බලන්නකෝ අපි ගිය සතියේ ගියා මෙඩිකල් සෙන්‍ට(ර්) එකකට...එහෙම කිවට ඒක මානසික ප්‍රතිකාර කරන තැනක්...මගෙ යාලුවෙක්ගෙ දරුවෙකුත් එතන ඉන්නවා ඒකයි ගියේ...ඒ ගියාම මම කෙනෙක්ව දැක්කා...
ඉන්නකෝ අපි එදා ගහපු ෆොටෝස් ඔයාට පෙන්නන්නම්...ඒ හිටපු බෝයි ඔයාට ට්‍රීට්මන්ට් කරපු ඩොක්ටර් වගේමයි..."
======================================
ආන්ටිගේ අතේ තිබුණ ෆෝන් එක ගන්න අත දික් කරපු මම ආයෙමත් අත මගෙ ළඟට ගත්තා...මට බයයි...ඒ චාන්ගා නොවුනොත් මෙහෙම හරි උහුලගෙන ඉන්න හිතට උහුලගන්න බැරි වෙයි කියලා මට බයයි...අනික් බලාපොරොත්තු වගේම මේකත් ඇස් පනාපිටම නැතිවෙයි කියලා මට බයයි...
"කෝ දෙන්න ආන්ටි"
මම ෆෝන් එක දිහාම බලාගෙන ඉන්නකොට මාව තේරුම් ගත්තා වගේ ශේන් ආන්ටිගෙන් ෆෝන් එක ගත්තා...
මම ශේන් දිහා බැලුවේ එයාගෙ උත්තරේ මොකක්ද කියලා දැනගන්න...අනෙ ඒක මම හිතන එකම වෙනවා නම්..."ආ ආන්ටි...මේ ඩොක්ටර් සීන් නෙමෙයි"
"නෙමෙයි...නෙමෙයි කියලද කිවේ ආ ශේන්...ඔයාට වැරදිලා වෙන්න බැරිද...කෝ දෙන්න ආන්ටි මම ම බලන්නම්...ඔය කාටත් වඩා චාන්ගව අදුරගන්න පුලුවන් මටනේ..."
ශේන්ගෙ උත්තරෙන් එක්ක ආන්ටිගෙන් ෆෝන් එක උදුරගත්ත මම ෆොටෝ එක දිහා හොදට බැලුවා...දෙතුන් පාරක්ම බැලුවා...ඔව් මේ චාන්ගා නෙමේ...එයා වගේම වෙන කෙනෙක්...චාන්ගා තරම්ම උස මහත සුදු කෙනෙක්...හැබැයි මෙයා මගෙ චාන්ගා නෙමේ...මම හිතුවා හරි...හිතුවා වගේම ඒ එයා නෙමේ...
"යිබෝ නවතින්න...ඒයි යිබෝ කොහෙද දුවන්නේ"
ෆෝන් එක ආන්ටිගෙ අතට දුන්න මම ගේට් එකෙන් එලියට දුවගෙන ආවා...මට තනියම ඉන්න ඕන...නෑ මට චාන්ගා ලගට යන්න ඕන...එයා මොන ලෝකේ හිටියත් කා ලඟ හිටියත් මගෙ උනත් නොවුනත්...මට එයා ලගට යන්න ඕන... එයා මේ ලෝකෙන් ගිහින් හිටියත් මට එයා ලඟට යන්න ඕන...
"යිබෝ....යිබෝවා..."
රොන් වගේම ශේන් මගෙ පස්සෙන් එනකොට මම පුලුවන් තරම් වේගෙන් දිවුවා...හති වැටෙනකන්ම දිවුවා...දණිස දෙකට අත් දෙක තියලා නැමිලා හති අරිනකොට ශේන් ඇවිත් මාව අල්ලගන්නකන් මම අඬ අඬම දිවුවා...මට..මට දුකයි...පිටට පේන්න අයිස් කුට්ටියක් වගෙ හිටියත් මට තියෙන්නෙ හිතක්නෙ...මටත් දුක දැනෙනවනේ...පාලුව තනිකම විරහා වේදනවා දැනෙන මනුස්සයෙක් මාත්...මම ගැන හොදටම දන්න ඔයා ඇයි චාන්ගා මාව මෙහෙම තනි කරලා හැංගුනේ...
YOU ARE READING
Turning Point
Fanfictionහිස් වෙලා තියෙන මගෙ ජීවිතේට අලුත් අර්ථයක් දෙන්න උත්සහා කරන ඔයාට හැමදාමත් ආදරෙයි ❤💚