"චාන්ගා ලෙලේ අන්කල්...එයා අතුරුදන් උනා නේද...කොහොමද එයා දැන් මෙහෙ"
"ශ්ශ්ශ්...සද්ද එපා බෝදි...හැමදේම පස්සෙ පැහැදිලි කරන්නම්...දැන් මේ වැඩේ බලන් ඉන්නකො"
බෝදිගෙ අතකින් අල්ලවෙන වන්ග් දිහත් බලලා කට කොනකින් හිනා වුන මම ඉස්සරහා බලාගත්තා...
"මිස්ටර් ලෙලේ මිස්ටර් වන්ග් ලග සේවය කරන්නේ කොච්චර කාලෙක ඉදන්ද"
"යිබෝ බේබි පොඩි කාලේ ඉදන්ම මම වන්ග් මහත්තයා ලග වැඩ කරා..."
"එච්චර කාලයක් සේවය කරපු තැන දාලා එකපාරටම අතුරුදන් උනේ ඇයි කියලා අපිට කියන්න පුලුවන්ද"
"වන්ග් මහත්තයා නිතරම ගෙදර නැති නිසා බේබිව බලාගත්තේ මමයි මේරි...යිබෝ බේබි වන්ග් මහත්තයයි අතර තාත්තයි පුතයි උනාට ලොකු බැදීමක් තිබුනෙ නෑ...යිබෝ බේබිට යාලුවෝ ආශ්‍රය කරන්න මහත්තයා ඉඩ දුන්නෙ නැ...ඉතින් යිබො බේබි ඒ හැමදේම අහගෙන හොදට ඉගෙන ගත්තා...අවුරුදු 17ක් උනාම එක දවසක් යිබෝ බේබිව එක්කන් එන්න ස්කූල් එක ලගට ගියාම එයා හිටියෙ නෑ...ලග හැමතැනම බලලා මම ගෙදර ආවා...එදා බේබිගෙ වෙලාවටම වන්ග් මහත්තයා හිටියා...එදා බේබි ගෙදර ආවම යාලුවෝ එක්ක ඇවිදින්න ගියා කියලා හොදටම ගැහුවා...ඊට පස්සෙ බේබිව ස්කූල් යැවුවෙත් නෑ...කාමරේටම හිර කරලා තිබුනේ...හැමදාම ගුටි කන බේබිට කන්න බොන්න දීල තුවාල වලට බෙහෙත් දැම්මේ මමයි මේරි...එහෙම ටික කාලයක් යනකොට බේබි අපි එක්කවත් කතා කරේ නෑ...කන්න දුන්නත් කැවෙ නැ...පැත්තකට වෙලා ඉන්නවා...සමහර වෙලාවට ගහන්න එපා බේරගන්න කියලා කෑ ගහනවා...බේබිගෙ සිහිකල්පනාව නැති වෙලා කියලා තේරුනේ එතකොට...ඒත් වන්ග් මහත්තයා බේබිට බෙහෙත් කරේවත් ගහන එක නැවැත්තුවේවත් නෑ...හැමදාම කීවෙ ඉගෙනගනින් දවසක මගෙ තැන ගනින්...මට ලැජ්ජා කරන්නද ඉපදුනේ කියලා...ඒ දේවල් තේරුම් ගන්නවත් බේබිට සිහියක් තිබුනෙ නෑ සර්...බේබිව පොඩි කාලේ ඉදන් හදපු මටයි මේරිටයි යිබෝ බේබි මෙහෙම දුක් විදිනවා බලන් ඉන්න බැරි වුනා...ඉතින් දවසක්...දවසක් රෑ බේබිට නින්ද යන්න බෙහෙත් දීලා අපි දෙන්නා එයාව ගෙදරින් එලියට ගෙනත් ටැක්සි එකක මෙන්ටල් හොස්පිට්ල් එකට යැවුවා...
YOU ARE READING
Turning Point
Fanfictionහිස් වෙලා තියෙන මගෙ ජීවිතේට අලුත් අර්ථයක් දෙන්න උත්සහා කරන ඔයාට හැමදාමත් ආදරෙයි ❤💚