තනුව

By Kevinprabhashwara

32.5K 5.5K 592

නුඹ හා ගතකල සුන්දර මොහොතක රසය විඳින්නට ඉඩදෙනු දැන්..... More

....තනුව..... පළමු වෙළුම
....තනුව.... දෙවන වෙළුම....
තනුව... තුන්වන වෙළුම
....තනුව.... සිව්වන වෙළුම...
...තනුව... පස්වන වෙළුම...
......තනුව..... හයවන වෙළුම...
...තනුව... හත්වන වෙළුම....
...තනුව.... අටවන වෙළුම....
....තනුව.... නමවන වෙළුම...
....තනුව.... දසවන වෙළුම....
...තනුව.... දොලොස්වන වෙළුම....
....තනුව.... දහතුන්වන වෙළුම.....
....තනුව.... දහහතරවන වෙළුම ....
.....තනුව..... පහළොස්වැනි වෙළුම....
.....තනුව..... දාසයවැනි වෙළුම......
....🎶තනුව🎶.... දහහත්වැනි වෙළුම...
...🎶තනුව🎶..... දහඅටවන වෙළුම.....
....තනුව.... දහනමවන වෙළුම.....
....🎶තනුව🎶..... විසිවන වෙළුම....
.....🎶තනුව🎶...... විසි එක්වන වෙළුම....
....🎶තනුව🎶.... විසි දෙවන වෙළුම....
....🎶තනුව🎶.... විසි තුන්වන වෙළුම.....
....🎶තනුව🎶..... විසිහතරවන වෙළුම...
....🎶තනුව🎶.... විසිපස්වන වෙළුම....
....🎶තනුව🎶..... විසි හයවන වෙළුම....
....🎶තනුව🎶..... විසිහත්වන වෙළුම...
....🎶තනුව🎶..... විසි අටවන වෙළුම....
...🎶තනුව🎶..... විසිනමවන වෙළුම...
තනුව තිහ හා තිස් එක්වන වෙළුම්
....🎶තනුව🎶.... තිස් දෙවන වෙළුම...
.....🎶තනුව🎶..... තිස් තුන්වන වෙළුම...
....🎶තනුව🎶.... තිස් හතරවන වෙළුම...
.....🎶තනුව🎶..... තනුව තිස් පස්වන වෙළුම..
....🎶තනුව🎶.... තිස් හයවන වෙළුම...
....🎶තනුව...🎶.... තිස් හත්වන වෙළුම...
....🎶තනුව...🎶.... තිස් අටවන වෙළුම...
....🎶තනුව...🎶.... තිස් නමවන වෙළුම...
....🎶තනුව...🎶.... හතලිස්වන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් එක්වන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් දෙවන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් තුන්වන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් හතරවන වෙළුම...
තනුව හතලිස් පහ හා හතලිස් හයවනවෙලුම්
....🎶තනුව🎶.... හතලිස් හත්වන වෙළුම...
තනුව හතලිස් අට හා හතලිස් නමවන වෙළුම්
.....🎶තනුව🎶.... පනස්වන වෙළුම....
....🎶තනුව..🎶.... පනස් එක්වන වෙළුම...
....🎶තනුව🎶.... පනස් දෙවන වෙළුම....
....🎶තනුව🎶... පනස් තුන්වන වෙළුම...
....🎶තනුව🎶..... පනස් හතරවන වෙළුම...
....🎶තනුව🎶.... පනස් පස්වන වෙළුම...
....🎶තනුව🎶..... පනස් හයවන වෙළුම
....🎶තනුව🎶.... පනස් හත්වන වෙළුම...
....🎶තනුව🎶.... පනස් අටවන වෙළුම...
තනුව පනස් නමවන හා හැටවන වෙලුම්
.....🎶තනුව🎶..... හැට එක්වන වෙළුම....
....🎶තනුව🎶..... හැට දෙවන වෙළුම...
....තනුව.... හැට තුන්වන වෙළුම

.....තනුව.... එකොලොස්වන වෙළුම....

765 145 51
By Kevinprabhashwara

                    
"මල්ලි, මන් මේ කියන දේ කිව්වට පස්සෙ යාලුකම නැතිවෙන්නෙ නැතිවෙයි නේද?"තනුර අයියා ඇහුවා.

"අයියට ඕන දෙයක් මට කියන්න.මම මොකුත්ම හිතන්නෙ නෑ."මම කිව්වෙ හිතට දැනුන ලොකු සැකයකුත් එක්ක

"මල්ලි, මම gay කෙනෙක්.ඔයා දන්නවද ඒ මොකද්ද කියලා?"

