මන් හැදුවෙ තනුර අයියගෙ මූණ සිපගන්න.ඒත් එයා මාව වැලැක්වුවා .
"ඇයි අයියෙ මේ?"
"ඔයා මොකද කරන්න හදන්නෙ මේ?"තනුර අයියා ඇහුවා
"මන් මේ කිස් එකක් දෙන්න් හැදුවෙ"
"ඒක තමයි.ඒත් මේ වෙලාවෙ එපා".
"ඒත් ඇයි? ඔයා මගෙනම් මන් ඔයාගෙනම් මොකද්ද වරද?" මම ඇහුවෙ පුදුමයෙන් වගේ.
"ඔය කිස් එක දීලා කරන්න හදන්නෙ Thank you කියන එකනෙ.ඒ නිසා එපා.මන් කරන දේවල් වලට ස්තූති කරනවනම් එතන අදරයක් තියා යාළුකමක්වත් නෑ."
"අනේ අයියෙ එහෙම එකක් නෙවෙයි.හරි හරි ආය කවදාවත් කිස් එකක් දෙන්නෙ නෑ.ආය එන්නත් එපා ඉල්ලගෙන." මම එතනින් නැගිට්ටා.
"ආ කිස් එකක් දෙන්නෙ නැද්ද කවදාවත් මන් දන්නවා ගන්න හැටි" එහෙම කියලා තනුර අයියා මාව ඇදලා අරන් කුචි කවන්න ගත්තා.
"දෙන්නෙ නැද්ද ඈ දෙන්නෙම නැද්ද?"
"නෑ දෙන්නෙම නෑ.මට යන්න දෙනවා" මම කිව්වෙ තනුර අයියගෙන් බේරෙන්න එහාට මෙහාට ඇඹරෙන ගමන්.
"එහෙනම් අතාරින්නෙම නෑ." තනුර අයියා දිගටම කුචි කැව්වා.අපි දෙන්නම සැහෙන වෙලාවක ආදරෙන් එහා මෙහා පෙරළුනා.
....................................................................
ඒ සතියෙ සෙනසුරාදා මට ගෙදර යන්න ලැබුනෙ නෑ.එදා අපේ සින්දුව පලවෙනි පාරට රූපවාහිනනිය හරහා විකාශය කෙරුනා.තනුර අයියා එක්ක තිබුන සජීවී වැඩසටහනක් හරහා තමයි සින්දුව විකාශය වුනේ.you tube හරහත් සින්දුව ඊට පස්සේ අපි ප්‍රචාරය කලා.ඒකට හොඳ ප්‍රතිචාර ලැබෙන්නත් ලොකු කාලයක් ගියෙ නෑ.
සින්දුව release කරාට පස්සෙ අපි ටිකක් විවේක ගන්න හිතුවා.තනුර අයියටයි මටයි විවේකෙන් ඉන්න කාලෙ වැඩිපුර ලැබුනත් මම ඒකෙන් වැඩි කොටසක් පාඩම් වැඩ වලටම යොමු වුනේ තනුර අයියගෙ වදේ නිසාමයි.එයාට ඕන වුනේ මන් මගෙ හිතේ තිබුන හීනෙට යන එක ඉක්මනින්ම දකින්න.ඉතින් පුලුවන් හැමවෙලාවෙම එයා මට ඒකට උදව් කලා.
"මල්ලියා.අපි අපේ ගෙදර යමුද ටික දවසක් ඉඳලා එන්න.?" තනුර අයියා මගෙන් ඇහුවා
"ඇත්තමද අයියෙ මමනම් ආසයි ඔයාගෙ අම්ම තාත්තව බලන්න" මම කිව්වා.
"ඒ මොකෝ ඒ?"
"ඇයි ඉතින් නැන්දම්මයි මාමණ්ඩියි බලන එක වැරදිද?" මන් ඇහුවෙ හුරතල් හිනාවක් පෙන්නන්න ගමන්.
"ආ ඒකයි මේ.ඒක නෙවෙයි අපි අම්මවත් එක්කන් යමු."
"අපෙ අම්මව? හා ඒකනම් ගොඩක් හොඳයි." මම කිව්වා.
"එහෙනම් මේ ඉරිදා හවස යමු.එතකොට ක්ලාස් පාඩු වෙන්නෙත් නෑනෙ"
"හා අයියෙ" මම කිව්වෙ සතුටෙන්.
ඒ සතියෙ අඟහරුවාදා මම ගෙදර ආවා.අම්මටත් තනුර අයියගෙ ගෙදර යන අදහස කිව්වම අම්මත් පොඩි අකමැත්තකින් යුක්තව කැමති වුනා.
..................................................................
