චාරු මාව කාර් එකේ පිටිපස්සට එක්කගෙන ගියා.චාරුගෙ ගේ වටේම තිබුන බැම්ම නිසා වත්ට්ග අතුලෙ ඉන්න කෙනෙකුට පාර පේන්නෙ නෑ.චාරු කාර් එකේ පිටුපස්සට ගිහින් මාත් එක්ක කතා කලා.
"අභී. Thank you මාත් එක්ක අද ආවට."
"Thank you කියන්න ඕනෙ නෑ චාරු"
"මගෙ හිතේ දැන් තියෙන්නෙ එක ප්‍රාර්ථනයක් විතරයි.ඒ ඔයාටත් තනුර අයියටත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා. තිමිරවත් හොඳට බලාගන්න අභී. මේ සතියට ආපහු මන් ඔයාගෙ හොඳම යාළුවා වෙනවා.අද අපි කරපු දේවල් මට කවදාවත් අමතක වෙන එකක් නෑ."
"ඒත් චාරු ඔයා යනවටනම් මන් ටිකක්වත් කැමති නෑ." මන් කිව්වා.
"මන් යන්නම ඕනෙ.නැත්තම් ඔයාලට මාව බාධාවක් වෙයි.ඒ නැතත් මට හිත හදාගන්න අමාරු වෙයි." කියපු චාරු මන් දිහා බලාගෙනම හිටියා.
"තව එක උදව්වක් කරන්න පුළුවන්ද ?" චාරු ඇහුවා.
"මොකද්ද?"
"ඔයා දන්නවනෙ මන් කවි සින්දු ලියන්න ඉස්සර ඉඳන් දක්ශයි කියලා.ඒ නිසා මන් සින්දුවක් ලිව්වා."
"හ්ම්ම් ඉතින්?"
"ඒක කැමතිනම් තනුර අයියට එයාගෙ සින්දුවක් විදිහට කියන්න කියනවද?"
"මන් කියලා බලන්නම්" මන් කිව්වා.
"අභී මේක මගෙ හීනයක්.මම ලියපු සින්දුවක් ටි වී එකේ යනව දකින එක.ඔයාට පුලුවන් නේද ඒක ඇත්තක් කරන්න."
"මන් කරන්නම්" මම කිව්වෙ චාරුගෙ අතින් සින්දුව ලියපු කොලේ ගන්න ගමන්.
"මන් යනවා අභී.පරිස්සමින් ගෙදර යන්න." චාරු ගේ පැත්තට හැරුනෙ ස්තුතිය පෙන්වන බැල්මක් මගෙ දිහාට දාලා.ටිකකින් ආපස්සට ආව චාරු එකපාරටම මගෙ කම්මුල සිපගත්තා.හදිසියෙම වුන දෙයින් මන් කලබල වුනත් මන් හිටපු ඉරියව්වෙන්ම හිටියා.මගෙ දිහා බලලා හිනාවුන චාරු ඉක්මනින්ම ගෙදරට දිව්වෙ තව මොහොතක්වත් පමා නොවී.
ගෙදර යන්න මන් ආපහු කාර් එකට නැග්ගා.ඩ්‍රයිවර් අයියා එක්ක කතා කරකර ආපහු එන අතරෙ තනුර අයියට කතා කරන්නත් මන් අමතක කලේ නෑ. ගෙදර ගිහින් කතා කරන පොරොන්දුව පිට මන් කෝල් එක කට් කලා.ඒත් එදා තනුර අයියා එක්ක කතා කර කර ඉන්න තරම් මූඩ් එකක් මට තිබ්බෙ නෑ.ඒකට හේතුව චාරු. අපි අතර තිබුන යාළුකම දුරස් වෙන්න යන බව දැනුනම මට ගොඩක් දුක හිතුනා.මම රෑ තිස්සෙ එයා ගැන කල්පනා කලා.අම්ම මගෙ වෙනස දැකලා ඒ ගැන ඇහුවමත් චාරු මට ආදරය කරන එක හැරෙන්න එයා ගැන අනිත් දේවල් මම කිව්වා.
