තනුව

By Kevinprabhashwara

32.3K 5.5K 592

නුඹ හා ගතකල සුන්දර මොහොතක රසය විඳින්නට ඉඩදෙනු දැන්..... More

....තනුව..... පළමු වෙළුම
....තනුව.... දෙවන වෙළුම....
තනුව... තුන්වන වෙළුම
....තනුව.... සිව්වන වෙළුම...
...තනුව... පස්වන වෙළුම...
......තනුව..... හයවන වෙළුම...
...තනුව... හත්වන වෙළුම....
...තනුව.... අටවන වෙළුම....
....තනුව.... නමවන වෙළුම...
....තනුව.... දසවන වෙළුම....
.....තනුව.... එකොලොස්වන වෙළුම....
...තනුව.... දොලොස්වන වෙළුම....
....තනුව.... දහතුන්වන වෙළුම.....
....තනුව.... දහහතරවන වෙළුම ....
.....තනුව..... පහළොස්වැනි වෙළුම....
.....තනුව..... දාසයවැනි වෙළුම......
....🎶තනුව🎶.... දහහත්වැනි වෙළුම...
...🎶තනුව🎶..... දහඅටවන වෙළුම.....
....🎶තනුව🎶..... විසිවන වෙළුම....
.....🎶තනුව🎶...... විසි එක්වන වෙළුම....
....🎶තනුව🎶.... විසි දෙවන වෙළුම....
....🎶තනුව🎶.... විසි තුන්වන වෙළුම.....
....🎶තනුව🎶..... විසිහතරවන වෙළුම...
....🎶තනුව🎶.... විසිපස්වන වෙළුම....
....🎶තනුව🎶..... විසි හයවන වෙළුම....
....🎶තනුව🎶..... විසිහත්වන වෙළුම...
....🎶තනුව🎶..... විසි අටවන වෙළුම....
...🎶තනුව🎶..... විසිනමවන වෙළුම...
තනුව තිහ හා තිස් එක්වන වෙළුම්
....🎶තනුව🎶.... තිස් දෙවන වෙළුම...
.....🎶තනුව🎶..... තිස් තුන්වන වෙළුම...
....🎶තනුව🎶.... තිස් හතරවන වෙළුම...
.....🎶තනුව🎶..... තනුව තිස් පස්වන වෙළුම..
....🎶තනුව🎶.... තිස් හයවන වෙළුම...
....🎶තනුව...🎶.... තිස් හත්වන වෙළුම...
....🎶තනුව...🎶.... තිස් අටවන වෙළුම...
....🎶තනුව...🎶.... තිස් නමවන වෙළුම...
....🎶තනුව...🎶.... හතලිස්වන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් එක්වන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් දෙවන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් තුන්වන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් හතරවන වෙළුම...
තනුව හතලිස් පහ හා හතලිස් හයවනවෙලුම්
....🎶තනුව🎶.... හතලිස් හත්වන වෙළුම...
තනුව හතලිස් අට හා හතලිස් නමවන වෙළුම්
.....🎶තනුව🎶.... පනස්වන වෙළුම....
....🎶තනුව..🎶.... පනස් එක්වන වෙළුම...
....🎶තනුව🎶.... පනස් දෙවන වෙළුම....
....🎶තනුව🎶... පනස් තුන්වන වෙළුම...
....🎶තනුව🎶..... පනස් හතරවන වෙළුම...
....🎶තනුව🎶.... පනස් පස්වන වෙළුම...
....🎶තනුව🎶..... පනස් හයවන වෙළුම
....🎶තනුව🎶.... පනස් හත්වන වෙළුම...
....🎶තනුව🎶.... පනස් අටවන වෙළුම...
තනුව පනස් නමවන හා හැටවන වෙලුම්
.....🎶තනුව🎶..... හැට එක්වන වෙළුම....
....🎶තනුව🎶..... හැට දෙවන වෙළුම...
....තනුව.... හැට තුන්වන වෙළුම

....තනුව.... දහනමවන වෙළුම.....

474 96 7
By Kevinprabhashwara


                   

මන් උඩ තට්ටුවට නැග්ගෙ තනුර අයිය ලඟ මේ වෙලාවෙ ඉන්න ඕනෙ කියල හිතුන නිසා.මගෙ හිතට කොච්චර දුකක් දැනුනත් ඒක ඉවසන්න තරම් මගෙ හිත හයිය වුනා.ඒකට එක හේතුවක් වුනේ මගෙ අයියා මට දුන්න ශක්තිය තමයි.හැම දුකක් වේදනාවක් උහුලන්න එයා මට කියලා දුන්න එක මට ගොඩක් වැදගත් වුනා.ඒක මාව දුක මගින් පාලනය වෙන එක නැවැත්තුවා කිව්වොත් හරි.

