84 👬💚❤️

858 85 45
                                    

"මොකද සීන්...මට ඕන වුණේ සින්දු කියන්න...ඉතින් මේකෙනුත් මට සින්දු කියන්න පුලුවන්...ඒ වගේම මම කැමති උගන්වන්න...මම දන්න දේ...අද මම ගිහින් එහෙදි තෝරලා බලපු කොලේජ් වලට ගිහින් බලනවා"

මම දන්නවා මේ දේවල් කරන්න ගොඩක් අමාරුයි කියලා ඒත්...කරන්නම වෙනවා....

=====================================

අදට සතියක්...ජොබ් එකක් හොය හොය මම බලලා තිබුණ ස්කූල් වලට කොලේජස් වලට ගියත් එයාල මාව ගන්න කැමති වුණේ නැහැ...සමහර අය කිවුවේ එයාලට ගුරුවරු ඉන්න ප්‍රමාණය ඇති කියලා...
අද මේ ලෑස්ති වෙන්නෙ කලින් ගිය ස්කූල් එකක සර් කෙනෙක් කිවුව ස්කූල් එකකට ගිහින් බලන්න...

සීන්ට මෙහෙ හොස්පිට්ල් එකක ලේසියෙන්ම ජොබ් එක හදාගන්න පුලුවන් වුන නිස  එයා කිවුවේ මට තව ටිකක් කලබල නොවී ගෙදර ඉදන් ස්කූල්ස් ගැන හොයලා බලන්න කියලා...ඒත් එයාට විතරක් මහන්සි වෙන්න දීලා මම කොහොමද බලන් ඉන්නේ...

"පරිස්සමෙන් ගිහින් එන්න බෝ...ගොඩක් හිතන්න එපා හැමදේම හරියයි"

"හ්ම්...මම එනකන් පරිස්සමෙන් ඉන්න"

අද සීන්ගෙ නිවාඩු දවස නිසා එයා අද ගෙදර නවතිනකොට මම උදෙන්ම පිලිවෙලට ඇඳගෙන මේ යන්නේ මගෙ අවසන් බලාපොරොත්තුව තියෙන තැනට...මෙතනිනුත් අකමැති වුනොත් මට තේරෙන්නෙ නෑ මොනවා කරන්නද කියලා...



"Mr.Yibo you can go now"

මට කියපු ස්කූල් එකට වෙලාවටම ආව මම මට කතා කරනකන් වාඩිවෙලා ඉන්නකොට ගෑණු කෙනෙක් ඇවිත් මට දැන් යන්න පුලුවන් කියද්දී මගෙ සෙටිෆිකට්ස් දාලා තිබුණ ෆයිල් එකත් අරගෙන ඇඳුමත් හදාගෙන ඇතුලට ආව මම එතන හිටපු පිරිමි කෙනාට ග්‍රීට් කරලා වාඩිවෙන්න කිවුවම වාඩිවුණා...මගෙ විස්තර ටිකක් කතාබහා කරලා මගෙ ෆයිල් එක බලපු ඒ කෙනා කල්පනා කරලා කාටද මන්දා ෆෝන් එකෙන් කතා කරලා පුටුවෙන් නැගිටිනකොට මාත් නැගිට්ටා...එයා මට එන්න කියාගෙන ඔෆිස් එකෙන් එලියට යනකොට මාත් ඒ පස්සෙන්ම ගියේ මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරුව...

තව දොරක් ඇරගෙන අර පිරිමි කෙනා ඇතුලට යනකොට ඒ පස්සෙන්ම ආව මම වටපිට බැලුවේ මේ කොහෙද කියලා...

Turning Point Where stories live. Discover now