තනුර ෆෝන් එක අරන් බැලුවෙ කතා කරන්නෙ කවුද කියලා බලන්න.කතා කරන්නෙ චාරු කියල දැනගත්තම තනුර හිතුවෙ කොහොම හරි අභිමාන් ගැන චාරුට කියන්න ඕනෙ කියලයි.ඒත් මියුරු ඉන්න නිසා ඒක කිව්වොත් අභීට ප්‍රශ්නයක් වෙයි කියල බය හිතුන නිසා කරන්න දෙයක් හිත හිතම ෆෝන් එක ආන්ස්වර් කරන්න ලෑස්ති වුනත් මියුරු ඒක නැවැත්තුවා.
"කාගෙන්ද කෝල් එක?"මියුරු ඇහුවෙ තනුරගෙ ෆෝන් එක තිබ්බ අත තදකරලා අල්ලන ගමන්
"චාරුගෙන්.අභිමාන්ගෙ යාළුවා."
"ඕක ආන්ස්වර් කරපන්.නැත්තම් සැක හිතයි.ඒත් මේ ගැන මොනවහරි කිව්වොත් දන්නවනෙ වෙන දේ?"
"ඔව්. මන් කියන්නෙ නෑ."තනුර එහෙම කිව්වත් චාරුට මේක කියන්න පුලුවන් ක්‍රමයක් ගැන හිතන ගමන් ෆෝන් එක ආන්ස්වර් කලා.
"හෙලෝ"
"හෙලෝ තනුර අයියද?" චාරුගෙ කකටහඬ එහ පැත්තෙන් ඇහුනා.
"ඔව්, ඇයි නංගි කතා කලේ?"
"අයියෙ, අභිමාන් ඔයාව හම්බෙන්න ආවද?"
"ආවෙ නම් නෑ නංගි.ඇයි?" තනුර ඇහුවා.
"නෑ අයියෙ ගෙදර එනකොට ගෙදර දොරවල් ඔක්කොම ඇරලා දාලා.එයාගෙ ෆෝන් එක හම්බුනෙත් වැටිලා තිබිලා.ඔහෙ ආවෙත් නැත්තම් මට හිතෙන්නෙ මොකක් හරි කරදරයක් කියලා.ඔයාට එහෙම හිතෙන්නෙ නැද්ද?"
"මටත් එහෙම හිතෙනවා." තනුර එකපාරටම කිව්වා.ඒ කියපු විදිහට චාරුගෙ හිතේ සැකයක් ඇතිවෙන්න වැඩි වෙලවක් ගියෙ නෑ.
"අයියෙ.ඔයා කතා කරන විදිහ වෙනස්.මොකක් හරි අවුලක්ද?"
තනුර ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න ටිකක් වෙලා ගියා.
"ඔව්.. මන් කිව්වෙ නෑ" තනුර කිව්වෙ මියුරුව රවට්ටන්න හිතාගෙන.
"මොකක් හරි අවුලක් තියනවා.ඔයාට ඔතන ඒක කියන්න බැරිද?" චාරු ඇහුවා.
"බෑනෙ.." තනුර කිව්වෙ මියුරු දිහා හොරෙන් බලන ගමන්.
"හරි අයියා මොකක් හරි අවුලක් කියල තේරෙනවා.මම මොනව හරි කරන්න බලන්නම්. ඒත් හරියටම අවුලක් තියනවද කියල දැනගන්න ඕනෙ.අභිමාන්ට අවුලක් තියනවනම්.ඒක කියන්න බැරිනම් බායි කියල ෆෝන් එක කට් කරන්න.නැත්තම් නිකන්ම කට් කරනන."චාරු කිව්වම තනුරගෙ හිතට සතුටක් දැනුනා.චාරු කියන්නෙ කෙනෙක් කතාකරන විදිහෙ වෙනසකින් පවා දෙයක් අඳුරගන්න පුලුවන් කෙනෙක් කියල අභිමාන් කියපු කතාව ඇත්තක් කියල තනුරට එදා තේරුනා.දැන් ලේසියෙන්ම අභිමාන්ට ප්‍රශ්නයක් කියල චාරුට කියන්න පුලුවන්.
"බායි" තනුර එහෙම කියල කෝල් එක කට්කලා.
............................................................