මම උඩ තට්ටුවට යනකොට තනුර අයියගෙ අම්මා කාමරේ දොර ගාව හිටගෙන හිටියෙ තනුර අයියා දිහා බලාගෙන.

"ඇයි නැන්දෙ මෙතන?" මම ඇහුවා.

"මට තනුර ගාවට යන්න හිත දෙන්නෙ නෑ පුතේ.එයා මන් ගැන මොනව හිතනවාද දන්නෙ නෑ."

"එහෙම මොකුත් හිතන්නෙ නෑ නැන්දෙ.ඔයා ඔයාට පුලුවන් විදිහට එයාව බලාගත්තා.ඒ නිසා ඔයා බයවෙන්න එපා දැන් කතා කරන්න බැරිනම් පස්සෙ කතා කරමු නැන්දා ටිකක් විවේක ගන්න " මම කිව්වා.

"ඔයා හොඳින් නේද පුතේ?"

"ඔව් නැන්දෙ.මම හොඳින්.වුන දේවල් සිද්දවුනේ මොකක් හරිම හේතුවක් නිසානෙ" මම එහෙම කිව්වෙ නැන්දව සනසන හිතින් මිසක් ඇත්තටම නෙවෙයි.ඇත්ත වුනේ මම හිටියෙ අවුල් ජාලෙක පැටලිලා කියන එකයි.මම ඒක කාටවත් නොපෙන්න ඉන්න උත්සාහ කලා.

"නැන්ද ටිකක් විවේක ගන්න." මම එහෙම කියලා කාමරේට ගිහින් දොර වැහුවා.තනුර අයියා ජනේල අයිනට වෙලා ඈත බලාගෙන ඉන්නවා. ඇස් වලින් ආපු කඳුළු බින්දුවක් එයාගෙ කම්මුල දිගේ වැක්කෙරෙන විදිහ මම දැක්කා.තමන් අරන් හදාගත්ත දරුවෙක් කියලා දැනගන්න එක කෙනෙකුට දරාගන්න ටිකක් අමාරු වෙන්න පුලුවන්.මගෙ හිතට ඒක තදින්ම දැනෙන්න ගත්තා.එයා ගාවට මම ගියෙ එයාගෙ හිත හදන්න හිතාගෙන.

"අයියෙ.ඔයා තරහෙන්ද ඉන්නෙ? වුන දේවල් වෙලා ඉවරයි.ඒත් නැන්දටවත් අම්මටවත් දුකක් නම් දෙන්න එපා." මම එහෙම කියන ගමන් තනුර අයියගෙ ඇඟට පිටිපස්සෙන් හේත්තු වුනා.මම හැදුවෙ  එයාගෙ දුක බෙදාගන්න.මට මගෙ දුක තනියම දරාගන්න පුලුවන්.ඒත් වුනේ හීනෙන්වත් නොහිතපු දෙයක්.

"මගෙන් ඈතට පලයන්.මාව අල්ලන්නවත් එපා" තනුර අයියා මාව තල්ලු කලා.මම ඇදගෙන වැටුනෙ ඇඳ උඩට.නලල ඇඳ විට්ටමේ වැදිලා ටිකක් තුවාල වුනත් මට ඒක ඒ තරම් දැනුනෙ නෑ.

"ඇයි අයියෙ මේ?"

"මගෙ දෑහට පේන්න එන්න එපා.උඹ නිසයි මේ හැමදේම.උඹ තමයි හැමදේටම වැරදිකාරයා.මගෙ හැමදේම නැතිකලා.මගෙ ඇත්ත අම්මව මගෙන් උඳුරගත්තා." තනුර අයියා කිව්වෙ තරහෙන් වගේම කඳුළු වලින් දිලිසෙන ඇස් වලින් මම දිහා නපුරු විදිහට බලමින්.

"අනේ අයියෙ, ඇයි එහෙම කියන්නෙ?මම කොහොමද අම්මගෙන් ඔයාව ඈත් කලේ?" මම ඇහුවෙ ලොකු දුකකින්.

