54 👬💚❤️

295 73 21
                                    

"සීන් ගන්නවා මේ අතයි කකුලයි මගෙ ඇගෙන්"

"ම්හුක්...මට නින්ද යන්නෙ මෙහෙම",

"තමුසෙ නම් මහා වදයක්...පූරුවේ කරුම මෙවුවා...ශිට්"

====================================

සීන්ව කොච්චර එහාට කරන්න හැදුවත් මගෙ බෙල්ල අස්සටම රිංගන්න එනකොට ඕන දෙයක් කරගන්න කියලා මම ඇස් දෙක පියාගත්තා...

"යීබෝ..."

"..........."

"ම්හුක් යීබෝඕ..."

"............."

"බෝබෝ...නිදිද"

සීන් ඇඟිල්ලෙන් මගෙ පපුවෙ රටා අදින ගමන් මගෙ නම මතුරනකොට මම තව ටිකක් ඇස් තද කරලා පියාගත්තා...මේ මොන කෝලමක්ද 😒

"ශියාඕ යීබෝඕඕඕඕඕඕ...නැගිටුකො ඒයි"

"මොන වදයක්ද සීන්...නිදාගන්න ආවා නම් නිදාගන්නවකො...පොඩි එකෙක් වගේ මගෙ බඩ උඩ නැගගෙන...මොන මගුලක්ද මේ රෑ නටන විකාරේ ආ..."

"ම්හ්ක්...බයින්න එපානේ...මට නිදිමත නැනෙ"

"තමුසෙට නැති උනාට මට නිදිමතයි...අනික තමුසෙ බරයි ඕයි..."

මගෙ බඩ උඩ ඉදගෙන හුරතල් වෙන්න හදන සීන්ව තල්ලු කරපු මම මුණින් අත හැරිලා ඇස් පියාගත්තා...එයාට මාස ගානක් මට හොරෙන් හැංගිලා ඉන්නකොට රෑට හුරතල් කරන්න කවුද දන්නෙ නැ හිටියේ...ආ ඔව් අර නැට්ටිච්චියක් හිටියනේ...ඒ හෝන්තුව නැති නිස වෙන්නැති මේ මගෙ අස්සෙ හුරතල් වෙන්න එන්නේ...

විනාඩි දහයකින් විතර සීන්ගෙන් සද්දයක් නැති නිසාම එක ඇහැක් ඇරලා හොරෙන් සීන් පැත්ත බලපු මම එයා මට පිටුපාලා නිදාගෙන ඉන්නවා දැක්කම ඇදෙන් වාඩිවෙලා බෙඩ්ශීට් එක හොදට පොරවලා ආයම ඇදට වැටුනේ දැන්වත් නිදාගන්න ලැබෙන්න කියලා හිතන ගමන්...




"ආහ්ම්...ආව් යකෝ මෙච්චර මගෙ බෙල්ල රිදෙන්නෙ ඇයි...ආයිශ් කෝ මගෙ කොට්ටේ"

බෙල්ලෙ කැක්කුමක් ඇවිත් ඇහැරුණ මම ඇස් පියාගෙනම බෙල්ල අතගානකොට කොට්ටේ නැ කියලා දැණුනම ඇදෙන් වාඩිවුනෙ කොට්ටෙ කොහෙද ගියෙ බලන්න...

"පාන්දර 5යි...තව පැයක් හොදට නිදාගන්න තිබ්බා...සීන්...සීන් මගෙ කොට්ටේ දෙනවා...ඒකත් බදාගෙන සනිපෙට නිදි...නැගිටපිය"

Turning Point Where stories live. Discover now