෙ මගෙ ඇඳුමෙ කරෙන් අල්ලලා හොලවමින්. මට කියන්න දෙයක් තිබ්බෙ නෑ.

"නවත්තන්න ඕක. ඒ දරුවගෙ වරදක් නෑ." තනුර අයියගෙ තාත්තා අපි මැද්දට පැන්නෙ ප්‍රශ්නෙ විසඳන්න බලමින්.

"නැතිවෙන්නෙ කොහොමද? මේකා තමයි ඔක්කොම කලේ. මූ එක්ක නොගියනම් මගෙ දරුවා අබ්බගාතයෙක් වෙන්නෙ නෑ." තනුර අයියගෙ අම්මා කියනකොට මං හුඟක් බය වුනා.

"මොකද්ද අම්මෙ ඒ කිව්වෙ.තනුර අයියට මොකද වුනේ."

"උඹ නිසයි හැමදේම."

"වරදක් නෑ ඒ ළමයගෙ.වරදක් තියනවනම් තියෙන්නෙ ඔයාගෙ. ඔයා එදා ඒ ළමයි ගෙදරින් එලියට දැම්මෙ නැත්තම් අදටත් උන් සතුටින්."තනුර අයියගෙ තාත්තා කෑ ගැහුවා.තනුර අයියගෙ අම්මා මාව අතෑරලා බංකුවෙ වාඩි වුනේ අඬමින්.

"පුතේ ඔයා එන්න මා එක්ක." තනුර අයියගෙ තාත්තා මාවත් එක්කගෙන තනුර අයියා ගාවට ගියා.මට අන්කල් එක්ක කතා කරන්න කැමැත්තක් තිබුනෙ නෑ.එයා දැන් කොච්චර මාත් එක්ක කතා කලත් මට අවශ්‍යම වෙලාවෙ කතා නොකල එක මට ලොකු තරහක් හිතට එකතු කලා.

මම තනුර අයියා දිහා බැලුවා.එහෙන් මෙහෙන් මැශින් ගොඩකට සම්භන්ද කරලා තිබුන තනුර අයියටත් සිහිය ඇවිලා තිබුනෙ නෑ.කකුල් වගේම අතුත් වෙලලා තිබුනා.

"එයාට කොහොමද?"මම ඇහුවෙ තනුර අයියගෙ තාත්තා දිහා නොබලා.

"තුන් දෙනාගෙන් වැඩිපුරම අමාරු එයාට.හැමදේම ඉවර වුනා වගේ."

"මොකද්ද ඒ කිව්වෙ?"

"මම කියනවට අකමැතිනෙ ඔයා.මන් කතාකරනවටත්" තනුර අයියගෙ තාත්තා ආපහු කිව්වා.

"දැන් ඒ දේවල් වලට වෙලාව නෙවෙයි.මට කියන්න මගෙ අයියට මොකද වුනේ කියලා." මම කිව්වා.

"එයාගෙ කකුල් දෙකම පණ නෑ පුතේ.ඇවිදින්න පුළුවන් වෙයිද කියන එක ප්‍රශ්නයක්. සමහර විට කාලෙකට පස්සෙ පුළුවන් වෙයි. ඒ වගේම අනික වැදගත්ම දේ."

"මොකද්ද?"

"එයාගෙ කටහඬත් නැතිවෙලා. ස්වර තන්ත්‍ර ඩැමේජ් වෙලා නිසා කතා කරන්න පුළුවන් වුනත් කවදාකවත් සින්දු කියන්න පුළුවන් වෙන එකක් නෑ."

තනුර් අයියගෙ මන් ආසම කරපු ලක්ශනය. එයාගෙ  සින්දු කීමේ හැකියාවත් නැති වුනාද? මට බිම ඉන්දවුනා.මම වේදනාව හිර කරන් ඉන්න පුරුදුවෙලා නිසා මන් ඇඬුවෙ නෑ.ගඟක් ගලන්න තරම් ඇඬෙන්න ආවත් මම මාව පාලනය කරගත්තා.

"එයාට සිහිය එයි නේද ඉක්මනට?" මම ඇහුවා.