චාරුගෙ හිතට දැනුනෙ ලොකු අපහසුතාවයක්.අභිමාන්ට කරදරයක් කියල නිසැකවම දැනගත්තත් ඒක මොකද්ද කියල දන්නෙ නැති නිසා මොනව කරන්නද කියල හිතාගන්න බැරිවුනා.ඒත් තනුර එතන මොකද්ද වුනේ කියල කියන්න බෑ කියපු නිසා චාරුට හිතුනෙ අභිමාන්ට කරදරයක් කල කෙනා තනුරගෙ ගෙදර ඉන්නව කියන එක චාරුට තේරුම් ගියා. චාරු පොලීසියට යන්න හිතාගෙන අභිමාන්ගෙ ගෙදරින් එලියට ආවා.
"දුව කොහෙද යන්නෙ?" ඒ එක්කම එලියට ආව අභිමාන්ගෙ අම්මා ඇහුවා.
"අම්මෙ මට හදිසි වැඩක් තියනවා.මන් ඉක්මනට ගිහින් එන්නම්"
"මොකද්ද් එකපාරටම ආව හදිසි වැඩේ. අභිමාන් ගැන මොනවහරි හොයගත්තද?"
"නෑ අම්මෙ.බොස් ෆෝන් එක ආන්ස්වර් කලා.අභිමාන් ඉන්නෙ එහෙ.මාත් යන්නෙ එහෙට තමයි.අභිමාන් එනකොට ටිකක් රෑ වෙයි කිව්වා." චාරු බොරු වැලක්ම අභිමාන්ගෙ අම්මට අතෑරියා.
"බලන්නකො ඉතින් මේ කොල්ලා.වැඩක් කිව්වම ඔක්කොම අමතක වෙලා.දොරත් ඇරලා දාල ගිහින්.ඕන් ඔය ෆෝන් එකත් අරන් ගිහින් දෙන්න දුවෙ" අම්මා කිව්වෙ චාරු ගැන සම්පූර්ණ විශ්වාසයෙන්.
චාරු පුලුවන් තරම් ඉක්මනින් පොලීසියට ගියා.කියන්න ඕනෙ මොනවද කියල නොදැන ගියත් අභිමාන්ට කවුරු හරි කරදරයක් කරල තියන බවත් ඒ කෙනා තනුරගෙ ගෙදර ඉන්න බවත් චාරු කිව්වා.
" මට හිතෙන්නෙ මේක පැහැරගැනීමක්" චාරු කිව්වෙ කලබලෙන්
"අභිමාන් කියන කෙනා අතුරුදන් වෙලා කොච්චර වෙලාද?"
"දැන් අපි මේක දැනගෙන පැයක් විතර වෙනවා."
"එයාව අන්තිමට දැක්කෙ කීයටද?"
"මමනම් දැක්කෙ නෑ.එත් එයාගෙ අම්මා අද උදේ එයාව දැකලා තියනවා."
"ඒ කියන්නෙ එයා අතුරුදන් වෙලා පැය 24 නෑ කියන එක.පැය 24 යනකම් අපිට මොකුත් කරන්න බෑ."
"සර්. පැය 24 යනකොට එයාට වෙන්න ඕනෙ දේවල් වෙලා තියෙයි."
"කිසිම වැදගත් හේතුවක් නැතුව අපිට ක්‍රියාමාර්ගයක් ගන්න බෑ."
චාරු මේසෙට පාරක් ගැහුවෙ තරහෙන්.ඒ එක්කම ආව අදහසක් නිසා චරුගෙ හිතට අමුතු පණක් ලැබුනා.
"මාත් එක්ක කතා කරපු කෙනාගෙ කෝල් එකේ රෙකෝඩ් එක තියනවා.මන් ඒක දුන්නොත්." චාරු ඇහුවා.
"එහෙම එකක් තියනවනම් දෙන්න බලන්න."පොලිස් නිලධාරයා කිව්වා.
චාරු ඉක්මනින්ම ෆෝන් එක අරගෙන තනුර අයියගෙයි එයාගෙයි සංවාදය තිබුන රෙකෝඩ් එක ප්ලේ කලා.
"ඒකෙ කතාකරන අනිත් කෙනා කවුද?"
"තනුර සංගීත්.එයා එක්ක තමයි අභිමාන් වැඩ කරන්නෙ.මම එයාට කෝල් කරේ අඅභිමාන් එහෙ ඉන්නවද දැනගන්න.
