තනුව

By Kevinprabhashwara

32.5K 5.5K 592

නුඹ හා ගතකල සුන්දර මොහොතක රසය විඳින්නට ඉඩදෙනු දැන්..... More

....තනුව..... පළමු වෙළුම
....තනුව.... දෙවන වෙළුම....
තනුව... තුන්වන වෙළුම
....තනුව.... සිව්වන වෙළුම...
...තනුව... පස්වන වෙළුම...
......තනුව..... හයවන වෙළුම...
...තනුව... හත්වන වෙළුම....
...තනුව.... අටවන වෙළුම....
....තනුව.... නමවන වෙළුම...
....තනුව.... දසවන වෙළුම....
.....තනුව.... එකොලොස්වන වෙළුම....
...තනුව.... දොලොස්වන වෙළුම....
....තනුව.... දහහතරවන වෙළුම ....
.....තනුව..... පහළොස්වැනි වෙළුම....
.....තනුව..... දාසයවැනි වෙළුම......
....🎶තනුව🎶.... දහහත්වැනි වෙළුම...
...🎶තනුව🎶..... දහඅටවන වෙළුම.....
....තනුව.... දහනමවන වෙළුම.....
....🎶තනුව🎶..... විසිවන වෙළුම....
.....🎶තනුව🎶...... විසි එක්වන වෙළුම....
....🎶තනුව🎶.... විසි දෙවන වෙළුම....
....🎶තනුව🎶.... විසි තුන්වන වෙළුම.....
....🎶තනුව🎶..... විසිහතරවන වෙළුම...
....🎶තනුව🎶.... විසිපස්වන වෙළුම....
....🎶තනුව🎶..... විසි හයවන වෙළුම....
....🎶තනුව🎶..... විසිහත්වන වෙළුම...
....🎶තනුව🎶..... විසි අටවන වෙළුම....
...🎶තනුව🎶..... විසිනමවන වෙළුම...
තනුව තිහ හා තිස් එක්වන වෙළුම්
....🎶තනුව🎶.... තිස් දෙවන වෙළුම...
.....🎶තනුව🎶..... තිස් තුන්වන වෙළුම...
....🎶තනුව🎶.... තිස් හතරවන වෙළුම...
.....🎶තනුව🎶..... තනුව තිස් පස්වන වෙළුම..
....🎶තනුව🎶.... තිස් හයවන වෙළුම...
....🎶තනුව...🎶.... තිස් හත්වන වෙළුම...
....🎶තනුව...🎶.... තිස් අටවන වෙළුම...
....🎶තනුව...🎶.... තිස් නමවන වෙළුම...
....🎶තනුව...🎶.... හතලිස්වන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් එක්වන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් දෙවන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් තුන්වන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් හතරවන වෙළුම...
තනුව හතලිස් පහ හා හතලිස් හයවනවෙලුම්
....🎶තනුව🎶.... හතලිස් හත්වන වෙළුම...
තනුව හතලිස් අට හා හතලිස් නමවන වෙළුම්
.....🎶තනුව🎶.... පනස්වන වෙළුම....
....🎶තනුව..🎶.... පනස් එක්වන වෙළුම...
....🎶තනුව🎶.... පනස් දෙවන වෙළුම....
....🎶තනුව🎶... පනස් තුන්වන වෙළුම...
....🎶තනුව🎶..... පනස් හතරවන වෙළුම...
....🎶තනුව🎶.... පනස් පස්වන වෙළුම...
....🎶තනුව🎶..... පනස් හයවන වෙළුම
....🎶තනුව🎶.... පනස් හත්වන වෙළුම...
....🎶තනුව🎶.... පනස් අටවන වෙළුම...
තනුව පනස් නමවන හා හැටවන වෙලුම්
.....🎶තනුව🎶..... හැට එක්වන වෙළුම....
....🎶තනුව🎶..... හැට දෙවන වෙළුම...
....තනුව.... හැට තුන්වන වෙළුම

....තනුව.... දහතුන්වන වෙළුම.....

687 134 13
By Kevinprabhashwara


                      

මන් චාරුගෙන් ආව කෝල් එක ආන්ස්වර් කලා.ඒත් මන් වචනයක්වත් නොකිව්වෙ මොන හේතුවක් නිසා කෝල් කරාද කියල නොදන්න නිසා.