"මන් හිතනවා එහෙම වෙයි කියලා. මන් හැමවෙලේම ප්‍රාර්ථනය කරන්නෙ ඩොක්ට කියපු තරම් කල් යන්න එපා කියලා"

"ඇයි එහෙම කිව්වෙ?"

"එයා ඉන්නෙ කෝමා එකක."

"ඒ කිව්වෙ?" මම ඇහුවෙ ඒ සම්භන්ධ දැනීමක් මට නැති නිසා

"එයාට සිහිය එන්න කාලයක් ගතවෙයි.හෙට වෙන්නත් පුළුවන් අවුරුද්දකින් වෙන්නත් පුළුවන්.නැත්තම් ජීවිත කාලෙටම නැතිවෙන්නත් පුළුවන්." තනුර අයියගෙ තාත්තා කිව්වෙ පපුව අල්ලගෙන.

"එහෙම වෙන්නෙ නෑ.තනුර අයියා ඉක්මනට හොඳවෙනවා."මම කිව්වෙ විශ්වාසයෙන්. ඒ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ හොඳින් ඉන්නෙ මම විතරයි. මට හිතුනෙ මේ දේවල් දකිනවට වඩා ඒ වෙලාවෙ අර
ට්‍රක් එකටම යට වෙලා මැරුණනම් හොඳයි කියලා.මම තනුර අයියා ලඟට ගියා.සාමාන්‍යයෙන් කෝමා එක්ක ඉන්න අයට අපි කියන දේවල් ඇහෙනවා කියලා තනුර අයියගෙ තාත්තා කියපු නිසා මන් එයාට කතා කලා.

"අයියෙ. මන් දන්නව ඔයාට මන් කියන දේ ඇහෙනවා කියලා. ඔයා පොරොන්දු වුනා හැමදාම මාත් එක්ක ඉන්නව කියලා.හැමදේම අළුතෙන් පටන්ගමු කියලත් කිව්වා. අම්මයි මමයි ඔයයි කාටවත් කරදරයක් නොවී ජීවත් වෙමු කියලත් කිව්වනේ.අනේ අයියෙ ඔයාට මෙහෙම ඉන්න බෑ.නැගිටින්නකො.ඔයා ටිකක්වත් බයවෙන්න එපා.මන් ඔයාව කොහොම හරි හොඳකරගන්නවා. අපි ඉස්සර වගේම සතුටින් ඉමු."මන් කිව්වෙ තනුර අයියගෙ අත පිරිමදින ගමන්. ටික වෙලාවක් එයාගෙ ඉන හරියෙන් ඔළුව තියාගෙන හිටපු මම ඇහැරුනේ එතනට ආව නර්ස් කෙනෙක් නිසා.එයා මට කතා කලා.

                                         මතුසම්බන්ධයි

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

37K 5.3K 40
මතකය සුන්දරයි.. එක දිගට සිහි වෙන... ආදරය විඩාබරයි... නුඹ මගෙ නොවුන කොට... වේදනාව විතරයි... වර්තමානයේ එක පිට... මමම විතරයි... අපි එකට අනාගතේ මැව්ව...
369K 6.7K 51
တစ်ယောက်ယောက်-------------ကျေးဇူးပြုပြီးးးးးးးးးး ကယ်ပါ------------------------------------------- ကိုယ့်ရဲ့ လှောင်အိမ်ထဲကနေ မင်းဘယ်တော့မှထွက်ပြေးလို...
79.5K 11.5K 54
ජීවිතේ වරදින්න එක තත්පරයක් හොදටම ඇති.........අනුන්ගෙ සතුට වෙනුවෙන් කවදාවත් වරදක් නොකරම වැරදිකාරයෙක් වුණ මාව සමාජය ආයෙ පිළිගනීද........? 🩸
18.9K 3K 24
"පුංචි මහත්තයා,මේ අහස තරු විතරක් තියෙද්දී හරි ලස්සනය්.. මටත් ඕන උනා ඒ අහසේ පුංචි තරුවක් වෙන්න." " එතකොට මන්? " " එත් පුංචි මහත්තය දන්නවද? ඒ තරු කැමති...