"කටවහපන්. උඹ නිසා තමයි ඒක වුනේ.උඹව හම්බවුනේ නැත්තම් එදා අම්මා මාව ආපහු ඉල්ලන්න එන්න තිබුනා."

"අයියෙ ඔයා අම්ම එක්ක හිටියට වඩා හොඳින් මෙහෙ ඉඳලා තියනවනේ."

"ඇති. නවත්තපන්.මම මේ දේවල් නොදැන හිටියනම් මෙහෙම දුකක් අද මට දැනෙන්නෙ නෑ.මට දැනෙන්නෙ මම අද මේ ලෝකෙ තනිවෙලා වගේ" තනුර අයියා කිව්වා.

"අයියෙ ඔයා එහෙම කිව්වට....." මට වැඩි දෙයක් කියන්න පුලුවන් වුනේ නෑ තනුර අයියා මාව නැවැත්තුවා.

"කටවහගෙන හිටපන්.උඹ ඇයි මගෙ ජීවිතේට ආවෙ? උඹ ඇයි මගෙත් එක්ක සම්භන්ධයක් පටන් ගත්තෙ.ඇයි මගෙ ගෙදරට ආවෙ.උඹ එහෙම ආව නිසා තමයි අද මේ හැමදේම සිද්ද වුනේ." තනුර අයියා එහෙම කිව්වම මගෙ දුකට,තරහට,ඉවසීමට කියන තුනේම තිබුන සීමාව ඉක්මවා ගියා.ඒ වෙලවෙ කතා කලේ මම නෙවෙයි.මගෙ හිතේ තිබුන තරහා සහ දුක විතරමයි.

"ඇති අයියෙ. ඔයා කියන දේවල් තවත් නම් මම ඉවසගෙන ඉන්නෙ නෑ.ඔයා කියන විදිහට මම තමයි ඔයාගෙ දුකට හේතුව.ඒ කියන්නෙ සේරම වැරදි මගෙද?" මම ඇහුවා.

"ඔව් උඹ තමයි හු*$$&*# මේ ඔක්කොටම වැරදි" තනුර අයියා කිව්වෙ කිසිම දෙයක් හිතල බලන්නෙ නැතුව.

"මට ඔහොම කතා කරන්න එපා අයියෙ.මට තාමත් ඔයා මගෙ අයිය වගේම තමයි.ඒත් ඔයා මේ ටික මතකතියාගන්න.ඔයාගෙ පස්සෙන් ආවෙ මම නෙවෙයි.ඔයයි ආවෙ.සම්භන්ධයක් පටන්ගන්න ඕන වුනේ මට නෙවෙයි.ඔයාට.අනික ඔයාගෙ ජීවිතේ විනාස කලේ මම නෙවෙයි.ඒ වගේම ඔයාගෙ ජීවිතේ විනාස වෙලා නෑ මගෙ ජීවිතේ තමයි විනාස වෙලා තියෙන්නෙ. මම හිතේ ආවේගෙට කියාගෙන ගියා.මට දැනුනෙ මගෙ පපුව හිරවෙනවා වගේ.මන් පපුව තදින් අල්ල ගත්තා.තත්පර කීපයකින් ඒ වේදනාව නැතිවුනාම මන් ආය කතා කලා.

"ඔයා කිව්ව නේද ඔයා තනිවෙලා වගේ දැනෙනවා කියලා.ඔයාට ඒක දැනෙන්න විදිහක් නෑ අයියෙ.මොකද කියනවනම් ඔයාට අවු 24 ම අම්ම කෙනෙක් වගේම තාත්තා කෙනෙක් හිටියා.ඒ වගේම අද ඔයාගෙ අම්මා ඇත්ත කෙනා නෙවෙයි කියල දැනගන්නකොට ඇත්ත අම්මා ඔයා ලඟ ඉන්නවා.එතකොට කොහොමද  තනිකම දැනෙන්නේ?"මම ඇහුවා.

"ඒක තමුසෙට කියන්න මට ඕනෙ නෑ.උඹ ජීවිතේට ලං කරගන්න එක විනාසයක් විතරයි ගේන්නෙ.රශ්මින  වුනත් උඹව අතාරින්න ඇත්තෙ ඒක තමයි.උඹ මහ මූසල කෙනෙක්.වැඳලා කියන්නම් මගෙ ජීවිතෙන් ඈත් වෙලා පලයන්.තනුර අයියා කිව්වෙ අත් දෙක එකතුකරලා මගෙ පැත්තට හැරෙන ගමන්

මට දැනුනෙ ලොකු වේදනාවක්.එක දවසක පැය ගානක් ඇතුලත මගෙ
ජීවිතේ කොච්චරනම් වෙනස් වුනාද කියලා මට තේරුනේ නෑ.ඒ මදිවට එකම සැනසීමට හිටපු කෙනා මෙහෙම කියනකොට මගෙ ජීවිතේ මට දැනුනෙ ලොකු හිස්බවක්.