"අභී. ඇයි කතා කරන්නෙ නැත්තෙ?" චාරුගෙ කටහඬ එහා පැත්තෙන් ඇහෙන්න පටන් ගත්තා.

"ආ කියන්න චාරු.ඇයි කෝල් කරේ." මන් වෙනදා වගේ කතා කලේ නෑ.

"මට ඔයාව හම්බවෙන්න ඕනෙ.අද හම්බෙන්න පුලුවන්ද?"

" මන් ගෙදර නෙවෙයි ඉන්නෙ.බදුල්ලට ආවා තනුර අයියගෙ වැඩකට.හදිසියක්ද ?"

"නෑ අභී.මන් හිතන්නෙ මගෙ අතින් ලොකු වරදක් උනා කියලා.ඔයාව හම්බෙලා ඒක නිවැරැදි කරගන්නයි ඕනෙ."

"මන් හෙට ගෙදර එනවා.හවස් වෙලා එන්න." මම කිව්වා.

"උඹට මාත් එක්ක තරහක් නැද්ද බන්? "

"තරහා උනේ ඔයා මිසක් මම නෙවෙයිනෙ චාරු." මම කිව්වෙ හිතේ තිබුනු දුක වචන වලින් නොදැනෙන විදිහට.

"ඔයා එන්නකො.අපි එහෙනම් හම්බවෙලාම කතා කරමු."චාරු එහෙම කියලා ෆෝන් එක තිබ්බා.
මම තනුර අයියා දිහාට හැරුනා.වෙලාව උදේ 5.30යි.මන් තනුර අයිය දිහා බලාගෙන හිටියා.ඒ මූණ නිදාගෙන ඉන්නකොට කොච්චර ලස්සනද මට හිතුනා.පුංචි ඇස්.පුංචි කට ඒ ඔක්කොම මන් ආස කරපු විදිහමයි.මන් ආපහු තනුර අයියට තුරුළු වුනා.නින්දෙන් වුනත් එයා මගෙ ඇඟට උඩින් අත දාගත්තා.මන් ඇඟිල්ලෙන් එයාගෙ පපුවෙ ඉරි අඳින්න පටන් ගත්තා.ආපහු නිදාගන්න හිතුවත් නිදිමත මගෙ අහලකවත් නෑ.තනුර අයියාව ඇහැරවන්න හිතෙන්නෙත් නෑ.මන් හෙමීට ඇඳෙන් නැගිට්ටා.ඇඳෙන් බැහැලා මන් ශීට් එක තනුර අයියට පෙරෙව්වා.මන් කාමරේ අයිනෙ ජනේලෙ ගාවට ගිහින් ටිකක්වෙලා ඈත බලන් හිටියා.කඳු වලළු අතරින් හිරු නැගෙන හැටි.ඒ පලවෙනි කිරණ මීදුම් පටලය ඉරාගෙන එන හැටි දැක්කම මට ඒ දර්ශනයෙන් ඇස් ඉවතට ගන්න පුලුවන් උනේ නෑ.හෙමින් මතුවෙන හිරු කිරණට මගෙ මූණට වැටෙන්න මන් ඉඩ දුන්නා.කරේ තිබුණ ලොකට් එක මන් ගලවලා ගත්තා.
"අයියෙ,
මේ දේවල් ඔයාට කියන්න ඕනෙ කියලා හිතුනා.රශ්මින අයියගෙන් පස්සෙ කවදාවත් ආදරයක් ඕනෙ නෑ කියලා හිතුනත් තනුර අයියා එක්ක් අද ආදරයක මන් ආයෙත් පැටලුනා.මන් හිතන්නෙ ඔයා මට ඒකට සමාව දෙයි කියලා.මන් වරදක් කලා කියන හැඟීමක් මට දැනෙනවා.ඒත් තනුර අයියව මට ඔයාව වගේම දැනෙනවා අයියෙ.මගෙ ජීවිතේට අලුත් ආරම්භයක් ලැබෙයි කියල හිතෙන්නෙ.කොහොම වුනත් මීට පස්සෙ ප්‍රශ්නයක් ඇති නොවෙන විදිහට මන් වැඩ කරනවා.මන් වරදක් කරන්නෙ නෑ කියලා හිතෙනවනම් මට ඒක කියන්න අයියෙ.ඔයා මන් ගාවමයි කියන එක හැමවෙලේම දැනෙනවා.ඒක හිතේ මැවෙන දෙයක්ද නැද්ද කියන්න මන් දන්නෙ නෑ."