මට ඒක අදහගන්න බැරිවුනා.තනුර අයියා සමලිංගික කෙනෙක්ද? ඒත් මම හිතේ අතිවුන ගැස්ම පෙන්නන්නෙ නැතුව කතා කලා.

"අයියෙ ඉතින් ඕක කියන්න ඔච්චර ලැජ්ජා වෙන්න ඕනෙද?"

"ඒ කියන්නෙ ඔයාට ප්‍රශ්නයක් නැද්ද?"

"නෑ අයියෙ.මාත් එහෙම කෙනෙක්.ඔයා නොදන්නවා වුනාට මමත් කැමති කොල්ලන්ට තමයි" මම හිනාවෙවී කියනකොට තනුර අයියගෙ මූනෙ තිබුනු බය වුන ගතිය අයින් වුනා.

"මන් හිතුවෙ ඔයා සාමාන්‍යය කෙනෙක් කියලා.කියපු ගමන් මටත් බැනලා යයි කියල හිතුනෙ"

"අයියෙ.ඉතින් ඕක මෙතනදිම හදිසියෙ කිව්වෙ ඇයි?"

"මොකද මම කියන්නෙ ඇත්ත කියල ඔයාව විශ්වාස කරවන්න ඕනෙ නිසා" තනුර අයියා කිව්වා.

"ඉතින් ඒකෙ මොකද්ද විශ්වාස කරවන්න තියෙන්නෙ?" මම ඇහුවා.

"ඒකෙනම් විශ්වාස කරවන්න් දෙයක් නෑ.ඒත් ඊළඟට කියන දේ විශ්වාස කරවන්න ඕනෙ"

"මොකද්ද?" මම ඇහුවා.

"මල්ලි මම.....මං මේ... " අයියාට ආපහු වචන  පැටලෙනවා.ඒකත් හරි හුරතල්.මන් ඒක දිහා බලන් හිටියෙ ආසාවෙන්.

"මල්ලි මන් ඔයාට ආදරේ කරනවා." තනුර අයියා එක පාරටම කිව්වා.ඒක ඇහුනම මගෙ හිත ටිකක් ගැස්සුනා.මම මොකද දැන් කියන්නෙ කියලා මන් කල්පනා කලා.

"මල්ලි? ඔයා මොකද කියන්නෙ මේකට.අකමැතිනම් අනේ තරහා වෙන්න එපා." තනුර අයියා මන් දිහා බලාගෙන කිව්වා.

"මන්.. මන් කැමති නෑ අයියෙ ඒ වගේ දෙයක් ඔයා එක්ක පටන්ගන්න." මං එක පාරටම කිව්වා.

"ඇයි මල්ලි ඒ ? මගෙන් මොකක් හරි වරදක් උනාද ඔයාට"

"නෑ අයියෙ.මට ඔයාව දැනෙන්නෙ මගෙ අයියා වගේ.අනික තව හේතු කීපයක් නිසා මට ඔයා ගැන එහෙම හිතන්න බෑ." මම කිව්වෙ මගෙ හිතේ තෙරපුන ප්‍රශ්න කීපයක් නිසා.

"හරි ඒකට කමක් නෑ මල්ලි.මගෙ තරහක් නෑ.ඔයා කැමති නැත්නම් බලෙන් අයිති කරගන්න මට බෑනෙ." තනුර අයියා ඉවසීමෙන් කියනකොට මට පුදුමත් හිතුනා.ඒ ඇස්වල එලියට පනින්න සැරසුණු කඳුළු දැක්කම මගෙ හිත කඩා වැටුනා වගේ දැනුනා.ඒත් එයාගෙ හිතේ තියන හයිය තේරුම්ගන්න මට වැඩි වෙලාවක් ගියෙ නෑ.

"මල්ලි.ඔයාට කියන්න පුලුවන්ද මට කැමති නැතිවෙන්න හේතුව?" තනුර අයියා ඇහුවා.

"මෙතන නිදහස් නෑ අයියා.අපි ටිකක් නිදහස් තැනකට යමුද?"

"අපි වැවරවුම දිගේ යන ගමන් කතා කරමුද?" තනුර අයියා ඇහුවා.