"හරි අයියෙ."මම කිව්වෙ ඇස්වලින් බේරෙන කඳුළු නවත්තන්න උත්සාහ කරමින්.

"ඔයාට ඕනෙනම් මන් ඔයාගෙ ජීවිතෙන් සදහටම ඈත් වෙන්නම්.මේ මූසලයට සමාව දෙන්න.ඒ වගේම එකම එක ඇයක් මට මෙහෙ ඉන්න දෙන්න.මොකද මගෙම නොවුනත් ඔයාගෙ අම්මට රෑට තියන සීතල දරන්න බෑ.අපි උදේම මෙහෙන් යන්නම්" මම එහෙම කියලා යන්න හැදුවා.ඒත් තනුර අයියා මොකුත් කිව්වෙ නෑ.මට ඕන වුනේ තනිවෙන්න.මම කාමරේ දොර ඇරගෙන එලියට එනකොට තනුර අයියගෙ තාත්තා එතන හිටියා.ඒත් මම එයාව දැක්කෙ නෑ වගේ ගෙයින් එලියට ආවා.ඒ වෙනකොට හොඳටම රෑ වෙලා.මම මිදුලෙ මැද්දට වෙන්න තිබුන සිමෙන්ති බංකුවෙ වාඩි වුනා.මගෙ එකම පිහිට මම අතට ගත්තා.ඔව් ඒ මගෙ ලොකට් එක තමයි.මම හිතේ තිබුන හැමදේම කියන්න ගත්තා.

"අයියෙ.අදනම් මට ඔයාට දුන්න පොරොන්දුව අමතක කරන්න ම වෙනවා.මට අද අඬන්න ඕනෙ.මගෙ ජීවිතේ මට වෙන්න පුලුවන් නරකම දේවල් අද වෙලා ඉවරයි.මට සමාවෙන්න අයියෙ." මම එහෙම කියලා අඬන්න ගත්තා.මට ඕන වුනේ මගෙ හිතේ තිබුන තරහා පිටකරන්න.මම විනාඩි දහයක් විතර යනකම් ඇඬුවා

"අයියෙ.අද මගෙ අම්මා මගෙ නෙවෙයි කියලා මම දැනගත්තා.එදා ඔයා මගෙ අයියා නෙවෙයි කියලා මම දැනගත්තා.ඒ වගේම තාත්තා මට අකමැති බවත් මම දැනගත්තා.එතකොට මම කවුද අයියෙ.අද මම මේ ලෝකෙන්ම තනිවෙලා.මට ඔනෙම වෙලාවෙ මගෙ ආදරෙත් මටම චෝදනා කරනවා.මං මොකද කරන්නෙ අයියෙ "මන් ඇහුව.මම හිතේ තිබුණ දුක සැහෙන වෙලාවක් අයියගෙ ලොකට් එකට කිව්වා.තනියම හිටිය මට ඒක සහනයක් වුනා.

"අයියෙ.සමහර විට තනුර අයියා කියපු දේ ඇත්ත වෙන්නැති.මම මූසලයෙක් තමයි.මම නිසා අම්මට තාත්තව නැතිවුනා.ඔයාට ජීවිතේ නැතිවුනේ මන් ගැන හිතන්න ගිය නිසා.ඒ වගේම චාරුට අම්ම නැතිවුනා.අන්තිමට තනුර අයියට එයාගෙ සතුට නැතිවුනා.මන් එක්ක ඉන්න හැමෝටම ඉක්මනට මොනව හරි අහිමි වෙනවා අයියෙ.ආයෙත් නම් කිසිම කෙනෙකුගෙ දුකකට මන් හේතුවක් වෙන්නෙ නෑ.මම තනුර අයියගෙන් ඈත් වෙනවා.සදහටම"මම කිව්වා.

"ඔයා මූසල කෙනෙක් නෙවෙයි පුතේ."පිටිපස්සෙන් ආව සද්දෙට මම ගැස්සුනා.මම හැරිලා බැලුවා.