පහුවදා ක්ලාස් වලින් පස්සෙ මම තනුර අයියට කෝල් කලා.
"හෙලෝ මල්ලියා කෝමද ම්ගෙ පණ?"තනුර අයියා කතා කලේ ලොකු සතුටකින් වගේ.
"හොඳින් ඉන්නව අයියෙ." මන් කිව්වෙ ගෙදරට පයින්ම යන අදහසින් පාරට හැරුන ගමන්.
"ඉතින්. ඊයෙ කතා කලෙත් නෑනෙ?"
"අහ් ඊයෙ කතා කරන්න තරම් මූඩ් එකක් තිබ්බෙ නෑ."
"හ්ම්ම්.චාරු මොකො කිව්වෙ?"
"ගොඩක් දේවල් කිව්වා. එයා නැන්දලගෙ ගෙදර යනවලු.ආය එන්නෙ නෑ කිව්වා."මම කිව්වා.
"එහෙමද? දුක් වෙන්න එපා මල්ලි.එයාට හිත හදාගන්න කාලයක් ඕනෙ ඇතිනෙ"
"හ්ම්ම් ඔව්"
"තව මොනවද කිව්වෙ?"
"තව එක දෙයක් දුන්නා ඔයාට දෙන්න කියලා මන් ඒක ඔයාට දෙන්නම්"
"මොකද්ද ඒ?" තනුර අයියා කලබලෙන් වගේ ඇහුවා.
"මන් ඒක ඔහෙ ආවම දෙන්නම්.ඔයාට ඒක ගැන කියන්න දිග කතාවක් තියනවා." මන් එහම කිව්වම තනුර අයියගෙ හිතට කුතුහලයක් දැනෙන්න ඇති.
"හරි එහෙනම් මට කියන්නම එපා ඕක ගැන."
"ඒ ඇයි?" මන් ඇහුවෙ පුදුමයෙන්
" ඕක හින්දා හරි ඔයා මෙහෙ එන එක පරක්කු කරන එක නවතියිනෙ" තනුර අයිය කිව්වෙ හිනාවෙමින්.
ඒ සතිය වේගෙන ගතවුනා වගේ.චාරු වැඩකරන තැනින් අස්වෙලා ගියා.එයාව ආය දකින්න මන් සෑහෙන කාලයක් බලන් ඉන්න ඕනෙ. එ නිසා මන් හිටියෙ සෑහෙන දුකකින්.තනිකම මකා ගන්න මම කලේ තිමිර එක්ක වැඩි කාලයක් ගත කරපු එක.
..............................................................
තවත් සතියකට පස්සෙ තනුර අයියාගෙන් මට කෝල් එකක් ආවා.
"හෙලො අයියෙ" මන් ඒක ආන්ස්වර් කල.
"හෙලෝ මල්ලියා"
"කොහොමද අයියා?
"හොඳින් ඉන්නව මගෙ පණ. ඔයාට හෙට නිවාඩු දාන්න පුළුවන්ද ? "
"ඒ ඇයි?"
"මන් හිතන්නෙ රශ්මින බලන්න ගියොත් හොඳයි කියලා.ඔයා එනවනම් තවත් හොඳයි." තනුර අයිය එකඑකපාරටම කිව්වා.
"හරි අයියෙ මන් බලන්නම්"මම කිව්වත් රශ්මින අයියව බලන්න් යන්න මගෙ හිතේ අකමැත්තක් නොතිබුනාම නොවෙයි.කොහොම වුනත් පහුවද අපි දෙන්නම එයාව බලන්න ගියා.අපි දෙන්නව දැක්කම රශ්මින අයියගෙ මූණ මලක් වගේ පිපුනා.ඒත් එයා සෑහෙන්න වෙනස් වෙලා තිබුණා.මගෙ හිතට දැනුනෙ ලොකු අනුකම්පාවක් ව්ගේම දුකක් විතරයි.
