(අභිමාන්ගෙ මව.)
තනුරගෙ ගෙදරට ගියාට පස්සෙ අභීගෙ අම්මා හිටියෙ ලොකු කල්පනාවක.ගෙට ගිනි තිබ්බෙ චමිලගෙ අනුදැනුම ඇතුව කියන එක එයාගෙ හිතට දිගින් දිගටම වද දෙන්න පටන් ගත්තා.රෑ එලිවෙනකන්ම මේ ගැන කල්පනා කලෙත් නිදි නැතිව.ඒත් පිරිමි කෙනෙක්ගෙ සපත්තුවක අඩි සටහන් නිසා මේක ජගත් කලාද කියලා හිතාගන්න බැරුව එයා කල්ප්නා කලා.ඒත් ඒ අය අභිමාන්ව අයිති කරගන්න නම් මේ වැඩේ කරන්න ඕනෙ අභිමාන් ගෙදර නැති වෙලාවක කියලත් එයාට හිතුනා.ඒත් චමිලා කියපු දේත් එක්ක ආපහු හිතට සැකයක් එකතු වුනා.
පහුවදා උදේම තනුරගෙ තාත්තට ආව කෝල් එකත් එක්ක ගෙදර හැමෝම වගේ කලබල වුනා.
(අභිමාන් & තනුර )
කෝල් එකත් එක්ක අපි හැමෝටම තනුර අයියගෙ තාත්තා කතා කලා.කෝල් එක ආන්ස්වර් කලාට පස්සෙ තනුර අයියගෙ තාත්තා අපිට විස්තර කරන්න ගත්තා.
"කතා කලේ පොලිසියෙන්.එයාලා කෙනෙක් සැක කරනවා."
"කාවද?" මම ඇහුවා.
"ඔයාලා මේක පිලිගන්න එකක් නෑ.ඒ අය කියන්නෙ බොහෝවිට ජගත් මේක කලා වෙන්න පුළුවන් කියලා."
" ඒත් එහෙම වෙන්නෙ කොහොමද? මල්ලිගෙ ජීවිතේ බේරුවෙ එයා නේද?"තනුර අයියා ඇහුවා.
"ඔව්. ඒක තමයි මාත් කල්පනා කලේ"
"එතකොට එයාව අත්අඩංගුවට අරගෙනද?" අම්මා ඇහුවා.
"නෑ සැකයක් විතරයි.එයා ගැන දැන් සෙවිල්ලෙන් ඉන්නෙ."
"ඒට් එයාව සැක කරන්න හේතුව?" මම ඇහුවෙ කලබලෙන් වගේ.මොකද කියනවන්ම් ඒක කලේ ජගත් අන්කල් නෙවෙයි කියන එකමගෙ හිතේ පැලපදියන් වෙලා තිබුනා.
"ගින්නට කලින් ඔයාලගෙ ගෙදර ඇවිත් තියෙන්නෙ එයයි එයාගෙ වයිෆුයි විතරයි.ඒ වගේම අභිමාන් කියපු එකත් ඒ අය සලකලා තියනවා."
"අර කොරගහන ගතිය ගැනද? මන් ඒක කිව්වෙ නිකම් හිතුන නිසා."
"හරි. ඒත් එයාලත් හිතන්නෙ පොලවෙ ඒ වගේ අඩි සලකුනු තියෙන්න පුළුවන් කොර ගහන කෙනෙක්ගෙන් විතරයි කියලා."
"ඒත් අන්කල්. ජගත් අන්කල්ගේ එහෙම අවුලක් තිබ්බෙ නෑනෙ." මම කිව්වා.
"ඔව්.ඒත් මේ කියන විස්තර අනුව එයාගෙ කකුලෙ අවුලක් තියනවා.ඒත් පොලීසිය මේ ඔක්කොම හොයාගෙන තියෙන්නෙ ජගත්ට නොදැනෙන්න"
"ඒ ඇයි?" අම්මා ඇහුවෙ නොරිස්සුම් හඬකින්.
