තනුර අයියව මන් බදාගත්තෙ ඒ වෙලාවෙ හිටපු විදිහටමයි.එයාගෙ තිබුණ මහන්සියට එයාගෙ හුස්ම ගන්න වේගය හුඟක් වැඩිවෙලා තිබුනා.පපුව උඩ ඔළුව තියාගෙන හිටපු තනුර අයියගෙ හුස්ම වේගෙන් මගෙ පපුවෙ දැවටුනා.එයා මගෙ පහස උපරිමයෙන් විඳින බව තේරුනේ එයාගෙ ඇස් පියවිලා තිබුන බව දැක්ක නිසයි.මම එයාට ටික වෙලාවක් ඉඩ දුන්නා.හෙමින් ඔළුව අතගාන ගමන් මන් කතා කලා.
"සුදු මහත්තයො." මම එහෙම කිව්වෙ මට ලොකු ආදරයක් එයා ගැන දැනුන නිසා.
"ම්ම්ම්?" තනුර අයියා ඇහුවා.
"මහන්සිද?"
"නෑහ්."
"නැගිටිනෝකො ඒනම්"
"බෑහ්.තව ටිකක් ඉන්න දෙනවකො"
අයියා කිව්වා.මන් ඒකට ඉඩ දුන්නත් තනුර අයියා ඉක්මනට නැගිට්ටා.
"මොකො?"මන් ඇහුවා.
"ඔයා මේසෙ උඩනෙ ඉන්නෙ. අමාරු ඇතිනෙ" ඒක තනුර අයියා කිව්වම මට හිනාගියා.
"මොකද යකෝ හිනාවෙන්නෙ?"
"නෑ ඔච්චර වෙලා මට රිදුනෙ නෑනෙ. තඩි පොල්ලකින් ගහලා ඉවර වෙලා රිදුනද කියලා අහනව මෙයා." මන් හිනාවෙවී මේසෙන් බැස්සා.මන් හැදුවෙ කාමරේට යන්න.ඒත් මගෙ කකුල හිරිවැටීලා වගේ දැනුනා.මම කොරගහමින් වගේ ඇවිදින්න ගත්තා.
(අභිමාන්ගෙ මව)
"ඔයා?" නින්දෙන් ඇහැරුනු ජගත්ගෙ බිරිඳ ඇහුවෙ පුදුම වුනා වගේ.
"ඔයා මාව අඳුරනවද?" අභීගෙ අම්මා ඇහුවෙ සාමාන්‍යය විදිහට ඉන්න උත්සහ කරමින්.
"ම්ම් මේ " ජගත්ගෙ බිරිඳ ජගත් දිහා බැලුවෙ හොරෙන් වගේ " නෑ මට නිකම් ඔයාව පෙනුනෙ දන්න කෙනෙක් වගේ"එයා සාමාන්‍යය විදිහට කිව්ව.
"හ්ම්ම් එහෙමද?" අභීගෙ අම්මට සුසුමක් පිටවුනා.ඒ කියන්නෙ මේ අභිගෙ අම්මා නොවෙන්න පුළුවන්.මොකද ඒ එයානම් තමන්ව දැක්කම මෙහෙම සංසුන් වෙන්න බෑනෙ.
"මේ මිසිස් බණ්ඩාර.මෙයාගෙ පුතා තමයි අසනීප වෙලා හිටියෙ.මන් අර ඔයාට කිව්වෙ" ජගත් කියාගෙන ගියා.
"ඒ කියන්නෙ මෙයාගෙ පුතාටද ලේ දුන්නෙ?"
"ඔව්. එයාට තමයි"
"කොහොමද ඔයාට? හිතන්නෙ හොඳින් කියලා"අභීගෙ අම්මා ජගත්ගෙ බිරිඳ එක්ක කතාවට වැටුනා.
"මම නම් ඉතින් හොඳින් වගේ තමයි.ඒත් මේ කරුම ලෙඩේ හින්දා හැමදාම මෙහෙ ඉන්න වෙයිද දන්නෑ."