"තනුර, අභී ඔයාලා මාව බලන්න ඇවිත් "රශ්මින කිව්වෙ හිනාවෙමින්.
"කොහොමද රශ්මින?"තනුර අයියා ඇහුවා.
"හොඳින් ඉන්නව කියන්න බෑ ඉතින්.ඒත් මන් කරපු වැරදි හදන ගමන් ඉන්නවා"
"හ්ම්ම්.මන් ආවෙ ඔයාට ස්තුති කරලා යන්න.මට නඩුව දිනන්න පුළුවන් වුනේ උඹෙ උදව්ව නිසානෙ" තනුර අයියා කිව්වම රශ්මින අයියගෙ මූණ වෙනස් වුනා.
"උඹට නඩුවකට මූණ දෙන්න වෙන විදිහට වරදක් කලෙත් මමනෙ.එදා මියුරු
කියපු විදිහට අභීව අරන් නොගියනම් මේ කිසි දෙයක් වෙන්නෙ නෑනෙ." රශ්මින අයියා කිව්වෙ මූණ ඇඹුල් කරන්.
"දැන් වුන දේවල් වුනා රශ්මින.ඒව ආපහු හරවන්න බෑ."
"ඒක ඇත්ත. "රශ්මින් අයියා කිව්වා."අභී ඇයි මල්ලි කතා නැත්තෙ?" රශ්මින අයියා මගෙන් ඇහුවා.
"මොකුත් නෑ අයියා අයියෙ" මන් කිව්වා.
"මොකුත් නෑ කිව්වෙ?"
"මට කියන්න දෙයක් නෑ අයියෙ.ඔයා එක්ක කිසිම දෙයක් දැන් නොතිබුනත් මට ඔයා මෙහෙම ඉන්න එක බලන්න බෑ.ඒකයි මන් සද්ද නැතුව හිටියෙ" මම ඇත්තම කිව්වා.
"එහෙනම් අපි යමුද?" තනුර අයියා ඇහුවා.මන් ඒකට උත්තර දුන්නෙ නෑ.
"අපි යනවා රශ්මින.පරිස්සමින් ඉන්න" තනුර අයියා කිව්වා.ඔළුව වනලා හා කිව්ව රශ්මින අයියා ආපහු කතා කලා.
"පොඩ්ඩක් ඔහොම ඉන්න"
"ඇයි?" තනුර අයියා ඇහුවා.
"අභීට අයිති දෙයක් පොලීසියෙ තියනවා.ඒක අරන් යන්න."රශ්මින අයියා කියනකොට මට ඇතිවුනේ ලොකු පුදුමයක්.
"ඒ මොකද්ද ?"
"ඔයාට පුලුවන්ද පොලිස් රාළහාමි කෙනෙකුට කතා කරන්න."
තනුර අයියා ඉක්මනින්ම පොලිස් නිළධාරියෙකුට කතා කලා.එයා රශ්මින හිටපු කූඩුව ලඟට ආවා.
"සර් මගෙ බඩු මෙහෙ අරන් තියලා තියනව නේද?"රශ්මින අයිය ඇහුවා.
"ඔව් ඇයි?"
"සර් ඒ බඩු අතර එක දෙයක් තියනවා.ඒකෙ අයිතිකාරයා අර මල්ලි.ඒක එයාට දෙන්න පුළුවන්ද ?"රශ්මින අයියා ඇහුවෙ අහිංසක හිනාවක් දාමින් මාව පෙන්නන ගමන්
"හරි. ඔයයා එන්න මා එක්ක යන්න"
පොලිස් නිළධාරියා මාව එක්කගෙන ආවා.
"මෙතනින් බලන්න ඔයාගෙ දෙයක් තියනවද කියලා"
රශ්මින අයියගෙ බඩු අතර මන් කිසිම විශේෂ දෙයක් දැක්කෙ නෑ.ඒත් හදිසියෙම දැක්ක දෙයින් මට කියාගන්න බැරි තරම් සතුටක් දැනුනා.