මමත් ඒකට කැමති වුනා.අපි දෙන්නා ඒ පැත්තට එන්න හදනකොට කවුරු හරි කතාකරන සද්දෙ මට ඇහුනා.මම ඒක ගනන් ගත්තෙ නැත්තෙ කොහෙ ගියත් තනුර අයියාගෙ රසිකයො කතාකරකර පස්සෙන් එන නිසා.ඒත් මගෙ නම කියලම කතාකරනකොට මම හැරිලා බැලුවා.

"අභිමාන්.... ඔහෙම චුට්ටක් ඉන්න."
පිටිපස්සෙන් ඒ කටහඬ ඇහුනා.

ඒ සයුරුනී.මගෙ හිතට ආවෙ තරහක්.මන් ඉක්මනට අනිත් පැත්ත හැරුනා.

"අභිමාන්. මේ අහන්න. මට ඕනෙ ඔයාගෙන් සමාව ගන්න විතරයි."

"සමාව ගන්න උඹ වරදක් කලේ නෑනෙ බන්"

"වරදක් උනා බන්.මම චාරුට ඇත්ත කියපු නිසා එයා උඹ එක්ක තරහා උනා නේද?"

"ඒකට දැන් කරන්න දෙයක් නෑ කවදා හරි මාව තේරුම් ගනීනේ"

"මන් චාරු එක්ක කතාකරන්නම්.මම තමයි කිව්වෙ ඔයා සමහරවිට දැනගෙනත් චාරුට කියන්න නැතුව ඇති කියලා.ඒත් මන් හිතුවෙ නෑ මෙහෙම දෙයක්වෙයි කියලා." සයුරුනී කිව්වෙ එයාගෙ අතේ ලොකු වරදක් තියන බව හිතේ තියාගෙන.එහෙම හිතපු එකේ වරදක් නැති බවත් මට හිතුනා

"ඒකෙන් වැඩක් නෑ බන් මාස 5 ක්ම ගිහින් ඉවරයි.චාරු හැමදේම අමතක කරලා ඇති.මාවත් එක්කම." මම කිව්වෙ ආපහු චාරු මතක් උන නිසා දුකෙන්.

"එයා සෑහෙන වෙනස් වෙලා දැන්.අපෙ අයියගෙන් පලිගන්නවා කියලා කිව්ව.මට බයයි අභිමාන්."

"ඔයාගෙ අයියා කරපු දේ තමයි හැමදේටම මුල් උනේ.එයාට මාත් එක්ක තිබ්බ තරහට චාරුගෙ ජීවිතේ එක්ක සෙල්ලම් කරේ.අන්තිමට උනේ අපි දෙන්නටම හැමදේම වගේ නැතිවුන එක.තවත් ඒවා ගැන කතා කරලා වැඩක් නෑ."

මම එහෙම කියලා තනුර අයියා එක්ක කාර් එක පැත්තට ආවා.කාර් එකට නැගලා සීට් එකට හේත්තු වෙලා මන් ඇස් දෙක ටිකක් පියා ගත්තා.

"ඇයි මල්ලි." තනුර අයියා ඇහුවා.

"නෑ අයියෙ ඔලුව ටිකක් රිදෙනවා.අපි යමු ඔයා කතාකරන්න ඕනෙ කිව්වනෙ."

"දැන් ඕනෙ නෑ.හිත නිදහස් වෙලාවක් කතා කරමු."

අපි දෙන්නම ආපහු තනුර අයියගෙ ගෙදරට ගියා.මම ටිකක් නිදාගත්තා.නැගිටිනකොට ඔලුවෙ කැකුම ටිකක් අඩු වෙලා තිබුනා.මන් කල්පනා කලේ තනුර අයියා කියපු දේ ගැන.මම එකපාරටම බෑ කිව්ව්ම හිත රිදුනද දන්නෙ නෑ.මම හිතුවා.ඒත් තනුර අයියා වෙනදා වගේම මාත් එක්ක කතාබහ කලාම මගෙ හිතේ තිබුන ඒ හැඟීම අයින් වෙලා ගියා.
....................................................................

