76 👬💚❤️

287 63 18
                                    

"මටත් මහන්සි"

මගෙ හිත මහන්සි කියලා කෑ ගහනකොට සීන්ගෙ හීනි දිහ ඇගිලි මගෙ කොන්ඩේ අතරින් එහාමෙහා යන සනීපෙට මට ඉබේටම ඇස් පියවුණා...

====================================

"මොකක්ද සීන් මූවි එකක් ගැන කිවුවෙ"

ගෙදර ඇවිත් වොශ් එකක් දාගෙන කෝපි එකක් බොන ගමන් සීන් එක්ක කතාවට වැටුණ මම මූවි එක ගැනත් මතක් වෙනකොට මෙච්චර වෙලා මගෙ කකුල් දෙක මැද බිම වාඩිවෙලා මගෙ පපුවට හේත්තු වෙලා හිටපු සීන් එයාගෙ කෝපි එකත් අරගෙන මගෙන් ඈත් වෙලා මගෙ දිහා හැරුණා...

"ආ ඔව් මට අමතක උනා...අද දවල් කතා කරා ඔයා දන්නවද දැන් මාස කීපයකට උඩදි ගොඩක් ෆේමස් උන රොමෑන්ටික් මූවි එක...හැබැයි ඒක සෑඩ් එන්ඩින්"

"අපෝ මොකද අමතක තමුසෙ පෙරලි පෙරලි ඇඬුවෙ ඒක බලලා..."

"අන්න හරියටම හරි...ඒ ඩිරෙක්ටර් අලුතෙන් කරන මූවි එකලු...ඒකට ඔයාව මේන් කැරැක්ටර් එකට ගන්නලු හිතාගෙන ඉන්නෙ..
හෙට ඔයාව මීට් වෙන්න පුලුවන් ද ඇහුවා"

"ඉතින්"

"හෙට ඔයාට විශේෂ වැඩක් නැති නිසා මම කිවුවා මීට් වෙන්න 10 වෙනකොට එන්න කියලා"

"යකෝ මගෙන් අහන්නෙවත් නැතුව වෙලාවක් දුන්නද"

"ඔයාගෙන් මොනා අහන්නද ඉතින්...කවුරුත් නොදන්නවා උනාට ඔයා අහන්නෙත් මම කියන දේනේ...ඒකට කියන්නෙ වයිෆිස් පවර් කියලා"

සීන් හිනාවෙවි කියවනකොට එයාට රවපු මම එයාගෙ ලග තිබුණ කූකිස් ප්ලේට් එකෙන් එකක් අරගෙන හපාගෙන හපාගෙන යනකොට සීන් මහ හයියෙන් හිනා වෙලා ආයෙම මට හේත්තු වෙලා ටීවි බලන්න ගත්තා...

"බබා මගෙ....සුවඳ කොල්ලා..."

"නිකන් ඉන්නකො කෝලම් නොකර යිබෝ"

එයාගෙ බෙල්ල පුරාවටම දැනෙන නොදැනෙන ගානට නහය ලං කරලා ඉව කරනකොට එයා මාව තල්ලු කරන්න හැදුවා...ඒ බොරුවට කියලා දන්න නිසාම එයාගෙ ඉන වටේ අත දාලා තව ටිකක් මගෙ ලගට ගන්න ගමන් බෙල්ල පුරාම තෙත හාදු තියන්න ගන්නකොට සීන් මට තව තව ඉඩ දුන්නා...


ඒ විදියට ආරම්භ වුණ ආදරණිය ස්පර්ශයන් පැය කිහිපයක දුර ගමනක් යනකොට අවසානයේ හතිදාන ගමන් එයාව බදාගෙනම නින්දට වැටුණේ ඇඟට දැනෙන මහන්සිය නිසමයි...






Turning Point Where stories live. Discover now