ක්ලාස් එක වෙනදා වගේම පටන්ගන්න ටිකක් පරක්කුයි.මන් චාරු එක්ක කතාවට වැටුනා.අම්මා පන්සලේදි කියපු කතාව මන් එයාට කිව්වා.ඒ වගේම අයියා මන් වෙනුවෙන් තියලා ගිය ලොක්ට් එක මන් එයාට පෙන්නුවා.
"අයියා නැති අඩුව උඹට විතරක් නෙවෙයි බන් අපිටත් දැනෙනවා." චාරු කිව්වෙ ලොකට් එකේ තිබ්බ ෆොටෝ එක දිහා බලාගෙන.
"හ්ම්ම්.මටනම් ඊයෙ ඒක හොඳටම දැනුනා."මම කිව්වා
"ඒක නෙවෙයි අර උදේ උඹ එක්ක කතා කර කර හිටියෙ කවුද?" චාරු ආපහු මට ලොකට් එක දුන්නා.
"ආ ඒ අයියා කෙනෙක්.එදා රශ්මින එක්ක කතාකරලා එනකොට ඇඟේ හැප්පිලා මඩ වලකට වැටුනා.අද එනකොට හම්බුනා."
"ම්ම් එහෙමද?"
"ඔව්.හම්බෙන්න ඕනෙ කිව්වෙ.ලබන සතියෙ හම්බෙමු කිව්වා."
"ඇයි දන්නෑ " චාරු මන් දිහා අමුතු විදිහට බැලුවා.
"ඇයි ඔහොම බලන්නෙ? එයා ගාව මගෙ මොනවද තියනවා කිව්වා ඒක දෙන්න ඕනෙ නිසා හම්බෙමු කිව්වා."
"ම්ම්.මන් මූනනම් හරියට දැක්කෙ නෑ.ඒත් ටිකක් පරිස්සමින් වැඩ කරහන්.මන් කැමති නෑ උඹ ආයෙ දුක් විඳිනවට" චාරු කිව්වෙ අහක බලාගෙන.
"දුක් විඳින්නෙ මොකටද බන්? මන් ආය ඒ වගේ ගොන් වැඩ කරන්නෙ නෑ.ආදරයක් නම් ජීවිත කාලෙටම මට එපා වෙලා තියෙන්නෙ."
"හැමෝම එකවගේ නෑ බන්.උඹට ගේ ලව් එපා වගේනම් කෙල්ලෙක් එක්ක යාළු වෙයන්.හැමදාම තනියම ඉන්නයෑ."
"ඒක මන් දන්නෙ නෑ.ඒත් ජීවිතේ පිලිවෙලක් වෙනකම් කිසි දෙයක් ගැන මන් හිතන්නෙ නෑ."
ඒත් එක්කම පන්ති පටන්ගත්ත නිසා අපෙ කතාව නතරවුනා.
...............................................................
ඒ සතිය වේගෙන් ගතවෙලා ගියා.වැඩ කරන අතරෙම තව රස්සාවක් හෙව්වෙ රශ්මින අයියව දකින එක හිතට වදයක් නිසා.කොහොම හරි සෙනසුරාදා දවසත් ඉක්මනටම ආවා.මන් සාමාන්‍යය විදිහටම කුස්සියට වෙලා අම්ම එක්ක කියව කියව ඉඳලා පොතක් පතක් බලන්න කියලා හිතාගෙන සාලෙට ආවා.එතකොටම ෆෝන් එක රිංවෙනවා ඇහුනා.
"හෙලෝ"
"හෙලෝ මේ කතාකරන්නෙ එදා මන් නම්බර් එක ඉල්ලගත්ත මල්ලිද?"
එහා පැත්තෙන් ඇහුනා.මට හිනාගියා.කවුද කෝල් කරල එහෙම අහන්නෙ.මොනා කරන්නද නම කියන්න බැරිවුනානෙ.
"ආ මේ අර මඩවලට වැටුන අයියද?"
මම හිනාවෙවීම ඇහුවා.
"ආ ඔව් ඔව්."එයා හෙමින් හිනාවෙන් සද්දෙ මට ඇහුනා."හෙට හම්බවෙන්න පුළුවන්ද මල්ලි?"
"පුළුවන් අයියෙ.මන් කොහාටද එන්න ඕනෙ?"
"එදා අපි හම්බවුන හරියෙ තියන ජූස් බාර් එකේදි හම්බවෙමුද?"