ඒ සතියෙ බදාදා චාරුයි මමයි තනුර අයියයි හම්බෙන්න තීරණය කලා.අපිට ඕන වුනේ ටිකක් නිදහසේ කතා කරන්න ඉතින් චාරු අපේ ගෙදරට ආවා.තනුර අයියා කාර් එකේ ඇවිත් අපි දෙන්නවත් එක්කගෙන එයා දන්න තැනකට ගියා.
"චාරු. මට උඹට දෙයක් කියන්න තියනවා." මම කිව්වා.
"ඒ මොකද්ද බන්?"
"ඔයත් එක්ක මම කිසිම රහසක් තියාගෙන නෑනෙ.ඉතින් මම මේක කියන්න හිතුවා."
"කියහන් බන් මොකද්ද ?. මොකුත් අවුලක් නෙවෙයිනෙ?"
"නෑ නෑ අවුලක් නෙවෙයි." තනුර අයියත් කතාවට එකතු වුනා
"එහෙනම්?"
"මමයි තනුර අයියයි relationship එකක් පටන්ගත්තා." මම කිව්වෙ චාරු දිහා බලන ගමන්.
"උඹ විහිළුවක්ද කරන්නෙ.තනුර අයියා එක්ක?"
"නෑ විහිළුවක් නෙවෙයි නංගි.ඇත්තටම මම තමයි මෙයාගෙන් ඇහුවෙ"තනුර අයියා කිව්වෙ මගෙ අතින් අල්ලන ගමන්.
"ඇත්තටම මටනම් මාර සතුටුයි බන්." චාරුගෙ ඇස් දිලිසෙන විදිහ මම දැක්කා.අවංකවම යාළුවෙකුගෙ සතුටකදි සතුටු වෙන කෙනෙක් මන් ඊට වඩා දැකලා නෑ.
"ඒකනම් ඇත්තටම හොඳ දෙයක් බන්.අයියෙ මූව හොඳට බලාගන්න හොඳේ.මොන වෙලාවෙ මොන ප්‍රශ්නයක පැටලෙයිද කියන්ම දන්නෙ නෑ.මෝඩයිනෙ මූ." චාරුගෙ බ්‍රේක් නැති කට ආපහු කියවන්න ගත්තා.
"ඇති ඇති නවත්තපම්.නැත්තම් මෙතන ඉන්න ඔක්කොම දැනගන්නවා මේක"මම චාරුට කිව්වා.
"ඒක නෙවෙයි කෝ අපිට පාටි" චාරු ඇහුවා.
"ඒ මොකටද?" මම විහිළුවට ඇහුවා.
"ඇයි දෙයියනේ.කොල්ලෙක් හම්බෙලත් පාටි නැද්ද අපිට.ඔහොම තමයි ඉතින් පහු පහු වෙනකොට." චාරු කිව්වා .
"නෑ නෑ මන් එන්න කිව්වෙ ඒකට තමයි." තනුර අයියා එහෙම කියල හිනා වුනා.
අපි සෑහෙන වෙලාවක් කතා කරකර ඉඳලා ආපහු එන්න පටන් ගත්තා.වාහනේට නැගලා ටික දුරයි එන්න පුලුවන් වුනේ.ඉස්සරහින් ආව කාර් එකක් අපෙ එකේ වැදිලා නතරවුනා.අපිට නම් හිතුනෙ ඒක වුවමනාවෙන්ම කරපු දෙයක් කියලයි.හොඳ වෙලාවට කාටවත් කරදරයක් නෑ.චාරුටයි මටයි ඒ වාහනේ අඳුරගන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.ඒක නිරාශ්ගෙ වාහනේ.චාරුට තරහා ඉහවහා ගිහින් කාර් එකෙන් බැස්සා.මම බැස්සෙ එයාව නවත්තන්න හිතාගෙන.ඒ එක්කම තනුර අයියත් වාහනෙන් බැස්සා.
"ඔහොමද $&#$ පාරෙ වාහන එලවන්නෙ?" නිරාශ් එක්කම වාහනෙන් බැහැපු රශ්මින තනුර අයියගෙන් ඇහුවා.
"අපිනම් හරියට ආවා.හිතාමතාම ඔහොම හප්පනකොට ඉතින් අපි කොහොම ආවත් වැරදියි." මම කිව්වෙ තරහෙන්.
රශ්මින අයියගෙ මූණ වෙනස් වුන එකෙ මම ඇත්ත කිව්වා කියන එක මට තහවුරු වුනා.ඒත් මම් මොකුත් කිව්වෙ නෑ.
"දැන් ගෙවපන් මේකට" නිරාශ් කෑ ගහනවා.
"අපි මොකටද ගෙවන්නෙ? හැප්පුවනම් හදාගන්න එකයි ඇත්තේ්"චාරු කිව්වා
"උඹ එක්ක කතාවක් නෑ.මේක හැප්පුවනම් ගෙවපන්."රශ්මින කිව්වෙ චාරු දිහා බලන ගමන්.