මගෙ අයියා දුන්න ලොකට් එකේ කෑල්ලක්.මම එක අතට අරගෙන බැලුවා.එකෙ තිබුන අයියගෙයි මගෙයි ෆොටෝ එක සුරක්ෂිතව තිබුනා.ඒ එක්කම මගෙ හිතට ආවෙ එදා නිරාශ් මේ ලොකට් එක කෑලි දෙකකට කඩලා දාපු හැටි මගෙ අත් මිට මෙලවුනෙ ඉබේටමයි.
"ඕක ඔයාගෙද?"
"ඔව් සර්.මේක මගෙ" මම කිව්වා.
මන් ආපහු රශ්මින අයිය හිටපු තැනට ගියා.මගෙ මූණෙ තිබුණ සතුට දැක්කම මට ලොකට් එක ලැබුන බව එයා තේරුම්ගන්න ඇති.
"හම්බුනාද ඒක?"රශ්මින අයියා ඇහුවා.
"ඔව්.ඔයාට කොහෙන්ද ?" මන් ඇහුවා.
"එදා මන් ඔයාට වතුර දීලා එතනින් පිටවුන මතකද?"
"ඔව්" මම කිව්වා."එදා ඔයා නොහිටියානම් " මම කියන්න ගිය දේ නතර කලා."ගොඩක් ස්තුතියි අයියෙ එදා කරපු උදව්වකට"
"හ්ම්ම්.එදා මන් එතනින් පිට වුනත් වැඩි ඈතකට ගියෙ නෑ.මන් එලියට ආවෙ මන් ගැන එච්චර හොයලා බලලා මගෙ වේදනාව උඹේ කරගත්ත උඹ දුක් විඳන විදිහ බලන් ඉන්න බැරි නිසා."රශ්මින අයියා කියනකොට තනුර අයියා මන් දිහා බැලුවෙ ලොකු ආඩම්බරයකින් වගේ.
"මන් ආවට පස්සෙ නිරාශ් උඹට සෑහෙන්න වද දුන්නා.උඹ කෑ ගහන සද්දෙ එලියට ඇහෙනකොට මට මන් ගැන ලොකු තරහක් ඇති වුනා.නිරාශ්ට මගෙ හිතේ තියන ආදරේ ඔප්පු කරන්න ගිහින් මන් උඹෙ ජීවිතේ විනාස කලා කියලා හිතුනා.මන් ඈතට පැනලා ගියා.උඹෙ සද්දෙ නෑසෙන තරම් දුරකට"
"හ්ම්ම්.." මන් කිව්වෙ ආදරේ නිසා සමහර තැන්වල මිනිස්සු අසරණ වෙන විදිහ ගැන හිතමින්.
"හදිසියෙ ඇහුන වෙඩි හඬවල් මාව කලබල කලා.මන් හිතුවෙ පිට පිට වැදුන වෙඩි පාරවල් වැදුනෙ උඹට කියලයි.මගෙ හිත මට එතනට යන්න බලකලා.ඒත් මන් එතනට එනකොට හැමදේම වෙලා ඉවරයි.උඹව ඇම්බියුලන්ස් එකට දාන හැටි මන් දැක්කා.පොලීසිය ඒ තැන වටකරල තිබුණත් මන් දන්න හොර පාරකින් මන් ඇතුලට ඇතුල් වුනා.ඒ වෙලාවෙ තමයි මන් ලොකට එක දැක්කෙ."
"කොහොම වුනත් Thank you අයියෙ." මන් කිව්වා.
"හ්ම්ම්.මට ඕන වුනෙ ඔයාගෙ ජීවිතේට එක සතුටක් හරි දෙන්න විතරයි." රශ්මින අයියා කිව්වා..
"පරිස්සමින් ඉන්න අයියෙ.නිදහස් වුනාම හොඳින් ජීවත් වෙන්න.ඔයාගෙ අම්මයි තාත්තයි ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා." මම එයාට කිව්වෙ අපහු එන්න හැරිලා.අපි පොලීසියෙන් එලියට ඇවිත් සෑහෙන වෙලාවක් වාහනේ ගමන් කල.මගෙ ඇස් යොමුවෙලා තිබුනෙම ලොකට එකට.