ඒ හිටියෙ තනුර අයියගෙ තාත්තා.මම ගොඩක් බයවුනෙ මම කියපු දේවල් එයාට ඇහුනා කියලයි.තනුර අයියයි මමයි ගැන දැනගත්තොත් එයා මට බනීවි කියල මට හිතුනා.

"අ අ අංකල්..? ඔයා මොකද මෙතන කරන්නෙ?" මම ඇහුව.

"බයවෙන්න එපා පුතා මට ඕනෙ ඔයා එක්ක කතාකරන්න." එයා කිව්වා.

"මොනවද අංකල්." මම ඇහුවෙ කඳුළු පිහිදන ගමන්.

"ඔයාට දුකයිද පුතේ?" අංකල් ඇහුවා.

"ඔව් අංකල් ටිකක්.මහෙ හිතට හරි නැ වගේ.කොහොමත් මේ වගේ දෙයක් දැනගත්තොත් ඕනම කෙනෙකුට එහෙම දැනෙනව ඇති"

"ඒක ඇත්ත.තනුර අයිය තරහ වුන එකටත් දුකද?" තනුර අයියගෙ තාත්තා ආපහු ඇහුවා.මම එයා දිහා හැරිලා බැලුවා.ඒ එක්ක්ම මන් දැක්කෙ තනුර අයියා තාමත් ජනේලෙන් ඈත බලන් ඉන්න විදිහ.

"ඒකටත් දුකයි.එයා මගෙ අයියා වගේනෙ.හරියටම බැලුවොත් මගෙ අයියගෙම මල්ලිනෙ" මම කිව්වා.

"ඔයා මට හංගන්න ඕනෙ නෑ පුතේ.මම හැමදේම දන්නවා.අංකල් කිව්වා.

"හැමදේම කිව්වෙ?"

"හැමදේම කිව්වෙ.මම දන්නවා ඔයාගෙයි තනුරගෙයි සම්භන්ධය ගැන." අංකල් කිව්වම මට ගොඩක් බය හිතුනා.මම එයා දිහාට හැරිලා බලාගෙන හිටියෙ ගල්ගැහිලා වගේ.

"බයවෙන්න දෙයක් නෑ පුතේ.මම තනුරගෙ හදාගන්න තාත්තා වුනාට එයා මගෙ හොඳම යාළුවෙක් වගෙයි මම ඇතිදැඩි කලේ.එයාට මම තාත්තට වඩා යාළුවෙක් වුනා.හරියටම කිව්වොත් ඔයාගෙ අයියා ඔයාට තාත්තා කෙනෙක් වුනා වගේ.එයා මගෙන් හැංගුව කිසිම දෙයක් නෑ.මමත් එහෙමයි.එක දෙයක් ඇරෙන්න හැමදේම මම එයාට කියලා තිබුනා.ඒක අද එලිවුනා."

"මට දුකයි ඒ ගැන.ඒක රහසක්වම තිබුනනම් කොච්චර හොඳඳ කියල හිතෙනවා" මම කිව්වා.

"ඔව්.තනුර සමලිංගික කෙනෙක් කියල දැනගෙන දැන් සෑහෙන කාලයක් වෙනව.එයා පලවෙනියටම ආදරේ කල කෙන ගැන මට කියනකොට තමයි මන් ඒක තේරුම්ගත්තෙ.මන් ඒකට බාදා කලේ නෑ.මොකද මන් දන්නවා එහෙම කෙනෙකුට විවාහක ජීවිතයක් ගතකරන්න තියන අපහසුතාවය ගැන." තනුර අයියගෙ තාත්තා මොහොතක් නිහඬ වුනා.

"ඒ කොහොමද අංකල්?"මම ඇහුවා

" මමත් එහෙම කෙනෙක් පුතා.මමත් කැමති වුනේ පිරිමි අයට.ඒත් මට ඒ දේ කියන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.ඇන්ටිව බැන්දට පස්සෙ ඒ දේවල් අමතක කරන්න උත්සාහ කලත් බැරිවුනා.ගෑනු කෙනෙක් ගැන කිසිම හැඟිමක් මට ඇතිවුනේ නෑ.ඉතින් අපිට දරුවො නොලැබෙන්න ඒක හේතුවක් වුනා.ඇන්ටි මාව තේරුම්ගන්න සෑහෙන කාලයක් ගියා.පස්සෙ අපි දරුවෙක් අරන් හදාගන්න තිරණය කලා.අපි තනුරව හදාගන්න ගත්තෙ එහෙමයි.ඉතින් අවු24 යනකන්ම මේ දේවල් හංගන් ඉන්න පුලුවන් වුන.ඒත් අද ඒ හැමදේම විනාශ වුනා."