"ඒ කෙනා කතාකරන විදිහට නම් කවුරු හරි ලඟ ඉඳන් තර්ජනය කරන බවයි පේන්නෙ.ඒ නිසා දැන්ම මේකට ක්‍රියාමාර්ගයක් ගන්න වෙයි.
අපි දැන්ම මේ තැනට කට්ටියක් යවන්නම්." පොලිස් නිලධාරීන් කියනකොට චාරුට දැනුනෙ සැහැල්ලුවක්.
............................................................
තනුර කෝල් එක කට්කරලා මියුරු දිහා බැලුවා.
"අපරාදෙ මට ෆෝන් එකේ ස්පීකර් ඔන් කරන්න කියන්න් අමතක වුනානෙ" මියුරු කිව්වා.
"ඒ මොකටද?"
"නෑ උඹ ඉඟියක්වත් දුන්නනම් ඒක මට දැනගන්න තිබ්බා එතකොට."
"මන් මොකුත්ම කිව්වෙ නෑ." තනුර කිව්වා ඒ එක්කම තනුරට හිතුනෙ මොකක් හරි කරලා මියුරුව යටත් කරගත්තොත් අභිමාන් බේරගන්න පුලුවන් කියලයි.
"මන් දන්නවා මාත් මෙතනනෙ හිටියෙ.ඒක නෙවෙයි.අපි කර කර හිටිය දේ අමතක වුනානෙ." මියුරු කිව්වෙ ආපහු තමන්ගෙ කැත හිනාව දාන ගමන්.
"මොකද්ද?" තනුර ඇහුවා.
"කිස් එක" මියුරු කිව්ව.එ එක්කම මියුරු තනුරගෙ මූණට ලං වුනා.තනුරත් කැමැත්තෙන්ම වගේ මියුරුට ලං වෙන්න පටන්ගත්තා.
"මොකද උඹට වුනේ.එකපාරටම?" මියුරු ඇහුවා.
"මොකුත් නෑ පැටියො" තනුර කිව්වෙ මියුරුගෙ ඇස් දිහා බලන ගමන්.
"පැටියො?"
"ඔව් මියූ පැටියො.මට අභිමාන්ගෙන් වැඩක් නෑ දැන්.උඹනෙ කොහොමත් මගෙ ආදරේ වුනේ ඉස්සෙල්ලම. මම උඹට තමයි ආදරේ" තනුර කිව්වම මියුරු ගොඩක් පුදුම වුනා.
"උඹට මොකද වුනේ එකපාරටම" මියුරු ආපහු ඇහුවා.
"මොකුත් නෑ. අභිමාන් කියන්නෙ මොකෙක්ද උඹ එක්ක බලනකොට.මම කැමති උඹට.අභිමාන් කියන්නෙ ප්‍රශ්න ගොඩක් විතරයි.ඌ නැතිවෙන තරමට හොඳයි. දැනුයි ඒක මට තේරුනේ.ඌ ඉතින් පොඩි දේටත් අවුල් ගහන එකානෙ.ඒ වගේ එකෙක් ආය මට ඕනෙ නෑ.උඹට ඕන දෙයක් උට කරපන්.උඹට කරපු වැරදි අමතක කරලා මාත් එක්ක ආයෙමත් ඉන්නවද?" තනුර ඇහුවා.
"මොකද නැත්තෙ?" මියුරු කිව්වෙ ලොකු සතුටකින්."ඔයා මෙහෙම කැමතිවෙනව කියල දන්නවනම් මන් මෙච්චර දෙයක් කරන්න ඕනෙ නෑනෙ.අරූව ගෙදර යවන්නද එහෙනම්."
"එපා එපා. එච්චර හදිසි වෙන්නෙ මොකටද? මන් කිවනෙ ඕන දෙයක් කරන්න කියලා.ඔන්න ඔහෙ හිටපුවාවෙ." තනුර කිව්වා.
"එහෙනම් කිස් එකක් දෙන්නද?" මියුරු ඇහුවෙ සතුටින් පිම්බුන මුහුනින්.
තනුරගෙයි මියුරුගෙයි තොල් එකිනෙකාට ලංවෙන්න පටන් ගත්තා.
