තනුර අයියයි මමයි දෙන්නම කාමරේට ගියා.කාමරෙන් කාමරේට bathroom තිබුන නිසා මම මුලින්ම නාගත්තා.නාලා එලියට එනකොට මුළු කාමරේම අඳුරුයි.ලයිට් ඕෆ් කරලා.මම තනුර අයියට කතා කලා.ඒත් සද්දයක් නෑ.මම ආපහු කතා කලා.මගෙ පිටිපස්සෙන් කවුරු හරි ගියත් කළුවර නිසා මම දැක්කෙ නෑ.මට ටිකක් විතර බය හිතුනා.
"අයියෙ විහිළු නොකර එන්නකො"මම කිව්වා.
ටිකකින් මට ඇහුනෙ ගිනිකූරක් පත්තුවෙන සද්දයක් තව ටික වෙලාවකින් මුළු කාමරේම ඉටිපන්දම් එලියෙන් ආලෝකමත් වුනා.
තනුර අයියා මගෙ ලඟට ආවා.එයා කලේ මන් ඒ වෙලාවෙ අපේක්ශා නොකල දෙයක්.
"අයියෙ.මොකද මේ ?" මම ඇහුවා.
"මල්ලි.මම මේක කරන්න හිටියෙ ටිකක් ලස්සන නිදහස් තැනකදි.ඒත් මට තවත් ඉන්න බෑ.ඒ නිසයි මෙතනදි මේක කරන්න හිතුවෙ." තනුර අයියා කියපු කිසි දෙයක් මට තේරුනේ නෑ.ඒත් එයා එකපාරටම මගෙ ඉස්සරහ දණ ගැහුවා.
"අයියේ?" මන් ඇහුවෙ පුදුමයෙන්.
"මට අහන්න බෑ ඔයා මාව බඳිනවද කියලා.ඒත් ඔයා මාත් එක්ක හැමදාම එකට ඉන්නවා නේද?"
තනුර අයියා එකපාරටම ඇහුවෙ මුද්දක් තිබුන හුරුබුහුටි පෙට්ටිය මට පේන්න අරින ගමන්.
මට ඒ වෙලාවෙ ඇත්තටම ඇඬුනා.ඒත් දුකට නෙවෙයි සතුටට.මන් තනුර අයියව බදාගත්තෙ ලොකු සෙනෙහසකින්.මම විනාඩි පහ හයක් යනකම් එයාව බදාගෙන හිටියා.
"කෝ උත්තරයක් දුන්නෙ නෑනෙ?" තනුර අයියා ඇහුවා.
"ඔයාගෙ සතුට වෙනුවෙන් ඕනෙම දෙයක් අයියෙ." මන් කිව්වා.
එදා මට දැනුනෙ කියාගන්න බැරි තරම් සතුටක්.තනුර අයියා මගෙ අතට මුද්ද දැම්මා.මන් ඒක දිහා බලන් හිටියෙ ලොකු සතුටකින්.
"මේ ඒක නෙවෙයි.කට්ටියට පේන්න ඕක දාන්න එපා හරිද? " තනුර අයියා කිව්වෙ මන් එයාට තුරුළු වෙලා ඉන්නකොටමයි.
"හරි අයියෙ."මන් කිව්වා.
ඒත් එක්කම අපිට කෑම කන්න අඬගහන සද්දෙ අපිට ඇහුනා.තනුර අයියත් ඉක්මනට නාලා ආව නිසා අපි දෙන්න ඉක්මනටම පහල තට්ටුවට ගියා.
"අහ් එන්න පුතාලා.වාඩිවෙන්න." තනුර අයියගෙ තාත්තා කිව්වා.
මන් පුටුවක් ඇදලා වාඩි වුනා.මට එහාපැත්තෙ එකේ අම්මා හිටියා.තනුර අයියා අනිත් පැත්තෙන් වාඩි වෙන්න යනකොටම ටකේශා අක්කා ඒකෙන් වාඩි වුනා.