"එහෙම වෙන්නෙ නෑ.ඔයාගෙ මහත්තයා කරන පින්වල බලෙන් ඔයා ඉක්මනට හොඳවෙයි."අභීගෙ අම්මා කිව්වෙ හිතට එකඟව නෙවෙයි.මොකද කියනවනම් ජගත්ගෙ බිරිද ඉතාම ඉක්මනින් මියයන බව එයා දැනගෙන හිටිය නිසා.ඒ එක්කම අභිගෙ අම්මා ජගත්ගෙ බිරිඳ දිහා බැලුවා එයාට දැනුනෙ අමුත්තක්.ජගත්ගෙ බිරිඳ එයා දිහාම එක එල්ලෙ බලාගෙන ඉන්නව්.
"ආ ඩොක්ටර් මේ බෙහෙත් ටික ගෙන්නගන්න කිව්ව.ෆාමසියෙන් ගේන්න පුළුවන්ද ?" එකපාරටම ජගත්ගෙ බිරිඳ ජගත් දිහාට හැරුනා.
"හරි චමිලා.මන් අරන් එන්නම්.එහෙනම් මිසිස් බණ්ඩාර එක්ක කතා කරකර ඉන්නකො" ජගත් ඉක්මනින් හොස්පිට්ල් එකෙන් පිටවුනා.
"දැන් හංගන්න දෙයක් නෑ.මට කියන්න" චමිලා කිව්වා.
"මොනවද කියන්නෙ?" අභිගෙ අම්මා ඇහුවා.
"ඔයා දන්නව මන් මොකක් ගැනද කියන්නෙ කියලා"
"මොනවද ඔයා මේ කියවන්නෙ?"
"මගෙ පුතා ගැන.එයා කොහෙද දැන් ඉන්නෙ?" චමිලා කෑ ගැහුවා.
"මොන පුතාද? ඔයා මොන්වද කියවන්නෙ?" අභිගෙ අම්මා ඇහුවෙ හිතේ ඇතිවුන් බිය එක්කමයි.ඒ කියන්නෙ මේ ඉන්නෙ අභිමාන්ගෙ ඇත්ත අම්මා කියන එක එයාට තේරුනා.
"ඔයා කියන කිසි දෙයක් මට තේරෙන්නෙ නෑ.මට ඉන්නෙ මගෙ පුතා විතරයි."
"තවත් මට හංගන්න ඕනෙ නෑ.මන් ඇත්ත දන්නව.එදා ඔයා තමයි මගෙ දරුවා අරන් ගියෙ." චමිලා කෑ ගැහුවා.
"ටිකක් සංසුන් වෙන්න.ඔයාට කෑ ගහන්න හොඳ නැ."
"කියන්න මගෙ දරුව ගැන."
"ඔයා කියන කෙනෙක් ගැන මන් දන්නෙ නෑ."
"හරි මංම කියන්නම්කො.මන් කියන්නෙ ඇත්තද බොරුද කියලා ඔයාම හිතන්න." චමිලා කිව්වා.
"හ්ම්ම්" අභිගෙ අම්මා කිව්වත් හදවත ගිඩි ගිඩි ගාලා ගැහෙන්න වුනේ අභීව තමන්ට අහිමි වෙයි කියන බයෙන්.
"මීට අවුරුදු 20 කට කලින් මේක වුනේ. මහ මූසල දවසක්.ඔයා පාර දිගෙ ඇවිදගෙන ආවා.එනකොට පාර අයිනෙන් ළමයෙක් අඬන සද්දෙ ඇහුනා. ඔයා ඒ ගැන සැලකිලිමත් වුනාම ඔයා පොඩි එකෙක් දැක්කා.බයටම ඔයා එයාව දාලා දිව්වා.ඒත් ආපහු මොකක්ම හරි හේතුවක් නිස ඇවිත් පොඩි එකාව අතට ගත්තා." චමිලා කියද්දි අභිගෙ අම්මට එදා වුන දේවල් චිත්‍රපටයක් වගේ මැවිලා පේන්න ගත්තා.