................................................................(අභිමාන් )
මම හිටියෙ හුඟක් අමාරුවෙන්.පහර කෑම නිසා වගේම ලණු වලින් බැඳලා තිබුන නිසා ඒවට කැපුන තුවාල වලින් ලොකු වේදනාවක් දැනුනා.අවට වටපිටාවෙ මැර කණ්ඩායමේ 6 දෙනත් නිරාශුත් තමන්ගෙ පාඩුවෙ මත්පැන් සප්පායම් වෙනහැටි මම දැක්කා.මන් බැලුවෙ රශ්මින කොහෙද කියලයි. ඒ පැත්තෙම තැනක ෆෝන් එකට ඔලුව ඔබාගෙන ඉන්න රශ්මිනව මම දැක්කා.
"ඒ කියන්නෙ මූ තාම බොන්නෙ නෑ." මම හිතුවෙ රශ්මින මාත් එක්ක ආදරේ කරන කාලෙ ඉඳන්ම කිසිම මත්පැනක් පාවිච්චි නොකල නිසා.ටිකකින් රශ්මින නැගිටලා අනිත් අය හිටපු තැනට ගියා.
"මන් හිතන්නෙ මන් දැන් ගියොත් හොඳයි" රශ්මින නිරාශ්ට කිව්වා.
"ඒ මොකද?"
"මන් යන්න ඕනෙ. රෑ වෙලා හරි හෙට උදේට හරි මම එන්නම්" රශ්මින එහෙම කිව්වා. රශ්මිනගෙ හිතට මොකක් නමුත් කාරණයක් වද දෙන බව මම දැක්කෙ එයාගෙ මූණෙ තිබුන ඉරියව් වලින්.මාව පැහැරගෙන එන්න මූලික වුනත් ඊට පස්සෙ මට කිසිම කරදරයක් කලේ නැත්තෙ ඇයි කියල මට තේරුම් ගන්න අමාරු වුනා. එත් මේ දේවල් හිතනවට වඩා මට ඒ වෙලාවෙ ලොකු වතුර තිබහක් දැනුනා.දවසටම කෑමක් බීමක් නැතුව හිටපු මම වතුර ටිකක් ඉල්ලන්න තරම් අසරණ වුනා.
"වතුර... වතුර.." මම කිව්වා.
ඒ එක්කම මගෙ දිහාට ආවෙ චූටි කියන මිනිහා.
"උඹට වතුරද ඕනෙ?" එහෙම අහපු චූටි මගෙ ඔලුවට වතුර වීදුරුවක් හැලුවා.ඒත් ඊට පස්සෙ වුනේ මන් නොහිතපු දෙයක්.
"ඔය වැඩේ නවත්තපන්."රශ්මින කිව්වා.
"මොකද්ද?" චූටි ඇහුවෙ පුදුමයෙන් වගේ.
"අපිට මියුරු කිව්වෙ ඌ කියන ඩ්ගේ විතරක් කරන්න කියලා."රශ්මින වතුර බෝතලෙන් කෝප්පයකට දාන ගමන් කිව්වා.
"උඹ කියන්නෙ මූව හුරතල් කරන්න කියලද?"
"අපෝ නෑ.ඒත් මූ මන් අසනීප වුන වෙලාවල්වල මගෙ ළඟටම වෙලා ඉඳලා තියනවා.ඒවා අමතක කරන්න බෑ" රශ්මින කිව්වා.
"මොකද වෙලා තියෙන්නෙ උඹට? පිස්සුවත් හැදීගෙන එනවද?" නිරාශ් ඇහුවෙ පුදුමයෙන් වගේ.එ එක්කම එතන හිටපු උන් හිනාවෙන්න ගත්තෙ රශ්මිනට සමච්චලයට වගේ.
"නෑ මට පිස්සු නෑ.ඒත් මූ මෙහෙම ඉන්නවට මගෙ හිත කැමති නෑ.මන් මුට කරදර කරත් මෙහෙම දෙයක් කරන්න මගෙ හිතේ තිබුනෙ නෑ." එහෙම කියන ගමන් රශ්මින මට වතුර ටිකක් ලං කලා.
"බීපන්" රශ්මින කිව්වෙ මගෙ කට ලඟට කෝප්පෙ ලං කරන ගමන්.මම වතුර බීගෙන බීගෙන ගියත් මම රශ්මින දිහා බැලුවෙ පුදුමයෙන්.
