80 👬💚❤️

288 73 26
                                    

"තව ප්‍රශ්නයක් මම ඔබගෙන් අසන්නම්...සමහරවිට මේ ප්‍රශ්නයත් එක්ක ඔබට ඉදිරියේදී ඒ වගේ බොරු දේවල් වලට මුහුණ දෙන්න වෙන එකක් නැහැ"

"ඔව් අහන්න"

"ඔබ දැනටම පෙම්වතෙක්ද"

"................ඔව්"

====================================

ඩ්‍රාමා එක හිතුවටත් වඩා මිනිස්සු අතරට යනකොට මම ගොඩක් සතුටින් හිටියේ...වෙනස්ම කතාවක් ඓතිහාසික ආදර කතාවක් වුණ මේක ගෑණු පිරිමි දෙගොල්ල අතරෙම වෙනසක් නැතුව ආදරේ දිනාගත්ත කතාවක් වුණා...

කාර්‍යබහුල දවස් වැඩි වෙනකොට ඒ හැමදේම බැලන්ස් කරගෙන හැම වැඩක්ම හරියට කරේ මාව විශ්වාස කරලා වැඩ වලට සම්බන්ධ කරගත්ත අයගෙ විශ්වාසය කඩන්න මම අකමැති වුණ නිසා...

එදා මම පෙම්වතෙක් කියලා කිවුව දවසෙන් පස්සෙ ගොඩක් අය ඒ ගැන සතුටු වෙනකොට සමහර අය දුක් වෙලා තිබුණා...ඒ හැම එකම බලන සීන් හිටියේ ආඩම්බරෙන්...

එයා කිවුවේ...,

"මේ කෙල්ලො පිස්සු වැටිලා අයිතිකරගන්න හදන කොල්ලා මගෙනෙ..."

කියලා...

"හෙලෝ..යිබෝ පොඩ්ඩක් ගෙදරට එන්න පුලුවන්ද"

ජිම් එකට ඇවිල්ලා හිටපු මට සීන්ගෙන් කෝල් එකක් එනකොට ඉක්මනට එන්න විතරක් කියලා සීන් ෆෝන් එක කට් කරපු නිසා මම මාත් එක්කම ජිම් එකට ආව සීක්‍රට්වත් එක්කගෙන ජිම් එකෙන් එලියට ආවෙ හදිස්සියක් නැත්තං සීන් කීයටවත් මේ වෙලාවට කෝල් කරන්නෙ නැ කියලා දන්න නිසා...

"සීන් ෆෝන් එක ගන්නෙ නැ බන්...පුලුවන් වේගෙන් යමන් ඉක්මනට මට බයයි..."

සීක්‍රට් වාහනේ ගන්නකොට මම ආය සීන්ට කෝල් ගන්න ට්‍රයි කරත් එයා ෆෝන් එක ආන්සර් කරේ නැ...අද එයා ගෙදර නිසා මොකක් හරි කරදරයක්ද කියලා බය වුණ මම ඉක්මනට යමු කියලා සීක්‍රට් ත් කෑ ගැහුවේ දැනටම යන්නෙ උපරිම වේගෙන් කියලවත් සිහියක් නැතුව...

"සීන්...බබා..."

කාර් එක නවත්තන්නත් කලින්ම ඒකෙන් පැනපු මම පඩිපෙල දුවගෙන ගිහින් දොර ඇරලා ඇතුලට යනකොට සීන් සෝෆා එකේ ඉදගෙන ඉන්නවා දැකලා සුසුමක් පිට වුණත් ඒ ඉස්සරහින් හිටපු කෙනා දැකලා පුදුම වුණා...මගෙ පස්සෙන්ම ආව සීක්‍රට්ත් ඒ දිහාම බලන් ඉද්දී සීන් සෝෆා එකෙන් නැගිටලා අපි ලඟට ආවා...

Turning Point Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