මන් දිගටම අයියා එක්ක කියව කියව හිටියා.ඒ එක්කම ආව සුළං රැල්ලකින් මගෙ නලල මැද වැටිලා තිබුන කෙස් රොදක් ආපහු උඩට ගියා.ඒක දැනුනම මට හිතුනෙ ඒ අයියමයි කියලා ඒකට හේතුව අයියත් මාත් එක්ක කතාකරකර් ඉන්නකොට මගෙ කොන්ඩෙ ඔය විදිහට උඩට දාන නිසා.ඒ නිසා මන් වරදක් කරනවා කියල හිතුන වරදකාරී හැඟීම මගෙන් අයින් උනා.මන් තවත් ජනේලෙ අයිනට වෙලා එලිය බලාගෙන හිටියා.

එකපාරටම පිටිපස්සෙන් දැනුන ස්පර්ශයෙන් මාව ටිකක් ගැස්සුනා.ඉන වටෙන් ගිහින් ඒ අත් දෙක මාව බඩ මැදින් අල්ලගෙන එයාට හිරකරගත්තා.ඒ තනුර අයියා කියලා තේරුම්ගත්තත් මම සද්ද නොකර හිටියා. උණුසුම් තොල් පෙති මගෙ බෙල්ල සිප ගන්න පටන් ගත්තා.මන් ඇස් පියා ගත්තෙ ඒ හැඟීම මට හරියටම විඳින්න ඕනෙ නිසා.තත්පර ගානක් දැනුන ඒ ආදරණීය හැගීම මට අවුරුදු ගානක් වගේ දැනුනා.මන් තනුර අයියා දිහාට හැරිලා බෙල්ල වටෙන් අත් දෙක දාලා තනුර අයියව අල්ල ගත්තා. ඒ ඇස් දෙක දිහා මන් කෙලින්ම බලාගෙන හිටියා.ඒවගෙ මන් දැක්කෙ ආදරේ විතරමයි.තනුර අයිය මාව උඩට උස්සලා ගත්තා.හරියටම මගෙ මූණ එයාගෙ මූණ ලඟටම එන විදිහට.අපි දෙන්න අතර එක වචනයක්වත් නොකියවුනත් ඒ හැඟීම් සමාන බව තේරුනා.මන් තනුර අයියගෙ නලල උඩින් මගෙ නලල තියා ගත්තා.මගෙ ජීවිතේ තවත් එක සුන්දර අවස්ථාවක් විදිහට තවමත් ඒක මතකයේ රැඳිලා තියනවා.

"කාත් එක්කද කතා කර කර හිටියෙ?"

"අයියත් එක්ක"

"මට හිතුනා.අපි දෙන්නා ගැන කිව්වා නේ?"

"ඔව්.මන් කිව්වෙ කාලෙකට පස්සෙ ආපහු මට මගෙ අයියා ලැබුනා වගේ කියලා." මම කිව්වා.

අපි දෙන්නම ටිකක් වෙලා එතනට වෙලා හිටියා.ඊට පස්සෙ ආපහු යන්න ලෑස්ති වුනා.අපි ඉක්මනින්ම ආපහු ආවා.මහනුවර තනුර අයියගෙ ගෙදර ආවට පස්සෙ මම තනුර අයියා කතා කලා.

"මල්ලියා"

"ඕ ඇයි අයියෙ?"

"ඔයාගෙ යාළුවාට එහෙම කතා කලේ නැද්ද ආයෙ? දැන් සැහෙන කාලයක් නිසා එයා ඒ දේවල් අමතක කරලා ඇති."

"මමනම් කතා කලේ නෑ.ඒත් අද උදේම එයා කතා කලා."

"අහ් ඔයා මට කිව්වෙවත් නෑනෙ?"ත්නුර අයියා ඇහුවෙ මන් දිහා එකපාරටම බලන ගමන්.

"කියන්න තමයි හිටියෙ.ඒත් උදේම උන වැඩේ නිසා අමතක උනා."

එහෙම කියද්දි තනුර අයියට හිනා ගියා.මමත් හෙමින් හිනා වුනා.