"Juicenet එකද?" මම ඇහුවා.
"ආ ඔව් ඒක තමයි.හෙට උදේ 9.30 විතර හම්බවෙමු." ඒ අයිය කියනව ඇහුනා.
"ම්ම් හරි හම්බවෙමු.මන් එන්නම්.අයියෙ මන් යාළුවෙක් එක්ක ආවට කමක් නැද්ද?" මන් ඇහුවෙ චාරු එක්ක යන අදහසින්.
"ම්ම් කමක් නෑ තනියම එන්න බැරිනම් එක්ක එන්න.මටත් තනියම එන්න වෙන්නෙ නෑ."
හරි හෙට හම්බෙමු.බුදුසරණයි.මම කිව්වා.
ඊට පස්සෙ ඒ ගැන මම අම්මටත් කිව්වා.ටිකක් වෙලා පාඩම් කරලා මන් නිදාගත්තා.පහුවෙනිදා උදේ මම ජූස් බාර් එක පැත්තට ගියා.චාරු එනකම් ඒ ලඟ හිටගෙන බලාගෙන හිටියා.
ඒ වෙලාවෙ මගෙ ඉස්සරහ අළුත් පෙනුමක් තිබුනු කාර් එකක් නතර කලා.ඒකෙන් බැස්සෙ මම අපේක්ෂා කරපු කෙනෙක් නම් නෙවෙයි.රශ්මින අයියා.එයාගෙ අලුත් ආදරෙත් එක්ක ඇවිත්.එයා මන් දිහා අමුතු විදිහට බලාගෙන juicenet එක ඇතුලට ගියා.මම ඒක දැක්කෙ නෑ වගේ හිටියා. ඒ එක්කම චාරුත් එතනට ආවා.
"අර ගියෙ අරූ නේද?" මූණ නරක් කරගෙන චාරු ඇහුවා.
"ඔව් ගනන් ගන්න එපා බන්.අර අයියා තාම නැත්තෙ ඇයි දන්නෑ." මන් කිව්වෙ බෙල්ලෙන් ඉස්සි ඉස්සි බලමින්
"කෝල් එකක් දීලා බලාම්කො."
"ඒක ගානක් ගියෙ නෑ උඹ කියනකම්ම."මම ෆෝන් එක අරගෙන කෝල් කරා.
"මම ඇතුලෙ ඉන්නෙ මල්ලි.මන් හිතුවෙ තාම ඇවිත් නැතුව ඇති කියලා." ඒ අයියා කිව්වා.
මමයි චාරුයි දෙන්නම ගිහින් අයියා හිටපු ටේබල් එක ලඟට ගියා.
චාරු ටිකක් වෙල ගල් ගැහිලා වගේ බලන් ඉන්නව මම දැක්කා.
"මොකද බන් ඔහොම බලන් ඉන්නෙ"මම ඇහුවා.
"උඹ කිව්වෙ මේ අයියා ගැනද?මට නිකම්වත් කිව්වෙ නෑනෙ ඒ මෙයා කියලා."චාරු කිව්වෙ ඇස් අහකට ගන්නෙ නැතුවමයි.
"මොනව කියන්නද?ඔයා කලින් දැකලා තියනවද මේ අයියව?"
චාරු මාවත් ඇදගෙන පුටුවකින් වාඩි වුනා.
තනුර සංගීත් කියන්නෙ කවුද කියලා ඔයාලා දැන් හිතනව ඇති.මම ඒක දැන් කියන්නම්.
තනුර සංගීත් කියන්නෙ ගීත රචකයෙක්.ඒ වගේම ගායකයෙක්.තමන්ගෙ උත්සාහයෙන් ගොඩ ගිය කෙනෙක් විදිහට තමයි එයාව ගොඩක් අය හඳුනගෙන හිටියෙ.පුංචි කාලෙ ඉඳන්ම ගායනයට වගේම වාදනයට දස්කම් දක්වපු එයාට අවු 24ක් වෙනවා මේ වෙනකොට.රටේ ඉන්න දක්ශතම වගේම ජනප්‍රියම සංගීත තරුව විදිහට මේ වෙනකොට හිටියෙ තනුර තමයි.
"දැන් අඳුරගත්තද මල්ලි? " තනුර අයියා මගෙන් ඇහුවා.