"මට උඹ එක්ක තරහක් තියනව තමයි.ඒත් උඹ මට කරපු උදව් අමතක කරන්න බෑ. උඹ ජීවත් වෙලා හිටියොත් එක පාරක් මාව හම්බවෙයන්.එදාට මන් උබට දෙයක් කියන්නම්" රශ්මින එහෙම කියල එතනින් ගියා.මන් එව් දිහා බලන් හිටියෙ ලොකු පුදුමයකින්.නපුරු වැඩ කලාට ඒ හිත් ඇතුලෙත් පුංචිම හරි හොඳක් හෘද සාක්ශිය නිසා ඇතිවන බව මම තේරුම් ගත්තා.
අන්තිමට එතන ඉතුරු වුනේ නිරාශ් එක්ක අනිත් මැර කණ්ඩායම විතරයි.
"උට පිස්සු." නිරාශ් කිව්වෙ හිනාවෙන ගමන්.
"මේ මෙහෙම නිකන් ඉන්න එකේ තේරුමක් නෑ මොනව හරි
කරමු."නිරාශ් ආපහු කිව්වා.
"මියුරුගෙ අවසරයක් නැතුව මොනවත් කරන්න බෑ" චූටි කියා එකා කිව්වා.
"මොකද බැරි.අපි මූව මෙහෙට ගෙනාවෙ නිකන් බලන් ඉන්න නෙවෙයි.අනික මට මූ එක්ක තරහකුත් තියනවා.කලින් ගහපු එකකට" මියුරු එහෙම කියන ගමන් මගෙ ශර්ට් එකෙන් ඇදලා ඒක ඉරලා දැම්මා.
"ඔයා කියන එකෙත් ඇත්තක් තියනවා." අනිත් අයත් නිරාශ්ට එකඟ වුනා.
"ඒක නෙවෙයි.දෙන්නෙක් එලියට යනවලා.මාරුවෙන් මාරුවට මුර කරන්න ඕනෙ.හදිසියෙවත් පොලීසියට ඉව වැටුනොත් කඩා පනින්ම පුලුවන්" නිරාශ් කිව්වම දෙන්නෙක් තුවක්කු අරගෙන එලියට ගියා.නිරාශ් මන් වෙත හෙලුවෙ නපුරු බැල්මක්.මම හිටියෙ ඊළගට මොකක් වෙයිද කියල හිතාගන්න බැරුව.
"මේ මොකද්ද" නිරාශ් ඇහුවෙ මගෙ බෙල්ලෙ තිබුන ලොකට් එක ගලවලා ගන්න ගමන්.
"ඕක මෙහෙට දෙන්න" මන් අමාරුවෙන් කිව්වා.
"ඕක මෙහෙට දෙන්න" නිරාශ් මන් කියපු දේ ආපහු කිව්වා.මේකෙ ඉන්නෙ තනුරයයි උඹයි නේද?" එහෙම කියපු නිරාශ් ලොකට එකේ පියන් දෙක දෙකට කඩලා මගෙ ඉස්සරහම බිමට අතෑරියා.මන් ඒක දිහා බලාගෙන හිටියෙ ඉවසන්න බැරි දුකකින් වගෙම තරහකින්.
"උඹලනම් මහ නරුමයෝ." මම කෑගැහුවා.
"ආ උඹෙ කටේ සද්දෙනම් හොඳටම වැඩී. දැන් සද්දෙ අඩුවෙයි." නිරාශ් එයාගෙ බෙල්ට් එක ගලවලා අරගෙන මට දිගට හරහට ගහන්න ගත්තා.ඉවසන්නම බැරි තැන මම හයියෙන් කෑ ගැහුව.
"තනුර අයියේ මාව බේරගන්න" මම හිතින් හිතුවෙ ගොඩක් අසරණව.
..................................................................
(තනුර)
තනුරගෙ හිතේ වැඩකලේ මොකද්ද කියන එක කවුරුවත් දැනගෙන හිටියෙ නෑ.මියුරු හිටියෙ ගොඩක් ලොකු සතුටකින්.තනුරගෙයි මියුරුගෙයි තොල් එකිනෙකාට ගොඩක් ආසන්න වුනා.
මතුසම්බන්ධයි ....