"ඒක නෙවෙයි අයියෙ බදාදා නේද ගාල්ලෙ යන්නෙ?"

"මේ බදාදා තමයි. ඔයා දැකලා නැති මුහුද පෙන්නන්න පුලුවන් මට" තනුර අයියා කිව්වා.

හ්ම්ම් මාත් හරි ආසාවෙන් ඉන්නෙ යන්න." මම කිව්වා.

"අද සිකුරාදා නේ.ඔයා අද හවස ගෙදර යනවා නේ? මටනම් දැන් පාලු හිතෙයි"

"ඒත් ඉතින් ඔය අනිත් දවස් වල හිටියෙ.එතකොට පාලු හිතුනෙ නැද්ද?" මන් ඇහුවෙ තනුර අයියා අවුස්සන්න හිතාගෙන.

"එතකොට ඉතින් ආදරෙයි කියලා කිව්වෙ නෑනෙ.දැන් ඉතින් එහෙමනේ"

"අහ් මම කෝල් කරන්නම්කො.අනික දවස් දෙකයිනෙ.කොහොම කිව්වත් මටත් පාලු හිතෙයි." මම කිව්වා

"අනේ ඉතින්.මේ ඒක නෙවෙයි.යමුද අපෙ ගෙදර? " මම ආපහු ඇහුවා.

"යන්න නම් ආසයි බබා. වැඩ ඉවරවෙලා නිදහසේම එන්නම්කො.දවස් දෙක තුනක් ඉඳලම යන්න."

"අපො ඔයා එච්චර දවස් ඉන්න එකක් නෑ" මම කිව්වා.

"ඒ මොකද ?" තනුර අයියා මූණ අමුතු කරන් ඇහුවා.

"එහෙ ඉතින් මේ වගේ නෑනෙ.එක ඇඳයි තියෙන්නෙ.බාත් රූම් නෑ.ලිඳෙන් නාන්න ඕනෙ. කෑම බීම එහෙමත් මේ වගේ නෑනෙ.ඇත්තට ඇයි ඔයා මට කැමති වුනේ?

"ආය ඔය වගේ දෙයක් කිව්වොත් එහෙම දෙනව කට කැඩෙන්න එකක්.මට ඕනෙ ඔයාව මිසක් ඔයා මොන වගේද? සල්ලි තියනවද කියන දේ මට වැඩක් නෑ." තනුර අයියට හොඳටම තරහාගිහින් වගේ.

"අයියෙ මන් ඒක නිකමට වගේ කිව්වෙ ඇයි තරහා ගිහින්?"

"තරහා යන්නෙ නැද්ද මල්ලි.ඔයා කියපු දේ මට ටිකක් අවුල් වගේ.ඔයා හිතන් ඉන්නෙ මන් සල්ලි පස්සෙ යන කොල්ලෙක් කියලද?"

"අනේ නෑ අයියෙ මන් හිතුවෙ එහෙම නෙවෙයි.මං එහෙම දෙයක් හිතලා කිව්වෙ නෑ" මම කිව්වා.
ඒත් තනුර අයියා මොකුත් කිව්වෙ නෑ.මම තනුර අයියා ලඟට ගිහින් පිටට හේත්තු වෙලා බදාගත්තා.

"මට සමාවෙන්න අයියෙ" මම කිව්වා.
තනුර අයියා මගෙ පැත්තට හැරුනා.

"ආය ඒ වගේ දේවල් කියන්න එපා මල්ලි.මං කැමති නෑ.මට ඕනෙ ඔයාට හයියක් වෙන ගමන් ඔයාගෙ ජීවිතේ හදාගන්න උදව් කරන්න.ඒවගේම ඔයාට ආදරේ කරන්න."

"මට සමාවෙන්න අයියෙ." මට ඊට වඩා දෙයක් කියන්න පුලුවන් වුනේ නෑ.මන් නිහඬවම තනුර අයියගෙ පපුවට තුරුළු වුනා.
...................................................................
එදා හවසම මන් ආපහු ගෙදර ආවා.මං සිකුරාදා හවස එන බව දන්න නිසා අම්මා ගෙදර ඇවිත් හිටියා.ඒ සතියෙ උන දේවල් මන් අම්මට කිව්වා.තනුර අයියයි මමයි අතර උන දේ හැරෙන්න හැමදේම වගේ.අම්මා ගොඩක් සතුටු වුනේ මන් නොදැකපු දේවල් බලන්න ලැබුනා කිව්වම.