"උඹ මගෙ අම්මව ආපහු ගෙනත් දීපන්.මම එතකොට මේකට ගෙවන්නම්.උඹනෙ එයව මැරුවෙ"
චාරුගෙ ඇස් වලින් ආපහු කඳුළු ආවත් එයා හැඟීම් යටපත් කරන් කතා කලා.
"ඒක අත්වැරැද්දක් විතරයි.මන් උඹෙ අම්මව හිතලා මැරුවෙ නෑ." රශ්මින ආපහු කියවන්න ගත්තා.
"දැන් ඇති.මට කාර් එක හදාගන්න පුලුවන්." තනුර අයියා කිව්වත් අපි ඒකට එක්ඟ වුනේ නෑ.
"ඒත්.."මම කියන්න හද්නකොට රශ්මින අයියා මන් දිහා තරහෙන් වගේ බැලුවා.මම නිහඬ වුනා.
"කීයක් ඕනෙද මේකට" තනුර අයියා ඇහුවෙ නිරාශ් ගෙන්.
නිරාශ් ගානක් කියන්න හදනකොටම රශ්මින එයාව නැවැත්තුවා.
" ඕනෙ නෑ.අපි යමු." රශ්මින කිව්වෙ චාරු දිහා බලන් ගමන්.එයා අතින් වුන වරදට අවංකවම පසුතැවීමක් තියන බව මට තේරුනා.ඊට පස්සෙ මන් දිහා බලපු රශ්මින අමුතු හිනාවක් දැම්මා.
"උඹෙ ජීවිතේ ටිකෙන් ටික විනාස කරනවා මන්.බලන් හිටපන්.මට ලැජ්ජා කරපු එකටත් ගහපු එකටත් මන් පලිගන්නවා.
එහෙම කියලා දෙන්නම් වාහනෙ පැත්තට ගියා.
තනුර අයියා රක්ෂණ සමාගමට කෝල් කරාට පස්සෙ එයාලා ඇවිත් වාහනේට වුන හානිය ගෙවන්න එකඟ වුනා.මම චාරුව ආපහු ගෙදර යැව්වා.වාහනේට වුන හානිය හදන්න දවස් දෙකක් විතර යන බව කිව්වා.ඒ දවස් දෙක අපෙ ගෙදර ඉන්න තනුර අයියා කැමති වුනා.ඒ දවස් දෙක තනුර අයියා එක්ක මන් ගතකලේ සතුටින් ඒත් මගෙ හිත ඇතුලෙ ප්‍රශ්නයකට තිබුනෙ රශ්මින මේකට මොනවා කරයිද කියන එක.ඒත් තනුර අයිය එක්ක ඉන්නකොට ටිකකට හරි ඒ දේවල් අමතක වෙලා ගියා.දවස් දෙකකට පස්සෙ තනුර අයියා ආපහු නුවර ගියෙ ඉරිදා නුවරඑළියේ ගෙදර යම බලාපොරොත්තුවෙන්.මමත් ඒකට ආස කලත් ඒ ගමනෙන් පස්සෙ මගෙ ජීවිතේ ලොකු වෙනසක් වෙන දෙයක් වෙයි කියලා මන් කවදාවත්ම හිතුවෙ නෑ.ඒ ගිය ගමන නොගිහින් හිටියනම් කියන හැඟීම අවුරුදු ගානක් යනකම් මට දැනුනා.
.................................................................
ඉරිදා උදේ පන්ති ගිහින් හවස අපි මාතලෙන් පිටත් වුනා.අම්මයි මමයි එක්ක යන්න තනුර අයියා ආව නිසා ඉක්මනින්ම අපි තනුර අයියලගෙ ගෙදරට ලඟා වුනා.ඒ තරම් ලස්ස්න ගෙදරකට මන් ගිහින් තිබුනෙ නෑ තනුර අයියාගෙ නුවර ගෙදරටත් වඩා ලොකු මේකෙ තට්ටු තුනක් තිබුනා.මිදුලට ඇතුළුවන ගේට්ටුව පහුකලාම වෙනම ලෝකයකට ගියා වගෙයි මට දැනුනෙ.ලස්ස්නට මල් වවපු උද්‍යානය මැද ලස්සනට ගේ පිහිටලා තිබුනා.වත්තෙ තිබුන ගස් එක එක හැඩවලට කපලා තිබුනා.පුංචි පුංචි තැන් පවා ලස්සනයි.මන් ඒ දේවල් බල බලම කාර් එක ඇතුලට වෙලා හිටියා.
"බහින්නෙ නැද්ද?" තනුර අයියා ඒ වෙනකොටත් බැහැලා.
"එන්න අම්මෙ බහිමු."මම අම්මට කිව්වා.