"අනේ සොරි තනුර.මට මේ මල්ලි එක්ක කතාකරන්න ඕනෙ" ටකේශා අක්කා කිව්වා.
තනුර අයියා මූණ ඇඹුල් කරන් ගිහින් මට ඉස්සරහ තිබුන පුටුවෙ වාඩිවුනා.
"ඉතින් මල්ලි.ඔයාගෙ විස්තර කියන්නකො මට"ටකේශා අක්කා කිව්වා.
මම මන් ගැන හැම විස්තරයක්ම වගේ එයාට කිව්ව.එයත් මට එයා ගැන කිව්වා.කිව්ව දේවල්වල හැටියට තනුර අයියයි යාළුවො වෙලා තියෙන්නෙ එයාලගෙ තාත්තලා නිසා.තාත්තලා බිස්නස් යාළුවො.කාලෙත් එක්කම තනුර අයියයි ඒ අක්කයි දෙන්නම හොඳම යාළුවො වෙලා තිබුනත් ටකේශා අක්කා ඉගෙනගන්න රට ගියාට පස්සෙ ඒ බැඳීම ටිකක් දුරට අඩුවෙලා ගිහින්.අපි කතාකර ඉඳාලා කෑම කන්න පටන්ගත්තා.
මේ අතරෙ තනුර අයියා මොකක් හරි කියන්න යන බව මන් දැක්කා.ඒත් ඒක ඉඟි කිරීමක් කටෙන් කිව්වෙ නැ.මන් ඔලුව උස්සලා හෙලෙව්වෙ මොකද්ද කියලා අහන්න.
එයා මගෙ අත දිහාට ඇස් හැරෙව්වා.මන් ඒක දිහා බැලුවත් වරදක් පෙනුනෙ නෑ.
මොකද්ද? මන් ආපහු ඔලුව හොල්ලලා ඇහුවා.
තනුර අයියා ඔලුව වැනුවෙ අනේ කියන්න වගේ.මම තේරුම් ගන්න උත්සාහ කලේ මේ කියන්නෙ මොකද්ද කියලා.
තනුර අයියා එක ඇඟිල්ලක් රවුමට හදලා ඒක අතරින් අනිත් ඇඟිල්ලක් දාලා පෙන්නුවා.
මම ඇස් ලොකු කරලා එයා දිහා බැලුවා.තනුර අයියා එක පාරට ඔලුව වැනුවෙ "එහෙම එකක් නෙවෙයි "කියන්න.
"මොනවද බන් ඇස්වලින් කතා කරන්නෙ?"ටකේශා අක්කා අහපු පාරට අපි දෙන්නම බය වුන.
"මොකුත් නෑ අක්කෙ.මේ මෙයාට පිස්සු "මම කිව්වෙ තනුර අයියා දිහා අමුතු බැල්මක් දාන ගමන්.
තනුර අයියා ආපහු ඉඟි කරන්න ගත්තා.මට තාම තේරුම් ගන්න බැරිවුනා මේ මොකද්ද කියලා.
ටික වෙලාවකින් එයා ඔලුව හෙලෙව්වෙ අදහසක් ආව කියන්න වගේ.එයා ෆෝන් එක අරන් මොනාහරි කලා.ඊට පස්සෙ මට පේන්න ෆෝන් එක හෙල්ලුවා.
ඒක මට තේරුන නිසා මන් මගෙ ෆෝන් එක අරන් බැලුවා.තනුර අයියගෙන් මැසේජ් එකක්
මේසෙ මගෙ ඉස්සරහ ඉඳගෙන ෆෝන් එකට එවන්න තරම් විශේෂ දේ මොකද්? මම එහෙම හිත හිතම මැසේජ් එක බැලුවා.
මුද්ද දාගෙන මොකද කරන්නෙ.කවුරු හරි දකින්න කලින් ඕක ගලවනවා.මැසේජ් එකේ එහෙම තිබුනා.