"ඔයා වටපිට බැලුවෙ කවුරු හරි ඉන්නවද කියලා.එතකොට ඔයා මාව දැක්කා.පඳුරක් අතරින්."
"නෑ එහෙම නෑ.අභිමාන් කියන්නෙ මගෙ පුතා." අභිගෙ අම්මා කිව්වෙ ඔලුව බදාගන්න ගමන්."කවුරු මොනව කිව්වත් ඒ මගෙ පුතා.
"ඒ දරුවා මගෙයි." චමිලා කිව්වා.
අභිගෙ අම්මා එතනින් පිට වුනේ වේගෙන්.හොස්පිට්ල් එකෙන් එලියට එනකන්ම එකම වේගෙන් ආව එයා ඉස්සරහින් ආව කෙනෙගෙ ඇඟේ හැප්ප්ලා ඇද වැටුනා.
"මිසිස් බණ්ඩාර?මොකද මේ කලබලෙන්."ඒ ජගත්.
"මන් ගිහින් එන්නම්"අභීගෙ අම්මා ඉක්මනින් එතනින් පිටවෙලා බ්ස් නැවතුමට ගියා.
(අභිමාන් & තනුර)
"මොකද ඔය කොරගහන්නෙ?" තනුර අයියා ඇහුවා.
"කකුල හිරිවැටිලා වගේ." මම කිව්වා.
"ඔහොම ඉන්නව" තනුර අයියා මාව උස්සගත්තා.
"අම්මෝ බර."
"ආ ඇයි මාව මෙතනට ගෙනාවෙ උස්සගෙන නෙවෙයිද?"
"ඒ එතකොටනෙ"
"විකාර. ඇයි දැන් මොකද වෙලා තියෙන්නෙ?"
"ඒ වෙලාවෙ උස්ස්න ආවෙ මට වැඩක් තිබ්බ නිසානෙ."
"ඒ කියන්නෙ ඒකට විතරද මාව ඔනෙ"
"ඔව්." තනුර අයියා නපුරු විදිහට කිය කිය පඩිපෙල නගින්න ගත්තා..
"බිමින් තියන්න මාව.අයියලා කියන ජාතියම එකයි.ප්‍රයෝජන ගන්නකම් විතරයි සුදු මැණික පණ ඔක්කොම.ඉවර වුනාට පස්සෙ ඕනෙ නෑ අපිව."
"අනේ මේ කටනම් තියනවා.චුට්ටක් කරාම ඇවිදගන්නවත් බෑ."තනුර අයියා කිව්වෙ හිනාවෙවී. එයයි මමයි රණ්ඩු වෙවීම කාමරේට ගියා මාව ඇඳෙන් තියලා එයා බාතෲම් එකට ගියා.දොරත් ඇරගෙනම ශවර් එක ඇරලා නාන්න ගත්තා.
"දොර වහගන්නවා" මම කෑගැහුවා.
"බෑ.එනවා නාන්න"
"මන් ඔයාට පස්සෙ නාන්නම්."
තනුර අයියා වතුර පිටින්ම කාමරේට ඇවිත් මාව ඇදගෙන ගියා. ශවර් එකෙන් වැටෙන සීතල වතුරට මැදි වෙලා අපි දෙන්නම හොඳට නාගත්තා.ඒ මොහොත හරිම ආදරණියයි.මම ඒ දවසෙ ආදරේ ඇතුලෙ හැංගුන රාගය හරියටම අඳුරගත්තා.ඒත් ඒක හරිම මිහිරියි.මගෙ ජීවිතේ වැඩියෙන්ම සතුටු වුන දවසක් විදිහට එක ස්ටහන් වුනා.
නාලා ඉවර වෙලා අපි කාමරේට ආවා.මුලින්ම ඇඳ එහෙම හදලා සාලෙත් කෑම මේසෙත් අස් කරලා කාමරේට ඇඳෙන් වාඩි වුනාට පස්සෙ තනුර අයිය ම්ට ටවල් එක දුන්නා.
"මේක මොකටද?"
"ඔළුව පිහදාන්නකො."