හැම සතිඅන්තෙම වගේ මම ගෙදර ගිහින් අම්මව බලලා එන එක පුරුද්දක් වුනා.මේ කාලෙ වෙනකොට මගෙ ජීවිතේ වැඩි කාලයක් ගත
වුනේ රස්සාවටයි ඉගෙනගන්න වැඩ වලටයි විතරයි.ඒ ඇරෙන්න තනුර අයියා මාව වෙනස්ම කෙනෙක් බවට පත් කලා. මන් අඳින පලඳින විදිහෙ ඉඳලා මගෙ පෙනුම වෙනකන් හැම දෙයක්ම වෙනස් වුනා.එයා ලස්සනට ඉන්න කරන හැමදේම මටත් කරන්න පුරුදුකලා.මුලින්ම ජිම් එකට ගිය දවසට පස්සෙ දවස නම් මට තාමත් මතක්වෙනකොට හිනායනවා.මම හිටියෙ ඇඳට වෙලාමයි.එදා තනුස් අයියට උදව් කරනවා වෙනුවට එයා මට සලකපු එකයි වුනේ.මට දැනුනෙ අලුත් ජීවිතයක් පටන් ගත්තා වගේ.කාලයත් වේගෙන් ඉදිරියට ගතවෙලා යනවා දැනුනා.මන් කොච්චර වෙනස් වුනත් අම්මවත් චාරුවත් මගෙ අයියවත් කිසිම වෙලාවක මට අමතක උනේ නෑ.දවසෙ වෙන හැමදේම අයියගෙ ලොකට් එක එක්ක කියවන එකත් මට පුරුදු වුනා.චාරුටත් කීප වතාවක්ම කතා කරන්න උත්සාහ කලත් හැම වෙලාවකදිම මගෙ උත්සහයෙ ප්‍රයෝජනයක් උනේ නෑ.අන්තිමට මන් ඒක අමතක කරලා දැම්මා.රශ්මින අයියගෙනුත් ඒ තරම් කරදරයක් තිබුනෙ නෑ.ඉතින් මන් හිතුවෙ මට හොඳ කාලයක් ගතකරන්න ලැබුනා කියලයි.තනුර අයියත් මතුපිටින් නොපෙන්නුවට තාමත් ආදරේ කරන බවත් මට දැනුනා.මන් ඒක නොදැනුනා වගේම ඉන්න හිතුවෙ එයා ගැන කැමැත්තක් නැතුව නෙවෙයි.ඒත් මන් ඒක පෙන්නන්න කැමති උනේ නැ. සතුට දුක මැද තවත් මාසයක් අපෙ ජීවිත ඉදිරියට ගලාගෙන ගියා.මගෙ ජීවිතයෙන් ඈත් වුන ප්‍රශ්න මාව හොයාගෙන එන්නත් වැඩි කාලයක් ගියෙ නෑ.

"මල්ලි ඔයාට සින්දු කියන්න පුලුවන් ද?" එක දවසක් රෑ තනුර අයියා මගෙන් ඇහුවා.

"සින්දු කියන්න නම් බෑ අයියෙ. ඒත් මන් ඒකට හරි කැමතියි." මම කිව්වා.

"කියන්න බලන්න චුට්ටක්.තනුර අයියා කිව්වා."

මම මුලින් ටිකක් අකමැති වුනත් පස්සෙ කැමති වුනා.මන් දන්න සින්දුවක පුංචි කොටසක් මන් තනුර අයියට කියලා පෙන්නුවා.කොච්චර ලස්සනට කිව්වද කිව්වොත් තනුර අයියා මෙහෙම කිව්වා.

"මන් හිතන්නෙ ඔයා ඔය ඉන්න විදිහටම හිටියොත් හොඳයි.ගායකයෙක් වෙන්න යන්න එපා." තනුර අයියා හිනාවෙවී කියනකොට මට ලැජ්ජත් හිතුනා.

"මම කිව්වනෙ සින්දු කියන්න බෑ කියලා" මම  කිව්වෙ මුණ නරක් කරගෙන.

"හරි හරි සින්දු කියන්නම  ඕනෙ නෑනෙ.මන් ඔයාට instrument ප්ලේ කරන්න උගන්නන්නම්" තනුර අයියා කිව්වා.

"ඒකටනම් මන් කැමතියි."මම කිව්වෙ ඒකට ගොඩක් ආසාවෙන්.

"එහෙනම් මුලින්ම මොකද්ද ඉගෙනගන්න ඕනෙ."

"ගිටාර් එක" මම එකපාරටම කිව්වා.

"ආ එහෙනම් කරලා බලමු."තනුර අයියා කිව්වා.

"මේ රෑ. පිස්සුද ඔයාට? වටපිටාවෙ මිනිස්සු ගහලා පන්නයි" මම කිව්වා.

"මෙහෙ සද්දෙ වැඩිය එලියට ඇහෙන්නෙ නෑ මල්ලි.ගෙවල් ලඟ ල්ඟ නෙවෙයිනෙ තියෙන්නෙ.