එතකොටම මන් අත දිහා බැලුවා.එතකොටයි මුද්ද මතක් වුනේ.මේක දැන් ගැලෙව්වොත් හැමෝම දකින නිසා මන් මේසෙ උඩ තිබුන ගෑරප්පුව බිමට අතෑරියා.ඒක ගන්න වගේ බිමට නැමිලා හෙමින් මුද්ද ගලවලා සාක්කුවේ දා ගත්තා.
"මන් මේක හෝදන් එන්නම්." මන් එහෙම කියලා ගෑරප්පුව අරන් කුස්සියට යන්න හැදුවා.මගෙ පස්සෙන් තනුර අයියත් දුවගෙන ආවා.
"මොනව කරනවද දන්නෙ නෑ.මන් කීවා නේද ඕක දාන් ඉන්න එපා කියල කට්ටිය ඉස්සරහා."
"හරි ඉතින් මට අමතක වුනා."මම කිව්වෙ බිම බලාගෙන.
"අමතක වුනා තමයි.ඔච්චරම තේරුම් නැද්ද ඉඟි කරනකොට" තනුර අයියා හිනාවෙවී කිව්වා.
"නෑ ඒක කියන විදිහට කියන්න එපැයි.මට
හිතුනෙ වෙන එකක්" මම කිව්වා.
"ඔව් ඉතින් කැත හිතනෙ තියෙන්නෙ"තනුර අයියා ආපහු හයියෙන් හිනා වුනා.මම බොරු තරහක් මවාගෙන ආපහු කෑම මේසෙට ගියා.ඒත් එදා රෑ සිද්දවුනේ ජීවිතේ තවත් එක රසබර,හැගීම්බර සිදුවීමක්.ඒක මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.
රෑ කෑමෙන් පස්සෙ අපි ටිකක් කතා කර කර හිටියත් ඉක්මනට කාමර වලට ගියෙ මහන්සි ගතිය නිසාමයි.ටකේශා අක්ක අම්ම එක්ක ඉන්න එක මට සහනයක් වුනා.ඒත් අම්මලගෙ වගේම තනුර අයියගෙ තාත්තගෙ හැසිරීමත් වෙනස් බව තේරුම් ගන්න මට අපහසු වුනේ නැ.
"අයියෙ. ඔයාට අම්මලගෙ වෙනසක් තේරෙන්නෙ නැද්ද?" මන් ඇහුවා.
"නෑ මල්ලියා.මටනම් එහෙම අවුලක් නෑ ඒත් අද මහ අමුතු දෙයක් වුනානෙ"
"මොකද්ද?" මන් ඇහුවා.
"අද අම්මලා කුස්සියෙ කතා කරකර හිටියා.මන් කුස්සියට වතුර එකක් ගේන්න ගියා.එතකොට අම්මා නිකන් බයවෙලා වගේ මන් දිහා බලන් හිටියා.ඒත් මන් මොකුත් ඇගුවෙ නෑ.
"හ්ම්ම්." මම කිව්වෙ හිතේ ප්‍රශ්න ගොඩක් තියාගෙන.
"කකුල රිදෙනවා"තනුර අයියා කිව්වා.
"මෙහෙ කොහොමත් සීතලයිනෙ ඒ නිසා වෙන්නැති.බාම් මොනවත් නැද්ද ගාන්න මන් ඇහුවා.
"බාම් මොකටද?"
"කකුලෙ ගාන්නනෙ මෝඩයා" මම කිව්වා.
"ඔයා ඕවා කරන්න ඕනෙ නෑ.ටිකකින් හරියයි."
"ඇයි.මන් කරාම මොකද වෙන්නෙ?"
"මං කැමති නෑ ඔයා එහෙම කරනවට.මට පව් කියලා හිතෙනවා" තනුර අයියා කිව්වා.