"මන්දන්න කෙනෙකුටයි වැඩේ භාරදුන්නෙ.එයාට මමයි කිව්වෙ මේක ගැන හොරෙන් හොයා බලන්න කියලා.
"ඒ කියන්නෙ අපි එයාව සැක කරනව කියලා එයා දන්නෙ නැද්ද?" තනුර අයියා ඇහුවා.
"නෑ." තනුර අයියගෙ තාත්තා කිව්වා.
"ඒක හොඳ අවස්ථාවක් වෙයි." මම කිව්වා.
"ඒ ඇයි?" තනුර අයියා ඇහුවා.
"අපිට පුළුවන්නෙ එතකොට එයා මේක කලාද නැද්ද කියලා හොයාගන්න." මම කිව්වා.
"ඒ කොහොමද?"
"අපි එයාව හම්බෙලා කතා කරමු.එතකොට හරස් ප්‍රශ්න ටිකක් දාපුවම එයා ගැන හොයාගත්තෑකි.අනික කකුලට මොකද වුනේ කියලත් දැනගන්න පුළුවන්.එත් මම හිතන්නෙ නෑ ජගත් අන්කල් මේක කරා කියලා." මම කිව්වා.
"මාරයිනෙ මල්ලි.උඹට මාර රහස් පරික්ශක අදහස්නෙ එන්නෙ."
"පුස්තකාලෙ තිබ්බ පොත්වල බලේ තමයි" මම හිනාවුනා.
"ආ කවුරුවත් ජගත් හම්බෙන්නවත් ඕවා හොයන්නවත් ඕන නෑ.ඒක පොලීසිය බලාගනී.පුතා ඔයා ඒ අය හම්බෙන්න ගියොත් මම නරක අම්මා කියලා කියන්න එපා." අම්මා මට කිව්වෙ සැරෙන්.
"අම්මෙ? ඇයි ඔයා මට එපා කියන්නෙ? "
"මම කිව්වනෙ.ජගත්වත් චමිලවත් හම්බෙන්න ඕන නෑ."
මම නිහඬව හිටියෙ අම්මා තවත් තරහා ගස්සන්න ඕන නැති නිසා එදා ඒත් මම හිතාගත්තෙ තනුර අයියා එක්ක තනියම ගිහින් හරි මේක විසඳගන්නවා කියලා.ජීවිතේ පලවෙනි වතාවට මම අම්මා කියන දේ අහන්නෙ නැතුව මුරණ්ඩු තීරණයක් ගත්තා.
...............................................................
හරියටම ඒ ටික දවස ඇතුලත මාව වැඩට එක්ක ගියෙ තනුර අයියා.හැමදාම උදේට එයාව ඇහැරවන්න වෙනම වෙලාවක් මට වැයකරන්න වුනා.මම කලේ හැම උදේම වතුර එකක් එයාගෙ ඔළුවෙ ඉඳන් හලපු එක.මේ නිසා හැම දවසකම උදේ වැඩට ගියෙ බැනුම් කෝටියක් අහලා.ඒත් ඒ ආදරේ නම් එක මොහොතකටවත් මට අඩු වුනේ නැති බවනම් මට හොඳටම විශ්වාසයි.
සතිඅන්තෙ නිවාඩු දවසක උදේම තනුර අයියත් මමත් අපි ප්ලෑන් කරපු විදිහටම හොර ගමන යන්න ලෑස්ති වුනා.ගෙදරටත් ඇවිදින්න යනවා කියලා බොරුවක් කියපු අපි හොස්පිට්ල් එකට ගියෙ චමිලගෙ අසනීපෙ නිසා එයාලාව හොස්පිට්ල් එකේ හම්බෙන්න පුළුවන් නිසයි.