තනුර අයියා මන් ගාවට ආවෙ ගිටාර් එකත් අරගෙන.ඒක ගහන විදිබ මට එයා ටිකක් වෙලා යනකම් කරලා පෙන්නුවා.මම ඒ දිහා බලන් හිටියෙ පොඩි ළමයෙක් කෑමක් හදන දිහා බලන් ඉන්නවා වගේ ආසාවෙන්.

"දැන් කරලා බලන්න." තනුර අයියා මට ගිටාර් එක දුන්නා.

මම ගිටාර් එක අරන් ගහන්න බැලුවා.බලන් ඉන්න තරම් ලේසිත් නෑනෙ.මට හිතුනා.

"ඔහොම නෙවෙයි.චුට්ටක් ඉන්න" කියලා තනුර අයියා.මගෙ පිටිපස්සට ආවා.ගිටාර් එක මගෙ අතේ තියනකොටම එයත් අල්ල ගත්තා.මගෙ අතේ ඇඟිලි වලටම එයාගෙ ඇඟිලි තියලා ගිටාර් එක ගහන විදිහ පෙන්නන්නයි එයා හැදුවෙ.ඒක කරනකොට එයා නිකන්ම මගෙ පිටට හේත්තු වුනා.ශර්ට් එකක්වත් තනුර අයියා ඇඳලා හිටියෙ නෑ.එයා මගෙ ඇඟේ වදිනකොට මට දැනුනෙ හුරුපුරුදු හැඟීමක්.ගිටාර් එක පුරුදුවෙනවටත් වඩා මේ වෙලාවෙ මම  කරේ ඒ හැඟිම රසවිඳපු එක.හරියට කාලෙකට පස්සෙ අයියගෙ ඇඟට තුරුළු වුනා වගේ.කොහොම උනත් තනුර අයියා එදා මට ගිටාර් එක ගහන්න ඉගැන්නුවා.සතියක් යනකොට මම ඒක හොඳටම කරන්න පුරුදු වුනා.
ඊටත් වඩා මගෙ හිතේ තනුර අයියා ගැන ආදරයක් ඇතිවෙන්න පටන්ගත්තා.ඒත් ඒක හංගන්න පුලුවන් තරම් මන් උත්සාහ කලා.
ඒත් මන් මාළිගාවෙදි තනුර අයියට අකමැති කියපු දවසෙ ඉඳාන්ම්ම තනුර අයියා මගෙන් මොකුත් ඇහුවෙ නෑ.

"මල්ලි අපිට අනිද්දා බදුල්ලෙ යන්න වෙනවා." තනුර අයියා කිව්වෙ ටික දවසකට පස්සෙ.

"අර සින්දුවෙ විශුවල් එක ගන්න නේ? ඒත් යනවා කිව්වෙ ලබන් සතියෙනේ. "මම කිව්වා.

"ඔව් ඒත් ටිකක් කලින් යන තරමට හොඳයි."

"බදුල්ලෙ මොකක්ද ඔච්චරටම තියන විශේෂ දේ?" මම ඇහුවා

"ඔයා සමහර විට අහලත් ඇති.ආරුක්කු නවයෙ පාලම දන්නවද?"

"ම්ම් අහලා නම් තියෙනවා දැකලත් තියනව පින්තූර වලින්.ඒත් ඒක තියෙන්නෙ දෙමෝදර නේ"

"අනේ මෝඩයා."තනුර අයියා හිනාවුනා."දෙමෝදර තියෙන්නෙ බදුල්ලෙ තමයි."

"හරි හරි ඉතින් දන්නෙ නෑනෙ"

"එතන තමයි සින්දුවෙ විශුවල් එකේ මම ඉන්න කොටස් ටික ගන්න හිතන් ඉන්නෙ."

"ම්ම් එහෙ ලස්ස්න ඇති නේ" මම ඇහුවා.

තනුර අයියා මගෙ ගාවට ආවෙ වීඩියෝ එක්කුත් අරගෙන් ඒ පාලම අවට සුන්දරත්වය මම ඒකෙන් දැක්කා.

"මේව ඉතින් මෙහෙම බලන්න ඕනෙ නෑ.ගිහින්ම බලමු" තනුර අයියා කිව්වා.

"මටනම් ඉවසිල්ලක් නෑ යනකම්.මම කිව්වා."