"ඔයා සතුටින් නේද?" තනුර අයියා ඇහුවා.
"කියන්න තේරෙන්නෙ නෑ." මම කිව්වා.
"ඇයි එහෙම කිව්වෙ?"
"මේ දවස් වල සතුටු වෙන්න ඕනෙද දුක් වෙන්න ඕනෙද කියල තේරෙන්නෙ නෑ අයියෙ." මන් කිව්වෙ ජනෙල් වීදුරුවෙන් එලිය බලමින්.
"මන් නම් කියන්නෙ සතුටු වෙන්න කියලා" තනුර අයියා කිව්වෙ වාහනය එලවන ගමන්.
"ඇයි?"
"දැන් බලන්න.අපිට තිබුන හැම ප්‍රශ්නයක්ම ඉවරයි.දැන් අපිට නිදහසේ ආදරය කරන්න පුළුවන් නේද?"
"ඔව්.ඒත් ගොඩක් අය අපෙන් ඈත් වුනා.චාරු එහෙම." මන් කිව්ව.
"ඔව් ඒකන්ම් ඇත්ත.ආ එදා එයා මොනවහරි දුන්නා කිව්ව නේද්?"
"ආ ඔව් අයියෙ.එක ගැන කියන්න ඕනෙ.මන් හිතාගෙන හිටියෙ ඔයාලගෙ ගෙදර ආවම දෙන්නම් කියකා.ඒත් දැන් දෙන්නම්" මම කිව්වා.
"හ්ම්ම්. නිදහසේ කතාකරන්න පුළුවන් තැනකට යමු ඉස්සෙල්ලා." තනුර අයියා වාහනය එක පැත්තකට හැරෙව්වා.අපි ආවෙ පුංචි ළමා උද්‍යානයකට.ඒක දැක්කම මට තිමිරව මතක් වුනා.මට තියෙන වැඩ නිසා තිමිරව දැන් වැඩිහරියක් බලාගන්නෙ අම්මා. මම ඒකට වඩාත් කැමති වුනේ මගෙ අම්මට ඒක හරියටම කරන්න් පුළුවන් කියලා දන්න නිසයි.
අපි ගිහින් පැත්තක
තිබුණ බංකුවෙ වාඩි වුනා.
"මොකද්ද දුන්නෙ මල්ලියො?" තනුර අයියා ඇහුවා.එයා කතාකරන විදිහ වෙනස් වෙලා.මගෙ මල්ලියො, සුදු මල්ලියො කියන එක මට හරි අමුතු ආදරණීය හැඟීමක් ඇති කලා.
"පොඩ්ඩක් ඉන්න සුදු අයියෙ" මන් කිව්වෙ හිනාවෙමින්.ඒත් ඒ වචනෙ මගෙ අයියව මට මතක් කලේ.මන් ආදරේට එයාට සුදු අයියා කියපු නිසයි.මන් බෑග් එකෙන් ගත්ත චාරු දුන්න සින්දුව තනුර අයියට දුන්න.
"මේ මොකද්ද ?"
"සින්දුවක්"
"චාරු දුන්නෙ මේකද?"
"ඔව් අයියෙ.එයාට හොඳට සින්දු ලියන්න පුළුවන්"
"ඒත් ඇයි මේක මට දුන්නෙ?"
"මේකයි අයියෙ.ඔය තියෙන්නෙ එයා මගෙන් ඉටුකරන්න කියලා ඉල්ලපු එයාගෙ අන්තිම ආසාව."
"ඒ කිව්වෙ?"
"එයා කියනව ඕක ඔයා කිව්වොත් එයාගෙ හිතට ලොකු සතුටක් දැනෙයි කියලා."
"හ්ම්ම්. අපි පොඩ්ඩක් බලමුකො" තනුර අයියා කිව්වෙ ලියුම දිහගරින ගමන්.
මතුසම්බන්ධයි