"අපි බදාදා මුහුදු වෙරලට යනවා."මම කිව්වා.

"කොහෙ එකටද පුතා?" අම්මා ඇහුවා.

"ගාල්ලෙ.එහෙ තමයි සින්දුවෙ විශුවල් එකේ ඉතුරු ටික වීඩියෝ කරන්නෙ"

"අහ් එහෙමද?" අම්මා එහෙම කිව්වා.ඒත් අම්මගෙ මූනෙ මන් වෙනසක් දැක්කා.

"ඇයි අම්මෙ මන් එහෙ යනවට කැමති නැද්ද?" මන් ඇහුවා.

"නෑ එහෙම දෙයක් නෙවෙයි.මට කෙනෙක් මතක් උනා.ඒකයි"

"කවුද ඒ?"

"ඒක වැඩක් නෑ.ඔයා ඒ ගැන හිතන්න එපා."අම්මා එහෙම කිව්ව නිසා මන් මොකුත් ඇහුවෙ නැ.

"අම්මෙ ඒක නෙවෙයි.හෙට චාරු මෙහෙ එනවා කිව්වා."

"ඇයි ඒ? ඔයා එක්ක තරහා වෙලා නේද හිටියෙ?"

"ඔව් ඒත් හම්බවෙලා කතා කරන්න ඕනෙ කිව්ව නිසා මන් මෙහෙ එන්න කිව්වා."

"හ්ම්ම්. හරි  කමක් නෑ." අම්ම කිව්වා. අපි දෙන්නා එක එක දේවල් ගැන කතා කරා ඒත් මන් ගාල්ලෙ යනව කිව්වම අම්මට මතක් උනේ කවුද කියලා මන් දවසම කල්පනා කලා.
......................................................................

පහුවදා උදේම මන් තනුර අයියට කතා කලා.

"හෙලෝ කම්මැලියා නැගිටලාද ඉන්නෙ."මන් ඇහුවා

"නැගිටින් නැතුව කෝල් ආන්ස්වර් කරන්න බෑනෙ.මොකද උදේ පාන්දර?"

"අප්පෝ සැර.මන් හිතුවෙ ගෙදර ආපු වෙලාවෙ ඉඳන්ම කෝල් කරයි කියලා.මාව මතක් වෙයි කියලා කිව්වෙ බොරුවට නේ?"මම කිව්වා.

"අනේ නෑ බබා.මන් කෝල් කරේ නැත්තෙ ඔයාටයි අම්මටයි නිදහසේ කතා කරන්න හම්බෙන්නෙ ඔය දවස් දෙක විතරක් නිසා"

"අහ් එහෙමද? ඔයා ගෙදර ගියෙ නැද්ද?"

"අද දවල් වෙලා යනවා." තනුර අයියා කිව්වා.

"හ්ම්ම් පරිස්සමින් යන්න ඈ"

"හරි මල්ලියා."

අපි දෙන්නගෙ කතාව ඉවර වුනේ අම්මා මම ඉන්න පැත්තට ආව නිසා.

"කාත් එක්කද උදේ පාන්දරම කයිය?"අම්මා ඇහුවා.

"නෑ මේ තනුර අයියා එක්ක."මම කිව්ව.

"මටනම් හිතුනෙ මගෙ අනාගත ලේලි පොඩ්ඩ එක්ක කියලා.හිනාවෙවී මුකුළු කරනකොට" අම්මා හිනා වෙවී කිව්ව.
මට හිනාගියත් පස්සෙ දුක හිතුනා.අම්මට කොහොම කියන්නද ඒ ලේලි නෙවෙයි බෑනා කියලා.

"අභී..." ගේ ඉස්සරහින් ඇහුනු හඬට මන් අවධානය දුන්නා.ඒ චාරු මම ගිහින් දොර ඇරියා.චාරුව එක්කගෙන ඇවිත් අපි දෙන්නම වාඩි වුනා.

"අභී මට සමාවෙන්න" චාරු අඬන්න සැරසුණු කටහඬකින් කිව්වා.

" ඒ මොකටද බන්?" මම ඇහුවා.