"මේ ඔයා මගෙ කොල්ලා වෙන්න කලින් අයියා වුනේ.මල්ලිලා උනාම අයියලට ලෙඩකදි දුකකදි පිහිට වෙන්න ඕනෙ.මගෙ අයියට මට ඒක කරන්න බැරිවුනා ඒක මන් ඔයාට වෙන්න ඉඩ දෙන්නෙ නෑ.මම කිව්වා.
"ඒත් අනේ මන්දා.අපරාදෙ මන් කකුල රිදෙනවා කිව්වෙ" තනුර අයියා ආයෙත් මූණ දික්කරගත්තා.
"ඔයා මොකුත් හිතන්න ඔක්නෙ නෑ.මන් ඇඳේ පහලට ගිහින් තනුර අයියගෙ කකුල හෙමින් අතගාන්න ගත්තා.
"අහ් මාර සනීපයිනේ" තනුර අයියා කිව්වා.
"බොරු කියන්න එපා තාම අතගාන්න පටන්ගත්තා විතරයි."මම කිව්වෙ හිනාවෙවී.
"නෑ ඇත්තටම සනීපයි"
"හ්ම්ම් හාකො" මම කිව්වා.පැය භාගයක් විතර මම කකුල අතගෑවා.ටික වෙලාවක් යනකොට තනුර අයියා මන් දිහා බලාගෙන ඉන්නවා.මට වශීවෙලා වගේ.
"මොකෝ? "මම ඇහුවා.
"මොකුත් නෑ.ඒත් අද වැඩියෙන් ආදරේ හිතෙනවා."
"ඇත්තට? " මන් කකුල අතගාන ගමන් ඇහුවා.
"ඔව්"
"දැන් අඩුද කැක්කුම."මම ඇහුවා.
"දැන්නම් අඩුයි පැට්ටෝ.දැන් තියෙන්නෙ වෙන අමාරුවක්."
"ඒ මොකද්ද?" මන් ඇහුවා.
"ආදරණීය අමාරුවක්."එහෙම කියලා තනුර අයියා මාව ඇඳේ පෙරල ගත්තා.හරියටම බදුල්ලෙ ගිහින් හිටපු දවසෙ වගෙ.එදා විදිහටම මාව හිරකරන් තනුර අයියා මගෙ මූණ දිහා බලන් හිටියා.
"අයියේ?"මම කිව්වා.
"ෂ්.. ෂ්... "තනුර අයියා මගෙ තොල් වලට උඩින් ඇඟිල්ලක් තියන ගමන් කිව්වා.
හෙමින් හෙමින් තනුර අයියා මගෙ මූණට ලං වුනා.එයාගෙ හුස්ම පොද මගෙ මූණට වැටෙන්න ගත්තා.ඒක මට අමුතු හැඟීමක් එක් කලා.එදා මට තනුර අයියව වෙනදට වඩා හිතට දැනෙන්න ගත්තා.ඒක හරිම සුන්දර හැඟිමක් වුනා.
ටිකෙන් ටික තනුර අයියගෙ තොල් පෙති මන් ලඟට ලංවෙන්න පටන් ගත්තා.එයාගෙ කටින් සින්දුවක කොටසක් කියවුනෙ ඉබේටමයි.
"තොල් පෙති විතරක් පලමු හාදුවෙන් තෙමන්න.."
මන් ඇස් පියා ගත්තා.මට ඕන වුනේ ඒ මොහොත විඳින්න විතරයි.ජීවිතේ එක වතාවක් වෙන කෙනෙක්ට හාදුවක් දුන්නත් මේ වගේ හැඟීමක් මම අත්විඳලා නෑ.මම ඒ මොහොත උපරිමයෙන් විඳින්න උත්සාහ කලා.