ඉක්මනින්ම යන දවස උදා වුනා.මටනම් කරන්න තිබුන වැඩ ගොඩයි.රස්සාව විදිහට පඩියක් ගන්නවනම් වැස් කරන්නම ඔනෙ.ඒ නිසා මම මහන්සිය ගැන නොහිතාම වැඩ කලා.අපි ඉක්මනින්ම බදුල්ලට ලඟාවුනා.නවතින්න තිබුණ තැනට ගිහින් පළවෙනි දවසෙ අපි විවේකයෙන්
ගත කලා. අපෙ වැඩේ කරන්න තිබුනෙ දවස් දෙකකට පස්සෙ.මමයි තනුර අයියයි නම් කලේ ඒ පැත්තෙ තිබුන ලස්ස්න තැන් බලන්න ගිය එක.

"මේ මල්ලි."තනුර අයියා කතා කලේ මන් ෆෝන් එක ඔබ ඔබ ඉන්න වෙලේ.

"ඇයි" මම ඇහුවෙ ෆෝන් එකටම මූන ඔබාගෙන.

"ඕක පැත්තක දාලා අහනවකො"

"ආ හරි කියන්න."මම ෆෝන් එක පැත්තකින් තිබ්බා.

"අපි පාලම ලඟට ගිහින් බලලා එමුද?"

"යං"මම පැනලා හා කිව්වා.

"ගිටාර් එකත් අරන් යමු සින්දුවක් දෙකක් කියලා එන්න බැරියෑ."

" මම ගන්නම්." මන් එහෙම් කියලා ගිටාර් එකත් අරන් ගමනට ලෑස්ති වුනා.

පාලම පැත්තට තනුර අයියයි මායි තනියම පිටත් වුනා.පාලම උඩට ආවට පස්සෙ මට දැනුනෙ වෙනම ලෝකෙකට ගියා වගේ.කවදාවත් මම එහෙම සුන්දර දර්ශනයක් දැක්ලා තිබ්බෙ නෑ.විනාඩි ගානක් යනකම් මන් එහෙට මෙහෙට යමින් ඒ ලස්සන බැලුවා.

"ලස්සනයි නේද මල්ලි?"

"ඔව් අයියෙ."පේන සුන්දර දර්ශනයෙන් ඇස් අහකට ගන්නෙ නැතුවම මම කිව්වා.

"මෙතනට මම ආවෙ තුන්වෙනි වතාවට."

"ඒ කියන්නෙ කලින් සින්දුවක් මෙතන කරාද?" මම ඇහුවා.

"නෑ.එක කතාවක ආරම්භය වගේම අවසානය උනේ මෙතන."තනුර අයියා කිව්වා.

"ඒ කිව්වෙ?"

"මන් ඒක පස්සෙ කියන්නම්.දැන් සින්දුවක් කියමු." තනුර අයියා මගෙන් ගිටාර් එක ගත්තා.

"අළුත් එක කියන්නකො.මට ආසයි හැමෝටම කලින් ඒක අහන්න.මම කිව්වා."

"හ්ම්ම්.හරි එහෙනම්." තනුර අයියා ගිටාර් එකත් අරන් බැම්ම උඩ වාඩි වුනා.මමත් එයා ලඟින් වාඩි වුනා.

                                   මතුසම්බන්ධයි.

Continue Reading

You'll Also Like

46.6K 8.2K 45
ආදරය ඇත්තේ නොසිතන තැන් වලමය ප්‍රේමය ලැබෙන්නේ නොසිතන විටකදිමය ප්‍රවේසමින් බලාසිටින්න මරනය ලගදී වුවද විටෙක ඔබ ආදරය සොයාගන්නට ඉඩ ඇත...
23.5K 5.3K 31
Non fictional BL අතරමග නැවතුනත් අවසානෙදි බලාපොරොත්තුවක් තියෙනවා.. නොතේරෙන පුදුමයකුත් එක්ක;
19.5K 4.4K 23
"පොඩි එකෙක් වගේ හැසිරෙන්න එපා, ඉසුර! මනුස්සයෙක්ට හානියක් කරනතුරු උන්ගේ වැඩ කටයුතුවලට මැදිහත් වෙන්න අපිට තහනම්. යක්දෙස්සෙක් වෙච්ච පලියට දකින දකින අමනු...
23.3K 4.1K 21
ඒක පාර්ශ්වික ආදරයක්තරම් හිත්වේදනා දෙන ආදරයක් තවත් කොයින්ද? අනුක්ෂ... හැමදේම තිබිලා නැතිවුණ කෙනෙක්. සහස්... හැමදේම ලබාගන්න උත්සහකරන කෙනෙක්. අනුක්ෂගෙය...