"මන් උඹව වැරදියට තේරුම් ගත්තෙ.උඹ මන් ගැන හිතුවත් මම හිතුවෙ උඹ රශ්මින ගැන හිතනවා කියලා.පුංචි කාලෙ ඉඳන්ම තිබුන යාලුකම නැතිකරගන්න තරම් මම මෝඩ උනා"

"ඒක දැන් ඉවරයි බන්.අමතක කරහම්" මම කිව්වෙ මට චාරු එක්ක කිසිම තරහක් නොතිබුන නිසා.

"ඒ කියන්නෙ උඹ මට සමාව දුන්නද බන්?"

"සමාව දෙන්න උඹ එක්ක මන් තරහකින් හිටියෙ නෑ බන්.මම කරේ ඒ වෙලාවෙ මට හරි කියලා හිතුන දේ.උඹෙ හිතට දුකක් දෙන්න ම්ට ඕනෙ උනේ නෑ." මම කිව්වා.

"ඒක මට තේරුනේ නෑ අභී. මට ඒක දැනගත්තම තරහා ගියා. ඒත් මන් මේ වැඩේ කරපු රශ්මිනයගෙන්
නම් පලිගන්නවා." චාරු කිව්වෙ තරහෙන්.

"ඒකට මේ වෙලාව නෙවෙයි චාරු.අනික මන් හිතන්නෙ නෑ ඔයාගෙ අම්මව මරන්න රශ්මිනට වුවමනා උනා කියලා"

"නෑ මාත් එහෙම හිතන්නෙ නෑ.ඒත් මගෙ අම්මා නැතිවුනා බන්."

ඒ එක්කම අම්මා තේ එකක් අරන් එතනට ඇවිත් වාඩි වුනා.

"ඕවා අමතක කරන තරමට තමයි හොඳ දරුවො.අම්ම උනත් කැමති වෙන එකක් නෑ ඔයා දරුණු කෙනෙක් වෙනවට" අම්මා කිව්වා.

"අනේ මන්දා නැන්දෙ.ඒට්ග් මගෙ හිතේ තිබුන එක ප්‍රශ්නයක් හරි විසඳුනා තනුර අයියා නිසා."

"තනුර අයියා නිසා කිව්වෙ?" මන් ඇහුවෙ පුදුමයෙන්.

"තනුර අයියා තමයි උඹ ගැන කිව්වෙ ." චාරු කිව්වා "ඇයි උඹ දන්නැද්ද?"

"නෑ.කවද්ද කිව්වෙ මේ දවස් ටිකේම මං එක්කනෙ හිටියෙ "

"පෙරේදා තමයි කිව්වෙ. මට කෝල් කරා"

මම හිතුවෙ ඒ මොන වෙලාවෙද කියලා.ඒත් මන් නිසා මෙහෙම කතා කලේ ඇයි.මම ඒකට පොඩ්ඩක්වත් කැමති උනේ නෑ.තනුර අයියා මන් වෙනුවෙන් චාරු එක්ක කතා කල එක එච්චරම හරි නෑ කියලා මට හිතුනා.මන් එ ගැන හිත හිතම චාරුයි අම්මයි එක්ක කතා කලා.
                                      
                                      මතුසම්බන්ධයි

Continue Reading

You'll Also Like

19.4K 3.5K 22
සෑම වසන්තයක් පිටුපසම හඩාවැටුන ගිම්හානයක්ද ඇත....❤
Twenty Six Revenge By Grey

Mystery / Thriller

588K 38.5K 49
Khoon Thant Shein Wah+Sunshine SiThu
4.7K 612 34
කළුවරට පෙම් බැදි දෑසක්... පහන්සිළුවක ආලෝකයේ සදහටම දැවටුනි...🖤 ඒ සිහින් දුඹුරු පැහැ දෑස්... තද කලු පැහැති මුරණ්ඩු ඇහිබැමි... මගේ ජීවීතය... නොසිතූ ලෙ...
174K 10.6K 126
တာတေရဲ့ အထက်လမ်း အောက်လမ်း စုန်းကဝေ ပရလောက စွန့်စားခန်းတွေအကြောင်း။ နည်းနည်းပြောချင်ပါတယ် တာတေရဲ့ဇာတ်လမ်းတွေက သရဲစာပေgroupတွေမှာလည်း တင်လေ့ရှိသလို...