"පිහදගන්නවකො වදේ අම්මට කෝල් කරන්න ඕනෙ"
"පිහදාන ගමන් ගන්න ඉතින්."
මම ඇඳෙන් වාඩිවෙලා බිම ඉඳගෙන හිටපු තනුර අයියගෙ කොන්ඩෙ පිහදාන්න ගත්තා.එයාට ඕනෙ ඔලුව පිහිදනවටත් වඩා එයාගෙ ඔළුව අතගාගන්න කියලා දන්න නිසා මන් ඕඩිකොලොන් බෝතලේ අරගෙන බින්දු දෙක තුනක් දාලා මසාජ් කරන්න ගත්තා.
"අයියෙ. අම්මට කෝල් එකක් ගන්නකො."මම කිව්වෙ ඇඟිලි තුඩු කඩිසරව එහ මෙහා යවන ගමන්.
"හා." තනුර අයියා කියනකොටම ම්ගෙ ෆෝන් එක රිංවෙන්න ගත්තා.තනුර අයියා ඒක අතට ගත්තා.
"මතක් කරනකොටම මේන් අම්මා ගන්නවා."
"ස්පීකර් ඔන් කරන්න" මන් කිව්වා. අම්මගෙ කටහ්ඬ ඇහුනෙ හරි කලබලේකින්.වාහන යන ස්ද්දෙත් පසුබිමින් ඇහුනා.
"හෙලෝ පුතේ?"
"අම්මෙ.මොකො කලබලෙන් වගේ? මම මේ ගන්න හැදුවා විතරයි.අනික ඔයා කොහෙද ඉන්නෙ?"මන් කිව්වත් ඒ එකක්වත් එයා ගනන් ගත්තෙ නෑ වගේ
"ඔයා මගෙම පුතා නේද දරුවො.ඔයාගෙ අම්මා මමයි.මේ ලෝකෙට බිහි කලේ නැති වුනාට මම මගෙ දරුවෙකුට වගේ ආදරේ කල."
"අම්මෙ මොකද මේ? "
"මට කියන්න. ඔයා මගෙ පුතා නේද?"අම්මා ඇහුවෙ කලබලෙන් වගේ.
"ඔව් අම්මෙ.කවුරු මොනව කිව්වත් ඔයා තමයි මගෙ අම්මා.ඔයා විතරමයි මගෙ අම්මා." මන් කිව්වෙ හිතේ තිබුන ප්‍රශ්නාර්ථ හැගීම යටපත් කරමින්.
"හ්ම්ම්. ඔයා කවද්ද එන්නෙ?"
"මේ සතිය ඉවරවෙලා ඉන්න හිටියෙ අම්මෙ.කලින් එන්න ඕනෙද?" මන්.ඇහුවෙ අම්ම ඉන්නෙ අවුලක කියලා දැනුන නිසා.
"නෑ ඕනෙ නෑ.මන් තියන්නම්."
"හරි අම්මෙ. බුදුසරණයි"අම්මා කෝල් එක කට්කලා.තනුර අයියා මගෙ දිහාට හැරුනෙ පුදුමයෙන් වගේ.
"ඇයි මල්ලි ඒ එකපාරටම අම්ම එහෙම ඇහුවෙ කෝල් කරලා.අනික හදිසියකින් වගේ"
"අනේ මන්දා අයියෙ.මට හිතෙන්නෙ මොකක් හරි අවුලක් කියලා ගෙදර ගියානම් හොඳයි."
"ආව විතරනෙ ඔයා" තනුර අයියා මූණ ඇඹුල් කරගත්තා."
"ඒත් අයියෙ අම්මා?"
"හරි අපි දෙන්නම යමු එහෙනම්.නැත්තම් අම්ම මෙහෙ එක්ක එමුකො." තනුර අයියා කිව්වෙ මගෙන් වෙන්වෙන්න තිබුන අකමැත්ත හොඳටම පෙන්වමින්.
"හ්ම්ම්," මම කිව්ව.
"මොකක් හරි එකක් වෙනව හැමදාම.මූ එක්ක එකට ඉන්නම් නෑනෙ." තනුර අයිය හෙමින් කියවනවා මට ඇහුනා.