"මන් කොන්ඩෙ පීරන් එන්නම් ළමයො හුලන් වැදිලා හොඳටම අවුල් වුනා" අම්මා එහෙම කිය කිය කොන්ඩෙ පීරනවා.මම හිනාවෙවීම කාර් එකෙන් බැස්සා.තනුර අයියගෙ අම්මයි තාත්තයි එතකොටම වගේ ගේ දොරකඩට ආවා.
"ආ පුතාලා ඔයාලා ආවද?" තනුර අයියගෙ අම්මා ඇහුවා.
"මෙයාද අභී කියන්නෙ?"
"ඔව් නැන්දේ මම තමයි."මම තනුර අයියගෙ අම්මටයි තාත්තටයි වැන්දා.
"කෝ අම්මා ආවෙ නැද්ද?"
අම්මා එතකොටම කාර් එකෙන් එලියට ආවා.අම්මා අපි දිහාට ඇවිත් එක පාරටම ගල් ගැහුනා වගේ තනුර අයියගෙ දෙමව්පියො දිහා බලන් හිටියා.
"මිසිස් බණ්ඩාර!" තනුර අයියගෙ අම්මා කිව්වෙ පුදුමයෙන් වගේ.
"සමරකෝන් නෝනා" අම්මත් පුදුමයෙන් කිව්වා.මට මේ කිසි දෙයක් තේරුම් ගන්න බැරිවුනා.
"ඔයාලා කලින් අඳුරනවද?" මම ඇහුවා.
"ආ මේ නෑ.මන් කිව්වෙ ඔව්. අපි ඉස්කෝලෙ කාලෙ හොඳ යාළුවො." තනුර අයියගෙ අම්මා කිව්වා.
"යමු ඇතුලට " නැන්දා අපිව ඇතුලට එක්ක ගියත් මගෙ හිතේ නම් සැකයක් තිබුනෙ ඒ බොරුවක් කියලමයි.
"මේ අයට කාමර පෙන්නන්න."තනුර අයියගෙ අම්ම වැඩකරන කෙනෙකුට කිව්වා.
"ඕනෙ නෑ අම්මා.මම පෙන්නන්නම්.හැබැයි මල්ලිනම් මාත් එක්ක." තනුර අයියා හිනාවෙවී කිව්වා.
"ඒත් අම්ම තනියමනෙ අයියෙ." මගෙ හිතේ අම්මා තනි කරන්න අදහසක් තිබ්බෙ නෑ.
"අම්මට තනියම ඉන්න වෙන එකක් නෑ." ඒ ඇහුන කටහඬට අපි ඔක්කොම හැරිලා බැලුවා.
"ටකේශා...!" තනුර අයියා පුදුමයෙන් වගේ ඇහුවා.එතනට ආපු අක්කා දිහාත් තනුර අයියා දිහාත් මන් මාරුවෙන් මාරුවට බැලුවා.
"කවද්ද ලංකාවට ආවෙ?"තනුර අයියා ඇහුවා.
"ගිය සතියෙ.මෙහෙට ආවෙ නම් පෙරේදා.කොහෙද ඉතින් ඔයා නෑනෙ මන් එනකොට.කෝ මට හග් එකක් දෙන්නෙ නැද්ද?"ටකේශා අක්කා ඇහුවා.
"මොකද නැත්තෙ" තනුර අයියා ඒ අක්කව වැලඳගත්තා.මම නම් ඒකට කැමති වුනේ නෑ.මගෙ අයියව වෙන කෙනෙක් වැලඳගන්න.මට තරහත් හිතුනා.
"මේ කවුද? යාළුවෙක්ද?" ටකේශා අක්කා මන් දිහාට හැරුනා.
"ආ ඔව් අක්කෙ.මන් මේ තනුර අයියා එක්ක එකට වැඩකරන්නෙ." මම කිව්වා.
"එතකොට මේ අම්මා නේ?" ටකේශා අක්කා ඇහුවා.
"කොහොමද දුවේ?" අම්මත් ඇහුවා.
"හොඳින් ඉන්නවා ඇන්ටි.ඇන්ටි බය නොවී ඉන්නකො.මන් ඇන්ටි එක්ක ඉන්නම්" ටකේශා අක්කා හිනාවුනා.
ඒත් අම්මගෙ මූනෙ තිබුනෙ මාව ලඟින්ම තියාගන්න ඕනෙ කියන හැඟීම.මටඒක තේරුනා.
"ආ පස්සෙ කතාකරන්න බැරියෑ දැන් ගිහින් ඇඳුමක් එහෙම මාරු කරන් එන්න." තනුර අයියගෙ අම්මා කිව්වා.
අපි ඔක්කොම කාමරවලට ගියා.ඒත් ගෙදරට ආව වෙලාවෙ ඉඳලා අම්මලගෙ හැසිරීම ගැන මන් දිගින් දිගටම කල්පනා කලා.
මතුසම්බන්ධයි