මම එකපාරටම කාමරේට ආව නිසා රශ්මින අයියයි නිරාශ් අයියයි දෙන්නම ගැස්සුනා.මන් ඉන්නෙ කොහෙද කියන එක පවා ඒ වෙලාවෙ ආපු තරහට මට අමතකවුනා.
"උඹලද ඒ බලු වැඩේ කරේ? මොන වගේ මිනිස්සුද තමුසෙලා."මම ඇහුවෙ හිතේ උතුරන කේන්තියෙන්.
"ආ උඹද? කොහොමද මල්ලි මගෙ සප්‍රයිස් එක" රශ්මින අයියා සංසුං විදිහට අහද්දි මට හුඟක් තරහා ගියා.
"ඔයාට ප්‍රශ්නෙ තියෙන්නෙ මාත් එක්ක.ඇයි අර පැත්තක ඉන්න චාරුව මේකට පටලවන්නෙ.උඹල කරපු වැඩේ නිසා ඒ කෙල්ලගෙ අම්මා මැරෙන්න වැටිලා ඉන්නෙ"
"ඒකට මට මොකද? ජූස් බාර් එකේදි ඔක්කොම ඉස්සරහ මට ලැජ්ජා කරද්දි ඕවා හිතුනෙ නැද්ද?"
"අපි ඔයා එක්ක කතා කරන්නවත් අකමැත්තෙන් හිටියෙ ඔයාම බලෙන් අපේ ටේබල් එකට ඇවිත් මෝඩ වැඩ කලාට අපි මොනව කරන්නද?"
"ඒකට මන් උඹලා ඔක්කොගෙන්ම පලිගන්නවා.බලමු උඹලට මොකද වෙන්නෙ කියලා.අරකිටත් ඒක කියපන්."එහෙම කියලා රශ්මින අයියා හිනාවුනා.
"ආ තව එකක්.ඒකිගෙ අම්මා හිටියත් මැරුනත් මම දුක් වෙන්නෙ නෑ"
ඒ වෙලාවෙ මට දැනුනු තරහා කියලා නිම කරන්න බැහැ.පැනපු ගමන් ගහපු පාරට රශ්මින අයියා ඇදගෙන වැටුනා.ඒ එක්කම නිරාශ් මට ගහන්න ආවා.එයත් එක්ක තිබ්බ තරහටත් මම ගහගෙන ගහගෙන ගියා ඔෆිස් රූම් එකෙන් එලියට යන්න තල්ලු කරලා දොර වහගත්ත මම රශ්මිනට එකපිට එක ගහගෙන ගිය පාරවල්වල සැර මටවත් තේරුනෙ නෑ.ඔෆිස් එකේ කට්ටිය ඇවිල්ලා රණ්ඩුව බේරනකොට රශ්මිනගෙ නහයෙන් ලේ එන්නම මන්ගහලා ඉවරයි.
කිසිම දවසක මන් කාටවත් ගහලා නෑ.ඒත් එදා ආපු තරහට මන් ගැහුවෙ කොහොමද කියන එක අදත් ප්‍රශ්නයක්.
..........................
ප්‍රශ්නෙ ඇතිවෙල ටිකක් වෙලා යනකොට බොස්ටත් මේක ආරංචි වෙලා ඉවරයි.දෙන්නම ඔෆිස් එකට කැඳවනවා වෙනුවට මට විතරක් එන්න් කිව්වම මට අමුත්තක් දැනුනත් මම එතනට ගියා.
"මොකද්ද අභිමාන් මේකෙ තේරුම? ඔෆිස් එක ඇතුලෙ ගහගන්නවා. මොන මෝඩ වැඩක්ද මේ කලේ"
බොස් එකදිගටම මට කෑගහනවා.
"සර් ඒකට හේතුවක් තියනවා."මම කිව්වා.
හේතු මට දැන් හේතු අහලා ඇතිවෙලා.මොකද උනේ පුතා.ඇයි මෙහෙම හැසිරෙන්නෙ ඔයා මන් ලඟ වැඩ කරපු අවු 4ටම මෙහෙම උනේ පලවෙනි වතාවට.සාමාන්‍යයෙන් පාඩුවෙ ඉන්න කෙනෙක් වුන ඔයා මොකද මෙහෙම හැසිරෙන්නෙ."
"මම සර්ට කිව්වොත් සර් විශ්වාස කරනවද?" මම ඇහුවා.
"ඔයා මට පුතෙක් වගේ අභිමාන්.ඔෆිස් එකට ආපු දවසෙ ඉඳන් හැමදේම පිලිවෙලට වෙනස් කරෙත් ඔයා.හොඳ අදහස් තියෙන කෙනෙක් විදිහට තමයි මන් ඔයාව දැක්කෙ.මොකද මේ උනේ මට කියන්න" බොස් මට කිව්වා.