මම ඇතුලට යනකොටම මාව දැකපු ් ජගත් අන්කල් ටිකක් කලබල වුන බව මම දැක්කා.එයා මන් දිහා බැලුවෙ පුදුමයෙන් වගේ.මම දැක්කෙ එයාගෙ කකුල දනහිස හරියෙන් වෙලලා තියනවා.ඒ වගෙම ඇඳේ හිටපු චමිලා ඇන්ටිත් මන් දිහා බැලුවෙ අමුතු හැඟීමකින් කියලා මට තේරුනා.ඒ වෙනස මට නොදැනුන ගානට මන් කතා කලා.
"කොහොමද අන්කල්?" මම ඇහුවා.
"මම හොඳින් පුතා. පුතා මොකද මෙහෙ?"
" මම මෙහෙ එන්නමයි හිටියෙ අන්කල්.මම ඇන්ටිව දැක්කෙත් නෑනෙ.ඒ නිසා."
"ආ එහෙමද පුතා. ඔය ඉන්නෙ ඇන්ටි" එයා කිව්වා.
"කොහොමද ඇන්ටි." මම ඇහුවෙ එයාට ලංවෙන ගමන්.
"මගෙ පුතේ.ඔයා හොඳින් ඉන්නව නේද?" එයා ඇහුවෙ හරියට
කාලෙකින් දැක්ක කෙනෙක් වගේ.චමිලා ඇන්ටි එකපාරටම මන් හොඳින්ද කියලා මෙච්චර ආදරණීය විදිහට ඇහුවෙ ඇයි කියලා මම හිතුවා.
"මම හොඳින්." මම ඉක්මනින්ම එතනින් ඉවත් වුනේ කවදාවත් නොදැනුන අමුතු හැඟීමක් මගෙ හිතට චමිලා ඇන්ටි එකතු කරපු නිසා.
"අන්කල් කකුලට මොකද වුනේ?" තනුර අයියා ඇහුවා.මම බැලුවෙ ජගත් අන්කල්ග් ඇස් දිහා.
"මම එදා අභිමාන්ලගෙ ගෙදර ගියානෙ පුතේ. ඒ එන අතරෙ තමයි මේක වුනේ" ජගත් අන්කල් කිව්වා.ඇස් දිහා බලන් හිටපු මටනම් හිතුනෙ ඒක බොරුවක් නෙවෙයි කියලා.ඒත් ඒ ඇස් මගෙන් නිතරම ඉවතට හැරෙන්නෙ ඇයි කියලා මට තේරුනේ නෑ.
"ඒ කිව්වෙ?" මම ඇහුවා.
"චමිලවත් එක්කන් මම හොස්පිට්ල් එකට ආවා.එයාව ඇඳෙන් තියලා වොශෲම් ගිහින් මම ආපහු එනකොට කකුල පැටලිලා වැටුනා.ලොකු අවුලක් නෑ.ටිකක් තදට උළුක් වෙලා"
"ම්ම් එහෙමද අන්කල්.ඉක්මනට හොඳවෙයි." මම කිව්ව."අන්කල් දන්නෙ නැතුව ඇති අපෙ ගෙ ගිනිගත්තා." මම කිව්වා.
"මොකක්? ඔයාට කරදරයක් නෑ නේද පුතේ? පිච්චුනෙ එහෙම නෑ නේද?" ජගත් අන්කල් වගේම චමිලත් කලබල වුනා.
"නෑ නෑ අපිට කරදරයක් නෑ."මම කිව්වා.
"ඒක නම් ලොකු දෙයක්."ජගත් අන්කල් කිව්වෙ හිතට සැනසීමක් දැනුන විදිහට.තවත් ටික වෙලාවක් අපු එයා එක්ක කතා කලත් ගිනිතැබීම කලේ ජගත් අන්කල් කියන සැකය ඉවත් කරගන්න හරි, ඒක කලේ එයා නෙවෙයි කියන සැකය ස්තීර කරගන්න හරිඅපිට සාක්ශියක් ලැබුනෙ නෑ.අපි හොස්පිට්ල් එකෙන් එලියට ආවෙ කඩවුන බලාපොරොත්තු එක්කමයි.