" මම  නිසයි මේ හැමදේම.මම තනුර අයියගෙන් ඈතට යනවා අංකල්." මම කිව්වා.

"තනුර ඔය කෑගහන්න ඇත්තෙ හිතේ තියන දුකට නැතුව ඔයා එක්ක තරහෙන් නෙවෙයි.එව් නිසා ඔයා ඉවසන්න.හිතලා තීරණය කරන්න." අංකල් එහෙම කිව්වා.

"එහෙම දෙයක් ආය හිතන්න නෑ අංකල් මම හෙට උදෙම මෙහෙන් යනවා.බස් එක කීයටද තියෙන්නෙ?"

මම ඇහුවා.

"බස් එකේ යන්න ඕනෙ නෑ.තනුර ඔයාලව ගෙනියයි.ඒත් ඔයා ආපහු හිතන්න පුතේ.තනුරට ඔයා හැර ව්න කෙනෙක් ගැලපෙන්නෙ නෑ" අංක්ල් එහෙම කියලා මාව එතනින් තියලා පිටවෙලා ගියා.මම දිගටම කල්පනා කලා. ඒ එක්කම මන් දිහාට එන ටකේශා අක්කව මන් දැක්කා.

"ආ මල්ලියා.කොහොමද ?" ටකේශා අක්කා ඇහුව

හොඳින්" මම පුරුද්දට වගේ කිව්වා

"අනේ මන්දා ඔයා නිකන් අඬලා වගේ"

"නෑ අක්කෙ මේ නිකන්.මම කිව්වෙ ඇස් පිහිදන ගමන්."අක්ක කොහෙද ගියෙ?"

"මන් ලයිබ්‍රි එකට ගියා.පොත් ටිකක් ගේන්න.කම්මැලී තනියම ඉන්නකොට.ඒක නෙවෙයි හෙට කොහෙහරි යන්ද?" අක්කා ඇහුවෙ ආසාවෙන්  දිලිසෙන ඇස් මන් දිහාට හරවමින්.

"මන් හෙට ගෙදර යනවා අක්කෙ." මම කිව්වා.

"එහෙමද? හ්ම් කමක් නෑ එහෙනම්.මට මහන්සියි මම යනවා" අක්කත් මාව තනිකරලා ගෙට ගියා.

ඈතින් අහස ගොරවන් හඬ එක්ක්ම දාරානිපාත වැස්සක් ආරම්භ වුනා.මට ගේ ඇතුලට යන්න වුවමනාවක් තිබ්බෙ නෑ.ඇදහැලෙන මහ වැස්ස මැද මම ගිනිගෙන දැවෙන හදවත එක්ක සිමෙන්ති බංකුවෙ ඉඳගෙන හිටියෙ හැඟීම් දැනීම්වලින් තොර ගලක් වගේ.

                                        මතුසම්බන්ධයි

Continue Reading

You'll Also Like

173K 10.6K 126
တာတေရဲ့ အထက်လမ်း အောက်လမ်း စုန်းကဝေ ပရလောက စွန့်စားခန်းတွေအကြောင်း။ နည်းနည်းပြောချင်ပါတယ် တာတေရဲ့ဇာတ်လမ်းတွေက သရဲစာပေgroupတွေမှာလည်း တင်လေ့ရှိသလို...
51.3K 9K 65
ජීවිතය මීදුමක් වගේමයි විටෙක කියාගන්න බැරි ලස්සනක් මවන ගමන් තවත් විටක අසුන්දර බව වසාගෙන මංමුලා කරනවා.. ඒ වගේම මේ රැදිලා මේ අතුරු දහන් වෙනව හරියට සමහරු...
4.5K 598 32
කළුවරට පෙම් බැදි දෑසක්... පහන්සිළුවක ආලෝකයේ සදහටම දැවටුනි...🖤 ඒ සිහින් දුඹුරු පැහැ දෑස්... තද කලු පැහැති මුරණ්ඩු ඇහිබැමි... මගේ ජීවීතය... නොසිතූ ලෙ...
19.3K 3.5K 22
සෑම වසන්තයක් පිටුපසම හඩාවැටුන ගිම්හානයක්ද ඇත....❤