මම වුන හැමදේම කිව්වා.රශ්මිනට ගහන්න හේතුව.චාරුගෙ අම්මට ඒ නිසා වෙලා තියන දේ.( රශ්මින අයියට මම ආදරේ කරපු එකනම් කිව්වෙ නෑ)
"හ්ම්ම්,මන් හිතන්නෙ ඔයාගෙ වරදක් නෑ." කොහොමත් රශ්මින කියන්නෙ ඒ තරම් හොඳ කෙනෙකුත් නෙවෙයි කියලා මටත් තේරිලා තිබුනෙ.ඒත් එයාට විරුද්ධව පියවරක් ගන්න මට පුලුවන්කම්ක් නෑ" හැමදේම අහගෙන ඉඳලා බොස් කිව්වා.
"ඒ ඇයි සර්.මන් කියන්නෙ වරදක් කරපු අයට දඬුවමක් තියෙන්න ඕනෙ" මම කිව්වා.
"රශ්මිනට දේශපාලන සම්භන්ධතා ගොඩක් තියනවා අභිමාන්.එයාගෙ පවුලට සම්භන්ධ දේශපාලකයො ගොඩක් ඉන්න නිසා මොනවහරි වුනොත් මට ලොකු ප්‍රශ්නයක් ඇතිවෙන්න පුලුවන්."
"හ්ම්ම්" මන් කිව්වෙ අවුලෙන්.
"මට ඔය දෙන්න්ගෙන් කෙනෙක් අස් කරන්න වෙනවා.ඒ කවුද කියලා දන්නවනෙ?" බොස් මගෙ දිහා බැලුවා.
"සර් කියන්නෙ මාව අස් කරනව කියලද?"මම ඇහුවා.
"රශ්මිනගෙනුයි සේවා ස්ථානයෙනුයි සමාව ඉල්ලලා ලියුමක් දුන්නොත් මට සලකා බලන්න පුලුවන් වෙයි."
බොස් කියපු කතාවට මට ටිකක් තරහා ගියා.
"සර් මට ආයතනයෙන් සමාව ඉල්ලන එක ප්‍රශ්නයක් නෙවෙයි ඒත් මම රශ්මිනගෙන් නම් සමාව ඉල්ල්න්නෙ නෑ." මම කිව්වා
"එහෙනම් මට ඔයාව අස් කරන්න වෙනවා"
"සර්ට ඒක කරන්න බෑ" මම කිව්වෙ සර් දිහා බලන ගමන්
"ඒ මොකද ?"
"මන් අස්වෙනවා අද හවසට මම අස්වීමෙ ලියුම දෙන්නම් " මම කිව්වා.සර් මට එලියට යන්න කිව්වා.මම එලියට යනකොට රශ්මින අයියයි නිරාශ් අයියයි දෙන්නම එතන හිටගෙන ඉන්නවා.
"උඹ එහෙනම් මට ගැහුවා නේ. බලාගෙන හිටපන් වෙන දේ." රශ්මින අයියා මට කිව්වා. ඒක තර්ජනයක් බව මම දන්නවා.ඒත් මම ඒක ගනන් ගන්නෙ නැතුව එතනින් එහාට ගිහින් අස්වීමෙ ලියුම හදන්න පටන් ගත්තා.
................................................................
දවල් වෙනකොට මම අස්වීමේ ලියුම හදලා සර්ට බාර දුන්නා.මගෙ අස්වීමට නම් සර්ගෙ කැමැත්තක් තිබුන බව් මම දැක්කෙ නෑ.
"ඔයා තව ටිකක් හිතලා බැලුවනම් හොඳයි.මේක පොඩි ලියුමක් විතරයිනෙ"
"නෑ සර්.මම කවදාවත් වැරැද්දක් නැතුව සමාව ගන්නෙ නෑ."මම එහෙම කිව්වා.
සර් මට ලියුම් කවරයක් දුන්නා.ඒකෙ තිබුනෙ මන් වැඩ කරපු දවස් ටිකේ පඩි සල්ලි.අකමැත්තෙන් උනත් මම ඒක ගත්ට්ගෙ මට සල්ලි අවශය්ම නිසා.
ටික වෙලාවකින් මම ගෙදර ආවා.මන් ඔෆිස් එකෙන් එන වෙලාවෙ රශ්මිනගෙ මූනෙ තිබුනෙ ජයග්‍රාහී පෙනුමක් උනත්.මගෙ හිතේ තිබුනෙ ඊටත් වඩා ලොකු ආඩම්බරයක්.මොකද මන් කලේ හරි දේ කියන එක මට දැනුනා.මම ගෙදර ඇවිත් හැමදේම අම්මට කිව්වා.