මොහොතක් ගතවුනා.මට දැනුනෙ අවුරුදු ගානක් ගතවුනා වගේ.අපි දෙන්නගෙ තොල්පෙති එකිනෙක එකතුවෙන්න ගත්තා.නුවරඑළියේ රාත්‍රී සීතල මැද අපෙ සිරුරු උණුසුම් වෙන්න වැඩි වෙලාවක් ගත වුනේ නෑ.ටික වෙලාවකින් අපි දෙන්නා අතර සිදුවුන දේවල්ගැන අපිටතේරුමක් තිබුනෙ නෑ.හැමදේම ඉබේටම වුනා වගේ.පැය ගානක් ඇතුලත අපි දෙන්නගෙ හැඟිම් එකට එකතුවුනේ අපෙ සිරුරු හරහා.මගෙ ජීවිතෙ ලබපු වේදනාවන් අතර මිහිරිම වේදනාවක් මම අත්වින්දා.ඇත්තටම මන් තනුර අයියට මාව විඳින්න ඉඩ දුන්නා.හරියටම කිව්වොත් මගෙ ජීවිතේ එයාට බාර කලා වගේ.
හැමදේටම පස්සෙ ඇඳ උඩ අපි වැතිරිලා හිටියෙ එකිනෙකා ගැන උතුරන ආදරේකින්.පාන්දර 3ට විතර වුනත් තනුර අයියා මාවත් උස්සගෙන නානකාමරයට ඇතුළු වුනා.වතුර මලෙන් වැටුන සීතල වතුරබිඳු අතර මන් තනුර අයියා එක්ක තනිවුනා.සීතල වතුර බිඳු අපිට අමුතු හැගීමක් ආපහු ගෙන දුන්නා.ඒ රැය කවදාවත් අමතක නොවෙන මතකයක් විදිහට මගෙ හිතේ තදින්ම සටහන් වුනා.
....................................................................
පහුවදා උදේ 7 විතර මට ඇහැරුනා.එක පාරටම මතක් වුනේ උදේ පාන්දරම බෙඩ්ශීට් මාරු කරපු එකයි.මට ඒකට හිනා ගියා.ඒත් මම හිනාව තදකර ගත්තෙ තනුර අයියව දකලා.පාන්දරම මාව තුරුළු කරගෙන නිදා ගත්තත් දැන් ඇඳේ අනිත් පැත්තට හැරිලා නිදි.මටත් දැනුනෙ මහන්සි ගතියක්.මමත් ආපහු තනුර අයියගෙ පිටට හේත්තු වෙල එයාගෙ බඩ වටෙන් අත දාගෙන නිදා ගත්තා.
ආපහු ඇහැරෙනකොට උදේ 9 ලඟයි තනුර අයියා ඇඳේ හිටියෙ නෑ.මට ශීට් එකත් පොරවලා එයා ගිහින්.මට ඇඟට දැනුනෙ ලොකු අමාරු ගතියක්.ඒ වගේම සීතලක්.
"ආ මල්ලි.ගුඩ් මෝනින්.තනුර අයියා කිරි වීදුරුවක් එක්ක දොරෙන්
මතු වුනා.
"ගුඩ් මෝනින් අයියෙ." මම කිව්වත් මට දැනුනා මම වෙව්ලන බව.
"මල්ලි? අසනීපයි වගේද?"තනුර අයියා මගෙ ලඟට ආවා.
"නෑ අයියෙ ඇඟට ටිකක් අමාරුයි.සීතලයිත් වගේ"
තනුර අයියා මගෙ නලලට අත තියලා බැලුවා.එයාගෙ ඇස් ලොකු වුනා.මන් එව් දිහා බලාගෙන හිටියා.
"ඇයි?" මම ඇහුවා.
"ඔයාට හොඳටම උණ මල්ලි.ඇඟ ගොඩක් රස්නෙයි.ඔහොම ඉන්න මන් ඩොක්ටට එන්න කියන්නම්" තනුර අයියා කිව්වා.