"මේක කලේ එයාලා කියල මටනම් හිතෙන්නෙ නෑ අයියෙ" මම කිව්වා.
"එහෙම නෑ කියන්නත් බෑ මල්ලි එයාල ඔයාව දැක්කම හැසිරුන විදිහ හරිම අමුතුයි."තනුර අයියා කිව්වෙ වංගුසහිත පාරෙ ප්‍රවේශමෙන් එලවන ගමන්.
"ඒකනම් මටත් තේරුනා.ඒත් මට මහ අමුතු දෙයක් දැනුනා අයියෙ"
"ඒ මොකද්ද මල්ලි?"
"හරියට නිකම් එයාලව මීට ගොඩ කාලෙකට කලින් දන්නව වගේ දෙයක්."
"එහෙම දැනෙන්න ඇති ඉතින්.ඔයාගෙ ඇඟේ දැන් දුවන්නෙත් ඉතින් එයාගෙ ලේනෙ" තනුර අයියා ගානක් නැතුව කිව්වත් මට හිතුනෙම ඒ වෙන මොකක් හරි සම්භන්දකමක් කියලමයි.
අපි ගෙදර යනකොට මම දැක්කෙ අපෙ අම්මා ගේ ඉස්සරහ හිටගෙන ඉන්නව.හැබැයි හිටියෙ නම් එච්චර හොඳ මූඩ් එක්කින් නෙවෙයි.
"අම්මෙ." මම් කතා කලා.
"අම්මෙ තමයි. එපා කියද්දිත් ගියා නේද?" අම්මා ඇහුවා.
"කොහෙද අම්මෙ?"
"කොහෙද අම්මෙ තමයි. එපා කියද්දිත් ජගත්ව හම්බෙන්න ගියා නේද?"
"අම්මා කොහොමද දන්නෙ?"
"පොලීසියෙ අය පැය 24ම ජගත් ගැන හෙවිල්ලෙන් ඉන්නෙ.ඒ අයගෙන් තමයි දැනගත්තෙ"
"හරි අම්මෙ ඔච්චර කේන්ති ගන්න එපා.ඇයි ඔයා මන් එයාලව හම්බෙනවට එච්චර අකමැති?"
අම්මා ඒකට උත්තර නොදීම පිටවුනා.මේ වෙනකොට මගෙ හිතට කිසිම නිදහසක් නෑ.එහෙන් ජගත් අන්කල්, චමිලා ඇන්ටි ගැන හිතේ තිබුන ප්‍රශ්න. අනිත් පැත්තෙන් අම්මගෙ හදිසි වෙනස්වීම ගැන ප්‍රශ්න. මේ දෙකම ඉක්මනින්ම විසඳගන්න එහෙම නැත්තම් අමතක කරලා දැම්මෙ නැත්තම් මම පිස්සෙක් වෙලා නවතින බවනම් මට සහතික වුනා.
...............................................................
තවත් ටික දවසක් ගත වුනා.අපි හැමෝටම වගේ ගේ ගිනිගත්ත සිද්දිය ටිකක් අමතක වුනා.පොලීසිය දිගටම ජගත් අන්කල් පස්සෙ පැන්නුවත් තේරුමක් වුනේ නෑ.අම්මගෙ අමුතු හැසිරීම ප්‍රශ්නයක් වුනත් ඒක ඒ තරම් ලොකුවට පෙනුනෙ නෑ.
"අයියෙ අර අක්කට මොකද වුනේ?" මම ඇහුවෙ එකපාරටම මතක් වුන දෙයක්.
"මොන අක්කද ?" තනුර අයියා ඇහුවෙ මගෙ පැත්තට හැරෙමින්.