"මොනවද කුටු කුටු ගාන්නෙ?"
"මොකුත් නෑ.අපි අනිද්දා යමු නේද?".
"හා අයියෙ.අනිද්දා යමු." මේ ඔච්චර අකමැතිද මගෙන් ඈත් වෙලා ඉන්න" මන් ඇහුවෙ පොඩි ටොක්කක් තනුර අයියට අනින ගමන්.
"ආව්. ඔව් ඉතින් මට මගෙ පණ නැතුව ඉන්න බෑනෙ"
"අනේ මේ බොරු නොකියා ඉන්නව"
"ඇයි?"
"බොරුවට බටර්නෙ ගාන්නෙ ඔය.මොනාහරි කරන්න ඕනෙ වුනාම තමයි අපිව ඕනෙ.එකනෙ මෙ සතියෙ මාව ගෙන්නගත්තෙ." මම කිව්වෙ හිනාවෙවී.
"ආ එහෙමද? මමද ගෙන්නගත්තෙ?"
"ඔව්.එන්න එන්න කියලා ගෙන්නගත්තෙ."
"ආ එහෙමද?" තනුර අයියා මාව ඇඳේ පෙරලගත්තා.අන්තිමට අපි කොට්ට වලින් ගහගත්තා.ඒක ඉවරවුනේ දිග ලිප් කිස් එකකින්.ඒත් එක්කම මට ලොකු අපහසුතාවක් දැනෙන්න ගත්තා.මම තනුර අයියව තල්ලු කරන් බාතෲම් එකට දිව්වා.
"මල්ලි මොකද වුනේ?" අයියා මගෙ පස්සෙ දුවගෙන ආවා.
"ඔවෑක්" මට එකපාරටම වමනෙ ගියා.තනුර අයියා ගොඩක් බයවෙලා වගේ මන් ගාවට දුවගෙම ආවා.
"මල්ලි. මොකද වුනේ මගෙ මැණික."
"ඔළුව රිදෙනවා." මන් කිව්වා.
තනුර අයියා මාව ඇඳෙන් හාන්සි කලා.එයා ඩොක්ටර්ට කතා කලත් හදිසි වැඩකට එයා පිට ගිහින්.
"අපි බෙහෙත් ටිකක් ගන්න යමුද?"
"ඕනෙ වෙන එකක් නෑ" එහෙම කියනකොටම මට ආපහු වමනෙ යන්න ආව නිස මන් වොශෲම් එකට දිව්වා.ටික වෙලාවකින් තනුර අයියගෙ බලවත් බලකිරීම මැද අපි දෙන්නම බෙහෙත් ගන්න යන්ම පිටත්වුනා.එතන තිබුනෙ ටිකක් දිග පෝලිමක්. අපි දෙන්නත් එතන තිබුන පුටුවල වාඩි වුනා.මම තනුර අයියගෙ උරහිසට ඔලුව තියාගත්තෙ ඇඟට දැනුන අමාරු ගතිය නිසා.වටපිටේ ඉන්න කිසි කෙනෙක් දිහා අපි බැලුවෙ නෑ. අපි ඒ අයව ගනන් ගත්තෙත් නෑ.තනුර අයියා හෙමින් මගෙ ඔළුව
අතගෑව.
"පොඩ්ඩක් ඉවසන් ඉන්න මැණික." එයා හෙමින් කිව්වා.
මන් ඔලුව හෙල්ලුවා.කොච්චර එක එක ඒව කිව්වත් එයාගෙ ආදරේ අඩු නැති බව මට හොඳටම දැනුනා. අපෙ වාරෙ එනකම් අපි පෝලිමේ ඉඳගෙන බලන් හිටියා.මට යන්තම් වගේ නින්ද යාගෙන එන්න පටන්ගත්තා.ඒ තනුර අයියගෙ ඔළුව අතගෑමෙ සනීපෙට.ඒ එක්කම අම්මා අමුතුවට හැසිරුනෙ ඇයි කියලා මට හිතුනා.
මතුසම්බන්ධයි