"රස්සාව නැතිකරගෙන පුලුවන්ද පුතේ? කන්න බොන්න නැතත් උඹෙ ඉගෙනීමට සල්ලි කොහෙන්ද දැන්" අම්මා ඇහුවෙ රස්සාව නැතිවුන එක ගැන දුකෙන්.
"ඒක ගැන හිතන්න එපා අම්මෙ.මට රස්සාවක් ලැබිලා තියෙන්නෙ." මම කිව්වා.
"ඒ කොහොමද ? "අම්මා ඇහුවා
"අම්ම දන්නවද තනුර සංගීත්ව?"
"අර සින්දු කියන කොල්ලා නේද?"
"ඔව්.ඊයෙ චාරුයි මමයි ගියෙ එයාව හම්බවෙන්න.මමත් දන්නෙ ගියාට පස්සෙ ඒ එයා කියලා.ඉතින් එයා මගෙන් විස්තර ඇහුවා.ඊට පස්සෙ රස්සාවක් දෙන්නම් කිව්වා.අම්ම දන්නවද පඩිය රු 40000 දෙනව කිව්ව."
"එහෙමද? ඒක තමයි රස්සාව වීරයා වගේ දාලා ඇවිත් තියෙන්නෙ" අම්මා කිව්වෙ පුංචි හිනාවක් කටකොනේ රඳවගෙන.
"ඒක නෙවෙයි.හැබැයි රටවටේම ඇවිදින්න වෙනවා.සෙනසුරාදා ඉරිදා තමයි ගෙදර එන්න වෙන්නෙ."
"එතකොට පාඩම් කරන්නෙ නැද්ද?"
අම්මලට කොහෙ ගියත් පාඩම් තමයි.ඒක අම්මලගෙ හැටිනෙ ඉතින්.
"අම්මා දවසම වැඩ කරන්නෙ නෑනෙ.මට රෑට කොහෙ ගියත් පාඩම් කරතහැකි."මම කිව්වා
"හරි හරි ඕන දෙයක්.මට තමයි තනියම ඉන්න වෙන්නෙ."අම්ම කිව්වා.
" ඒකත් ඇත්ත.එහෙනම් මන් බෑ කියන්නම් අම්මෙ.බොස්ටත් කතා කරන්නම්.පරණ රස්සාව ඉල්ලගන්න බැරියෑ"
"පිස්සුද? ආයෙ එතන රස්සාව ඕනෙ නෑ.අයියා හිටියනම් කන පැලෙන්න එකක් ගහයි කියපු කතාවට" අම්මා ඒක කිව්වෙ හිතාමතා නෙවෙයි.අම්මා මට අයියව මතක් වෙන්න දෙන්නෙ නැත්තෙ මට ඒක දරාගන්න ටිකක් අමාරු නිසා.
"ඇත්තටම අයියා හිටියනම්.මේ වෙන දේවල් එකක්වත් මේ තරම් නරක විදිහට වෙන්නෙ නෑ අම්මෙ." මම කිව්වා.
"හ්ම්ම්.ඔයා ඔය රස්සාවට යන්නම ඕනෙ" අම්මා කිව්වා.
"එතකොට අම්මා තට්ට තනියම මෙහෙ ඉන්නද?"
"මට මාමලගෙ ගෙදර යන්න පුලුවන්"
"අපෝ අර කුණු ලෝබයගෙ ගෙදර"
"ඒයි එහෙම කියන්න එපා. මාමා ලෝබ උනාට නැන්ද එහෙම නෑනෙ.නැන්දට කොහොමත් මාමා යටත් වෙලා ඉන්නෙ.ඒ නිසා ප්‍රශ්නයක් නෑ අම්මා කිව්වා"
"ඒ වුනාට" මම අම්මා දිහා බැලුවා.
"හරි හරි වැඩි කතා ඕනෙ නෑ." අම්ම කිව්වා.
මම අම්මා මාමලගෙ ගෙදර යනවට කැමති උනේ නෑ.අපෙ ජීවිතේ අමාරු කාලවල කිසිම උදව්වක් මාමා කරලා නෑ.මාමට සල්ලි වලින් අඩුවක් තිබුනෙ නම් නෑ.තමන්ගෙ අක්කා වුන මගෙ අම්මටත් එයා නපුරු විදිහටයි සැලකුවෙ.ඒත් නැන්දා නම් එහෙම නෑ. නැන්දා මාමව බැන්දෙ අයියා නැතිවුනාටත් පස්සෙ.එහෙම නොවුනනම් අදටත් මගෙ අයියව ජීවත් කරන්න එයා උදව් කරනවා නොඅනුමානයි.