"අර මන් ඉස්සෙල්ලම දවසෙ එනකොට මෙහෙ හිටියෙ" මම කිව්වා.
"ආ මේ. ටකේශාද?"
"ආ ඔව් එයා තමයි" මම කිව්වා.
"එයා ආපහු රට ගියා. ඉක්මනට එනව කියල තමයි කිව්වෙ"
"එහෙමද?"
" හ්ම්ම්.උපන්දිනේ දවසට කොහොම හරි එනව කිව්වා.ඒ දවස්වල අපෙ ප්‍රශ්නනෙ මල්ලියා.ඉතින් එයාට ඔයාව හම්බෙන්න ඕනෙ කිව්වත් හම්බෙන්ම බැරිවුනා."
"හ්ම්ම්."මම කිව්වා.
"මොකො එකපාරටම එයාව මතක් වුනේ?" තනුර අයියා ඇහුවා.
"නිකම් අයියෙ. එයා හරි හොඳයිනෙ" මම කිව්වෙ හිනාවක් රඳවගෙන.
"එයා මෙහෙටනෙ එන්නෙ ඉතින් ඔයා දිගටම මෙහෙ ඉන්න නිසා මේ පාර හම්බෙන්න පුළුවන්." තනුර අයියා කිව්ව.
ජනවාරි මාසෙ ඉක්මනින්ම උද වුනා.අවුරුද්දෙ පලවෙනි දවස අපි ආරම්භ කලේ ගිය අවුරුද්දෙ වගේ කරදර අපිට නොලැබේවා කියලා ප්‍රාර්ථනය කරමින්.ඒ වගේම ජනවාරි මාසෙ අපිට ගොඩක් වැදගත් මාසයක් වුනෙ මගෙ එක පොරොන්දුවක් ඉටු කරන්න කාලෙ එලඹිලා නිසා.එ චාරුට වුන පොරොන්දුව. චාරු මට දුන්න සින්දුව ජනවාරි වල දාන්න අපි සූදානම් වුන නිසා අපි ඒ වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙලා වැඩ කලා. සින්දුව ඉක්මනින් නිම වුනා.ජනවාරි මාසෙ මැද හරිය වෙනකොට අපි සින්දුව රිලීස් කලා.ඒ සින්දුව ඇහෙනකොට මම ආයෙමත් සැරයක් චාරුගෙයි මගෙයි මතක වල අතරමන් වුනා.
🎶කඳුළු පිසදමා නෙතු අග
නොහැඬූ අයුරින්...
හැඟුම් හැරදමා සිතතුල
නොහැඟුන විලසින්...
සිහින හැරදමා ඔබ ගැන
නිදිනැති රැයකින්...
තනුවක් සෙව්වා ගීයට
ලියු මගෙ ප්‍රේමෙන්...
මිතුදමකින් ඇරඹුනු ඒ සුන්දර සබැඳුම්
ප්‍රේමයෙ ගීයක් ලියවූවා හදෙහී මනරම්
වැයුමට අද තනුව නොමැත රිදවයි හැඟුමන්
තනුව නොමැති ගීය කුමට
බිඳුනා පැතුමන්... බිඳුනා පැතුමන්...
ආදරයද මිතුදමමද උරුම වී මෙදා
තිබු පැතුමන් නුඹේ නමින් ඇත ඉරා දමා
වෙනකෙකු අද ගීය ගයයි තනුවක්ද දමා
පසෙකට වී තුටින් හිඳිමි
මා එදෙස බලා...මා එදෙස බලා...
කඳුළු පිසදමා නෙතු අග...🎶
සින්දුවට ලැබුන දාහකුත් ප්‍රතිචාර මැද අපි බලන් හිටපු ප්‍රතිචාරය ලැබෙනකම් තනුර අයියත් මමත් හිටියෙ නොයිවසිල්ලෙන්.
මතුසම්බන්ධයි