ටික වෙලාවකින් ඩොක්ටර් ඇවිත් බෙහෙත් දීලා ගියා.මගෙ අම්ම මන් ගාවට ආවා.
"මොකද පුතේ එකපාරටම?"අම්මා ඇහුවා.
"මෙහෙ වතුර සීතලයිනෙ නැන්දෙ.ඒක නිසා වෙන්නැති.මන් කිව්වා ගොඩක් වෙලා නාන්න එපා කියලා"තනුර අයියා හිනාවෙවී කියනවා.මට තරහා ගියා.
"කවුද දන්නෑ උදේ පාන්දර්.."මගෙ කටින් පිටවෙන්න ගිය එක මන් නවත්තගත්තෙ බොහොම අමාරුවෙන්.තනුර අයියගෙ මූණ බයටම පුංචි වෙලා.
"මොනවද උදේ පාන්දර"අම්ම ඇහුවා.
"නෑ අම්මෙ මොකුත් නෑ.මේ තනුර අයියා බෙඩ්ශීට් එකෙ දූවිලි කියලා ඒක පාන්දර තුනට මාව ඇහැරවලා මාරු කලා." මම කතාව වෙන පැත්තකට හැරෙව්වා.එතන හිටපු හැමෝටම ඒක හිනා ගියා.ටකේශා අක්ක අදටත් ඒක මතක් කරලා හිනාවෙනවා.
හැමෝම එලියට ගියාට පස්සෙ තනුර අයියා මන් ගාවට ආවා.
"මොනවද මෝඩයො අර කියන්න ගියෙ?" තනුර අයියා ඇහුවා.
"හචිං..."මට හයියෙන් කිඹුහුමක් ගියා.
"දැන් හෙම්බිරිස්සාවකුත් හැදිලා."මම කිව්වා.ඔයා තමයි මේක කරේ.
"මෙ මන්? කොහොමද මන් වෙන්නෙ?" තනුර අයියා ඇහුවා.
"ඊයෙ රෑ කරපුවා නිසා තමයි මේ.අනික උදේ පාන්දර නෑව්වා මාව."
"ඉතින් මාත් නෑවෙ.මට මොකුත් උනායැ.මන් ඔකනෙ කියන්නෙ තමුසෙගෙත් කට විතරයි.මොනාහරි කලාම උණ" තනුර අයියා හයියෙන් හිනා වුනා.මට තරහා ගියත් මමත් එයා එක්ක හිනාවුනා.
"මේ ඒක නෙවෙයි මට සමාව දෙනව නේද?" තනුර අයියා ඇහුවා.
"ඒ ඇයි ඔයා මොකද්ද කරපු වරද?"මන් ඇහුවා.
"මන් ඊයෙ ඔයාට ගොඩක් රිද්දුවනෙ.අනික ඔයා ඒ වගේ දේවල් වලට අකමැතියිනෙ."
"ඔයා ස්මාව ගන්න ඕනෙ නෑ අයියෙ.අනික මට ඒක ප්‍රශ්නයක් නෑ.මට ඔයාව හරි විශේෂ විදිහට දැනෙනවා.ඒ නිසා ඔයා ඒ ගැන් හිතන්න එපා." මම කිව්වා.
කොහොමින් කොහොම හරි අපේ ආදරේ තවත් එක පියවරක් ඉස්සරහට තිබ්බා.එදා දවස්ම තනුර අයියා මන් ගාවට වෙලා හිටියා.කෑම පවා කැව්වෙ එයා.එදා මට හිතුන එක දෙයක් තිබුන.ඒ තමයි හැමදාම උණ හැදුනනම් හොඳයි කියන එක.
අපි සතුටින් ඉන්න කාලෙ ඉක්මනින්ම ඉවර වෙනවා කියන එක ගැන ඒත් මට තේරුමක් වුනේ නෑ.අපි සතුටින් ගතකරන ජීවිතේට එකපාරටම දුක ඇතුළුවුනා.
මතුසම්බන්ධයි