මන් එක එක දේවල් ගැන හිත හිත ඉන්නකොට ආපු කෝල් එක නිසා මන් ටිකක් ගැස්ස්සුනා. ඒ චාරු. දෙයියනේ මන් හොස්පිට්ල් එකට එනව කියල පොරොන්දු වුනා නේද? මට මතක් උනේ එතකොටයි.මන් ඉක්මනට ෆෝන් එක ආන්ස්වර් කලා.
"මන් මේ එන්න හදන්නෙ චාරු"මම කිව්වා.
"පුතා මම චාරුගෙ තාත්තා.ඔයා ඉක්මනට ආවොත් හොඳයි"
"ඇයි අන්කල් මොකද උනේ.හැමදේම හොඳින් නේද?"
"චාරුගෙ අම්මට ගොඩක් අමාරුයි පුතේ.ඩොක්ටර් කියන විදිහට එයාව බේරගන්න බැරිවෙයි.එහෙම උනොත් චාරුව පාලනය කරන්න අපිට බෑ කියලා ඔයා දන්නවනෙ"
ඒක ඇත්ත.චාරු ට තරහා ගියාම එහෙම නැත්තම් දුක හිතුනම එයා කාටවත් පාලනය වෙන්නෙ නෑ.මොකක් හරි හේතුවක් නිසා එයාව පාලනය කරගන්න මට පුළුවන්.ඒකට හේතුව මොකද්ද කියලා ටික කාලෙකට පස්සෙ මම තේරුම් ගත්තා.
"එහෙම මොකුත් වෙන්නෙ නෑ අංකල් මන් දැන්ම එනවා.බයවෙන්න එපා."
මන් පුලුවන් තරම් ඉක්මනට හොස්පිට්ල් එකට ගියා.යනකොට මාව දැක්ක චාරු මන් ගාවට දුවගෙන ආවා.
"අභී,බලන්නකෝ.අම්මාව බේරගන්න බෑ කියලා ඩොක්ටර්ල කියනවා.අපෙ තාත්තට කිව්වට එයා අහන්නෙ නෑ.එයා කියනව මට හිත හදාගන්න කියලා." චාරු කලබලෙන් කිව්වත් මට කියන්න තියෙන්නෙත් ඒ දේම තමයි.ඒත් කොහොමද කියන්නෙ.
"එහෙම මොකුත් වෙන්නෙ නෑ චාරු.අම්මට මොකුත් වෙන්නෙ නෑ."මම කිව්වා.
"චාරු කියන්නෙ කවුද?" ඒ වෙලාවෙ ආපු නර්ස් කෙනෙක් අපෙන් ඇහුවා.
"මම" චාරු කිව්වා.
" ඔයාගෙ අම්මට ඔයාව බලන්න ඕනෙ කියනව.ඒත් එයාව කලබල කරන්න එපා"
චාරු මාවත් ඇදගෙනම ගියත් මම දොර ගාව නතර වුනා.මම දොරේ වීදුරු කවුළුවෙන් ඇතුල බලාගෙන හිටියා.චාරු එක්ක දිග කතාවක් විනාඩි දහයක් විතර අමාරුවෙන් චාරුගෙ අම්ම කරන විදිහ මන් දැක්කා.ඒ එක්කම චාරු හයියෙන් අම්මා කියලා කෑ ගහපු හඬ මට ඇහෙනව එක්කම මම ඇතුලට ගියා.ඩොක්ටර්ලා එක් පාරට එතනට ආපු හැටිත් චාරුගෙ අම්මගෙ නිශ්චල සිරුරට පන ගන්න උත්සාහ කරන විදිහත් මම දැක්කා.
ඒත් ඒක තේරුමක් නැති වැඩක් වුනේ අපෙ හැමෝගෙම බලාපොරොත්තු බිඳිමින්.
චාරු ඒ වෙලාව කොහොම දරාගත්තද කියන්න මට තේරුනේ නෑ.නර්ස් අපි දෙන්නට එලියට යන්න කිව්වා.අමාරුවෙන් උනත් දඟලන චාරුව උස්සගෙන මන් එලියට ආවා.මන් චාරුව සංසුන් කරන්න ගොඩක් මහන්සි වුනා. අන්තිමට චාරුව මන් මට තුරුළු කර ගත්තා.ගෑනු කෙනෙක් ගැන කිසිම හැඟීමක් මට දැනුනෙ නැතත් චාරුව සහෝදරියක් හා සමානව ඒ වෙලාවෙ මට දැනුනා.චාරු මගෙ පපුවට තුරුල් වෙලා අඬන්න ගත්තා.
ඒ එක්කම මගෙ ෆෝන් එක රිංවෙන්න පටන් ගත්තා.
මතුසම්බන්ධයි