"ඔව් අයියෙ."මන් කිව්වෙ ලැජ්ජාවෙන්."මන් ඔයාගෙ සින්දු අහල තිබුනට ඔයාව් දැකලා නෑ.ඒකයි අඳුරගන්න බැරිවුනෙ"
"ආ ඒකට මොකද? දැන් දන්නවනෙ.හරි එහෙනම් ඔයාලා මොනව්ද බොන්නෙ?"
"අනේ කරදර වෙන්න ඕනෙ නෑ අයියෙ."මන් කිව්වා.
"මොන කරදරයක්ද? මෙහෙ ජූස් හදන්නෙ මම නෙවෙයිනෙ" එයා කිව්වෙ හිනාවෙවී."ලෙමන් ජූස් හොඳයිද"එයා චාරුගෙන් ඇහුවා
"හොඳයි" චාරු තාමත් තනුර අයියා දිහා බලාගත්තු ගමන්.
"ඉතින් මල්ලි?" තනුර අයියා ඕඩර් එක දීලා ඉවරවෙලා මාත් එක්ක කතාව පටන්ගත්තා.
"මම ඔයාට එන්න කිව්වෙ මේක දෙන්න" එහෙම කියලා තනුර එයාගෙ බෑග් එකට අත දැම්මා.
එයා එලියට ගත්තෙ මන් රශ්මින අයියට දුන්නු ගිරවව.ඒ ගිරව දැක්ක ගමන් මට රශ්මින අයියා ඒක මගෙ පැත්තට විසිකරපු හැටි මතක් උනා.
"මේක ඔයාගෙ නේද?" අය්යා ඇහුවා.
"ඕක මගෙනම් තමයි.ඒත් ඔයාට කොහෙන්ද?"
"එදා මගෙ ඇඟේ හැප්පුන වෙලාවෙ විසි වෙන්න ඇති මමත් දැක්කෙ පස්සෙ"
එයා ගිරවව මට දුන්නා.මම ඒක ගන්න අදි මදි කරද්දි චාරු කතාව මැදට පැන්නා.
"මන් හිතන්නෙ ඕක එයා ගන්නෙ නැතිවෙයි" චාරු කිව්වා.
"ඒ මොකෝ" තනුර අයියා ඇහුවා.
"ඒක මෙයා ආදරේ කරපු කෙනාට දීපු එකක්.එයා මෙයාව රැවැට්ටුවා.මෙයා ඕක ගන්න එකක් නෑ."චාරු කිව්වා.
"මේ ගෑනිටත් කටවහන් ඉන්න බෑනෙ"මම හිතුවා.මම චාරුගෙ අත මේසයට යටින් අල්ලලා මිරිකුවා.
චාරු මන් දිහා බලලා නිශ්ශබ්ද උනා.
"අහ් මට සමාවෙන්න මල්ලි.මම දන්නෙ නෑ එහෙම දෙයක්."අයියා කිව්වෙ වේටර් ගෙනාපු බීම ටික ගන්න ගමන්.
"ඒකට කමක් නෑ අයියෙ.ඔයාට ඕනෙනම් ඕක තියාගන්න.මට ආය ඒක ඕනෙ නෑ" මම කිව්වා.
"හ්ම්ම්.හරි එහෙනම් තැන්ක් යූ මල්ලි"
මම හිනාවුනා.අපි බීම බිබි ටික වෙලාවක් කතා කරකර හිටියා.
"අයියා මේ වගේ තැනක නිදහසේ ඉන්න එක පුදුමයි.රසික රසිකාවියො පිරිලා ඉන්නවනෙ සාමාන්‍යයෙන්."චාරු කිව්වා.
"මන් මෙහෙට ආපු ගමන් නම් එහෙම උනා.මගෙ කට්ටිය එයාලව ටිකක් එහාට කරලා තියාගෙන ඉන්නෙ ඒ නිසා අවුලක් නෑ."
මුලු ජූස් බාර් එකෙම තැනින් තැන ගාර්ඩ් එකට ආව අය ඉන්නව දැක්කෙ මම එතකොටයි.මම මුලු ජූස් බාර් එක පුරාම ඇස් කැරකෙව්වා.එහා මේසෙ හිටපු රශ්මින අයියා අපි දිහා බලන් ඉන්නවා එක පාරටම මම දැක්කා.එයා එක්ක හිටපු කොල්ලට මොකක් හරි කියපු එයා අපේ ටේබල් එක පැත්තට ඇවිදගෙන් එනව මම දැක්කා.
මතුසම්බන්ධයි